ලොව විශාලතම රොකට් යානය කක්ෂ ගත කිරීම ඊයේ Florida හි Kennedy Space Centerදී සිදු උනා. මෙම යානය නිෂ්පාදනය කරන්නේ SpaceX සමාගම. මෙම යානය මගින් low earth orbit එකකට ගෙන යාමට හැකි cargo එකක බර ආසන්න වශයෙන් ටොන් 64ක්. එය මේ වනතෙක් යැවීමට තිබු බර දෙගුණයකින් වැඩි වීමක්.
FALCON HEAVY වල බුස්ටර් තුනක් තියනවා. ඒ වගේම මේ බුස්ටර් තුනම නැවත බාවිත කිරීම සදහා පොලවට ගොඩ බානවා. මෙය මිට කලින් තිබුන ක්‍රමයට වඩා වෙනස්. මුල් කාලේදී මේ බුස්ටර් මුහුදට කඩා වට්ටලා විනාස කරන නිසා නැවත බාවිතයක් සිදු කලේ නැ. ඉතින් මේ අලුත් ක්‍රමය නිසා සාමාන්‍ය රොකට් එකක් යවන වියදෙමෙන් 1/3 කින් FALCON HEAVY රොකට් එකක් යවන්න SpaceX වලට පුළුවන් වෙලා තියනවා.
කොහොම උනත් ඊයේ මේ කක්ෂ ගත කිරීම දිහා මුළු ලෝකෙම බලාගෙන හිටියා.launching pad එක වටේ හෝටල්, car park ඔක්කොම ෆුල් වෙලා තිබිලා තියෙන්නේ ඊයේ උදේ වෙනකොටත්. මෙය සාර්ථක වීමේ සම්බාවිතාවය 50% කියලා තමයි මුලින් SpaceX CEO, Elon Musk කියලා තිබ්බේ. කොහොම හරි මෙය විනාශ උනොත් එකෙන් Kennedy Space Center launching pad එක විනාශ වීමේ අවධානමකුත් තියෙන බව කතා උනා. මේකේ තමයි හදට යන රොකට් යැව්වේ
. හැබැයි මේ mission එකේදී හිතපු නැති විදියට මැද බුස්ටර් එක මුහුදට වැටිලා විනාශ වෙනවා.
හැබැයි එක ගැන වැඩි කතාවක් නැ.
මේකෙදි Elon Musk, අගහරු වලට යවන්න Tesla Roadster එකක් තමයි යැව්වේ. මේක අගහරු වල කක්ෂයේ තියෙන්න තමා යවලා තියෙන්නේ. හැබැයි මේක අගහරු වලට කඩා වැටීමේ අවදානමකුත් තියනවා. එක දැන් තියන විදිය මේ විදියට live බලන්න පුළුවන්.
Last edited:


