Muslim ewun ekka ekathu wennae kiyana un methana indan balahanko
https://youtu.be/R0NXpWosdkg?t=2084

wenada wagema kata aragena balan innwaa




Puka dennai hadanne. Mu hadila nadda eka parak parada unahamath




sirikothenda aranchiya awe![]()
owa boru ban, udaya kemati ne unp tiya srilanka ekekwat gannawata, ammo page karayo denmama weda patan aran
එජාපයෙන් 15ක් සන්ධානයට
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වන බවත් වරාය සහ නාවික කටයුතු නියෝජ්ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ගාල්ලේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.
“ඉදිරි පැය විසි හතර තුළ සාර්ථක මෙහෙයුමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එකතු වෙනවා. අපට මුක්කුවක් ගහන්න කට්ටිය ඉන්නවා. ඒ නිසා අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපට කිව්වේ යූඑන්පියෙන් ඉවත් වෙලා එන්න අපි එකතු වෙන්න සුදානම් කියලා.
ජනබලය තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂය ළග. අපි දෙගොල්ල එකතුවන එක අමුතු දෙයක් නෙවි. අපි එකම කණ්ඩායමක්. වසර දෙකහමාරක් වෙන් වෙලා සිටියා. ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.ඒ නිසා අපි එක්සත් නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එනවා. මම ඒ අයගේ නම් කියන්නේ නැහැ“යැයි මුතුහෙට්ටිගම මහතා කිය.
![]()

