robert kolla

Member
Nov 1, 2016
110
29
0
yanakan hitapu kastiyata winadi 62ka nishshabadatawak..:P:P:P:P:P


අද(16) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමුවී ප්‍රශ්න පිළිතුරු සංවාදයකට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අදහස් දැක්වූයේය. පවතින එජාප-ශ්‍රීලනිප රජය දිගටම එලෙස පවත්වා යාමටත් ඇමති මණ්ඩල සංශෝධන කිහිපයක් පමණක් ඉදිරියේදී සිදුකිරීමටත් අදහස් කර තිබෙන බව කී අගමැතිවරයා පළාත් පාලන මැතිවරණයේ පරාජිත ප්‍රතිඵලය තමන්ගේ රජයේ පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතාව ලබාදුන් පිළිතුරක් ලෙස පිළිගත්තේය.
එම සංවාදය පහතින්

පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ගැන අදහස මොකක්ද?

එම ප්‍රතිඵල මා පිළිගන්නවා.. එය ආණ්ඩුවේ
ඉන්න පක්ෂ වල පසුබෑමක් බවත් පිළිගන්නවා. රටේ ආර්ථිකය, ස්වභාවික


හේතුමත කඩා වැටීම මෙම ප්‍රතිඵලයන්ට මුලික හේතුවක් විය හැකියි. 2015 ජනවාරි මාසයේ ලබා දුන් ඇතැම් පොරොන්දු අපට ඉටු කිරීමට නොහැකි වුවා. ඒ තුළින් ඡන්ද දායකයින් අනතුරු අඟවා තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේදී එජාපය පසුබැසීම ගැන නායකයා ලෙස දකින්නේ කොහොමද?

එක්සත් ජාතික පක්ෂය සෑහෙන පසුබෑම් ඇති වුණා. පක්ෂය දැඩි ප්‍රතිසංවිධානයකට ලක් කරනවා.
නව වෙනස්කම් සිදු කරන්නට අදහස් කරනවා.ඉන් පසු නායකත්ව කණ්ඩායමක් යටතේ පක්ෂයේ කටයුතු පවත්වා ගෙන යනවා.එම නායකත්ව කණ්ඩායම පක්ෂය තුළ දැවැන්ත භූමිකාවක් ඉටු කරනු ඇති.

ඔබ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට කතා තිබුණා නේද?
‘කිසිවෙකු මට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට ප්‍රකාශ කර නැහැ‘

අගමැතිවරයාව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිගෙන් කරුණු විමසා තිබෙනවා නේද?
ජනාධිපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කරද්දීත් ඔබතුමා ආණ්ඩුව ගෙනයාමට සූදානම්ද?
“මම ව්‍යවස්ථාව අනුව වැඩකටයුතු කරනවා.පවතින නීතිරීතිවලට අනුව අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් ඇතැයි මා සිතන්නෙ නෑ“

වත්මන් සභාග රජය වෙනස් කර තනි ආණ්ඩුවක් හදනවාද?
පවතින රජය වෙනසකින් තොරව ඉදිරියට යනවා. ඒ අතරේ යෝජිත කැබිනට් සංශෝධනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙනවා. සභාග රජයක් තුළ ගැටීම් ඇති වීම සාමාන්‍ය දෙයක් . එවැනි තත්ත්වයක් පවත්වා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද?
“එය තීරණය කරන්නේ අපේ පක්ෂය විසින්. මීට පෙර ද එය තීරණය කළේ පක්ෂය ”



මීලඟ මැතිවරණයට රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ තරග කළහොත් පරාජයට පත්වෙතැයි පක්ෂයේ සමහරු අදහස් කරනවා නේද?
“මං 2013දි කිව්වාම ආණ්ඩුව 2014දි වැටෙනවා කියලා, සමහරු ඒකටත් එකඟ වුණේ නෑ.. මාව විවේචනය කළා. ඕවා දේශපාලන පක්ෂවල තියෙන අදහස්නේ”

මෙම සති අන්තයේ යොදාගෙන තිබූ ඉන්දීය සංචාරය අවලංගු කළා නේද?

“ඔව් එසේ කිරීමට හේතුව මෙරට පවතින වර්තමාන දේශපාලන තත්ත්වයයි. මේ දින කිහිපයේ ඒ නිසා මම මෙරට ගත කළ යුතු යැයි තීරණය කළා.මෙවැනි අවස්ථාවක මා රට හැර යාම සිදුකළ හොත් එජාපයේ මන්ත්‍රී කණ්ඩායම ඊට කැමති වන්නේ නෑ. ඒ නිසා කොළඹින් හෝ පිට වුනේ නෑ.“

වත්මන් දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන් ඩොලරයත් බොහෝ සෙයින් පහළ වැටී කොටස් වෙළඳපොළටත් බලපෑම් එල්ල වී ඇති මොහොතක තවත් කොපමණ කාලයක් මෙම අවිනිශ්චිතතාව තිබේද, මෙය කවදා අවසන් වෙයිද ?
“ඉතිං ඕක නැත්තං ඔයාලා මොනාද ලියන්නෙ? සමහර අය කතා හදලත් දාලා තියෙනවා. හෙට මේක නැවැත්තුවොත් ඔයගොල්ලෝ මොනවද ලියන්නේ?”

රටක් ලෙස මෙම ප්‍රශ්ණය දිගින් දිගටම ඇදීයාම රටට හොඳ නැහැ නේද ?

“ඔයගොල්ලෝ අදින හුඟක් ප්‍රශ්ණ රටට හොඳ නෑ. මේකත් ඇද්දා කියලා රටට මොකුත් වෙන්නෙ නෑනෙ. ප්‍රශ්ණ ගණනාවක් තියෙනවා රටට හොඳ නැති ඒවා අදින්න. මං කියන්නද? මං ආරාධනා කළේ තේ බොන්න කියලා.. අපි ගිහින් තේ බොමුද?”

(තේ පැන් සංග්‍රහය සමග සංවාදය අවසන් විය)
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැරදි පැරදි ඉඳල 2010 ෆොන්සේක දාල බැලුව හරිගියේ නෑ,2015 හිටං දාල ගොඩගියා තනියෙන් ඉල්ලුවොත් ආය පැරදෙන නිසා..දැන් යයි "ආ අගමැටිකම ගන්ඩ මට එපා කියල" බලාගෙන ඉඳපන් හිටං. :baffled:
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    paw ahinsaka unp karayo .me widiyta gihin kawada goda yannada..malat man hithanne othanin yai kiyala.elagata ena ekage egeta wehila hari srilankawe saare ura bonawa sure
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් අවුරුදු විසිහතරක් තිස්සේ අල්ලන් ඉඳල ජනාධිපතිකම නොකර ගෙදර ගියොත් හරි නෑ නෙ :no: ඒ මනුස්සයට ඒ ආසාව ඉෂ්ඨ කරගන්න දීපල්ලා :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් අවුරුදු විසිහතරක් තිස්සේ අල්ලන් ඉඳල ජනාධිපතිකම නොකර ගෙදර ගියොත් හරි නෑ නෙ :no: ඒ මනුස්සයට ඒ ආසාව ඉෂ්ඨ කරගන්න දීපල්ලා :yes:
    තනියෙන් ඉල්ලුවොත් නම් බැරිවෙයි මොකක් හරි පූට්‍ටුවක් දැම්මොත් තමා,2020 ඒකටත් කස්ටිය නැතිවෙයි සෙට් වෙන්ඩ රනිල්ට හිටං :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    දැන් අවුරුදු විසිහතරක් තිස්සේ අල්ලන් ඉඳල ජනාධිපතිකම නොකර ගෙදර ගියොත් හරි නෑ නෙ :no: ඒ මනුස්සයට ඒ ආසාව ඉෂ්ඨ කරගන්න දීපල්ලා :yes:

    රාජපක්ෂලා ඉන්නකං නම් බෑ
     
    • Like
    Reactions: sithija.h

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar530392_11.gif