රුසියානු~මිග්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    missions-du-02-avril-2011-5.jpg


    අහසේ බලවතා ලෙස සැලකෙන රුසියානු මිග් යානා ලොව පුරා වැඩියෙන් ම කතාබහට ලක් වී ඇති යුද කටයුතුවලට යොදා ගන්නා ප‍්‍රහාරක ජෙට් ගුවන් විශේෂය වේ.
    රුසියාවේ නිෂ්පාදනය කෙරෙන මෙම ජෙට් ප‍්‍රහාරක යානය ගැන අපේ රටේ උනන්දුව වැඩි වූයේ අපේ ගුවන් හමුදාවට එක් වූ වැඩි දියුණු කළ මිග් 29 ප‍්‍රහාරක යානය නිසාය.
    ලෝකයේ අවධානය මෙම මිග් යානයට යොමු වූයේ 2007 දී බැංගලෝරයේ පැවැත් වූ ඉන්දියානු ගගනයානා දැක්ම නිසාය. රුසියාව මේ ප‍්‍රදර්ශනය සඳහා තමන් නිපදවූ මිග් 35 ප‍්‍රහාරක යානය ඉදිරිපත් කළාය.
    මේ සඳහා මෙම නවතම මිග් යානය ගෙන ආවේ මොස්කොව්වල සිට බැංගලෝරයට ගෙන ආවේ පැය තුනකටත් අඩු කාලයක් තුළ දීය.
    ශබ්දයේ වේගය ඉක්මවූ සුපර්සොනික් වේගයෙන් ඉහළ අහසේ පියාසර කර පැමිණි මේ ගමන අතරතුරදී එක්වරක් පමණක් අහසේ දී ම ඉන්ධන පුරවා ගැනීමට ද එයට සිදු විය.
    ඊට පෙර 2005 දී එක්සත් රාජධානියේ දී හා රුසියාවේ දී පැවති ගුවන් යානා ප‍්‍රදර්ශනවල දී ඉදිරිපත් කරන ලද්දේ මෙහි මූලාකෘතියක් පමණය.


    1.jpg


    මිකෝයාන් (කලින් මිකෝයාන්-ගුරේවිච් සැලසුම් කාර්යාංශය) නමින් හැඳින්වෙන රුසියානු හමුදා ගුවන් යානා සැලසුම් කාර්යාංශය පිහිටුවා ඇත්තේ ප‍්‍රහාරක ගුවන්යානා තැනීම සඳහාය.
    මුලින් රුසියානු සැලසුම් කාර්යාංශය කියා හැඳින්වුණු මෙය ආරම්භ කරන ලද්දේ ආටෙම් මිකෝයන් හා මිකයිල් ගුරේවිච් යන දෙදෙනා විසිනි. ‘මිග්’ (MiG) යන නාමය ලැබුණේ ඒ නිසාය.
    1970 දී මිකෝයන්ගේ මරණයෙන් පසු ගුරේවිච් නමත් ඉන් ඉවත් කෙරිණ.
    රුසියානු රජය මෙම ආයතනය, ගුවන්යානා තනන ඉලියුෂින්, ඉර්කුට්, සුඛෝයි, ටුපොලෙව් හා යකොලෙව් යන ආයතන සමග එක්කොට ‘එක්සත් ගුවන් යානා නිෂ්පාදන සංස්ථාව’ යනුවෙන් නව ආයතනයක් පිහිටුවා ඇත.

    රුසියාව මිග් යානා තනන්න පටන් ගත්තේ 1940 දී මිග්-1 යානයෙනි. එය සුපර්සොනික් යානයක් නොවීය.
    ඔවුන් ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි සුපර්සොනික් යානයක් මුලින් ම තැනුවේ 1955 දී ය.
    එය මිග්-15 නම් විය.
    ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට එක්කර ගත් යානය වූයේ මිග්-23 විය. එය 1970 දී නිෂ්පාදනය කරන ලද්දක් විය.
    මිග් යානාවලට අංක යොදා ඇත්තේ ඔත්තේ සංඛ්‍යාවලිනි.



    2.jpg



    අලූත් ම මිග් යානයට සවි කර ඇති තොරතුරු දර්ශක පද්ධතිය පස්වැනි පරම්පාරවට අයත් එකකි.
    රුසියන් අවි මෙන් ම විදේශ නිෂ්පාදන අවි ද එයට සවි කළ හැකිය. යානයේ බඳ ඇතුළු කොටස් ජීවිත කාලයක් පවතින ආකාරයට ශක්තිමත්ව තනා ඇත.
    යානය සැලසුම් කර ඇත්තේ එහි එන්ජින් හා අනෙකුත් උපකරණ වෙනුවට අලූතින් වැඩි දියුණු කළ ඕනෑම කොටසක් හෝ උපාංගයක් සවි කළ හැකි වන ආකාරයටය.
    මෙහි සමස්ත සැලසුම පිළියෙල කර ඇත්තේ බටහිර රටවල ඇති තරගකාරී ප‍්‍රහාර ජෙට් යානාවලට සරිලන පරිදි අවශ්‍ය විට ඕනෑම නවාංගයක් පහසුවෙන් එක් කළ හැකි වන පරිද්දෙනි.

    සතුරු ආවේක්ෂණ පද්ධති අවුල් කරන්නට හැකි බහුකාර්ය ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ද මෙයට සවි කර ඇත.
    මේ නිසා රේඩාර්වලට හසු නොවී යන්නට ඊට හැකියාව ඇත.
    එසේ ම වැඩි අවි ප‍්‍රමාණයක් ගෙන යාමට ද මෙයට හැකියාව තිබේ.

    මෙම යානය හැසිරවීම පුහුණුවන්නට ද නව සිමියුලේටරයක් ද තනා තිබේ.
    ඒ මගින් ගුවනට නොනැඟ නියමුවන්ට මෙය හැසිරවීමට පහසුවෙන් ම ඉගෙන ගත හැකි වෙයි.

    3.jpg


    මිග් 35

    දැනට නිෂ්පාදනයේ පවතින මිග් 35ට ඇතුළත් ගුණාංග මේවාය. නිෂ්පාදනය අවසන් වන විට අවශ්‍යතාව අනුව මෙයට තවත් වැඩි දියුණු කළ උපකරණ සවි කිරීමට ඉඩ තිබේ.

    පොදු ගුණාංග:

    • නියමුවන් ගණන: එකක් හෝ දෙකක්

    • දිග: මී. 19 ( අඩි 62 අඟල 4)

    • තටු විහිදුම: මී. 15 (අඩි 49 අඟල් 3)

    • උස: මී. 6 (අඩි 19 අඟල් 8)

    • හිස් බර: කි.ග‍්‍රෑ. 15,000 (රා. 33,069)

    • ගෙන යා හැකි උපරිම බර: කි.ග‍්‍රෑ. 22,700 (රා. 50,076)

    • බලපිරියත: 2× ක්ලිමෝෆ් RD-33MK පසුව දැල්වෙන ටර්බෝ ෆෑන්

    කාර්යසාධනය:

    • උපරිම වේගය: මැක් 2.4 (පැ.කි.මී. 2,556ත් හෝ පැ.හැ. 1,587)

    • වරකට යා හැකි දුර: කි.මී. 3700/සැ. 2,387(බාහිරව සවි කළ හැකි තෙල් ටැංකි සමග කි.මී. 4800/සැ.3000)

    • සේවා උස: මී. 18,000 (අඩි 62,000)

    • නැග්මේ වේගය: තත්/මී. 320 (වි. අඩි 63,360)

    යුද අවි:

    • මිමී. 1×30 GSh-30-1 කාලතුවක්කුවක් (වෙඩි මුර 150ක් තැබිය හැකි)
    ගගන හැසුරුම් උපකරණ:

    • ෆාසොට්රොන් සූක් AE රේඩාරය

    • NII PP ප‍්‍රකාශ මාර්ගාවේක්ෂණ පද්ධතිය
    mig-35.jpg


    http://www.malkakulu.com/2012/08/blog-post_7560.html
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කාලෙකට කලින් Harsharulz ඔය වගේම ත්‍රෙඩ් එකක් දාලා තිබුණා එක තැන නග්ගන්න පුලුවන් ජෙට් එකක් ගැන..:cool: ඒකත් පට්ට භාණ්ඩයක්..:rolleyes:
    +Rep
    මම ගොඩක් වෙලාවට ඔෆිස් එකේ ඉඳලානේ ත්‍රෙඩ් බලන්නේ.. උඹ මිග් ගැන දැම්මත් සතපහකට සුවර් නෑ මැද්දෙන් ඇනිමේෂන් දාලද දන්නේ නැති නිසා..:angry: මම පණ බයේ පහළට පහළට ආවේ..:sorry:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කාලෙකට කලින් Harsharulz ඔය වගේම ත්‍රෙඩ් එකක් දාලා තිබුණා එක තැන නග්ගන්න පුලුවන් ජෙට් එකක් ගැන..:cool: ඒකත් පට්ට භාණ්ඩයක්..:rolleyes:
    +Rep
    මම ගොඩක් වෙලාවට ඔෆිස් එකේ ඉඳලානේ ත්‍රෙඩ් බලන්නේ.. උඹ මිග් ගැන දැම්මත් සතපහකට සුවර් නෑ මැද්දෙන් ඇනිමේෂන් දාලද දන්නේ නැති නිසා..:angry: මම පණ බයේ පහළට පහළට ආවේ..:sorry:

    throw+PC.jpg

     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    අපේ ගුවන් හමුදාවට එක් වූ වැඩි දියුණු කළ මිග් 29 ප‍්‍රහාරක යානය නිසාය.


    මේක කවදද උනේ බ්‍රෝ..1 යානයයිද තියෙන්නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,358
    8,491
    113
    අපේ ගුවන් හමුදාවට එක් වූ වැඩි දියුණු කළ මිග් 29 ප‍්‍රහාරක යානය?? අපේ තියෙන්නේ මිග් 27 නේද? අලුතෙන් ගෙනත්ද?

    rep+++
     
    • Like
    Reactions: akilar25

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අපේ ගුවන් හමුදාවට එක් වූ වැඩි දියුණු කළ මිග් 29 ප‍්‍රහාරක යානය?? අපේ තියෙන්නේ මිග් 27 නේද? අලුතෙන් ගෙනත්ද?

    rep+++

    මේ ලිපිය 2012 එකක් බන්.