බජට් සෙග්මන්ට් එකේ තියෙන හොඳ කාර් එකක්. ABS,Air bags, Power mirrors,Power Shutters,Central Lock, VVT engine or DOHC engine, 1000cc or 1300cc, Manual or AMT,AC, CD player,
Front and rear fog lamps,Head lamp tilt adjument, Power steering (EPS or pump model) Cup holders, වගේ මේ සෙග්මන්ට් එකේ වැඩිම ඔප්ශන්ස් දෙන වාහනයක්.
හොඳ පැත්ත-
ගාන අඩුයි - ඒ ඔප්ශන්ස්ම දෙන වෙන වාහනයකට වඩා
ඔප්ශන්ස් වැඩියි
ටෙක්නොලොජි එක පැත්තෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා
කාර් එක ගොඩක් ලෝ ප්‍රොෆයිල් හින්දා හැන්ඩ්ලින් ලේසි
තෙල් කරන්නෙ ට්‍රැෆික් එකෙ 10-12 දුර දුවද්දි 15-17 වගෙ තමයි. (1300 එකේ මීට වඩා අඩුයි)
1300 එක පට්ට පිකප්
1000 එක පිකප් අඩු උනාට ඉකොනොමිකල්
කැබින් ස්පේස් එක හොඳයි
වැඩි ස්පීඩ් වලත් හොඳට දුවනවා (දෙදරන්නෙ ගැස්සෙන්නෙ නෑ)
සස්පෙන්ශන් හොඳයි
ඒ සී එක සාමන්‍යයි
නරක පැත්ත
ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මදි-පොඩි උසක උනත් වදිනවා
1000 එක පස් දෙනෙක් විතර දාල ඒ සී එක දැම්මම අදිනවා හොරයි
AC එකට තෙල් පිච්චෙනවා වැඩියි - AC එක්ක AC නැතුව අනුපාතය ගොඩක් වැඩිය්
AC එකට ටිකක් පිකප් අඩුවෙනවා
පාර්ට්ස් හැම තැනම නෑ - දැංනං ගොඩක් ලොකල් සප්ලයර්ස්ල ඉන්නවා
කොම්පැනි සර්විස් එක එච්චර හොද නෑ සල්ලි ගරා ගන්න තමයි බලන්නේ
නොදන්න අය සර්විස් කරොත්, එන්ජින් බේ එකට වතුර ඇල්ලුවොත් සොරි තමයි
පාවිච්චියට
ඔක්ටේන් 93 තමයි ඉල්ලන්නේ 95 ගහන්න එපා වැඩක් නෑ 92 හොදටම ඇති. 95ට තෙල් කරන්නෙ නෑ
සොල්ට්‍රොන් අරව මෙව්වා මොකවත් දාන්න එපා හෝස් ටිකට කෙලවෙනවා
සර්විස් කරද්දි ෆියුස් බොක්ස් එක ගැන අවදානයෙන් ඉන්න - වතුර හරි පින්න හරි ඇල්ලුවොත් රිලේ කනෙක්ශන් අවුල් ගිහින් ලෙඩ ගොඩක් වෙනවා. මේන් රිලේ,පෙට්‍රල් පම්ප්,ඉග්නිශන් එහෙමෙ අවුල් උනොත් වතුර ගිහින්
ස්ටාට්වෙන්නෙත් නෑ. AC fan වලට තියෙන රිලේ ෆියුස් ගියොත් ෆෑන් වැඩ නැතුව AC බට පවා පුපුරනවා
වාහනේ උස ගැන තමන්ට අවබොදයක් තියගෙන එලවන්න ඕන, අනික් වාහන වගේ හිතෙන හිතෙන තැන් වලින් දාන්න බෑ
නිතරම ෆුල් ටෑන්ක් ගියොත් (හොල්ල හොල්ල තෙල් ගහන්න ඕන නෑ) හොඳ දුරක් යන්න පුලුවන්
මුල් සර්විස් ටික විතරක් කම්පැනි එකෙන් කරන්න
ස්ර්විස් සහ රෙපයාර් වලට හොඳ තැන් ටිකක් හොයාගන්න එලියෙන්. ලංකාවෙ කොහෙ උනත් කිලෝමීටර් 30ක් ඇතුලෙ වැඩ්ඩෙක් ඉන්නවාමයි
ඇක්සිඩන්ට් රෙපයාර් නම් අනිවා කොම්පැනිම දාන්න. තිතට වැඩේ කරනවා.ගාන සැරයි. ෆුල් ඉන්ස්ශුවරන්ස් එකක් තියාගන්න. එලියෙ උන්නම් ගොඩක් නානවා
වෙලාවට සර්විස් එක කරන්න.Engine oil -5000km, Gear box oil -50000,Cabin filter 15000 or 20000km depends, Air filter - 5000 or 10000km depends, fuel filter 20000
පොඩි පොඩි ලෙඩ තමන්ටම ගොඩ දාගන්න පුලුවන් (මක බාස් වැඩ කරන්න එපා)
කොම්පැනි වොරන්ටි එක තියෙන පාට්ස් වලට අත තියන්න එපා කොම්පැනිම දාන්න
මේක බජට් වාහනයක්, ඇලියොන් ඇක්සියෝ එක්ක සසඳන්න යන්න එපා. ඇල්ටෝ එකට වඩා නම් හොඳයි. වාහන ගැන සාමන්‍ය දැනුමක් හරි තියෙනවනම් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.