Rape case of nurse!

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    Rape case of a nurse!

    තිරිසන් වෙස් ගත් වෛද්‍යවරයෙක් ඇතුලු පිරිසක් හෙදියකට කල හදියක් – රෑ එකොලහේ ඉදලා කට්ටියම මාව පාන්දර හතර වෙනකම් වීඩියෝ කර කර දූෂණය කරා විදපු දුක කියන්න වචන නෑ
    මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි සීමාවක් නැත. නමුත් මනසින් උසස් මිනිසාම එය සීමාවන් දමාගෙන ඇත්තේ තිරිසනුන්ටත් වඩා පහතට වැටීමට නොහැකි නිසාය. නමුත් පසුගිය දා නාරාහෙන්පිට පොලිසියට වාර්තා උනේ තිරිසනුන්ටත් වඩා පහතට වැටුනු පිරිසක් පිලිබදවය.

    තිරිසන් වෙස් ගත් මිනිසුන් හතරදෙනා වුයේ යුද හමුදා කපිතන් වරු දෙදෙනෙක්, කෝප්‍රල් වරයෙක් සහ ඉංජීනේරු වරයෙකි. පළමු සැකකාර කපිතාන් යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි. අනෙකා යුද හමුදා පොලිසියේය. මේ සිව්දෙනා ගේ තිරිසන් ක්‍රියාවලියට ගොදුරුව තිබුණේ පෞද්ගලික රෝහලක අවිවාහක හෙදියකි.

    පසුගිය දිනෙක නාරාහේන්පිට පොලිසියට පැමිණි ඇය තමාට විඳින්නට සිදු වූ කෲරතර සිදුවීම් මාලාව හෙළි කරද්දී එය අසා සිටි ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පවා දැඩි අපහසුතාවට පත්වුහ. ඒ ඇයගේ පෙම්වතා ඇයට දී තිබු කායික හා මානසික හිංසනය අදහාගත නොහැකි තරම් දරුණු වූ නිසාය. ඇය කොළඹ නගරයේ පිහිටි සුවිසල් පෞද්ගලික රෝහලක හෙදියකි. අවිවාහක ඇයගේ වයස අවුරුදු තිස් නවයකි. ඇයගේ පෙම්වතා වූයේ යුද හමුදා කපිතාන් වරයෙකි. ඔහු යුද හමුදා රෝහලේ වෛද්‍ය වරයෙකි. ඔහු මෙම පෞද්ගලික රෝහලේද සේවය කළේය. ඒ රාජකාරි වේලාවෙන් පසුවය. ඇය ඔහු රෝගීන් බලන කාමරයේ හෙදිය ලෙස සේවය කළ අතර කල් ගතවෙද්දී ඔහු ඇයගේ පෙම්වතා බවට පත් විය.

    ප්‍රේමය දලුලා වැඩෙද්දී මේ දෙදෙනා ගේ ඇසුර ලිංගික සබඳතා පවත්වන තත්ත්වයට පත්ව තිබිණි. ඇය එලෙස ඔහු විශ්වාස කොට ඔහුගේ ඉල්ලීම් වලට ඉඩ දුන්නේ විවාහ කරගන්නා බවට ඔහු ඇයට දුන් පොරොන්දු නිසාය. මෙලෙස කාලය ගෙවී යද්දී ඔහුට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්වීමට සිදුවිය. ඒ අනුව ඔහු වසර දෙකක කාලයකට සුඩානය බලා පිටත්ව ගියේ ඇය ගේ සිතෙහි දහසක් බලාපොරොත්තුද තබාය. විදෙස් ගතවීමෙන් අනතුරුව ඔහු ඇය අමතක කළේ නැත. දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් ඇයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන බව තහවුරු කළේය.

    මේ අතර ඇය ඔහු පිළිබඳ විපරම් කර බැලීමට සිතුවාය. ඒ අනුව මොහු හොඳින් දන්නා හඳුනන අයකුගෙන් තොරතුරු විමසුවාය. ඔහු පවසා සිටියේ වෛද්‍ය කපිතන්වරයා විවාහකයකු බවත් දරු දෙදෙනකු සිටින පියෙකු බවත්ය. එය ඇසු ඇයට දෙවියන් සිහිවිය. විවාහ වීමේ පොරොන්දුව නිසා ඇය ඔහුට සිය කුමරි බඹසර ද පුදා තිබීම ඇයට දරාගත නොහැකි කරුණක් වන්නට ඇත. ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටී. ඒ මව, නංගී සහ මල්ලී සමඟය. මේ තිදෙනා යැපෙන්නේ ඇයගෙනි. ඒ පියා නොමැති නිසාය. ඔහු ගේ පැටිකිරිය ඇසීමෙන් අනතුරුව ඇය තීරණයකට එළැඹියාය. ඒ ඔහුගෙන් වෙන් වන්නටය. ඇය ඔහු දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම නතර කළාය. පසුව ජංගම දුරකථන අංකය ද මාරු කොට හැකිතාක් ඔහු මඟ හැර සිටීමට උත්සාහ කළාය. ඔහු මඟ හැර සිටිය ද ඔහු ඇයට එලෙස සැඟව සිටීමට ඉඩ දුන්නේ නැත. ඔහු සිය ගෝලබාලයන් ලවා ඇය යන එන තැන් කරන කියන දේ පිළිබඳ ඔත්තු සෙවීය.

    දිනක් ඇය සේවය නිමකොට රෝහලින් පිට වී බෝඩිමට යද්දී ඇය අසල ත්‍රීරෝද රථයක් නතර විය. එහි සිටියේ ඔහුගේ ගෝල ලාන්ස් කෝප්‍රල් රණසිංහ ය.
    “නගින්න මිස් මට ටිකක් කතා කරන්න ඕන.”
    “ඇයි මොනවා කතා කරන්නද?”
    “සර් හරි අප්සට් එකෙන් ඉන්නේ. මිස් සර්ව මඟ අරිනවා කියලා. යමු අපි ඒ ගැන කතා කරමු.”
    ඔහුගේ වචනයට අවනත වූ ඇය එම ත්‍රීරෝද රියට ගොඩවුවාය. ඔහු ඇය රැගෙන ගියේ හෝටල් කාමරයකටය.
    “මාව කාමරේට එක්කගෙන ගියාට එයා මගේ ඇඟට අතක්වත් තිව්වේ නෑ. ඒත් මගේ කිට්ටුවෙන් වාඩිවෙලා ෆොටෝ එකක් අරගෙන ඒක දිනේෂ්ට යවලා කියලා තිබුණා. මාව කාමරේකට එක්කගෙන ගිහින් එකට හිටියා කියලා.

    පහුගිය ජුලි මාසේ දොළොස්වෙනිදා දිනේෂ් හොස්පිටිල් එකට කෝල් එකක් දීලා කිව්වා මම ලංකාවට ආවා. මට තමුන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා කියලා. ඒ කතාවට මට බය හිතුණා. ඊට දවස් දෙකකට පස්සේ මම වැඩ ඇරිලා හොස්පිටිල් එකෙන් එළියට ඇවිත් ටික දුරක් යද්දී මගේ ළඟ කාර් එකක් නතර කළා. එකේ දිනේෂ් හිටියේ. මට තමුසේ එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා නැගපිය. මගේ වචනෙට කීකරු නොවුණොත් දන්නවා නේ උඹලට වෙන දේ. උඹව පවුල පිටින්ම මරලා දානවා කියලා තර්ජනය කළා. බයටම මම කාර් එකට නැංගා.

    මට ගෙදර යන්න ඕන, ඔහුගේ මෝටර් රථයට ගොඩ වූ ඇය එලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය.බොරැල්ල හන්දිය පහුවෙද්දී මම ඇහුවා මේ කොහේද යන්නේ කියලා. “උඹට ගෙදරනේ යන්න ඕන කිව්වේ. මේ ගෙදරට තමයි එක්කගෙන යන්නේ.” එලෙස කී ඔහු වරෙක ඇයගේ ගෙල මිරිකා ඇයට කතා කිරීමට ඉඩ දුන්නේ නැත. තවත් විටෙක ඔහු ඇයගේ ගෙලට පිහියක් තබා කට වසාගන්නා ලෙසට තර්ජනය කළේය. මේ තර්ජන ගර්ජන මැද්දේ මෝටර් රථය තිහාරිය ප්‍රදේශයට සේන්දු විය.

    “තිහාරියේ අතුරු පාරකට වාහනේ හැරෙව්වා. මේ කොහේද යන්නේ කියලා අහද්දී මගේ බෙල්ල මිරිකුවා. තට්ටු දෙකේ ගෙයක් ළඟ වාහනේ නතර කරලා එයා බැහැලා ගියා. ඒ වෙද්දි වේලාව හවස තුන විතර ඇති. විනාඩි කිහිපයකින් ආපහු ඇවිත් බෙල්ලෙන් අල්ලලා තල්ලුකරගෙන මාව තරප්පු පෙළ දිගේ උඩට අරගෙන ගියා. එහෙම අරගෙන ගිහින් මාව කාමරයකට දාලා නාගෙන වරෙං කියලා කිව්වා. මම නාගෙන ආවට පස්සේ කාපං කියලා කෑම එකකුත් දුන්නා. ඊට පස්සේ මට තර්ජනය කළා. උඹත් එක්ක ගනුදෙනුවක් තියෙනවා බේරගන්න කියලා මාව ලිංගික ක්‍රියාවලට යොමුකරගන්න උත්සාහ කළා. මම ප්‍රතික්ෂේප කළා.

    “ඇයි දැන් මොකද බැරි. උඹ වෙනද මේවට හරි ආසයි නේ උඹට මොනවද වෙලා තියෙන්නේ. මම මේක හොඳින් හරි නරකින් හරි බේරගන්නවා.” යැයි කී ඔහු ඇයට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේය. එම පහර වලට ඇයගේ කම්මුල් පමණක් නොව ඇස් ද තැලී ගියේය. නිරුවත් සිරුරේ පිටුපසට තද පහරවල් එල්ල වූ අතර ඇයගේ සිරුර නිල් පැහැ වී ඉදිමී තිබිණි.

    “මට ඇස් පේන්නෙත් නෑ. වේදනාව දරාගන්නත් බෑ. මාව ඇඳට තල්ලු කරලා දොරත් ලොක් කරගෙන එයා එළියට ගියා. විනාඩි හතළිහකින් විතර ඇතුළට ආවා. දොර අරිද්දි මම දැක්කා එළියේ වැරන්ඩාවේ දෙන්නෙක් බිබී ඉන්නවා. එයා කාමරේට ඇවිත් නිරුවත්ව හිටපු මාව අර බොන එවුං දෙන්නා ළඟට අරගෙන ගිහින් එතන තිබුණ හාන්සි පුටුවක ඇන්දේ වාඩි කෙරෙව්වා. එතන වාඩිවෙලා ඉන්න අමාරුයි. අර බිබී හිටිය එක්කෙනක් මට පුටුවක් දීලා වාඩිවෙන්න කිව්වා. මම එකේ වාඩි වුණා. දිනේෂුත් ඒ අය එක්ක බිව්වා. මතින් මත් වූ පිරිමින් තිදෙනකු ඉදිරියේ නිරුවතින් සිටින කාන්තාවකට ඇතිවිය හැකි අතරවර ගැන කීමට වචන තිබේද?

    ඔවුන් බලෙන් ඇයට විස්කි පෙව්වේය. සිගරට් පමණක් නොව ගංජා දුමාරය ද ශරීර ගත කළේය. ඒ අතරතුර ඔවුන් කියන අසභ්‍ය වචන, අසම්මත ලිංගික ක්‍රියා පිළිබඳ කියන කතා ඇය අව සිහියෙන් මෙන් අසා සිටියේ වෙන කළ හැකි දෙයක් නොවු නිසාය.

    “ඊට පස්සේ දිනේෂ් මාව කාමරේට ඇදගෙන ගියා. බිබී හිටපු දෙන්නගෙන් එක්කෙනෙකුත් ඇතුළට ආවා. ඇවිත් රෑ එකොළහේ ඉඳලා උදේ හතර විතර වෙනකම් ඒ දෙන්නා මාව දුෂණය කළා. ඒ අවස්ථා වීඩියෝ කළා. ෆොටෝ ගත්තා. ඒ පැය කිහිපයේදී මම විඳපු දුක කොච්චර ද කියලා කියන්න වචන නෑ. මාව ඒ විදියට දුෂණය කරන අතර දිනේෂ් මට කියනවා උඹට වෙන එවුං එක්ක ඉන්න පුලුවන් නම් මේක ප්‍රශ්නයක් නැනේ කියලා.” “මේ දේවල් උඹේ අම්මා දන්නෙත් නෑ. දැනගත්තත් කරන්න දෙයක් නෑ. පොලිසියට කිව්වත් වැඩක් නෑ. උඹව මැරුවත් කවුරුත් දන්නේ නෑ කියලා මට තර්ජනය කළා.”

    සිය මිතුරන් ද සමඟ රාත්‍රිය පුරා සිය පෙම්වතිය දුෂණය කළ දිනේෂ් පසුදා උදේ අට පමණ වෙද්දී ගෙදර යාමට ලැස්ති වන ලෙස ඇයට අණ කළේය. ඇයගේ මුහුණ ඉදිමී තිබෙනු දුටු මේ දෙදෙනා සමඟ සිටි දිනේෂ් ගේ ගෝල රණසිංහ ඇයට අයිස් කැට ගෙනැවිත්දී මුහුණ තවා ගන්නා ලෙස පැවසුවේය.

    “මට පඩිපෙළ බහින්නවත් පුලුවන් කමක් තිබුණේ නෑ. මම බඩ අල්ලගෙන අමාරුවෙන් පඩි බහිද්දී රණසිංහ මාව අල්ලගෙන පහළට අරගෙන ආවා. ඒ තුන්දෙනාම කාර් එකට නැගලා මාවත් දාගෙන කුරුණෑගල ගිහින් අපේ ගෙවල් වලට යන පාර කිට්ටුව මාව දාලා ගියා.”

    ගෙදර ගිය ඇයට මවට මුහුණ දීමට හැකියාවක් තිබුණේ නැත. නංගි මල්ලි අසන ප්‍රශ්න වලට දීමට පිළිතුරු නොවීය. එහෙත් බොරු ගොඩාක් කියා ඇය සති දෙක තුනක් ගෙදරට වී සිටියාය. ඉදිමුම් බැස ගොස් තුවාල සුව වූ පසුව ඇය යළි රැකියාවට ගියේ පවුල නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇති බැවිනි. රෝහලට ගිය ඇයට සවස රාජකාරි කිරීමට සිදුවුයේ වෛද්‍ය දිනේෂ් සමඟය. ඔහු යළි ඇය අල්ලා ගත්තේය.

    “උඹට මොකද වුණේ ඇයි උඹ මට කතා නොකළේ?” ඔහු ඇයගෙන් විමසන්නට විය.“මගේ ෆෝන් එක නෑ.” “හා හරි මම ෆෝන් එකක් අරගෙන දෙන්නම් කෝ. එතකොට හරිනේ.”
    එලෙස කී ඔහු ඇයට ජංගම දුරකථනයක් ලබා දුන්නේය. එලෙස දින කිහිපයක් ගෙවී ගියේය. දිනක් රාත්‍රී රාජකාරී නිම වූ ඇය රෝහලෙන් පිටවන විට වේලාව උදේ හත පමණ වී තිබිණි. ඇය අසල මෝටර් රථයක් නතර විය. එය දිනේෂ්ගේය.
    “උඹත් එකක් ගනුදෙනුව තවම ඉවර නෑ. යමං කියලා මාව බලෙන් නංග ගත්තා. එහෙම නාවොත් අපේ පවුලම විනාස කරනවා කියලා තර්ජනය කරන බයට මම කාර් එකට නැග්ගා. එදා යුද හමුදා වෛද්‍යවරුන්ගේ නිල නිවාස තියෙන නුගේගොඩ තැනකට මාව අරගෙන ගියා. උඩ තට්ටුවට යද්දී එතන එදා හිටපු දෙන්නම හිටියා. මට හිතුණා අදත් මම ඉවර තමයි කියලා. දිනේෂුයි, එදා මට අතවර කරපු යාලුවයි. එයාගේ ගෝලයා රණසිංහයි තුන්දෙනාම බිබී මටත් පොව පොව ගංජත් පෙව්වා. පස්සේ තුන් දෙනාම මට අතවර කළා. උඹට හැම මිනිහෙක් එක්කම ඉන්න පුලුවන් මේ කට්ටිය එක්ක ඉන්න බැරි කමක් නැනේ කියලා තුන් දෙනාම තිරිසන්නු වගේ මට අතවර කළා. මම කෑ ගැහුවා. උඹලට මම වගේ අක්කලා නංගීලා නැද්ද කියලා ඇහුවා. ඒ වේලාවට දිනේෂ් මගේ බෙල්ල මිරිකුවා.

    මෙලෙස එදින ද ඔහු තම මිතුරන් හා එක්ව සිය පෙම්වතිය සමුහ දුෂණයකට ලක් කළේය. මාස කිහිපයක් ගෙවී ගිය අතර නොවැම්බර් මාසයේ දිනයක රැකියාව නිමකොට එළියට ආ ඇය ඔහු පැමිණ පැහැරගෙන ගියේය. එදින මෝටර් රථය පැදවුයේ රණසිංහ විසිනි. ඔහු ඇය රැගෙන ගියේ මොරටුව පැත්තේ තට්ටු නිවාසයකටය. ඇය කැඳවාගෙන යද්දී පෙර දින දෙකේම දිනේෂ් හා එක්ව අතවර කළ පුද්ගලයාත්, නාඳුනන තවත් තරුණයකුත් එහි නාන තටාකය අසල මත් වතුර පානය කරමින් සිටියහ.

    “එතකොට වෙලාව රෑ එකොළහට විතර ඇති. එදත් ඒ විදියටම මට පෙව්වා. ගංජා පෙව්වා. ඒත් ඒ ගෙදර අයිතිකාරයා පාඩුවේ හිටියා ටික වේලාවකින් දිනේෂ් මාව කාමරයකට ඇදගෙන ගියා. ගෙදර අයිතිකාරයත් කාමරයට ආවා. ඇවිත් දිනේෂ් එක්ක එකතුවෙලා මට දස වද දුන්නා. හැබැයි අනිත් කෙනයි රණසිංහයි ආවේ නෑ.”

    ඇයට කළ ලිංගික අතවර ගැන ලියන්නට වචන නැත. ඒ ඒවා ඒ තරමටම අසික්තික වීම නිසාය. ඇයගේ සිරුරින් රුධිරය ගලා යද්දී ඒ බව තඹයකට මායිම් නොකළ දෙදෙනා ඇයට තව තවත් ලිංගික අතවර කළහ. අවසානයේ දිනේෂ් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නේය. මෙලෙස දින ගණනක් තිස්සේ සමුහ දුෂණයට ලක්වුවද ඇය ඉවසා සිටියේ දිනේෂ් තව නොබෝ දිනකින් වත් තමාට අනුකම්පා කරනු ඇතැයි සිතාය. එලෙසම තම මව සහෝදරයා සහෝදරියට කරදයක් කරාවි යන බිය නිසාය.
    “එයා ආපහු දවසක ඇවිත් මාව මීගමුව පැත්තේ හෝටලයකට අරගෙන ගියා. එදා නම් කවුරුත් සිටියේ නෑ. මෙයා විතරයි මට කරදර කළේ.”

    එලෙස දැඩි ලිංගික හිංසනයට ගොදුරු වුවද ඇය ඉවසා සිටි නමුත් ඔහු ඇය නැත්තටම නැති කර තිබිණි. ඒ ඇයගේ හොඳ ඡායාරූප මෙන්ම නිරුවත් ඡායාරූප ද ඇය සේවය කරන රෝහල් වෙබ් අඩවියට මුදා හරිමිනි. ඇය නීතියේ සහාය පතන්නේ ඉන් අනතුරුවය. පොලිසිය මෙම කපිතන්වරයා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගත්තේ ඔහුගේ මෝටර් රථ අංකයෙනි. අනතුරුව ඔහු පොලිසියට කැඳවුයේ රථවාහන ප්‍රශ්නයක් පිළිබඳ යැයි කියමිනි. එලෙස කැඳවා රථවාහන සිද්ධියක් ගැන විමසු අතර එවිට ඔහුගේ රියැදුරු ලාන්ස් කේප්‍රල් රණසිංහ ගැන ද හෙළි විය.

    ඔහුද කැඳවාගෙන පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරවු ඔහටු යන්නට හැරියේය. පසුව රණසිංහද සමඟ ඔහු පොලිසියට එද්දී ඇය ද පොලිසියට පැමිණ සිටියාය. “මෙයාව අඳුරණවද?” “ඔව්. මෙයාට මම ගොඩක් ආදරෙයි.” කපිතාන්වරයා ඇයට තම සිතෙහි ඇති ආදරය ගැන එලෙස කරුණු දක්වන්නට විය. ඇයගේ පැමිණිල්ලට අනුව ප්‍රශ්න කිරීම ආරම්භ වුයේ ඉන් අනතුරුවය. කපිතාන් දිනේෂ් මුල දී මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු දිගටම පවසා සිටියේ ඇයට ආදරය කරන බව පමණි.

    එහෙත් අවසානයේ දී ඔහුට සියල්ල හෙළි කිරීමට සිදුවිය. ඔහුගේ හෙළි කිරිම් අනුව ඇය සමුහ දුෂණයට ලක්කළ අනෙක් දෙදෙනා ගැනද තොරතුරු හෙළි විය. තිහාරියේදී ඇය දුෂණය කළ අනෙක් පුද්ගලයා යුද හමුදා පොලිසියේ කපිතාන් වරයෙකි. අනුරාධපුර පාල්කුලම කඳවුරේ සේවය කරන ඔහු දිනේෂ්ගේ ඥාතියකුද වන්නේය. මොරටුව තට්ටු නිවාසය හිමිකරු ඉංජිනේරුවරයෙකි. ඔහු අවිවාහක වන අතර දිනේෂ් ගේ ඥාති කපිතන් අමිත් විවාහකයෙකි.

    දිනේෂ් ගේ බිරිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම් වෙමින් සිටින්නීය. දෙවස වරට ඇය සමූහ දූණණයට ලක්කළ නුගේගොඩ හමුදා වෛද්‍ය නිවාසය ද පොලිසිය පරික්ෂා කළේය. ඒ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවය. එම නිවෙසේ තිබී වාජීකරණ ඖෂධ, කෘතිම පුරුෂ ගංගයන් සහ ගංජා කොටයක් ද හමුවිය. හෙදිය වෛද්‍ය පරීක්ෂණකට යොමු කළ අතර ඇය බරපතල ලිංගික අතරවරයට ලක්ව ඇති බව එම වාර්ථාවේ සඳහන් විය.

    යුද හමුදා පොලිස් කපිතන් අමිත් පොලිසිය කළ දැනුම් දීමට අනුව පැමිණියේ නැත. එබැවින් යුද හමුදා පොලිසිය හරහා ඔහු පොලිසියට ගෙන්වා ගැනීමට සිදුවිය. මෙම ස්ත්‍රී දුෂණ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කිරීම පොලිසියට යම් අපහසු කරුණක් විය. ඒ කපිතාන්වරුන්ට මෙන්ම ඉංජිනේරු වරයාට ද රටේ ඉහළ නතතුරු හොබවන ඥාතීන් සිටීමය. මෙලෙස ඉතා අසික්කිත ලෙස කාන්තාවක දුෂණය කළ නරුමයන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කිරීමට ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත්වීම ද පුදුම සහගතය. ඔවුන් එලෙස සැලසුම් කන්නට ඇත්තේ ඔවුන් ද මෙම ක්‍රියාදාමය අනුමත කරන නිසා විය යුතුය.

    එහෙත් පොලිසිය අකුරටම නීතිය ක්‍රියාත්මක කළේය.කොළඹ දිසාව බාර (වැඩ බලන) නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්තගේ පුර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා සහ එහි සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් මත නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක ලලිත් පෙත්තතන්ත්‍රී, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ජානකී ද සිල්වා, කොස්තාපල්වරුන් වන සලින්ද (61287) සහ සිසිර (86735) යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

    -තක්ෂිලා ජයසේකර

    Source: http://sinhalagossip.com
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වාව්.. එතන හිටියා වගේ මුන් ලියලා තියෙනවා. අනේ මේ ගොසිප් කාරයෝ.. :lol:

    සිද්ද උන දේ ගැන කණගාටුයි නමුත් ඒක වවාගෙන කන උන් තමා ඔය ගොසිපෝ.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මුල් අවස්ථාවේදීම පොලිසියට පැමිණිලි කරන්න තිබුණා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වාව්.. එතන හිටියා වගේ මුන් ලියලා තියෙනවා. අනේ මේ ගොසිප් කාරයෝ.. :lol:

    සිද්ද උන දේ ගැන කණගාටුයි නමුත් ඒක වවාගෙන කන උන් තමා ඔය ගොසිපෝ.


    උබ මොනා කිව්වත් මුන්ට නඩු අහල මරණ දඩුවම දෙන්නම ඕනෙ... :angry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උබ මොනා කිව්වත් මුන්ට නඩු අහල මරණ දඩුවම දෙන්නම ඕනෙ... :angry:


    ඒක වෙනම කතාවක්. නමුත් අනතුරක් උනත්, මරණයක් උනත් රස කරලා කියලා කීයක් හරි ඒකෙන් උපයන කාලකන්නින්න්ට මම බනින්නේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද බන් කෙල්ලොන්ගේත් වැරදි.. මුන් ඇත්තටම මෙහෙම කලානම් දැඩි දඩුවම් දෙන්න ඕනේ :angry:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    39 දී කුමරි බඹසර පිදුවලු :P ඒක හින්ද මොනා උනත් කට වහන් හිටියලු :rofl:
    ලංකාවේ ගැනුන්ගේත් ගොඩක් වැරදි තියෙනවා.ඔක්කොම වෙනකන් කට වහන් ඉඳල අන්තිමට බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නෙ.
    අරුන් ටිකට නම් ජීවිතාන්තය වෙනකන් සිර දඬුවම් දෙන්න ඕන හිරේදී කොලු කාරයෙක් පුක පැලුවම තේරෙයි.මරණ දඩුවම හොඳ වැඩි මුන්ට