දූෂණ සංජානන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරිය

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    දූෂණ සංජානන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරිය

    දූෂණ සංජානන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට


    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය (Corruption Perception Index) පෙබරවාරි 21 දින එළිදක්වන ලදී. එකී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 91 වන ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 38 ක් ලබාගෙන ඇත.
    2016 අදාලව දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 176ක් අතරින් 95 වන ස්ථානයට පත්වූ අතර ලබාගත් ලකුණු සංඛ්‍යව වූයේ 36කි.

    Corruption-Index-2017.jpg

    ඒ අනුව ශ්‍රී ලංකාව දූෂණ මැඩලීම අතින් 2016 වසරට සාපේක්‍ෂව 2017 වසරේදී සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාව සිය ලකුණු ප්‍රමාණය වැඩි කරගෙන ඇතිවාක් මෙන්ම සෙසු රටවල් අතර සිය ස්ථානය ද ඉදිරියට ගෙනගොස් ඇත. පසුගිය වසර තුළ දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත්වීම පිළිබඳව ලැබූ ජාත්‍යන්තර ඇගයීමක් ලෙස මෙම දර්ශකයේ ප්‍රතිඵල විග්‍රහ කළ හැකිය.

    මෙම දර්ශකයේ පළමු ස්ථානයට ලකුණු 89 ක් ලබාගත් නවසීලන්තය පත්වී ඇති අතර අවසාන ස්ථානයට ලකුණු 9ක් ලබාගත් සෝමාලියාව පත්වී ඇත. මෙම රටවල් 180 ලබාගත් ලකුණුවල සාමාන්‍ය අගය වන්නේ 43කි. එසේම දර්ශකයට අනුව සමීක්‍ෂණයට භාජනයවූ රටවල් අතරින් 2/3ක්ම ලකුණු 50ට අඩුවෙන් ලබාගත් රටවල් වීම විශේෂත්වයකි.දූෂණ මැඩලීම අතින් ශ්‍රී ලංකාව 2016 වසරට සාපේක්‍ෂව යම් ප්‍රගතියක් අත්කරගෙන තිබෙන නමුත් අපට තවත් බොහෝ දුර යායුතුව ඇති බව මෙම දර්ශකය පෙන්වා දෙයි.


    adaderana-biz-logo.png
     
    • Like
    Reactions: Garrus

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    බලේට ඇවිත් මාස තුනෙන් මහබැංකුවට කෙලියේ නැත්නම් මීට වඩා හොද තැනක රට තියෙනවා.:yes:

    16.gif


    හ්ම්...හ්ම්....