රනිල් ඔයා නම් මාරයි අනේ....

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රනිල් ඔයා නම් මාරයි අනේ....

    srilankanpm1-kZ0--621x414@LiveMint.JPG


    රනිල් දැං කොච්චර පරණ නායකයෙක්ද ?
    (මේ උදාහරණ වලින් තේරුම් ගන්න)

    1. රනිල් නායකත්වයට පත් වන කාලයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුණ රණතුංග විය. ඉන් පසු,
    හශාන් තිලකරත්න
    සනත් ජයසූරිය
    මහේල ජයවර්දන
    කුමර් සංගක්කාර
    ඇංජලෝ මැතිවුස්
    උපුල් තරංග
    තිසර පෙරේරා
    දිනේශ් චන්දිමාල්
    වශයෙන් නායකයන් පත් විය. අසාර්තක වන විට මාරු විය. උඩ ලැයිස්තුවේ මට අමතක උන නායකයන්ද සිටිය හැක. ඒ මොකා මාරු උනත් රනිල් මාරු උනේ නැත.

    2. රනිල් එකසත් ජාතික පක්ශයේ නායකත්වයට පත් වන විට එංගලන්තයේ අගමැති වරයා වූයේ
    ජෝන් මේජර් ය. ඉන් පසු
    ටෝනි බ්ලෙයාර්
    ගෝඩන් බ්‍රවුන්
    ඩේවිඩ් කැමරන්
    තෙරේසා මේ යන අය පත් විය. ඒත් රනිල් වෙනස් නොවීය.

    3. රනිල් යූ. එන්. පී. නායකත්වයට පත් වන විට ඇමරිකවේ ජනාදිපති වූයේ
    බිල් ක්ලින්ටන් ය. ඉන් පසු,
    ජෝර්ජ් W. බුශ්
    බැරැක් ඔබාමා
    ඩොනල්ඩ් ට්‍ර්ම්ප් යන අය මාරු විය. එහෙත් රනිල්ගේ නායකත්වය නම් මාරු වූයේ නැත.

    4. රනිල් යූ. එන්. පී නායකත්වයට එන විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා වූයේ,
    බූත්‍රෝස් බූත්‍රෝස් ගාලි ය. ඉන් පසු,
    කොෆී අනන්
    බෑන් කී මූන්
    අන්තෝනියෝ ගුටරේස් පත් විය. එහෙත් රනිල් මාරු වූයේ නැත.

    5 රනිල් නායකත්වයට පත් වන කාලයේ අප අසල්වැසි රට, ඉංදියානු අගමැති වරයා වූයේ
    නරසිංහ රාවෝ ය. ඉන් පසු
    දේව් ගවුඩා
    ඉන්ද්‍ර කුමර් ගුජ් රාල්
    අතල් බිහාරි වජ්පායි
    මන් මෝහන් සිං
    නරේන්ද්‍ර මෝදි ආවා ගියෝය. රනිල් නොගියේය.

    6. රනිල් අගමැති වන විට පාප් වහන්සේ වූයේ දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ ය. පාප් තනතුර එය දරන්නා මිය යන තුරුම දරයි. ජුවාම් පාප් තුමා 1978 සිට 2005 දක්වාම එය දැරුවේ ය. ඉන් පසු බෙනඩික්ට් පාප් වහන්සේ ආහ. ඉන් පසුව ෆ්‍රැන්සිස් පාප් තුමා ආහ. රනිල් නොගියහ. පාප් තුමෙකු අලුතින් පත් කරන විට කාදිනල් වරු ලෝකයේ නන් දෙසින් වතිකානුවට යති. එසේ ගොස් දින ගන්නාවක් සාකච්චා කොට පාප් තුමා තෝරා ගනිති. එය නැරඹීමට කිසිවෙකුටත් යා නොහැක. නව පාප් තුමා තෝරා ගන්නා තෙක් වතිකානුවට රැස් වන ජනී ජනයා බලා සිටින්නේ දින ගනනාවක් පුරාවටය. ඉන් පසු නව පාප් වහන්සේ පත් කර ගත් විට සුදු පැහැ දුමාරයක් නිකුත් කරති. එවිට ජනයා නව පාප් වරයා පත් කල බව දැන ගනියි. රනිල් ද මෙම ක්‍රමය අනුගමනය කිරීමට සැරසෙන්නේ දැයි අපට ඇත්තේ සැකයකි.

    7. රන්ල් යූ. එන්. පී. නායකයා බවට පත් වන විට වැදි නායකයා තිසාහාමි ය. එයද ජීවිත කාලයටම දරන තනතුරකි. දැන් වැදි නායක තෙමේ වන්නිලැත්තන් ය.

    8. රනිල් නායකත්වයට පත් වන විට මෙරට සියළු විශ්ව විද්‍යාල වල දැනට ඉගෙන ගන්නා සිසුන් කිසිවෙකුත් ඉපදිලා වත් නැත. යූ. එන්. පී. නායකයා මැරෙනතුරුම වෙනස් නිවන්නෙකු බව ඔවුන් සිතනවාට සැක නැත. මන්ද එය ඔවුන්ගේ ජීවිත කාලය තුල කිසිදා වෙනස්ව නැති නිසා ය.

    9. රනිල් පක්ශ නායකත්වයට පත් වන විට පාකිස්තාන අගමැති බෙනාසීර් භූතෝ ය. ඉන් පසු අගමැති වරු 9 දෙනෙකු පකිස්ථානයට පත් වුවද රනිල් වෙනුවට වෙනත් අයෙකු පත් වූයේ නම් නැත.

    10. රනිල් පක්ශ නායකත්වයට පත් වන විට හොංකොං රාජ්‍ය එංගලංතය විසින් පාලනය කල අතර මේ වන විට එය චීනයට පවරා ඇත. එය 1997 දී පැවරූ අතර රනිල් නායකත්වයට පත් වූයේ 1994 දී ය.

    11. රනිල් නායකත්වයට පත් වන විට මිනිසා විසින් මෙතෙක් බිහි කල වටිනාම ඉදිකිරීම වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්‍යස්තානය ගොඩනගා නොතිබුනි.

    12. රනිල් නායකත්වයට පත් වීමෙන් පසු ලෝක සිතියමට අලුත් රටවල් 5 ක් එකතු වී ඇත.
    පලාවු
    නැගෙනහිර ටිමෝරය
    මොන්ටිනීග්‍රෝ
    කොසෝවෝ
    දකුනු සුඩානය යනු ඒවා ය. එහෙත් රනිල් ගියේ නැත.

    13. රනිල් පක්ශ නායකයා වන විට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දිහා එක පාරක් බැලූ අයෙකු තව සිය පාරක් බැලීමට සිතෙන තරම් දැකුම්කලු ය. එහෙත් දැන් ????? ඒත් මේ යකා නායකත්වයෙන් ගියේ නැත.

    14. රනිල් නායකත්වයට පත් වන විට ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දුට වයස අවුරුදු 16 කි. ඒ කාලයේ ඔහු සාමාන්‍යපෙලට පාඩම් කරනවා ය. දැන් ඔහු රනිල්ගේ අගමැතිත්වය යටතේ ඇමති වරයෙකි. හරීන් ඉපදී ඇත්තේ 1978 දී ය.

    15. රනිල් පක්ශ නායකත්වයට පත් වන විට පෝලියෝ රෝගයෙන් මෙරට ජනයා පීඩා විදි අතර, මේ වන විට ලෝක සෞක්‍ය සංවිදානය මෙරටින් මුළුමනින් ම පෝලියෝ රෝගය තුරන් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

    මේ ලැයිස්තුව තවත් දිගට ලිවිය හැක. එහෙත් දැන් අත රිදෙනවා ය. මුළු ලොවම වෙනස් වී ඇත. අහෝ රනිල් ඔබ වෙනස් වී නැත. වෙනස් වන ලෝකයේ නිවෙනස් වන එකම දෙය වෙනස්වීම පමණක් ය යන්න මට මගේ ගුරුවරුන් උගන්වා ඇත්තේ බොරු ය. උන්ගේ කටට හෙන ගහන්න ඕනෑය. ඒ මට බොරු කිවූ නිසාය. වෙනස්වන ලෝකයේ නොවෙනස් වන දේවල් එකක් නොව දෙකකි. එක වෙනස්වීම ය. දෙක රනිල් ය.

    එතකොට රනිල් UNP නායකයා වන කාලය හා මේ කාලය දක්වා නොවෙනස් වූ එකම දෙයක් වත් නැද්ද ? මටද ඔය ප්‍රශ්නය ආවේය. මම දින සති මාස ගානක් අන්තර්ජාලය පීරා එවන් එකම එක දෙයක් සොයා ගත්තෙමු. ඒ එංගලන්ත මහ රැජින එලිසෙබෙත් ය. ඒ අතින් රනිල් මටනම් රජෙකි. එංගලන්තෙට එලිසෙබෙත් රැජිණ ඉන්නේය. අපට රනිල් රජු ඉන්නේය.
    - මෙහි නිර්මාණ කරුවා නොදන්නා අතර දන්නේ මාගේ නොවන බවයි
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විස්වාස බංගෙන් පැරදුනෙ නැත්නම්,කූරිය ගැහැව්වෙත් නැත්නම් රනිල් දෙයිය තමා 2020,2025,2030 etc. UNP ජනාධිපති,අගමැති අපේක්සකය :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    උබ අත රිද්දගෙන මෙච්චර කෙටුවෙ අපරාදෙ බන්.
    කෙටියෙන් කියනව නම්, එජාප නායකත්වය යනු ජීවිත කාලයටම දරන තනතුරකි :D
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉතින් අනිත් මිනිස්සු ඉන්න බැරි හින්දනේ ගෙදර ගියේ.නැත්නම් තාම ඉන්නවා.මහින්දත් තාම ඉන්නවනේ අරූ ආප්ප කාල ගියේ නැත්නම්.චන්ද්‍රිකාත් 4වෙනි පාරට ජනාදිපතිට ඉල්ලන්න දුන්නනම් අවුරුදු 15ක් විතර ඉන්නවනේ පක්ෂ නායක වෙලා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉතින් අනිත් මිනිස්සු ඉන්න බැරි හින්දනේ ගෙදර ගියේ.නැත්නම් තාම ඉන්නවා.මහින්දත් තාම ඉන්නවනේ අරූ ආප්ප කාල ගියේ නැත්නම්.චන්ද්‍රිකාත් 4වෙනි පාරට ජනාදිපතිට ඉල්ලන්න දුන්නනම් අවුරුදු 15ක් විතර ඉන්නවනේ පක්ෂ නායක වෙලා

    අඩේ 15ක් හිටියත් මෙලහකට ගිහින් බන්
    මේකා දැන් අවුරුදු 24ක් නේ යකු

    තවත් ඇයි බන් මූට උඹ කඩේ යන්නේ ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට අවුරුදු 24ක් කියන්නේ සෙල්ලං ද :baffled: අපි නිකමට හිතමුකෝ 2020 ජනාධිපති වෙලා දෙපාරක් ඇද්ද කියල. එහෙම උනොත් 36ක් :baffled: