උවමනාව කාගේ වුවද රටේ සතුරන්ගේ උවමනාව නම් ඉටු වී ඇත. අහිංසක සිංහලයකුත් අහිංසක මුසල්මානුවකුත් කෝටි ගණනක් වටිනා මහජන දේපලකුත් අමනයන් පිරිසක් විසින් විනාශ කර ඇත. ඊට අමතරව ජාත්‍යන්තරය සඳහා සිවිල් යුද්ධයක් ඇති රටක් හැටියට නම්බු නාමයක් ද මේ මොහොත වනවිට ලබාදී ඇත. දැනට මොහොතකට පෙර ජපානයේ පුවත් සේවාව මගින් ලංකාව හඳුන්වා දුන්නේ බෞද්ධ සහ මුස්ලිම් දෙපිරිසක් අතර සිවිල් යුද තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති බවයි. මේ ප්රවෘත්ති සේවාව මෙම ප්‍රවෘත්තිය ලබාදෙන්නේ ලංකාවේ සිටි නොව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටයි. ඒ ප්‍රවෘත්තිය ද සමග කොළඹ තිබෙන ජපාන තානාපති කාර්යාලය මගින් ලබාගත් තොරතුරක් හැටියට මෙම ගැටුමේදී කිසිදු ජපන් ජාතිකයකු මෙතෙක් එම ගැටුමට මැදි වී නැති බව ද ප්‍රකාශ කරනු ලැබුවා. අපගේ අත්දැකීමට අනුව මෙහි හොඳ කොටස ආරම්භ වන්නේ හෙට සිටයි. එනම් ජපානයේ විදේශ අමාත්‍යාංශය මගින් මෙරට වැසියන් සඳහා වන නිවේදනයක් ලෙස ලංකාව සංචාරය සඳහා නුසුදුසු රටක් ලෙස නම්කර රතු පාටින් ලකුණු කරනු ඇති. එතැන් සිට ලංකාව බලා යෑමට බලාපොරොත්තු වන සියලුම ජපන් ජාතිකයන් තම ගමන් අත්හිටුවා වෙනත් සංචාරක ප්‍රදේශ සොයා යනු ඇත. මෙහිදීද අසරණ වන්නේ අපගේ අහිංසක ජනතාවයි. හරිහමන් කර්මාන්තයක් නැති අපේ රටේ දැනට විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන සොච්චම්ට අමතරව ආදායමක් විදියට ලැබෙනුයේ සංචාරක ව්‍යාපාරයෙන්. එය ද අවහිර කර දැමුවාට පසු අපේ ශ්‍රී ලංකික බුද්දිමත් මහජනතාවට ජාතිවාදය උයාගෙන කෑමට හැකි වනු ඇත.
https://www.facebook.com/saman.priyankara.52/posts/10156037730356953
https://www.facebook.com/saman.priyankara.52/posts/10156037730356953

