Thalangama cause?Whats this

els95

Member
Jun 24, 2009
121
1
0
colombo
එක එක කතා කියනවා බං සමහරු කියනවා පාර block කලා කියලා .සමහරු කියනවා driver නොහොබිනා වැඩක් කලා කියලා .ඇත්ත දන්නෙ නැහැ
 
monson

Well-known member
  • May 7, 2007
    24,956
    27,069
    113
    පිස්‌තෝලයක්‌ පෙන්වා බස්‌ රියෑදුරකුට අතින් පයින් පහර දෙමින් දකුණු පළාත් මන්ත්‍රී සහ බිරිය යකා නටති

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

    තලංගම කොස්‌වත්ත හංදියේදී මාර්ග අංක 177 කොල්ලුපිටිය කඩුවෙල සුඛෝපභෝගී පෞද්ගලික බස්‌ රථයක රියෑදුරකුට බිම දමාගෙන පිස්‌තෝලයකින් හා අතින් පයින් පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් නමැත්තා සහ ඔහුගේ බිරිඳ ඊයේ (9 දා) උදේ 11.30 ට පමණ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොළඹදී ඝාතනයට ලක්‌වූ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ 'චණ්‌ඩි මල්ලි' නමින් හැඳින්වූ අයගේ පුත්‍රයා බව ද පොලිසිය කියයි.

    පහර කෑමෙන් තුවාල ලැබූ බස්‌රථ රියෑදුරා මුල්ලේරියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

    කඩුවෙල දෙස සිට කොල්ලුපිටිය බලා ධාවනය වූ මෙම සුඛෝපභෝගී බස්‌ රථය තලංගම කොස්‌වත්ත හන්දියේ මාර්ගය අවහිර වන අන්දමින් නවතා මගීන් නන්වා ගනිමින් සිට ඇත. මේ අවස්‌ථාවේ ඊට පිටුපසින් ජීප් රථයකින් පැමිණි මන්ත්‍රීවරයා සිය ජීප් රථයේ නලාව නාද කර ඇතත් මෙහිදී බස්‌ රථය අයින්කර නොගැනීම නිසා උරණ වී තිබේ. එහිදී මන්ත්‍රීවරයා සහ බිරිඳ ජීප් රථයෙන් බැසවිත් බස්‌ රථයේ රියෑදුරාට බැණවදිමින් ඔහුව බස්‌සවාගෙන තිබේ. එහිදී දෙදෙනා අතර බහින්බස්‌වීමක්‌ ඇති වී තිබෙන අතර අනතුරුව මන්ත්‍රීවරයා බස්‌ රථයේ රියෑදුරුට බිම පෙරළාගෙන පහර දෙද්දී ඔහුගේ බිරිඳ පිස්‌තෝලය ගෙන රියෑදුරුගේ හිසට පහරදී තිබේ. ඒ අවස්‌ථාවේදී බස්‌ රථයේ සිටි මගීන් පොලිසියට දුරකථන ඇමතුමක්‌ ලබාදී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්‌ථානයට පැමිණ සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා සහ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පහර දීමේ සිද්ධිය බස්‌ රථයේ සිටි මගියකු විසින් ද වීඩියෝ කර ඇති අතර එම දර්ශන ද පොලිසියට භාරදී තිබේ.

    සැකකාර මන්ත්‍රීවරයා සහ බිරිඳ අද (10 වැනිදා) කඩුවෙල මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ පිළිබඳව තලංගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අර්ජුන මහිකෙන්ද මහතාගේ උපදෙස්‌ මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

    - http://divaina.com/daily/index.php/main-news/8641-2018-03-10-05-16-51
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් ලංකාවේ රියල් පාතාලේ කව්ද කියලා ඇහුවොත් ඉතින් වෙන කව්රුවත් නෙවි මචන්.. චන්දිගේ එක පුතෙක් හිටියේ අපි එක්ක අපේ ඉස්කෝලේ.. නියම ජෙනුය්න් චරිත.. බොරු සොබ්බ නැහැ කය්ය නැහැ..
    ඔය අය්යා අනික කිසම වලිකයට එහෙම ගිහිල්ලත් නැහැ හොද හිත තියන් හිටපු එකෙක්..
    ගේම ඉල්ලුවම අතාරින්නෙ මොක්කුද බන්.. ඔය කොලබ පක්කුන්ට හොද වැඩේ..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මචන් ලංකාවේ රියල් පාතාලේ කව්ද කියලා ඇහුවොත් ඉතින් වෙන කව්රුවත් නෙවි මචන්.. චන්දිගේ එක පුතෙක් හිටියේ අපි එක්ක අපේ ඉස්කෝලේ.. නියම ජෙනුය්න් චරිත.. බොරු සොබ්බ නැහැ කය්ය නැහැ..
    ඔය අය්යා අනික කිසම වලිකයට එහෙම ගිහිල්ලත් නැහැ හොද හිත තියන් හිටපු එකෙක්..
    ගේම ඉල්ලුවම අතාරින්නෙ මොක්කුද බන්.. ඔය කොලබ පක්කුන්ට හොද වැඩේ..

    video eka dakkama mamath mulin banna
    eth passe aranchi una mulin bus eke driver gema adala thiyenne kiyala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් ලංකාවේ රියල් පාතාලේ කව්ද කියලා ඇහුවොත් ඉතින් වෙන කව්රුවත් නෙවි මචන්.. චන්දිගේ එක පුතෙක් හිටියේ අපි එක්ක අපේ ඉස්කෝලේ.. නියම ජෙනුය්න් චරිත.. බොරු සොබ්බ නැහැ කය්ය නැහැ..
    ඔය අය්යා අනික කිසම වලිකයට එහෙම ගිහිල්ලත් නැහැ හොද හිත තියන් හිටපු එකෙක්..
    ගේම ඉල්ලුවම අතාරින්නෙ මොක්කුද බන්.. ඔය කොලබ පක්කුන්ට හොද වැඩේ..

    video eka dakkama mamath mulin banna
    eth passe aranchi una mulin bus eke driver gema adala thiyenne kiyala

    uge welawata matara kittu karala gema awilune natte :lol:

    nattan itn miniya yannet na :lol:

    මාතර උන් එකතු වෙලා :D:P