ජිවිතේ...

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    හිතෙන්නෙ නැද්ද අපි මේ ගෙවන ජීවිතේ කිසිම තේරුමක් නෑ කියල. සල්ලි හම්බ කරනව කනව, බොනව බිල් ගෙවනව හැමදාම එකම දේ..

    සතියට සැරයක් wife ළමයි එක්ක එලියට ගිහින් ෆිල්ම් එකක් බලල කොහෙන් හරි කාල, එක්කො trip එකක් ගිහින් නැත්නම් යාලුවෝ එක්ක කොහෙහරි ගිහින් පොඩි drink එකක් දාල කොහොම කල ජීවිතේ හෙනම ඒකාකාරයි.

    මට මතකයි මම පොඩි කාලෙ උදේට අපේ ගෙදර තේ හදන්නේ තාත්තා... අම්ම උයනවා... තේ හදල ඉවර වෙලා " පුතේ.. තේ හරි " ඒ තමයි මගේ අවදිවීමේ එලාම් එක...
    පුතා නැගිටල ගිහින් තේ එක ගන්නවා... ඒ අරගෙන සාලෙට එනවා... පාන්දර නිසා කළුවරයි... රෑ පුරා දැල්වුනු වොට් 5 බල්බ් එකෙන් යාන්තමට අදුර බිදෙන ආලෝකයක්... පුටුවකින් වාඩිවෙලා ගන්නව කකුල් දෙක උඩට.. හොඳට ගුලි ගැහෙනවා... ඊට පස්සෙ ඇස් දෙකත් පියාගෙන අර තේ එක උගුරින් උගුර බොනව... විනාඩි 5ක් සමහර විට 10ක්.. තේ එක ඉවර වෙලත් ටිකක් වෙලා ඉන්නවා... ඒ මොහොතට මම පට්ට ආසයි...

    වහින වෙලාවට ඉස්තෝප්පුවේ තියෙන වේවැල් හාන්සි පුටුවට වෙලා වැස්ස දිහා බලන් ඉන්න එක මගේ පුරුද්දක්... රෑ නම් මම හුඟක් කැමතියි.... " අම්මේ... ප්ලේන් ටී එකක් " හුලඟට වදින හිරිකඩ එක්ක එන සීතල... දුම් දාන ප්ලේන් ටී එකෙන් එන රස්නෙ... ඒක නියම හැඟීමක්... විදින්නම ඕනි... අම්බානෙක අකුණු ගහන්නෙ නැත්තම් වැස්ස ඉවර වෙනකල්... එක්කො රෑ 10 - 11 වෙනකල් මම එතනින් හෙලවෙන්නෙ නෑ... අම්ම බත් එක බෙදල ගෙනත් දෙනව එතනට බැරිම තැන....
    හවසට ඇඟ හෝදන්න කලින් වැස්සොත් කමිසෙ ගලවල දාල වැලකට සරමත් කැහපට ගහගෙන වෙල පැත්තෙ තියෙන බැම්ම උඩින් වාඩි වෙලා වැස්ස දිහා බලන් ඉන්න එකටත් මම ආසයි. ගරාජ් එකේ වහල නිසා තෙමෙන්නෙ නෑ.. එත් හීකඩට තෙමෙනවා... එහෙම ඉදල නානකොට පට්ට...

    කැම්පස් යන කාලෙ සල්ලි අතේ තියෙන සමහර දවස් වල හිතෙනවා බියර් එකක් බොන්න නිදහසේ... නාගෙන ශෝටකුයි කමිසෙකුයි ඇඳගෙන රුපියල් 500කුයි හැඳුනුම් පතයි ( ජංගම දු.ක දාල එනවා ) අරගෙන පයින්ම එනවා පිළියන්දල ශැංහයි එකට... හවස 4 ට විතර කවුරුත් නෑ... කොනක මේසෙකින් වාඩි වෙලා ගෙන්න ගන්නව ලයන් එකක්... පොඩි ඔම්ලට් එකකුත්...පැය 2 - 3ක් ගත කරනවා... හිතවා... අතීතේ.. වර්තමානේ... අනාගතේ.... ලයන් ලාගර් 2ක් තමයි උපරිම බොන්නේ... ලාවට කික් එකක් තියෙනවා.. සෙනඟ පිරෙද්දි බිල ගෙවල මම එනවා... එන ගමන් කඩේකින් සම්බෝලත් එක්ක ආප්ප කනවා.. ආප්ප 3ක් ඇති... රුපියල් 15යි... දුම් දාන සැර... ගෙදර ඇවිත් ආයෙම ඇඟ පොඩ්ඩක් හෝදන් ඇදට.. නින්ද යනව ලෙසට.

    තව හිතුන ගමන් නගිනව ගාලු හරි මාතර හරි බස් එහෙක... ටිකට් ගන්නව කළුතරට... කළුතර බෝධිය ගාවින් බැහල රුපියල් 20 ක් දීල ගන්නව මල්.. තෙල් හඳුන්කූරු නම් නෑ... සෙරෙප්පු දෙකත් මුල්ලකින් තියල මල් පූජ කරනවා... හිතුනොත් බෝධියත් නාවනවා... ගඟ අයිනෙ තියෙන බුදු මැදුරට ගිහිල්ල නිදහසේ වඳිනවා... හිත පට්ටම නිදහස්... පාර පැනල උඩ බෝධිය ගාවට ගිහින් අයිනකින් වාඩි වෙනවා... එතන නිදහස්... කලබල අඩුයි... ජීවිතේ ගැන හිතන්න නියම වෙලාව... ටිකක් වෙලා ඉදල ආයෙම බස් එහෙක නැගල කොළඹ එනවා...

    ජීවිතේ එක වකවානුවක මම ඇබ්බැහි උනු... අදටත් ලංකාවට ගිය වෙලාවට පුළුවන් විදියට විඳින... සිද්ධීන් කීපයක්... මේ සිද්දි දාමයට මම පට්ට ආසයි...
    හැබැයි ඒ සිද්ධි දාමය මගේ ජීවිතෙන් ඈත් උනු... ලංකාවෙන් පිට උනාට පස්සෙ මට ඕනි වෙලාවට විදින්න බැරි සිද්ධීන් කීපයක් බවට පත්වෙනකල් ඒවයේ වටිනාකමක් මට ලොකුවට දැනුනේ නෑ...
    ඒ හැම එහෙකම තනිකම ගැබ් වෙලාද කියල හිතෙනවා... මම තනිකමට ආසද... ? ඔව් මම ආසයි... පට්ටම ආසයි...

    ඒත් රටින් පිටවෙලා නාදුනන මූනු මැද විදින තනිකමට මම ආස නෑ... ඒක වදයක්... ඒත් වෙලාවකට මම ඒ තනිකමත් විදිනවා... කපන්න බැරි අත සිබිනව වගේ...

    අන්තිමට කියන්න තියෙන්නෙත් ජීවිතේ හරිම ඒකාකාරයි...
     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    avatar564432_1.gif

    Save
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    මටත් දැන් උදේට රස්සාවට යනවා, ගෙදර එනවා, කනවා /බොනවා ජිවිතේ එපා වෙලා තියෙන්නේ. ගම්බද පළාතකින් පොඩි ඉඩන් කැල්ලක් අරන් වගාවක් දාල තව පොඩි පොඩි බිස්නස් ටිකක් කරන් පාඩුවේ ඉන්න ජිවිතේකට යන්න හිතන් ඉන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    Ado mata hari asai nuwaraeliyen geyak aran wawala uyan kala ohe inna ban.parenstla hinda mae mukuth karanna be.parenstla nethu dawasaka man oya de karanwa
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan uba meka aththata leewada boruwata leewada danne Naha.mata aduna ban.uba liyala thiyenne mage geewithe ban.mage geewitha kathawath oya wage ban.kiyaganna bari
    Puduma wedanawak hithe thiyenawa ban.mage geewithe mama karapu lokuma modakama
    Lankawen awa eka ban.hitiyanam ada mage ammath geewathun athara innawa.godak dewal thiyenawa ban.mama issara hithuwa mage kathawath elakiriyata liyami kiyala.eth eka atharala damma ban.wadiya hithanna epa.geewithe kiyanne dukak ban.eth api geewath wenna ona.think positive..jayawewa ubata..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    මාත් තනි කමට ආස පුද්ගලයෙක්.
    එත් මන් හොඳ සොෂල් පොරක්.සොෂල් වෙන්නෙ මට සෙට් වෙනවා කියලා හිතුණ එවුන් ඉස්සරහා විතරයි.

    රටදි ඔය තනි කම තියෙනවා.
    මන් කරන්නෙ පොඩි බීම එකක් (ඇල් කොහොල් නැති) අරන් ගිහින් මුහුද සෙව්වට ගිහින් මෙහෙ තියෙන බිල්ඩින් දිහා බලන් ඉන්නවා.මන් අකමැති සෙනඟ ගැවසෙන තැන් වලට.

    සෙනඟ අඩුනම් තමා මන් කැමති.

    උඹ කිව්ව දෙවල් වලට සමාන ජීවන අත්දැකිම් අපි කාගෙත් තියෙනවා. කොච්චර සල්ලි හෙව්වත් ලයිෆ් එක හරි බොරිං.

    උඹ දන්නවාද මට තියෙන ආසාවක්.

    මන් කැමති මටම කියලා ගෙයක් හදන්න. ගෙදර තනියම විද්‍යාත්මක පර්‍යෙෂණ වල යෙදෙන්න , චිත්‍ර අඳින්න.
    ටෙලෙස්කොප් එකකින් අහස නිරීක්ෂණය කරන්න, මගෙම කියලා වගාවක් කරන්න, ගහ කොළ වලින් බෙහෙත් හදන හැටි ඉගෙන ගන්න, තතනියම සංචාරය කරන්න.

    එත් අපෙ ඔළුවල අනෙක් උන්ගෙ වගකීම් තියෙන නිසා .ඒ කිව්වෙ කම්පැණියෙ, ගෙදර උන්ගෙ ආදී.
    ඒඒකනෙ අපෙ අය පැන්ෂන් යනකන් ඉන්නෙ.

    මම නම් අවුරුදු 35 වෙනකන් තමා රස්සාවල් කරන්නෙ .55 වෙනකන් නම් අදින්නෙ නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    Man nan dan inne ausi.eth lankawa matak wenawa patta widiyata.lankawe wessa matak wenawa kiypanko.kawada hitapu dewalda.lion beer ekak bila cheese omlate ekak kala ena relax eka mona bramd ekak gehuwath enne nehe mehe
     
    • Like
    Reactions: BruceWayne92

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    Machan uba meka aththata leewada boruwata leewada danne Naha.mata aduna ban.uba liyala thiyenne mage geewithe ban.mage geewitha kathawath oya wage ban.kiyaganna bari
    Puduma wedanawak hithe thiyenawa ban.mage geewithe mama karapu lokuma modakama
    Lankawen awa eka ban.hitiyanam ada mage ammath geewathun athara innawa.godak dewal thiyenawa ban.mama issara hithuwa mage kathawath elakiriyata liyami kiyala.eth eka atharala damma ban.wadiya hithanna epa.geewithe kiyanne dukak ban.eth api geewath wenna ona.think positive..jayawewa ubata..

    ube ekath liyapan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    Man nan dan inne ausi.eth lankawa matak wenawa patta widiyata.lankawe wessa matak wenawa kiypanko.kawada hitapu dewalda.lion beer ekak bila cheese omlate ekak kala ena relax eka mona bramd ekak gehuwath enne nehe mehe

    රටවල් වල හිටියාට අපෙ කම නැහැ නෙ බන් අපිව ගණන් ගන්නෙ නැහැ නෙ මොන සයිලා දැම්මත්.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මාත් තනි කමට ආස පුද්ගලයෙක්.
    එත් මන් හොඳ සොෂල් පොරක්.සොෂල් වෙන්නෙ මට සෙට් වෙනවා කියලා හිතුණ එවුන් ඉස්සරහා විතරයි.

    රටදි ඔය තනි කම තියෙනවා.
    මන් කරන්නෙ පොඩි බීම එකක් (ඇල් කොහොල් නැති) අරන් ගිහින් මුහුද සෙව්වට ගිහින් මෙහෙ තියෙන බිල්ඩින් දිහා බලන් ඉන්නවා.මන් අකමැති සෙනඟ ගැවසෙන තැන් වලට.

    සෙනඟ අඩුනම් තමා මන් කැමති.

    උඹ කිව්ව දෙවල් වලට සමාන ජීවන අත්දැකිම් අපි කාගෙත් තියෙනවා. කොච්චර සල්ලි හෙව්වත් ලයිෆ් එක හරි බොරිං.

    උඹ දන්නවාද මට තියෙන ආසාවක්.

    මන් කැමති මටම කියලා ගෙයක් හදන්න. ගෙදර තනියම විද්‍යාත්මක පර්‍යෙෂණ වල යෙදෙන්න , චිත්‍ර අඳින්න.
    ටෙලෙස්කොප් එකකින් අහස නිරීක්ෂණය කරන්න, මගෙම කියලා වගාවක් කරන්න, ගහ කොළ වලින් බෙහෙත් හදන හැටි ඉගෙන ගන්න, තතනියම සංචාරය කරන්න.

    එත් අපෙ ඔළුවල අනෙක් උන්ගෙ වගකීම් තියෙන නිසා .ඒ කිව්වෙ කම්පැණියෙ, ගෙදර උන්ගෙ ආදී.
    ඒඒකනෙ අපෙ අය පැන්ෂන් යනකන් ඉන්නෙ.

    මම නම් අවුරුදු 35 වෙනකන් තමා රස්සාවල් කරන්නෙ .55 වෙනකන් නම් අදින්නෙ නැහැ
    matath asayi bn theth kalape palu paththaka oya vage inn,habayi beach ekata laga venna one, nagarayak nathi unata ikmanata nagareta yanna puluvan venna ona.kaluthara galle vage hodayi,thava ballekuyi kellekuyi innava mage gedara
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    do what you love .....

    ඕක මමත් අහල තියෙනවා මමත් කරන්න හිතන් හිටිය දේ නමුත් සල්ලි එක්ක හැමදේම වෙනස් වෙනවා ඕක කියන්න ලේසි මචං කරන්න amarui නෙමේ බැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    රටවල් වල හිටියාට අපෙ කම නැහැ නෙ බන් අපිව ගණන් ගන්නෙ නැහැ නෙ මොන සයිලා දැම්මත්.

    Man nan lankawata enawa ban 35 pennata passe.mata pattakata wela inna one.