ඔය තරම් බල්බ ගොඩක් 4017 එකකින් ඩ්‍රයිව් කරන්න බැහැ
ඒක නිසා ට්‍රාන්සිස්ටර් දාල ඩ්‍රයිව් කරන්න ඕන නැත්නම් 4017 පිච්චිලා යාවි
කලින් කියලා තියන විදියට LED 4ක් සීරීස් කරන්න ඕන (3ක් සීරීස් කරලා 12v දුන්නොත් LED පිච්චිලා යාවි නැත්නම් LED වල ලයිෆ් ටයිම් එක අඩු වෙයි)
LED 3 ගානෙ 200ක් සෙට් කරා කියන්නෙ LED 3 සෙට් 66ක් තියනවා
මේ සෙට් 66 පැරරල් කරා කියලා හිතුවොතින් මෙහෙමයි
පරණ LED නම් එකකට 20mA ඕන හැබැයි දැන් තියන සමහර LED 1mA වලිනුත් පත්තුවෙනවා
ඒත් ෆුල් බ්‍රයිට්නස් එක එන්න 10mA වත් ඕන වෙයි, මෙහෙ තියන LED වලට ස්ටෑන්ඩඩ් එකක් නැති නිසා මල්ටිමීටරේකින් හරිටම මැනලා තමයි මේක බලන්න වෙන්නෙ
එක LED එකකට 20mA ඕන කියලා හිතුවොතින්, සීරීස් කරලා තියන නිසා LED 3 සෙට් එකකටත් ඕන 20mA තමයි
එතකොට 3 සෙට 66කට 20mA ඒවා 66ක් ඕන = 20mA x 66 = 1.3A වගේ
හරියට 2A එනවා නම් හරියට පත්තුවෙන්න ඕන
මේව බලන්න පුලුවන්
පවර් සප්ලයි එකේ හරියට 2A එනවද කියලා
LED වලට වෙන වෙනම පරවර් දුන්නම හරි බ්‍රයිට්නස් එක එනවද කියලා මොකද අර විදියට LED 3ක සීරීස් කරලා 12v දීල LED වලට ඩැමේජ් වෙලාද දන්නෙ නැහැ, එහෙම උනත් LED වල එලිය අඩු වෙනවා
මේක කිවුවෙ ගොඩක් දේවල් අනුමාන කරලා, හරියට සර්කිට් ඩයග්‍රම් එකක් දාන්න විස්තරයක් දාන්නම්