ගෝටා_හෙන්දා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
‘ගෝටා සහ හෙන්දා සන්නද්ධ බුද්ධි ඒකකයක් හදාගෙන වසර 9 ක් තුල 130 ක් මැරුවා; සාක්කි වසන් කිරීමට බුද්ධි අංශ සාමාජිකයන්ම 13 කට වැඩිය මැරුවා

හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකුගේ හෙළිදරව්ව

GotaHenda.jpg

Gota_Henda.jpg

රොනන් බර්ග්මාන් (Ronen Bergman) ඊශ්‍රායෙල් ජාතික ගවේශනශීලී මාධ්‍යවේදියෙකි. 2018 ජනවාරි මස 23 දින ඔහු පොතක් එලි දැක්වීය . රයිස් ඇන්ඩ් කිල් ෆස්ට් ‘රාජ්‍ය අනුග්‍රහය ලද ඝාතන ඉතිහාසයේ රහස්’ (Rise and Kill First: The Secret History of Israel's Targeted Assassinations) ලෙස එම පොත නම් කර තිබුනි. මෙම පොතේ අන්තර්ගතය නම් මොසාඩ් සංවිධානයේ විසින් ඝාතනය කළ පුද්ගලයන් සහ ඊට හේතු වූ කරුණුය. ලෝකයේ භයානකම හිට් ස්කොඩ් නොහොත් ඝාතන යන්ත්‍රය ඊශ්‍රායෙලය සතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීමට එවැන්නක් පැවතිය යුතු බව ලියුම්කරුගේ පෞද්ගලික මතය වෙයි.

නමුත් එවැනි යාන්ත්‍රනයක සුජාතභාවය රඳා පවතින්නේ එහි රාමුව, ප්‍රතිපත්ති සහ විනය මතය. කරුනු එසේ හෙයින් රටක සන්නද්ධ බුද්ධි අංශය යනු සැඟවිය යුතු කොටසක් නොවේ. නිසි ආකාරව ස්ථාපිත කළ යුතු ආයතනයක් මෙන්ම පිලිගත් ක්‍රියා පටිපාටියකට යටත්ව මෙහෙයවිය යුතු යාන්ත්‍රනයකි.

රටක බුද්ධි අංශය සහ ඊට අනුයුක්ත සන්නද්ධ බලඝනය ත්‍රිවිධ හමුදාවෙන් ස්වායත්ථ ආයතනයකි. මෙය බුද්ධි මණ්ඩලයකින් (Think-tank) සමන්විත සිවිල් දෙපාර්තමේන්තුවකි. මෙම ආයතනය රටේ නායකයාගේ අණ යටතේ ක්‍රියාත්මක වන්නේය. එනමුත් ආයතනයේ තීන්දු තීරණ ගැනෙනුයේ පුද්ගලයකුගේ තනි කැමැත්තට නොව යටකී බුද්ධි මණ්ඩලයේ විශ්ලේෂණ නිර්දේශ සහ අනුමැතිය මතය. බුද්ධි මණ්ඩලය විසින් ගන්නා තීන්දු රටේ නායකයාට දන්වා සිටින අතර ඊට අනුමැතිය ලැබූ පසු ක්‍රියාවේ යෙදවීම සිදුවෙයි. රටක බුද්ධි කාර්ය්‍යාංශයක බලපවත්නා මූලිකම සිද්ධාන්තයක් ඇත. එනම් බුද්ධි කාර්ය්‍යංශයේ විෂය පථයට අදාල වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධව බැඳියාවක් ඇති කරුණු මිස රාජ්‍ය නායකයාගේ කල්කිරියාව හා සම්බන්ධ කරුණු නොවිය යුතුය. ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය CIA, ඊශ්‍රායෙලයේ මොසාඩ් MOSSAD, ඉන්දියාවේ රෝ RAW, පාකිස්ථානයේ FIA, ඕස්ට්‍රේලියාවේ රහස්‍ය බුද්ධි සේවය ASIS, ඉතාලියේ අභ්‍යන්තර තොරතුරු සහ ආරක්ෂක ඒජන්සිය AISI, ජපානයේ කැබිනට් බුද්ධි පර්යේෂන කාර්යාලය CIRO, ජර්මනියේ ෆෙඩරල් බුද්ධි සේවය BND, බ්‍රිතාන්‍යයේ MI5 සහ MI6 හෝ වෙනත් ඕනෑම පිලිගත් සංවිධානයක් ක්‍රියාත්මක වන්නේ මෙම මූලධර්මය මතය.

බුද්ධි අංශ වෙත බලපවත්වන බැඳියාවන් සම්බන්ධ පටිපාටිය කෙසේද යත්, මෑතකදි ‘මයිකල් වුල්ෆ්‘ ‘ඩොනල්ඩ් ට්‍රම්ප්ට‘ එරෙහිව ‘ෆයර් ඇන්ඩ් ‍ෆියුරි‘ නමින් පොතක් එළි දැක්වීය. මෙය ට්‍රම්ප්ගේ කල්කිරියාව පිලිබඳ කරුණක් මිස ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණක් නොවේ. එහෙයින් මයිකල් වුල්ෆ්ට ගේමක් දීම සී.අයි.ඒ සංවිධානයට අදාල නොවන කාරණයකි. දේශපාලන එදිරිවාදීන්, පුවත්පත් කර්තෘන් වැනි චරිත දඩයම් කිරීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අදාල නැත. ට්‍රම්ප් වෙත එවැනි ප‍ටු තීන්දුවක් ගැනීමට හැකියාවක් නැතුවා සේම ඔහු එසේ කීවද කිසිදු සී.අයි. ඒ නිලදාරියෙක් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ද නැත. මෙම විනය නිසා දේශපාලන ධාරාව හමුවේ ජාතික බුද්ධි අංශයේ තීන්දු තීරන අභියෝගයට ලක් නොවේ.

කථාව ආරම්භ වන්නේ දැන්ය. ගෝටාභය ආරක්ෂක ලේකම් ධූරයට පත්වීමත් සමගම ‘සන්නද්ධ බුද්ධි ඒකකයක්‘ ආරම්භ කළේය. ඒ කැබිනට් පත්‍රිකාවක් අනුවය. එය ක්‍රියාත්මක වූයේ කපිල හෙන්දාවිතාරණ යටතේය.
නිසි රාමුවක්, ප්‍රතිපත්ති සහ විනය යන සාධක මත ගොඩනගන සන්නද්ධ බුද්ධි තොරතුරු ඒකකයක් රටක අභිමානයට කරුණකි. නමුත් ගෝටා විසින් සන්නද්ධ බුද්ධි ඒකකයක් ස්ථාපිත කළ බව පිලිගැනීමට ඔහු ද කැමැති නැත. සන්නද්ධ බුද්ධි ඒකකයයේ අණදෙන රේඛාවේ දෙවැනියා තමා බව පිළිගැනිමට හෙන්දාවිතාරණ ද අකමැතිය.

මේ තත්ත්වය තේරුම් ගැනීම පහසුය. අන්තර් ජාලය හරහා මොසාඩ් ඝාතන ලැයිස්තුව පහසුවෙන් සොයා ගත හැකිය. වසර 70 ක් තුල ඔවුන් 2700 ක් පමණ පිරිසක් ඝාතනය කර ඇත . මොසාඩ් ඝාතන වලින් 99% ජාතික ආරක්ෂාව හා ගැ‍ටුනු කරුණු මත සිදු කළ ඝාතනයන් වෙයි. ගෝටාබයගේ ‘ජාතික බුද්ධි අංශය‘ අවු 9 ක් තුල 130 කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇත. එම ඝාතන වලින් 99% ක්ම පෞද්ගලික හේතු මත සිදු කළ ඝාතනයන්ය. ගෝටාගේ ජාතික බුද්ධි අංශයේ තීන්දු තීරණ ගැනීමට බුද්ධි මන්ඩලයක් නොවූ අතර ඒවා තනි අතේ දේශපාලන දඩයම් විය. ගෝටාබය මිග් ගනුදෙනුවෙන් කෝටි ගාණක් කැපුවා ය කියා ලසන්ත ලියන විට එය ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැ‍ටුමක් නොව ගෝටාගේ කල්කිරියාව සම්බන්ධ ගැ‍ටුමකි.

ගෝටාබය විසින් කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම ‘ජාතික බුද්ධි අංශය ‘ ස්ථාපිත කරන ලද්දේ 2006 වසරේදීය. එහි ප්‍රධානියා ලෙස පත් කලේ හෙන්දාවිතාරනය. මෙය මිලිටරියේ කොටසක් නොව සිවිල් ආයතනයකි. ආරක්ෂක අමාත්‍යංශය තුල හෙන්දාවිතාරනගේ කාර්‍ය්‍යාලය පිහිටියේය. හෙන්දාවිතාරන ෆොන්සේකා වෙත රිපොර්ට් කිරීමක් නොකළ බව මෙම රාමුව තුලින්ම පැහැදිලිය. තවද කැබිනට් පත්‍රිකාව මගින් කියුවේ එතෙක් පැවති රාජ්‍ය බුද්ධි අංශය (එස්.අයි.එස්.), යුධ හමුදා බුද්ධි අංශය (එම්.අයි.එස්), විවිධ පොලිස් බුද්ධි අංශ එක් අණදෙන රේඛාවක් යටතට ගෙන ඒම සඳහා නව ආයතනය ස්ථාපිත කරන බවය. රට ගැන කැක්කුමක් ඇති බොහොමයකගේ විශ්වාසය වූයේ ‘රෝ සංවිධානය‘ වැනි දැවැන්ත ආයතනයක අඩිතාලම වැ‍ටුනු බවය. ලියුම්කරු ඇතුලු තවත් බොහොමයක් මේ හා එකතු වූයේ එවන් පසුබිමක් තුලය.

නමුත් හෙන්දාවිතාරන යටතේ වූ ‘ජාතික බුද්ධි අංශය‘ ට්‍රෝජන් අශ්වයෙකු විය. තීන්දු තීරන ගැනීමට ආරක්ෂාව, භූ දේශපාලනය වැනි ක්ෂේත්‍ර වල ප්‍රවීනයන්ගෙන් සැදුම් ලත් බුද්ධි මණ්ඩලයක් එහි නොවිණ. එස්.අයි.එස් , හමුදා බුද්ධි අංශය , සහ විවිධ පොලිස් බුද්ධි අංශ ඵලදායි ලෙස කළමනාකරණය වෙනුවට කොළඹ ආරක්ෂාවට කියා විවිධ ස්වරූපයේ සන්නද්ධ ඒකක බිහි කළේය. ඔවුන් ලයිසන් සහිත පාතාලයක් බඳු විය. සක්‍රීය සේවයේ නියුතු හමුදා සාමාජිකයින් , හිටපු හමුදා සාමාජිකයන්, කරුනාගේ පිරිස්, පිල්ලෙයාන්ගේ පිරිස්, ඩග්ලස් දේවානන්දගේ පිරිස් ඇතුලු කල්ලි කන්ඩායම් ගණනාවක් හෙන්දාවිතාරනගේ අණ යටතේ ක්‍රියාත්මක විය. මොවුන්ගේ ඝාතන ඉලක්ක මුලුමනින්ම පාහේ තිරස්චීන දේශපාලන ඝාතනයන් විය . ඝාතනයන්ට එරෙහිව දේශීය විදේශීය ප්‍රතිරෝධය නැග ඒම ස්වභාවික සංසිද්ධියකි. ඊට ප්‍රතිචාර ලෙස හෙන්දාවිතාරණ කළේ ඝාතකයා ද ඝාතනය කර සාක්කි විනාශ කරමින් ආඥාදායකයා ආරක්ෂා කිරීමය.

ගෝටාගේ පෞද්ගලික එදිරිවාදීන් නිහඬ කරවීම සඳහා නව බුද්ධි අංශය යොදා ගැනීම මහා ඛේදවාචකයක් විය. ගෝටාබය ආරක්ෂා කරනු වස් උන්ඩය ක්‍රියාත්මක කළ හස්තයන් ද නිහඬ කළේය . සාක්ෂි වසන් කිරීමේ මෙහෙයුම් හේතුවෙන් බුද්ධි අංශ සාමාජිකයන් 13 කට වැඩි පිරිසක් ඝාතනය කරන ලදී. ගෝටාගේ අනීතික නියෝග ක්‍රියාත්මක කල 30 කට වැඩි පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත ගත වූයේය. තවත් පිරිසක් හතර වැනි තට්‍ටුවේ බඩ ගාන්නේ ය. සමහරෙක් රට හැර ගොස් ඇත. පිරිසක් අතුරුදහන්ව ඇත. කැබිනට් පත්‍රිකාවක් මගින් ස්ථාපිත කළ ‘ජාතික බුද්ධි අංශය‘ එහි මුඛ්‍ය අරමුණ වූ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉලක්ක ලබා දුන්නේ නම් මෙවන් විනාශයක් වන්නේ නැත. එසේ වූයේ නම් යෝධ වෘක්ෂයක් සේ හැදී වැඩී ජාතියට සෙවන දෙනු නියතය. අවාසනාවට සිදුවූයේ අනෙකකි, හෙන්දලාගේ ගෝටලාගේ පව් බිම් මට්ටමේ සාමාජිකයන්ගේ කර පිටින් ගොස් ඇත්තේ ය . යුධ විසේසඥ ගෝටා බුද්ධි අංශයේ ඔලුවටම පොල්ලෙන් පහර දුන්නේය.

රජවීමට හීන දකින මෙවැනි මස් වැද්දන්ගේ සත්‍ය කෙරුවාව පිලිබඳ හොඳ අවබෝධයක් පුරවැසියන් සතු විය යුතුය.
 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    :lol::lol::lol:

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොන කපාගත්ත කිලෝ 50 හේ මෝඩයෝ මේ අහපිය....
    2009 ට කලින් දවසකට කී දෙනෙක් වෙඩිකාලා කපල කොටල මැරුනද මේ රටේ?....
    කී දෙනෙකුට දිනපතා අත් පා අහිමි උනාද දිනපතාම......
    තොපෙ නපුංසක රැලට අවු 20 ක් විසදගන්න බැරි උන එක මුන් ඇවිල්ල විසදුවා නේද?
    මිනිස්සුන්ට මේ බයිල අහල ඇතිවෙලා.....
    නපුංසක රැලට මඩින් නොව ගොඩින් ඇවිත් දිනන්න කියපන්.....
     
    walputha

    Member
    Mar 10, 2017
    65
    10

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඊට වෑඩිය බුද්ධි අන්ශ සාමාජිකයෝ මලේ උබ උක දෙන එකාගේ පාලන කාලේ මිලේනියම් සිටි පාවා දීමෙන්... නිකන් කොහේ හරි යන ලොවන්නේක් ලියපුවා ෂෙයා කරන්න එපා බන්. දෙවෙනි පාරටත් බුද්ධි අන්ශ පාවාලා දෙනවා කට්ටිය
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොන කපාගත්ත කිලෝ 50 හේ මෝඩයෝ මේ අහපිය....
    2009 ට කලින් දවසකට කී දෙනෙක් වෙඩිකාලා කපල කොටල මැරුනද මේ රටේ?....
    කී දෙනෙකුට දිනපතා අත් පා අහිමි උනාද දිනපතාම......
    තොපෙ නපුංසක රැලට අවු 20 ක් විසදගන්න බැරි උන එක මුන් ඇවිල්ල විසදුවා නේද?
    මිනිස්සුන්ට මේ බයිල අහල ඇතිවෙලා.....
    නපුංසක රැලට මඩින් නොව ගොඩින් ඇවිත් දිනන්න කියපන්.....

    Ela
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආ දෙමලා කැම්පේන් එක දැම්මම පටන් අරන් නේ..සඳුන් බුවා පේන්න නැත්තේ මොකෝ ..පුකට මැහුම් දාලද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිලේනියම් සිටි කෙස් එකෙන් බුද්ධි අංශෙ කීයක් මැරුණද මුන්ට දැන් තමා බුද්ධි අංශෙ ගැන කරුණාව පහල වෙලා තියෙන්නේ :no:

    ආණ්ඩුව අතේ තියාගෙන අගමැතිකම ජනාධිපතිකම ආරක්ෂක ඇමතීමක ත්‍රිවිධ හමුදාව පොලිසිය බුද්ධි අංශ අතේ තියාගෙන අවුරුදු තුනක් තිස්සේ පොල් ගෑවද මේ ආණ්ඩුව අල්ලලා චෝදනා ඔප්පු කරලා හිරේ දාන්න එපැයි :baffled:
    [/SIZE][/COLOR]
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දිගු දුර විහිදුම් බළකාය පාවාදීම

    ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිටි දිගුදුර විහිදුම් බළකාය මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් වැටලීමයි.

    අතිශයින්ම රහසිගත මෙම දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම උඩුගම්පොල නමැත්තාගේ ක්‍රියාදාමය නිසා මුළුමනින්ම හෙළි විය. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්‍ෂි විමසීම පවා පළ කිරීමෙන් ඇතැම් මාධ්‍ය වැළකී සිටියේය.

    එවකට ජනමාධ්‍ය ලේකම්ව සිටි කුමාර් අබේසිංහ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් තමා අතුරුගිරිය සිදුවීම වීඩියෝගත කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දුට අමතා යුද හමුදාව ඉදිරියේ එය සිදු කිරීමට අවසරය ගත් බව කියා සිටියේය. එහෙත් මේ කිසිම නිලධාරියකු මෙවන් ප්‍රචාර නිසා ජාතික ආරක්‍ෂාවට හානි සිදුවන බව අදහස්‌ කළේ නැත.

    කුලසිරි උඩුගම්පොලගේ මේ පාවාදීම සාධාරණීයකරණය කිරීමට මෙරට මාධ්‍ය පාර්ශ්වයන් දෙකක්‌ දැඩි ලෙස උත්සාහ කරනු ලැබීය. ඉන් එක්‌ පාර්ශ්වයක්‌ වූයේ රජයේම සති අන්ත පුවත්පතකි. උඩුගම්පොළගේ ඥතියකු අන්වර්ථ නම් භාවිත කරමින් දිගුදුර විහිදුම් බළකාය වැටලීම සාධාරණීයකරණය කරනු ලැබීය. 2002 ජනවාරි 2 වැනිදා රාත්‍රියේ කුලසිරි උඩුගම්පොල අතුරුගිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කිසිම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට නොදන්වමිනි. කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යෑයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත.

    අතුරුගිරිය සිද්ධිය පුවත්පත්වලට හෙළි කිරීම සඳහා ඔහු මහනුවර සිට හිටපු උප සේවා පොලිස්‌ කොස්‌තාපල්වරයකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවකු ද ගෙන ආවේය.

    එවකට සිටි පොලිස්‌පතිවරයා ද උඩුගම්පොලගේ මෙහෙයුම සමයේ අසරණ තත්ත්වයට පත් විය. ඔහු කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි අංශයට ගොස්‌ ලිපිගොනු ද ලබාගනු ලැබීය. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය වූයේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්‌, කර්නල්වරයෙක්‌, මේජර්වරු තිදෙනකු හා කෝප්‍රල්වරයෙක්‌ මෙම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වටලන බව දැන සිටි බවයි.

    දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල නමැත්තා ඔවුන් මහනුවරට ගෙනගොස්‌ කටුගස්‌තොට පොලිසියේ රඳවනු ලැබීය. එවකට ආරක්‍ෂක ඇමැතිව සිටි මාරපන මහතා එකී කණ්‌ඩායම නිදහස්‌ කරන ලෙස කළ නියෝගය ද ක්‍රියාත්මක වූයේ දින කීපයකට පසුවය.

    මේ හමුදා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල එතැනින් නතර වූයේ නැත. ඔහු හමුදාපති හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනු ලැබීය. මේ සිද්ධිය බලා සිටි කොටි අතිශයින්ම ප්‍රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එකල කොටි වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත.

    මේ අතර නිදහස්‌ වූ දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට ගියහ. මෙකී මානව හිමිකම් නඩුව ඉල්ලා අස්‌කර ගන්නා ලෙස දන්වමින් එකී කණ්‌ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔවුහු ඊට එකඟ නොවූහ. 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දුන්නේය. දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කළ අධිකරණය සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 7,50,000 ක්‌ බැගින් ගෙවිය යුතු යෑයි නියම කළේය. උඩුගම්පොල ද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කරනු ලැබීය. මෙහිදී උඩුගම්පොලගේ ක්‍රියාදාමය අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌විය. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන්නැයි එවකට පොලිස්‌පතිව සිටි ඉන්ද්‍රා ද සිල්වා වෙත නියෝග කරනු ලැබීය. 2005 මාර්තු 23 වැනිදා කුලසිරි උඩුගම්පොළව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ඇප මත නිදහස්‌ විය.

    දැන් රාජ්‍ය රහස්‌ පනත යටතේ උඩුගම්පොළට එරෙහිව නඩු පැවරී තිබේ. "අතුරුගිරිය මිලේනියම් සිටි සිද්ධියේ කනගාටුදායක පැත්ත මෙයයි. මේ විශේෂ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට සහාය වූ බුද්ධි චරපුරුෂයන් කවුරුන්දැයි කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට වාර්තා විය. ඒ අනුව කොටි ගැන තොරතුරු සපයන ද්‍රවිඩ බුද්ධි චරපුරුෂයන් ඝාතනයවීම ආරම්භ විය.

    මේ කොටි විසින් ඝාතනය කළ බුද්ධි කණ්‌ඩායමයි. 2002 ජනවාරි 20 - විද්‍යාදරන් හෙවත් නිති, 2002 පෙබරවාරි 9 - ක්‌ලාරි හෙවත් ගඩාපි, 2002 ජුලි 22 - අරින්ජාන් හෙවත් සමින්දරාජන්, 2002 දෙසැම්බර් 11 - ගනේෂමූර්ති හෙවත් තිලක රාජා, 2003 ජනවාරි 03 - කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසා, 2003 මාර්තු 18 - රගුපති හෙවත් රගු, 2003 අප්‍රේල් 13 - රංජන් හෙවත් වර්ධන්, 2003 අප්‍රේල් 26 - අශෝක්‌ දේවරාජා 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්, 2002 අගෝස්‌තු 14 - දේවදාස්‌, 2002 දෙසැම්බර් 02 - අයිස්‌, 2003 අප්‍රේල් 23 - යශෝධරන්, 2003 මැයි 19 - සූරියන්, 2003 අගෝස්‌තු 03 රිල්වාන්, 2003 අගෝස්‌තු 08 ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 - සබාරත්නම්, 2004 ජනවාරි 31 - යෝගරාසා හෙවත් ප්ලොට්‌ මොහාන්.

    දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ වුවත් සටන් විරාමය නිසා ඔවුන්ට මෙරට රැඳී සිටීම අනතුරුදායක විය. මේ නිසා ඔවුහු විදේශගත වූහ.

    මෙම අතිශයින්ම රහසිගත හමුදා බළකාය අල්ලා ගැනීමට නීති විරෝධී මෙහෙයුමක්‌ දියත් කළ කුලසිරි උඩුගම්පොල නමැත්තා එදා සිටි පොලිස්‌පති, හමුදාපතිටත් ඉහළින් කටයුතු කළ බව මෙහිදී සනාථ විය.

    මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම පරීක්‍ෂණ පටන් ගැනීමත් සමගම උඩුගම්පොලට මිලේනියම් සිටි නිවස ගැන තොරතුරු සැපයූ බව කියන පුද්ගලයා ද අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි අනාවරණය විය.

    එසේම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට තමා පැමිණියේ අධිකරණ නියෝගයක්‌ මත යෑයි උඩුගම්පොල පැවසූ නමුත් එම නියෝගය ඔහු කිසිවිටෙක පෙන්නුම් කළේ නැත.

    මේ හැර යුද හමුදාව මෙකී කණ්‌ඩායමේ හා අවි ආයුධවල නීත්‍යනුකූලතාවය ගැනද ලියවිල්ලකින් සනාථ කරන්නේ නම් දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ කරන බවද උඩුගම්පොල පවසා තිබිණි.

    එවැනි ලිපියක්‌ යුද හමුදාව විසින් ගෙනවිත් උඩුගම්පොලට බාරදුන්නත් ඔහු ඒ ගැන තැකීමක්‌ කළේ නැත.

    විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවූ තවත් කරුණක්‌ නම් ඇතැම් හමුදා නිලධාරීන් සෘජුව සහ වක්‍රව උඩුගම්පොලගේ මේ වැටලීම දැන සිටි බවයි. ඔවුන් නම් ලුතිනන් කර්නල් පත්මසිරි උඩුගම්පොල (උඩුගම්පොලගේ සොහොයුරු), මේජර් ජනරාල් අයිවන් දසනායක, කර්නල් කේ. එච්. ධර්මරත්න, මේජර් ඒ. සී. සොයිසා, මේජර් ඒ.එස්‌. පොඩිඅප්පුහාමි, මේජර් කේ. යූ. ජයනෙත්ති, මේජර් නජිත් කරුණාරත්න, කෝප්‍රල් ඡේ. එච්. සිල්වා, කෝප්‍රල් එම්. වී. පීරිස්‌.

    එදා පැවැති එ.ජා.ප. රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ ප්‍රධානී කපිතන් නීලම් ඇතුළු පිරිසට දැඩි බලපෑම් එල්ල කළත් එකී කණ්‌ඩායම ඊට හිස නැමුවේ නැත.

    විශේෂ ජනාධිපති කොමිසම සිය වාර්තාවේ මෙලෙස ද දක්‌වා ඇත. 2001 මහා මැතිවරණයට පෙර මෙම රහසිගත නිවසේ ලිපිනය දැනගැනීමට කර්නල් පරාක්‍රම දසනායක උත්සාහ කළ බවට තදබල සාක්‍ෂි ඇත. දසනායක නමැත්තා මෙහිදී කියා සිටියේ තමා මාලඹේ ඉදිකරන නිවස සඳහා සහාය ලබාගැනීමට කපිතන් නීලම්ට ඇමතීමට අවශ්‍ය බවයි.

    මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බළකා සිද්ධිය මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ ද්‍රොහීමය ක්‍රියාදාමයකි.

    එහිදී දේශපාලන පොලිස්‌ නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පොල ක්‍රියා කළ ආකාරය මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවටම සිදුවූ අවමානයකි.

    උඩුගම්පොල බේරාගැනීම සඳහා හිටපු නෝවීජියානු ආධාරකාරියක්‌ වූ මාධ්‍යවේදිනියක්‌ ද උඩුගම්පොලගේ ඥතියකු වන අයෙක්‌ ද ගත් උත්සාහය අසාර්ථක විය.
     
    • Like
    Reactions: Kasun k