සජීවී වචන...

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    මෙම තත්වයට ප්‍රධාන හේතු දෙකක් සමාජ විද්‍යාඥයින් සොයාගෙන ඇත. ඉන් පළමුවැන්න, අප රට ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ අය විවාහ වී සිටිනුයේ තමාට ගැලපෙන හා තමාට අවංකව ආදරය කරන පුද්ගලයා සමඟ නොව, සමාජය විසින් පිළිගත්, නිවසක් හා වාහනයක් හිමි “ඉහල තනතුරක්” දරණ පුද්ගලයෙකු සමඟය

    Ekanga wenna ba...Diyunu ratawal wela divorce rate eke wedi....family life eke meheta wada awul...
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මේ අතරතුර තවත් එක් අපූරු sms පණිවුඩයක් ද ලැබී තිබුණි, එහි සඳහන් වුයේ, “තමුසේ කවුද ?” ලෙසයි.

    :shocked:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඊයේ වයිෆ් මට එවලා තිබ්බ එකක් මතක් උනා...

    ගැළපෙන ජෝඩුව
    ____________________

    .
    ගැඹුරු කටහඬක්, කලාතුරකින් සිනහ වෙන තලෙලු පැහැ මුහුණක්, කඩේකට ගියත් පාරේ ගියත් බොහෝ අය සර් , මිස්ටර් කියන පෞරුෂයක් ..

    ඉතින් මවාගන්න.. ඒ බැලූ බැල්මට ඔහුය..මා මෙන් සිය දහස් ගුණයකින් සමාජීය වශයෙන් පරිණත, ඔහු ආදරය කරන්නට තෝරාගත්තේ කීන් කටහඬක්, කොයි වෙලෙත් හිනා වීගත් කටක් ,නංගිලත් "අක්ක බබා" කියන චරිතයක් උන මාය..

    මම ඔහුහේ රළු නහර පිරි සවිබල දෑත අල්ලාගන්නට කැමති වූ දින ඔහු අල්ලාගත්තේ සිනිඳු, බස් එකේ ජනේලයක්, සීනි බෝතලේ මූඩියක් ඇර ගන්නට බැරි දෑතකි.ඉතින් අපි ආදරෙන් බැඳුණේම අපේ වෙනස් කම් වලටය..

    ගස් කොලන් කඳු ඔස්සේ කැලෑ සතෙකු සේ හුරුපුරුදු ලෙස ඇවිදන ඔහුට සිදු වී ඇත්තේ කොළේක හැප්පුනත් වැටෙන මාවත් ඇදගෙන යන්නටය..හැබැයි මම වැටෙන්නට ගියා මිස ඔහු වැටෙන්නට දී නැත..මාලුවෙක් සේ පීනන ඔහුට ට්‍රිප් ගියාම සිදු වී ඇත්තේ මම ගිලී නානකන් මගෙ නහය අල්ලාගෙන ඉන්නටය..ඇළක නම් මාව අත හරින පමාවට ගසාගෙන යන්නේය..ඉතින් මා නානකන් සිටින ඔහු මාව කොහේ හෝ වාඩි කර සබන් ගාගන්නට කියා නාගත් හැටි මට අද වගේ මතකය..

    ඔහු ලංකාවේ නොදන්නා පාරක් නැත.ඒ අතර මම තාමත් රෑ බස් එකේ ගේ ගාවින් බැහැගන්නට කන කට්ට දන්නේ මාය..කොළඹ කොටුවේ පාරක් අයිනේ ගහක නමක් කියා ෆෝන් එකෙන් "මාව හොයාගන්න අයියේ" කියා ඉකි ගහ ගහ හැඬූ දවසක්ද මේ අවුරුදු දෙක ඇතුලේ විය.. අනේ ඔහු එදා මාව සොයාගත්තේය..එවිට මං තව විනාඩි දෙකක් පමණ අඬලාම ඇඬිල්ල නතර කරන්නට තීරණය කළෙමි..

    අද වෙනකන් යන්නට ඕනේ ඕනේ කියන හැම තැනම මා එක්කාගෙන ගොස් මගේ අප්පච්චි ගේ චරිතය මේ අවුරුදු දෙක පුරාවට රඟ දැක්වූයේ ඔහුය..ඔහු කියන විදියට මාව කොහෙ හරි යවා ආපසු එනකන් ගිණි පත්තු වී ඉන්නවාට වඩා යන දේවාලෙක එක්කාගෙන ගොස් ගේන එක ලේසිය.මාව එක්කාගෙන ගොස් මගේ වැඩේ කරගන්නකන් බලා සිටින ඔහු ස්තුති කියන වචනය කියනවාටත් කැමති නැත.

    ගස් කොලන් සතා සිවුපාවා ගැන ඔහුට ඇත්තේ විශේසඤ දැනුමකි...මා දන්නේ අඹ ගහයි පොල් ගහයි ගිරවයි හාවයි පමණි..ඒත් ඒවා ගැන ඔහු කියා දෙන ලස්සන ඔබ අසා ඉන්න ! ස්වභාව ධර්මය මගේ කැමතිම විෂය බවට පත් කල සැබෑ ජීවිතයේ අචාර්යවරයා ඔහුය.බෙහෙත් හේත් ලෙඩ රෝග ගැන ඇත්තේ ඊට විරුද්ධ අත්දැකීමකි.

    මම ඔහුට නම් ලියා වෙනම වෙනම එතූ බෙහෙත් දැමූ බෙහෙත් පෙට්ටියක් සදා දුන්නෙමි.හිසේ කැක්කුමට පැරසිටමෝල් බොන්නට කී විට "මම විටමින් සී පහක් කෑවා කියන ඔහු" හෙම්බිරිස්සාව හැදීගෙන එනවිට විටමින් සී බොන්නට කියනවිට සේරම පෙර දවසක කා දමා අහවර කරගෙන සිටී..ඔහුට ඩෙංගු නම් ඔහුට එය දැනෙන බව කියා බෙහෙත් ගන්නට නොයන ඔහුට සිය ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය මට වඩා ශුවර් ය.මාසෙ එකාට බෙහෙත් පොවන්නාක් මෙන් ඔහුට බෙහෙත් පොවන්නට මම කන්නේ ලේසි පාසු කට්ටක් නොවේ.

    ඔහුට හොස්ස ලඟින් මැස්ස ගියොත් කේන්ති යන්නේය.මට මැස්සෙක් නහයට ගියත් හිනා යන්නේය..ඒ අපේ ආදරේ සවිබලම තැන බව අපි දන්නෙමු.ඔහු අන්තිම ඇට්ටරය.. හීලෑ ආදරේට පමණි..මම අන්තිම කීකරුය. වස කරන්නේ ආදරේට පමණි..ඔහුගේ වසකම් වලට මම ආදරේ කරන විට ඔහු මගේ ඉවසීමට ආදරේ කරයි..ඉතින් ඔහුට වස නොකර බැරිය..මට නොඉවසා බැරිය.

    මම දවසට කිරි කෝප්ප හතරක් බොමි.ඔහුට කිරි පේන්නට බැරිය..ඒත් කඩේකට ගියොත් මට කිරි අරන් දෙන්නට ඔහු අමතක කරන්නේ නැත..මම ගමනක් ගියොත් අරන් යන්නේ ප්ලේන් ටී ම පමණි.
    ඔහුගේ ආසම පාට කැලෑ කොළ පාටය. මම ආසම රෝස පාටය..ඔහු මේ තාක් මට තෑගි දුන් ඒවයෙන් 90%ක් රෝස පාටය..ඒ ඔහු රෝස පාටට වෛර කරන තරම වගේ සිය දහස් ගුණයක් මට ආදරේ නිසාය..මම ඔහුට තෑගි ගන්නට ගොස් කඩෙන් කෙලින්ම අහන්නේ "කැලෑ පාට එකක් නැද්ද "කියාය.

    මම ගිරවියක් සේ කියවමි.ඔහු බකමූණෙක් සේ හ්ම්ම් කියන්නේය..ඒ නිසාම මට සදාකාලික ප්‍රේක්ෂකයෙක් සිටී..එය පුදුමාකාර සතුටකි.

    මම ඔහුව දුටු විට ඔහුගේ නළලේ එන කුරුලෑවටද ලස්සන යි කියමි.ඔහුගේ ටී ශර්ට් එක ඔහුගේ අලුත් බාට දෙක මට නම් වර්ණනා කරන්නට දේවල් කෝටියකි..ඒකාගෙ කටින් වර්ණනාවල් අහගන්නට බොක්කට කෙක්කක් දැමිය යුතුය..ඒත් ෆෝන් එක අරන් බැලුවොත් මගෙ ෆොටෝ සහසකි..වීඩියෝ දහසකි..ඒත් ඔහු ඔහුගේ යාලුවන් නෑයින් නිවැසියන් සමඟ මා ගැන වර්ණනා කර ඇති තරමට ඇත්තටම මම හොඳ නැත.ඔවුන් මට ඔහුට හොරෙන් ඒවා කියන විට මට දැනෙන්නෙ අසීමිත සතුටකි.

    ඔහු එෆ් බී එකේ කමිසයක් වැනුවත් මම රචනාවක් කමෙන්ට් කරමි.ඒත් ඔහුම ගැන ලියන මේ ලිපි වලට හැමෝම ආදරේ කරද්දි හාට් රිඇක්ශන් එකක් දමා මාරු වෙන ඔහුට ඇත්තේ මහා පණ්ඩිත කමකි.ඒත් ඔහුට ඒ ලිපි වල කමෙන්ට් වල රිප්ලයි පවා මතකය..සමහරක් විට විශේෂ අවස්තාවල පමණක් ඔහු ලියන දේ මේ තරම් හිතට දැනෙන්නේ ඒ නිසා විය යුතුය..(සිත නිවන කතා)

    මාස ගාණක් තිස්සේ ඔහුගේ උපන්දිනයට තෑගි ඔතා රිබන් බැඳ බලා සිටින්නේ මාය..ඔහු ඉතා වටිනා තෑග්ගක් ගත්තු කවරේම බහා හෝ ඊ බේ පැකට් එකේම උස්සාගෙන එන්නේ උපන්දිනේ දවසේ නොවේ. එක්කෝ දීපවාලි දවසටය.නැත්නම් කම්කරු දිනයටද විය හැක.. එහෙම දවස් වල මට තෑගි දෙන්නේ ඇයිදැයි මමවත් නොදනී.

    මම රපුන්සල් ට වහ වැටී සිටින විට ඔහු ට්‍රාන්ස්ෆෝමර් ගැනම කියවන්නේය..මම රෝස පාට බෝනික්කෝ ඇඳ වටේ තියාගෙන ඉද්දී ඔහූ සිහිනයෙන් පවා ලෑන්ඩ් කෲසර් දකින්නේය..ඒත් ඔහු මා එක්ක බියුටි ඇන්ඩ් ද බීස්ට් බලන්නට බෑ කීවේ නැත..මම රෝස පාට කාර් එකක් ගන්නවා කියද්දි "ඊයා" නොකී එකම කෙනාද ඔහුය..

    ඔහු ලේසියෙන් කාටවත් නැමෙන මිනිසෙක් නොවේ..ඔහුගේ අතේ වරදක් නැති නම් ඔහු සක්කරයාටද සෙකන්ඩ් නොවේ..ඒකට මම ඉන්නේම නැමීගෙනය..ඉඳ හිට ගේම ඉල්ලන්නට කරන දඟ වැඩක් හැරුනු කොට ඔහුට නැමෙන්නට ඔහු කියන දේ අහන්නට මම ආසය..එය ඔහු දනී..
    නමුත් සිරීපාදේ නගිනවිට බිමට නැවී මගේ සපත්තුවේ ලේස් බැන්දේ ඔහුය.. මට අල්ලන්නට කියා සබන් බෝල පිම්බුවේ ඔහුය..මම ගවුමේ වැටකොලු හොදි හලාගත් විට නැමීගෙන එය අතුල්ල අතුල්ලා සේදුවේ ඔහුය.. මම ආදරෙන් උයාගෙන යන බත් එකේ පළමු කට මට කවන්නට අමතක නොකළේ ඔහුය.

    ඉතින් මේ කී අපි එකම දේකට ආස උනා නම් ඒ කවි, ට්‍රැවලින් සහ ටිකිරි මාරි පමණි.

    ඉතින් ගැළපීම යනු..එකම දෙයට ආස කිරීම නොව එකිනෙකාගේ ආසාවන්ට ගරු කිරීමටය.. ආදරය ගැළපිය යුතුය..නමුත් පරිපූරකයක් වන්නේ නම් ඊට වඩා වටින්නේය..ඔහුට බැරි දේ මට පුළුවන් වීමද, මට බැරි දේ ඔහුට පුළුවන් වීමද, ස්වභාව ධර්මය අපි දෙදෙනා තනි තනිව නොවටින බවත් එක්ව සිටින විට පමණක් වටින බවත් පැහැදිලි කරන්නට යොදාගත් සොඳුරු උපායකි.ඉතින් මම ඔහුගේ perfect match නොවෙමි..නමුත් මම ඔහුගේ better half බව කිව යුතුමය...


    මේක ලියලා තිබ්දබෙ න්ති අනුරුද්ධිකා සූරියහෙට්ටි කියලා කෙනෙක්. ඊලඟ මැසේජ් එකේ තිබ්බා

    ****************************************
    Meke parawal hoya ganna ekanam oyata adaala ne... :lol:
    ****************************************

    Happily married for almost 5 years and counting with a 3 year old kid :yes:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    මේ අතරතුර තවත් එක් අපූරු sms පණිවුඩයක් ද ලැබී තිබුණි, එහි සඳහන් වුයේ, “තමුසේ කවුද ?” ලෙසයි.

    :shocked:

    ඒ කියන්නේ ඌගාව ගෑනිගේ නොම්බරෙත්නෑ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    sahakaruwa ho sahakariya pamanak nemeyi yaluwo karaganna oneth "katha karala prashnayak wisanda ganna puluwan minissun"wa