ඔව්... මේක තමා විවාහ ජිවිතේ යථාර්තය.
මෙහිදී හුදෙක් කිව යුතු කරුණනම්, සැමවිට දෙදෙනා එකිනෙකාට අවංක සහ විවුර්තවිම අනිවාර්යය වේ..
මන්දයත් ආදරය කරන කල්හි දෙදෙනා වඩාත් සිටින්නේ ප්‍රයෝගික ජිවිතයෙන් පිටත අඩු වගකීම් සහිත එකිනෙකා ලබාගැනීමේ අරමුණම පෙරදැරි කරගෙන, දිනකට හෝ සතියකට සුළු කාල පරාසයක් එකට කාලය ගතකරමිනි. නමුත් විවාහයෙන් පසු සෑමවිටම, එකිනෙකා සමග ජීවත්වීමට සිදුවේ. මෙහිදී පෙර නොදුටු අත්දැකීම්, යම් විටෙක තම සහකරුවා හාත්පසින් වෙනස් පුද්ගලයෙකු ලෙස දිස්වේ.
නමුත් පෙර තිබූ ආදරය, කැපවීම, උනන්දුව, ගෞරවය එලෙසම පවත්වාගැනීමට විවුර්ථ සංවාද හා නම්‍යශීලි වීම සිදුවිය යුතුමයි. මෙම විවුර්ථ භාවය කොතෙක් දුරට අවන්කද යන්න ඊළගට ඇති පැතිකඩයි.. එය 100% විය යුතුයි. (ඉතා අමාරු දෙයකි)
සැකය අනිවාර්‍යයෙන් පවුල් ජීවිතය අවුල් කරන්නකි, එසේ නොවන ලෙස වැඩ කිරීමත් එකිනෙකා විශ්වාශ කිරීමත් අනිවාර්යය. මක්නිසාද යත් සැකය ඇතිවූ කල ඉවත් කිරීම බොහෝ අමාරු හෝ කල්ගතවන හෙයිනි.. එමෙන්ම නැවත වතුර යට ගැසූ රබර්බෝලය මෙන් ඉපිලෙන්නට හැකි නිසාය..
so complicated topic.