home sick..

Emios

Well-known member
  • Dec 10, 2009
    74,085
    66,527
    113
    අපෝ නෑ බන් මම හම්බ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 11 වැඩි. ලංකාවෙනම් යාලුවෝ හිටිය ඕනෙතරම්. trip ගියා ෆන් ගත්ත. ගෙදරට වෙලා ගෙදරින් කකා බිබී හිටිය එකෙක් නෙමේ මම.
    හැබයි මේ වෙනකම් රට ගිහින් තිබුනෙ නෑ.. හොඳ ජොබ් එකක් හම්බ උන නිසා ආවෙ, යන්න කලින් තිබුන ආසාව දැන් නෑ.. පුදුම කම්මැලි කමක් තියෙන්නෙ දැන්. :(

    Uba qatar 4 years hitiya kivvane?
     

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    Depression da danne naha. Mage yaluwektath ohoma wela pora joba dala lankawata awa. E moda wade nam karanna epa.

    නෑ මචං මට කට්ට කාල පුරුදුයි. Depression තිබිලත් නෑ, ඒත් මෙහෙම ගියොත් හැදෙයිද කියලත් බයයි. :sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,012
    5,743
    113
    canada
    NZ. මම පලවෙනි පාරට තමා රට ආවෙ ඒක නිසා වෙන්නත් ඇති. යාළුවො කියල කව්රුත් නෑ මෙහෙ වැඩ කරන තැනත් ඉන්නෙ සුද්දෝ ටිකක් විතරයි. ලංකාවෙ අයනම් ඉන්නව ඒත් කතා කරන්න මොකක්ද වගේ අදුරන්නේ නැති නිසා. .

    එහෙම ඉන්න එපා. ඔය මග තොටදී ලංකාවේ අය හමුවුණාම කතා කරන්න. ඔය වගේම තනියම ඉන්න අය ඇති ඕනේ තරම්. නිකම්ම යාලුවෝ සෙට් වෙනවා. ඔහේ පන්සල්, community වගේ දේවල් තියෙනවනම් ඒවාට නොවැරදීම සහබාගි වෙන්න.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අපෝ නෑ බන් මම හම්බ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 11 වැඩි. ලංකාවෙනම් යාලුවෝ හිටිය ඕනෙතරම්. trip ගියා ෆන් ගත්ත. ගෙදරට වෙලා ගෙදරින් කකා බිබී හිටිය එකෙක් නෙමේ මම.
    හැබයි මේ වෙනකම් රට ගිහින් තිබුනෙ නෑ.. හොඳ ජොබ් එකක් හම්බ උන නිසා ආවෙ, යන්න කලින් තිබුන ආසාව දැන් නෑ.. පුදුම කම්මැලි කමක් තියෙන්නෙ දැන්. :(

    කම්මැලි වෙන්න හේතුව නම් පඩි මදිකම
    වෙන්න ඔන කටාර්ද ඉන්නෙ?;)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචන් ඔක්කොටම මුල හිත..

    මම ඉස්සර ගෙදරින් ඔෆිස් ගියේ අපේ අම්මට කියලා බත් කවාගෙන.. ඔෆිස් එකේ නයිට් එක කරලා ඇවිත් ඊලඟ දවසේ ඔෆිස් යන්න තියෙන්නේ දවල් 2න් පස්සේ.. ඉතින් අම්ම තමයි මට කවන්නේ..
    රෑට තාත්තාට කලින් මම නිදා ගන්න ගියාම තාත්තා අම්මගෙන් අහනවා පුතා පරක්කු වෙලාද ආවේ ඇයි කලින් නිදා ගත්තේ කියලා.. ඇඳ ලඟටම ඇවිත් මදුරුවෝ එහෙම කනවද බලලා නෙට් එක පවා හදලයි යන්නේ.. මම අපේ ගෙදර හිටිය විදිහට මගේ නෑදෑයින්ට යාලුවන්ට පවා පුදුමයි මම රට ඉන්නේ කිව්වාම.. ඒ කිව්වේ දෙලොවටම නැති උන් වගේ මල් වගේ ගේ අස්සේ ඉන්නවා කියන එක නෙමෙයි..:lol: ආතල් ගන්න, විහිලු තහලු කරන්න, අඩියක් නොගැහුවට අඩි ගහන උන් එක්ක සෙට් වෙලා ආතල් ගන්නවා වගේ දේවල් එක්කම මම ගෙදර අයත් එක්කත් සෑහෙන එකට හිටියා.. මම රට ආව දවස්වල ගොඩක් අය කිව්වේ මට ඉන්න බැරි වෙයි.. හිත හදා ගන්න අමාරු වෙයි.. ගෙදරට ලං වෙලා හිටිය නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙයි දමලා ගහල එන්න හිතෙයි කියලා.. ඒත් ඒ කිසිම දෙයක් උනේ නෑ.. පුලුවන් හැම වෙලාවෙම මම ස්කයිප් එකෙන්, වට්සප් එකෙන්, වයිබර් එකෙන් ගෙදරට කතා කළා.. මැසේජ් දැම්මා.. කොහෙහරි ගියාම ෆොටෝ දෙක තුනක් දැම්මා.. යාලුවෝ එක්ක පවා පුලුවන් තරම් කතා කලා.. :)

    මීට මාස 6කට කලින් තමයි මගේ වෙලාව ගොඩාක් සීමා උනේ අලුත් ඔෆිස් එකක ටිකක් ලොකු වගකීමක් එක්ක වැඩ කරන්න උන නිසා..:sorry: ඒ උනත් මම අම්මලාට මැසේජ් එකක් දානවා උදේ හවස..ඉස්සරනම් එහෙම හිතුනාම එන්නම හිතිලා තියෙනවා විතරක් නෙමෙයි එහෙම ඇවිල්ලත් තියෙනවා මම අඳුරන අය පවා.. ඒත් ඒකාලේ කෝල් එකක්වත් ගන්න බෑ ලේසියෙන්.. ඒත් දැන් එහෙම නෑනේ.. ඒ නිසා උඹ වැඩිය ඔය හෝම් සික් කියන එක ගැන හිතන්න එපා.. කරන වැඩ ටික ආසාවෙන් කරන් යන්න බලන්න..:yes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...


    ඔය තියෙන්නේ මම සෑහෙන කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක්..:lol:
    උඹ නිකමට මෙන්න මේ ත්‍රෙඩ් එකයි මම දාලා තියෙන කමෙන්ට් එහෙමයි කියවලා බලපංකෝ.. එතකොට උඹටම තේරෙයි මම කොහොම චරිතයක්ද කියලා.:cool:


    http://www.elakiri.com/forum/showthread.php?t=1706872

    ගොඩක් උන්ට රට එන්න විදිහක් නෑ.. උඹ මොකක් හරි පිනක් නිසා රට ඇවිත් රස්සවක් කරනවා..:yes: ඒක නැති කර ගන්න එපා.. ගොඩක් උන්ට රට ආවට පස්සේ රස්සාවල් ලැබෙන්නෙත් නෑ.. මමත් මාස තුනක් ජොබක් නැතුව හිටියා.. අඩුම ගානේ ජොබ් එක නැති උනාට පස්සෙවත් මම ගෙදර ආවේ නෑ අලුත් ජොබ් එකක් හොයා ගන්න තිබුණ උවමනාව නිසා..:yes:
    ඒ නිසා උඹත් අනං මනං හිතලා ඔලුව විකාර කර ගන්න එපා.
     

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    මච්නලා මම රට ආව ජොබ් එකකට. ඇවිත් දැන් මාසයක් වෙනව, ඒත් පට්ට විදිහට boring. වැඩක් කරන්න හිතෙන්නෙ නැති තරමට upset. වැඩ ඉවර වෙලා ගෙදර ගියත් කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ අඩුම ගානේ ෆිල්ම් එකක් බලන්නවත් හිතක් නෑ. යනම මොනව හරි කාල නිදා ගන්නව ආයේ උදේ වැඩට යනව. ඕක තමා මේ මාසෙම කලේ.

    දැන්නම් එපාම වෙලා තියෙන්නෙ. ඒත් සල්ලි ඕනෙ නිසා ආපහු ගෙදර යන්න විදිහකුත් නෑ.. අනේ මන්ද මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයිද කියලත් බයයි.

    මට මේකට කරන්න දෙයක් කියපල්ලකො.. පුලුවන්නම් විහිලුවට ගන්නෙ නැතුව උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.

    machan matath ohoma una. okata ekama uttare yaluwo kipadenek hoyaganna eka. oka masa 8k yanakan ohoma wenawa monawa karath. gedara ekka contact eke hitpan. music ahapan.

    oya uba giya rateth eka eka events ehema palayan taniyama hari.

    eka deyak uba terun ganna one machan. pita rata weda karaddi 100% k hariyata karanna wenawa. itin pita rata aya fun ekak ganne friday rata nattan saturday/sunday wage. e dwas deke tika dura gihin hari kamak na mona hari karapn. gedarata wela kalpana karanna karanna ubatath ratath ekkema epa wei. ehema wenakan balan inna epa. denma asa hitena deyak karapn.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ekanan ehema thama ban. math wifewa dakinne masa 6ta 7ta sarayak. ithin oya masa tika inda giyama epa wenawa.

    lankawata gihin apahu eddi enne haraka mas kadeta dakkanawa wage.

    eth ithin salli natthan mokekwath ganan ganneth na. anika puluwan kale chance 1 hambela thiyeddi deyak kara ganda onene ban.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මාත් මේ දවස් වල රට යන්න හොයනව, කලින් ගිහිනුත් නෑ.. මටත් බයයි මෙහෙම වෙයිද කියල.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මාත් මේ දවස් වල රට යන්න හොයනව, කලින් ගිහිනුත් නෑ.. මටත් බයයි මෙහෙම වෙයිද කියල.

    rata jeewithe ehema thama ban. oya kocchara moka baila gahuwath. wena ratakata awama thama thamange rate age therenne.

    salli hamba karaki. jeewithe godak dewal miss wenawa