අපිට වෙන්වුන කාලය
මම මේ නූල දාන්න හිතුවේ මේ දවස්වල කිරියේ වැටෙන සමහර නූල් දැකලා.මේක කාටවත් නින්දා කරන්නවත් අපහස කරලා මඩ ගහන්නවත් දාපු එකක් නෙමෙයි.
මේකයි සීන් එක,
මම දක්කා සහ මම කියෙව්වා මෙකේ ඉන්න සමහර සාමාජිකයෝ එයාලගෙ ජීවිතේ achievements මේකේ දාල තියනවා.මම මේ කාර් එක ගත්තා, මෙච්චර ඉතිරි කරා,මගේ ආදායම මෙච්චරයි වගේ ඒවා.මම ඒ අයට එයාලගේ achievements වලට හදවතින්ම සුබ පතනවා.
ඒවා දිහා බලල දුක්වෙන පොඩි හරි පසුතැවීමක් හිතට දාගත්ත අයට මේක පොඩ්ඩක් වැදගත් වෙයි.
උබ මම අපි මේ ලොකෙ දිහා බලන විදිය වෙනස්.අපි ලබාගන්න දේවල් එකකට එකක් වෙනස්.උබ සතුටු වෙන එකෙන් මම සතුටු නොවෙන්න පුලුවන් මම සතුටුවෙන එකෙන් උබ සතුටු නොවෙන්නත් පුලුවන්.ඒක තමයි ස්වබාවධර්මේ කියන්නේ.දෛවය,කාලය වගේ අන්වර්ත නාම වලින් හදුන්වන්නේ ඔය සීන් එක තමයි.
අපි මිනිස්සු විදියට අපිට තියන දේට වඩා අපිට නැති දේට අපි ආසකරන, ඒ දෙවල් අපිට නෑනෙ කියල පසු තැවෙන ප්රතිශතය වැඩියි.අපි හැම වෙලේම කරන්නේ වෙනත් කෙනෙක්ගෙ ජීවිතයක්, වෙනත් කෙනෙක්ට තියන දෙයක් එක්ක අපේ ජීවිත එක්ක සංසන්දනය කරන එක තමයි.අපිට මොකද්ද අවසානෙ එකෙන් ලැබුනේ... ඉතිරි වුනේ.... 'පසුතැවීම' කියන එක විතරයි.
මම මේ මගේ self experience එකෙන් කියන දේවල්.මම මෙහෙම ටෝක් දුන්න කියල මම සර්වසම්පූර්ණ නෑ තවම.මගේ අතිනුත් ඒ දේවල් වුනා සහ වෙනවා.අනිත් අය වගේම මාත් ලස්සන ජීවිතයක් ගතකරන්න කට්ට කනවා උත්සහවෙනව.මේ මම කියන්නේ අපි යන ඒ ගමනේ අපි කරන පුංචි වැරදි දේවල් ටිකක්.
ඉතින් මම කියන්නේ අපිට වෙන්වුන කාලරාමුවක් තියනවා.එකිනෙකට වෙනස්.අපි වෙන කෙනෙක්ගේ ජීවිතයක් දිහා බලලා අපේ ජිවීත දෙකේ කොලේට දගන්න ඕන නෑ.අපි උත්සහවන්ත වෙන්න ඕන.ඒ මනුස්සයට ඉරිසියා කරා කියලා වැඩකුත් නෑ.එතනින් ගන්න දෙයක් තියනම් ගන්න අපේ ජීවිතේට ඒක ගැලපෙනව නම් විතරක්....
මේ වීඩියෝ එක හොදට බලන්න.හිත වැටුන වෙලාවට මම මේක නිතරම වගේ බලනවා.ශක්තියක් වෙයි උබලට......
FAIL LIKE A CHILD

Last edited: