අපිට වෙන්වුන කාලය

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං... පෝස්ටුව සුපිරි. ගොඩක් හොඳ දේවල් ටිකක් ගන්න තියෙනව ජීවිතේට...:yes::yes::yes::yes:

    ඒත් මචං මට මෙහෙම ප‍්‍රශ්නයක් තියෙනව. අපිට අපේම කියල වෙන්වුන කාලයක් ටයිම් ලයින් එකක් තියෙනව කියන එක තේරෙනව. නමුත් මචං... අපිට සමහර දේවල් ජීවිතේ යම් යම් දේවල් සිදු විය යුතු කාලයක් කියල එකක් තියෙන්න ඔ්නෙ නේද? අපි සමහර වෙලාවට කොච්චර උවමනාවෙන් උත්සාහ කලත්, කොයිතරම් ආසා කලත්.. සමහර දේවල් අපිට ඔ්නෙ විදිහට, ඔ්නෙ වෙලාවට, ඔ්නෙ කාලයෙදි කරගන්න ලැබෙන්නෙම නැහැ. හරිම විරලයි එහෙම හිතන විදිහටම
    දේවල් වෙනව නම්... :sorry:

    ඒත්.. ජීවිතේ සාර්ථක කරගන්න අපි දගලද්දි... ටික කාලයක් යනකොට අපිටම හිතෙන්න ගන්නව මෙන්න මේ දේ මේ කාලයෙදි සිද්ධ වුනා නම් හොඳයි නේද කියල. සමහර දේවල් තියෙනව යම් දෙයක් කරන්නට සුදුසු කාලය ටිකක් පහු වෙද්දි, කොච්චර මහන්සි උනත් ඒක මග ඇරීගෙන යනව නේද කියල. මොකද අපි එක දෙයක් විතරක් නෙමෙයි නෙ කරන්නෙ... අපි සල්ලි හොයන්න උත්සාහ කරනව පුළුවන් තරම් ... අනාගතේට කියල කීයක් හරි ඉතුරු කරගන්න බලනව... ඒත් බැහැ මොකද සල්ලි ටිකක් හොයද්දිම ඒවා වියදම් වෙන්න වැඩ හැදෙනව. තමන්ගෙම කියල තමන් ආස විදිහට ලස්සන ගෙයක් හදන්න යනකොට සල්ලි නෑ.. ඊළගට ලෝන් දානව... දාන ලෝන් එක ගෙවාගන්න තව වැඩියෙන් කීයක් හරි හොයන්න ඔ්නෙ... සල්ලි ඔ්නෙ විදිහට නොලැබුනොත් එතනත් ප‍්‍රශ්න. ඒ ප‍්‍රශ්න වලට මූණ දෙනකොට ගේ හදාගන්න ඔ්නෙ කාලෙ ටික ටික පහුවෙනව. ඒවා සම්පූර්ණ කරගන්න බැරි වුනත් ඒක විතරක් නෙමෙයි කරන්න තියෙන්නෙ... ඊළගට තව තව දේවල් තියෙනව. යන්න එන්න වාහනයක් ගන්න ආසයි නමුත් ගේ හදන්න වියදම් කරනකොට වාහනයක් ගන්න සල්ලි නෑ. ඔහොම ඔහොම ගොඩක් දේවල් ලබා ගන්න ඔ්නෙ කරන කාලය පහුවෙලා දන්නෙම නැහැ.

    මේ දේවල් මෙහෙම වෙද්දි ඔන්න අපිත් එක්ක හිටපු අනිත් අය දිහා අපිට නිකම්ම බැලෙනව අනිත් අය ගිහින් තියෙන දුර. එක එක අය ඒ ඒ අයගේ හැටියට හොඳ තැනකට ගිහිං ඉන්නකොට අපි තාම උත්සාහ කරනව. ඔව්... සංසන්දනය කරන්න ගියාම ඒක නවතින්නෙ අනිවාර්යෙන් පසුතැවීමකින් තමයි. වීඩියෝ එකේ කියන දේවල් වටින්නෙ එතකොට තමයි.

    නමුත්... මට හිතෙනව... මේ අපිට වෙන්වුන කාලය ඇතුලෙ උනත් සමහර දේවල් සිද්ධ වෙන්න ඔ්නෙ කරන සුදුසු කාලයක් තියෙනව නේද කියල. ඒ කාලය තුල උනත් අපිට ඔ්නෙ වැඩ ටික කරගන්න බැරි උනාම... අපිට ඉස්සරහට ඒ වෙනුවෙන් මානසික පීඩනයක් එක්කම තව කලින්ටත් වඩා වැඩියෙන් මහන්සි වෙන්න වෙනව නේද ඒ මග ඇරුනු දේවල් ඉටු කරගන්න? ‘‘පසුතැවීම ’’ කියන එක පොඩ්ඩ පොඩ්ඩ හරි ඇතිවෙන එක වළක්වගන්න නම් හරි අමාරුයි. ගොඩක් වෙලාවට වෙන්නෙ අපි මහන්සිවෙලා තියෙන තරමට හොඳ ප‍්‍රතිඵලයක් ලැබිල නැති වෙනකොට පසුතැවීම නිකම්ම ඇතිවෙන්න පටන්ගන්නව.

    මම හිතනව සමහර දේවල්වලට සමාජමය වටපිටාව, ජීවත් වෙන සමාජ පන්තිය, රටේ තියෙන දේශපාලනික තත්ව උනත් බලපානව කියල. උදාහරණයක් විදිහට, වැදගත් නම්බුකාර මහා පඩියක් හම්බවෙන විදිහෙ රස්සාවක් නොකරන කෙනෙක්ට ණය මුදලක් ගන්න ගියාම මොන තරම් වදයක් විඳින්න ඔ්නෙද? සමහරුන්ට මාසිකව ලොකු පඩියක් එක්ක වාර්ෂික බෝනස්, වරප‍්‍රසාද වගේ දේවල් ලැබෙද්දි තව කොටසක් නැහෙනව යම් මුදලක් ඉතිරි කරගන්න. ජීවිතේ අභියෝගයක්... අමාරුයි සාර්ථක තැනකට ගිහිං සතුටින් ඉන්න... අපි සමහර වෙලාවට සාර්ථක වෙන්න යන ගමන ඇතුලෙ අන්තිමට සතුටිනුත් නෙමෙයි ඉඳල තියෙන්නෙ.

    ඉතින් ඔන්න ඔය වගේ කාරණා ටිකක් තමයි මට ප‍්‍රශ්න විදිහට තියෙන්නෙ. මං හිතනව මේ දේවල් ගොඩක් අයට අමුතු දේවල් නෙමෙයි. මං කියනවටත් වඩා ජීවිතේ නොයෙක් ප‍්‍රශ්න තියෙන අය තව ඔ්නෙ තරම් කිරියෙම ඉන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ටම ජීවිතේ සාර්ථක වෙන්න ශක්තියක් ඇතිකරගන්න වගේම අවස්ථා ලැබෙන්නයි ඔ්නෙ.
     
    • Like
    Reactions: The sponge.bob

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where

    :rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    මම මේ නූල දාන්න හිතුවේ මේ දවස්වල කිරියේ වැටෙන සමහර නූල් දැකලා.මේක කාටවත් නින්දා කරන්නවත් අපහස කරලා මඩ ගහන්නවත් දාපු එකක් නෙමෙයි.

    මේකයි සීන් එක,

    මම දක්කා සහ මම කියෙව්වා මෙකේ ඉන්න සමහර සාමාජිකයෝ එයාලගෙ ජීවිතේ achievements මේකේ දාල තියනවා.මම මේ කාර් එක ගත්තා, මෙච්චර ඉතිරි කරා,මගේ ආදායම මෙච්චරයි වගේ ඒවා.මම ඒ අයට එයාලගේ achievements වලට හදවතින්ම සුබ පතනවා.

    ඒවා දිහා බලල දුක්වෙන පොඩි හරි පසුතැවීමක් හිතට දාගත්ත අයට මේක පොඩ්ඩක් වැදගත් වෙයි.

    උබ මම අපි මේ ලොකෙ දිහා බලන විදිය වෙනස්.අපි ලබාගන්න දේවල් එකකට එකක් වෙනස්.උබ සතුටු වෙන එකෙන් මම සතුටු නොවෙන්න පුලුවන් මම සතුටුවෙන එකෙන් උබ සතුටු නොවෙන්නත් පුලුවන්.ඒක තමයි ස්වබාවධර්මේ කියන්නේ.දෛවය,කාලය වගේ අන්වර්ත නාම වලින් හදුන්වන්නේ ඔය සීන් එක තමයි.

    අපි මිනිස්සු විදියට අපිට තියන දේට වඩා අපිට නැති දේට අපි ආසකරන, ඒ දෙවල් අපිට නෑනෙ කියල පසු තැවෙන ප්‍රතිශතය වැඩියි.අපි හැම වෙලේම කරන්නේ වෙනත් කෙනෙක්ගෙ ජීවිතයක්, වෙනත් කෙනෙක්ට තියන දෙයක් එක්ක අපේ ජීවිත එක්ක සංසන්දනය කරන එක තමයි.අපිට මොකද්ද අවසානෙ එකෙන් ලැබුනේ... ඉතිරි වුනේ.... 'පසුතැවීම' කියන එක විතරයි.

    මම මේ මගේ self experience එකෙන් කියන දේවල්.මම මෙහෙම ටෝක් දුන්න කියල මම සර්වසම්පූර්ණ නෑ තවම.මගේ අතිනුත් ඒ දේවල් වුනා සහ වෙනවා.අනිත් අය වගේම මාත් ලස්සන ජීවිතයක් ගතකරන්න කට්ට කනවා උත්සහවෙනව.මේ මම කියන්නේ අපි යන ඒ ගමනේ අපි කරන පුංචි වැරදි දේවල් ටිකක්.

    ඉතින් මම කියන්නේ අපිට වෙන්වුන කාලරාමුවක් තියනවා.එකිනෙකට වෙනස්.අපි වෙන කෙනෙක්ගේ ජීවිතයක් දිහා බලලා අපේ ජිවීත දෙකේ කොලේට දගන්න ඕන නෑ.අපි උත්සහවන්ත වෙන්න ඕන.ඒ මනුස්සයට ඉරිසියා කරා කියලා වැඩකුත් නෑ.එතනින් ගන්න දෙයක් තියනම් ගන්න අපේ ජීවිතේට ඒක ගැලපෙනව නම් විතරක්....

    මේ වීඩියෝ එක හොදට බලන්න.හිත වැටුන වෙලාවට මම මේක නිතරම වගේ බලනවා.ශක්තියක් වෙයි උබලට......

    FAIL LIKE A CHILD :yes::yes:

    අනිවර්යෙන්ම. මම ඔක තෙරුම් ගත්ත ටික කලෙකට කලින් එ නිසා මම FB එකෙන් අයින්ම උනා. මම ඒ ගැන වෙනමම නුලක් දාන්න ඉන්නෙ