ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් තහනම් , පාවිච්චි කළොත් නඩු ? බිට් කොයින් ඇතුලු අන්තර්ජාල මුදල් සදහා මහ බැංකුවෙන් නව නිතී රැසක් .!
ඩිජිටල් තාක්ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන “අතථ්‍ය මුදල්” (Crypto Currency) පිළිබදව පසුගිය දිනවල ලොවෙහිම අවදානයට පාත්‍ර වුනා. ඒ මෙම මුදල්වල වටිනාකම අතිශය ඉහළ යාම නිසා. මෙම මුදල් සමග ආයෝජනය කළ ලොව බොහො දෙනෙක් සාර්ථක වූ පුවත්ද පලවුනා.
ඒ බිට් කොයින් (Bit Coin) වැනි අන්තර්ජාල මුදල්හි වටිනාකම දිනෙන් දිනම ඉහල යෑම නිසා.
මෙම අන්තර්ජාල මුදල් සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් අතරද පසුගිය දිනවල කතාබහට ලක්වුනා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ මෙම “අතථ්‍ය මුදල්” භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානමක් ඇති කරනු ලබන බවයි.
එම නිසා කිසිදු ශ්‍රී ලංකා සමාගමකට ක්‍රිප්ටෝ කරන්සීස් හෙවත් අන්තර්ජාල මුදල් නිකුත් කිරීමට අවසර නොදීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.
“අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන්නේ, ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලිකව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකයන් වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්කොයින්, ලයිට්කොයින් සහ එතීරියම් වැනි අප්රකාශිත විද්‍යුත් මුදල් ය.
කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.
ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්ම මුදල් විශුද්ධිකරණ නීති රීතිවලට හා ත්රස්තවාදයට මුදල් සැපයීම යන චෝදනාවලට ලක්වීමේ ඉඩක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.
වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහා ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ත්ව යටතේ තර්ජනවලට ලක්වනු ඇතැයි ද සඳහන් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ.
Neth news