►. විජ්ජාත්මක ඇමැති බෙදිල්ල

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ►. විජ්ජාත්මක ඇමැති බෙදිල්ල

    වත්මන් ආණ්‌ඩුවේ හැම වැඩක්‌ම ඇදගෙන යන තත්ත්වයක්‌ පෙනෙන්නට තිබේ. ලියන්නට ගියොත් ලැයිස්‌තුව බොහෝ දිගුවන නිසා එය නොලියා අදාළ කාරණය ගැන පමණක්‌ ලිවීම වඩා යහපත්ය. ආණ්‌ඩුව මේ දිනවල ඇදගෙන යන වැදගත් කාරණයක්‌ තිබේ. ඒ කැබිනට්‌ සංශෝධනයයි. එය කැබිනට්‌ සංශෝධනයද, ඇමැති මාරුවද අමාත්‍ය විෂය පථ වෙනස්‌ කිරීම ද යන්න ගැන නිශ්චිත අදහසක්‌ අපට නැත. ඊට හේතුව ඒ ගැන වෙන වෙනස්‌ ආකාරයේ මත නිතර පළවීමයි. හැබැයි ඇහෙන්නට තිබෙන හැටියට එම ඇමැති මාරුව විද්‍යාත්මක පදනමක්‌ යටතේ සිදු කිරීමට නියමිතව තිබේ. "විද්‍යාත්මකව" ඇමැති මණ්‌ඩලය පත් කරන්නේ කොහොමද කියා කල්පනා කරන විට ඕ/ලෙවල්, ඒ/ලෙවල් විභාගවලට ඉඳගන්නා සිසු සිසුවියෝ කලබලයට විමතියට පත්විය හැකිය. මන්ද මෙවැනි කාරණාවලට ලොව ප්‍රකට විද්‍යාඥයන්ගේ, ගණිතඥයන්ගේ මත සමීකරණ ආදේශ කරගන්නා බවටත්, ඒවායෙන් ඉදිරි විභාග සඳහා බහුවර්ණ ප්‍රශ්න පවා එන්නට හැකියාව ඇති බවටත් පුහු බියක්‌ ඇතිකරගෙනය. එසේ විය යුතු නැත. මීට පෙරද මෙවැනි "විද්‍යාත්මක ගණයේ" ඇමැති සංශෝධන සිදු කෙරිණි. කොයි තරම් විද්‍යාත්මක පදනමක්‌ යටතේ සිදු කෙරුණාද කිවහොත් උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග එකම ඇමැතිවරයකුට පැවරිණි. අන්තිමේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හිටියේම මහ පාරේය. මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් යුගයේ හැරුණු විට ඊට පසු යුගයන්හි ඔය කියන විද්‍යාත්මක පදනම තබා කිසිදු පිළිවෙළක්‌ තබා විධිමත් ක්‍රමයකට අමාත්‍ය මණ්‌ඩලයක්‌ පිහිටුවූ අවස්‌ථාවක්‌ ඉතිහාසගත වී නැත. අප ඉතිහාසගත වී ඇත්තේ ලොව විශාලතම ඇමැති මණ්‌ඩලය සහිත රට වශයෙන් පමණි. අපේ කල්පනාව හැටියට නම් විද්‍යාත්මක පදනමෙන් විෂය බෙදීම තබා අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ ඇති අමාත්‍යවරුන්ගේ ද හිඟයක්‌ ඇමැති මණ්‌ඩලයේ දක්‌නට ලැබේ. එංගලන්තයේ ඇමැති මණ්‌ඩලයේ සංඛ්‍යාව 21 කි. රුසියාවේ 25 කි. චීනයේ 21 කි. ඒ සියල්ලට වඩා කුඩා අපේ රටේ අමාත්‍ය මණ්‌ඩලය 45 කි. මේ 45 ටත් විෂය පථ විද්‍යාත්මක පදනමකින් බෙදා ගන්නට හැකියාවක්‌ නැතැයි කියනවානම් තවත් කුමන කතාද? කැනඩාවේ සෞඛ්‍ය ඇමැතිවරයා වෛද්‍යවරයෙකි. ප්‍රවාහන ඇමැතිවරයා ගගනගාමියෙකි. ආරක්‍ෂාව පිළිබඳව අමාත්‍යවරයා ජාතික හමුදා නිලධාරියෙකි. තරුණ කටයුතු පිළිබඳ ඇමැතිවරයා වයස 45 ට අඩු අයෙකි. කෘෂිකර්ම ඇමැතිවරයා පෙර කලෙක ගොවියෙකි. මහජන ආරක්‍ෂාව පිළිබඳව ඇමැතිවරයා පෙර කලෙක හමුදාවේ ආරක්‍ෂක භටයෙකි. ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ව්‍යාපාර විශ්ලේෂකයෙකි. එම කැබිනට්‌ මණ්‌ඩලය විද්‍යාඥයෝ පවා නියෝජනය කරති. විද්‍යාත්මක පදනමක්‌ සහිත විෂයය පථ බෙදීමක්‌ යනු මේ ආකාරයෙන් බව අපේ විශ්වාසයයි. විද්‍යාත්මක පදනමකින් හෝ වේවා කවර පදනමකින් හෝ වේවා රටට වැඩක්‌ කර පෙන්වන්නට වත්මන් ආණ්‌ඩුවට තව ඉතිරිව ඇත්තේ මාස 18 ක්‌ වැනි ඉතා සුළු කාලයකි. අදාළ අමාත්‍යාංශ (ඇමැතිවරු) මේ වන විටත් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය, එම අමාත්‍යාංශය මගින් මේ වනවිට රටේ සංවර්ධනය වෙනුවෙන් දක්‌වන ලද සාධනීය පියවර කවරේද යන්න පිළිබඳ පැහැදිලි අදහසක්‌ මේ වන විටත් රටේ ජනතාවට තිබේ. අපේ අදහස නම් තිබෙන යාන්ත්‍රණය නිසි පරිදි කළමනාකරණය කරගත නොහැකි තත්ත්වයක්‌ තුළ අලුත් වෙනස රට ඉදිරියේ කුමන අන්දමේ බලපෑමක්‌ ඇතිකරාවිද යන්නය.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    වැරැද්ද ඇමති යන්ගේ නෙවේ බං.. මේ සිස්ටම් එකේ.. උගත් මිනිහෙක් පාර්ලිමේන්තුවට යන්නේ කළාතුරකින්..
    උගත් එකා ගියත් ඌත් මීහරකෙක් වෙනවා ටික කාලෙකින්..

    නුගත් මිනිස්සු දේශපාලුවගෙන් බලාපොරොත්තු වෙන්නේ උන්ට වාසියක් වෙන්නේ කොහොමද කියලා විතරයි.. රට ගැන හිතන මිනිස්සු හැදෙන්න ඕනේ බං රටක් දියුණු වෙන්න... ඒක නීතියෙන් හරි හදන්න ඕනේ..

    එත් නීති සම්පාදනය කරන්නෙත් අරුන් ටිකමයි.. ඔය cycle එක කඩන්න පුළුවන් එකෙක්ට රට හදන්න පුළුවන් වෙයි..

    සිරිසේනයා වගේ පෙන්දෙක්ට කවදාකවත් මේවගේ රටක් හදන්න බෑ.. මහින්දයා වගේ පවුල හදාගන්න එකෙක්ටත් ඒ ටිකමයි...
     
    හ්ම්... මිනිස්සු හැමදාම රැවටෙනව විතරයි. එක්කෙනෙක්ගෙ පාලනය ඉවසන්න බැරිවුනාම ඒක වෙනස් කරන්න පුලුවන් කියල හිතන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියන සීනි බෝල, උන් ආවම බලෙන් වගේ බලය තියාගෙන අර ප්‍රතිපත්තිටික වීසි කරනව කුණුගොඩට අපි ඉතින් ආයෙම ඡන්දයක් එනකම්ම කට ඇරන් ඉන්නව ඕක තමයි චක්‍රය වගේ වෙන්නෙ. කෙලවෙන්නෙ අපිට සහ අපේ දරුවන්ට
     
    Najith N Tennakoon

    Junior member
  • Dec 14, 2007
    69
    49
    18
    වත්මන් ආණ්‌ඩුවේ හැම වැඩක්‌ම ඇදගෙන යන තත්ත්වයක්‌ පෙනෙන්නට තිබේ. ලියන්නට ගියොත් ලැයිස්‌තුව බොහෝ දිගුවන නිසා එය නොලියා අදාළ කාරණය ගැන පමණක්‌ ලිවීම වඩා යහපත්ය. ආණ්‌ඩුව මේ දිනවල ඇදගෙන යන වැදගත් කාරණයක්‌ තිබේ. ඒ කැබිනට්‌ සංශෝධනයයි. එය කැබිනට්‌ සංශෝධනයද, ඇමැති මාරුවද අමාත්‍ය විෂය පථ වෙනස්‌ කිරීම ද යන්න ගැන නිශ්චිත අදහසක්‌ අපට නැත. ඊට හේතුව ඒ ගැන වෙන වෙනස්‌ ආකාරයේ මත නිතර පළවීමයි. හැබැයි ඇහෙන්නට තිබෙන හැටියට එම ඇමැති මාරුව විද්‍යාත්මක පදනමක්‌ යටතේ සිදු කිරීමට නියමිතව තිබේ. "විද්‍යාත්මකව" ඇමැති මණ්‌ඩලය පත් කරන්නේ කොහොමද කියා කල්පනා කරන විට ඕ/ලෙවල්, ඒ/ලෙවල් විභාගවලට ඉඳගන්නා සිසු සිසුවියෝ කලබලයට විමතියට පත්විය හැකිය. මන්ද මෙවැනි කාරණාවලට ලොව ප්‍රකට විද්‍යාඥයන්ගේ, ගණිතඥයන්ගේ මත සමීකරණ ආදේශ කරගන්නා බවටත්, ඒවායෙන් ඉදිරි විභාග සඳහා බහුවර්ණ ප්‍රශ්න පවා එන්නට හැකියාව ඇති බවටත් පුහු බියක්‌ ඇතිකරගෙනය. එසේ විය යුතු නැත. මීට පෙරද මෙවැනි "විද්‍යාත්මක ගණයේ" ඇමැති සංශෝධන සිදු කෙරිණි. කොයි තරම් විද්‍යාත්මක පදනමක්‌ යටතේ සිදු කෙරුණාද කිවහොත් උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග එකම ඇමැතිවරයකුට පැවරිණි. අන්තිමේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හිටියේම මහ පාරේය. මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් යුගයේ හැරුණු විට ඊට පසු යුගයන්හි ඔය කියන විද්‍යාත්මක පදනම තබා කිසිදු පිළිවෙළක්‌ තබා විධිමත් ක්‍රමයකට අමාත්‍ය මණ්‌ඩලයක්‌ පිහිටුවූ අවස්‌ථාවක්‌ ඉතිහාසගත වී නැත. අප ඉතිහාසගත වී ඇත්තේ ලොව විශාලතම ඇමැති මණ්‌ඩලය සහිත රට වශයෙන් පමණි. අපේ කල්පනාව හැටියට නම් විද්‍යාත්මක පදනමෙන් විෂය බෙදීම තබා අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ ඇති අමාත්‍යවරුන්ගේ ද හිඟයක්‌ ඇමැති මණ්‌ඩලයේ දක්‌නට ලැබේ. එංගලන්තයේ ඇමැති මණ්‌ඩලයේ සංඛ්‍යාව 21 කි. රුසියාවේ 25 කි. චීනයේ 21 කි. ඒ සියල්ලට වඩා කුඩා අපේ රටේ අමාත්‍ය මණ්‌ඩලය 45 කි. මේ 45 ටත් විෂය පථ විද්‍යාත්මක පදනමකින් බෙදා ගන්නට හැකියාවක්‌ නැතැයි කියනවානම් තවත් කුමන කතාද? කැනඩාවේ සෞඛ්‍ය ඇමැතිවරයා වෛද්‍යවරයෙකි. ප්‍රවාහන ඇමැතිවරයා ගගනගාමියෙකි. ආරක්‍ෂාව පිළිබඳව අමාත්‍යවරයා ජාතික හමුදා නිලධාරියෙකි. තරුණ කටයුතු පිළිබඳ ඇමැතිවරයා වයස 45 ට අඩු අයෙකි. කෘෂිකර්ම ඇමැතිවරයා පෙර කලෙක ගොවියෙකි. මහජන ආරක්‍ෂාව පිළිබඳව ඇමැතිවරයා පෙර කලෙක හමුදාවේ ආරක්‍ෂක භටයෙකි. ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ව්‍යාපාර විශ්ලේෂකයෙකි. එම කැබිනට්‌ මණ්‌ඩලය විද්‍යාඥයෝ පවා නියෝජනය කරති. විද්‍යාත්මක පදනමක්‌ සහිත විෂයය පථ බෙදීමක්‌ යනු මේ ආකාරයෙන් බව අපේ විශ්වාසයයි. විද්‍යාත්මක පදනමකින් හෝ වේවා කවර පදනමකින් හෝ වේවා රටට වැඩක්‌ කර පෙන්වන්නට වත්මන් ආණ්‌ඩුවට තව ඉතිරිව ඇත්තේ මාස 18 ක්‌ වැනි ඉතා සුළු කාලයකි. අදාළ අමාත්‍යාංශ (ඇමැතිවරු) මේ වන විටත් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය, එම අමාත්‍යාංශය මගින් මේ වනවිට රටේ සංවර්ධනය වෙනුවෙන් දක්‌වන ලද සාධනීය පියවර කවරේද යන්න පිළිබඳ පැහැදිලි අදහසක්‌ මේ වන විටත් රටේ ජනතාවට තිබේ. අපේ අදහස නම් තිබෙන යාන්ත්‍රණය නිසි පරිදි කළමනාකරණය කරගත නොහැකි තත්ත්වයක්‌ තුළ අලුත් වෙනස රට ඉදිරියේ කුමන අන්දමේ බලපෑමක්‌ ඇතිකරාවිද යන්නය.

    :yes::yes::yes::love::love::love:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,601
    113
    Pls wear a MASK
    වැරැද්ද ඇමති යන්ගේ නෙවේ බං.. මේ සිස්ටම් එකේ.. උගත් මිනිහෙක් පාර්ලිමේන්තුවට යන්නේ කළාතුරකින්..
    උගත් එකා ගියත් ඌත් මීහරකෙක් වෙනවා ටික කාලෙකින්..

    නුගත් මිනිස්සු දේශපාලුවගෙන් බලාපොරොත්තු වෙන්නේ උන්ට වාසියක් වෙන්නේ කොහොමද කියලා විතරයි.. රට ගැන හිතන මිනිස්සු හැදෙන්න ඕනේ බං රටක් දියුණු වෙන්න... ඒක නීතියෙන් හරි හදන්න ඕනේ..

    එත් නීති සම්පාදනය කරන්නෙත් අරුන් ටිකමයි.. ඔය cycle එක කඩන්න පුළුවන් එකෙක්ට රට හදන්න පුළුවන් වෙයි..

    සිරිසේනයා වගේ පෙන්දෙක්ට කවදාකවත් මේවගේ රටක් හදන්න බෑ.. මහින්දයා වගේ පවුල හදාගන්න එකෙක්ටත් ඒ ටිකමයි...

    :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    බලය ගන්නකන් මිනිස්සුන්ට නැවෙනව
    බලය ගත්තම ඒක රැකගන්න මිනිස්සු නවනව
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් බලේට ආවෙත් මිනිස්සු අන්දල.... තාමත් ඇන්දිල්ලේ ඉවරයක් නෑ..... යුද්දෙන් පස්සේ උඩට එන්න බලපු ආර්තික මට්ටමත් සමතලා කරලම දැම්ම.... ආය තවත් රටට කරන්න විනයක් නෑ. පඹයොයි පොන්නයොයි දැන්වත් මේක දාල යනවනම් ගොඩක් හොදයි....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    රිදිලා :lol::lol::lol::lol:

    reputation_neg.gif
    ►. විජ්ජාත්මක ඇමැති... 04-24-2018 09:13 AM ube a__a __pu ballawa yawapan
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මුන් බලේට ආවෙත් මිනිස්සු අන්දල.... තාමත් ඇන්දිල්ලේ ඉවරයක් නෑ..... යුද්දෙන් පස්සේ උඩට එන්න බලපු ආර්තික මට්ටමත් සමතලා කරලම දැම්ම.... ආය තවත් රටට කරන්න විනයක් නෑ. පඹයොයි පොන්නයොයි දැන්වත් මේක දාල යනවනම් ගොඩක් හොදයි....

    aniwa :):):):):):)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වත්මන් ආණ්‌ඩුවේ හැම වැඩක්‌ම ඇදගෙන යන තත්ත්වයක්‌ පෙනෙන්නට තිබේ.:sorry::sorry:
     
    blue_in_rio

    Well-known member
  • මීට පෙරද මෙවැනි "විද්‍යාත්මක ගණයේ" ඇමැති සංශෝධන සිදු කෙරිණි. කොයි තරම් විද්‍යාත්මක පදනමක්‌ යටතේ සිදු කෙරුණාද කිවහොත් උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග එකම ඇමැතිවරයකුට පැවරිණි. අන්තිමේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හිටියේම මහ පාරේය.

    :rofl::rofl: