බුදුහිමියන් විසින් ජ්‍යෙdතිෂය ප්‍රතික්ෂේප කරන බවට තර්ක කරන උගතුන් ඒ සඳහා ඉදිරිපත් කරන ගාථාවක් තිබේ. එය ජාතකපාලියේ නක්ඛන්ත ජාතකයේ සඳහන් ගාථාවකි. ඒ මෙසේය.
නක්ඛත්තං පතිමානෙත්තං
අත්ථෝ බාලං උපච්ජගා
අත්ථො අත්ථස්ස නක්ඛන්තං
කිං කරිස්සන්ති තාරකා"
"කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක් කළ හැකිද?" යනු මෙහි සරල අදහසයි. එහෙත් මෙම ගාථාවට පාදක වූ කතාව විමසා බලා මේ පිළිබඳව තීරණය කළ යුතුය. කතාව මෙසේය. මනාලියක් කැඳවාගෙන ඒම සඳහා එක්තරා තරුණයෙකු නැකත් බලයි. ඒ සඳහා දිනයක් නියම කර ගනී. එහෙත් මේ නැකත් දිනය පිළිබඳව වඩාත් විශ්වාසය තහවුරු කරගනු පිණිස මෙම තරුණයා තවත් නැකත් කරුවකු හමුවී විමසයි. පළමුවෙන් තමන් හමුනොවී වෙනත් කෙනෙකුගෙන් නැකත බැලීම ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළුනු දෙවැනි නැකත්කරුවා කියන්නේ මෙම දිනය සුදුසු නැති බවයි. ඒ වෙනුවට පසු කාලයක එළඹෙන දිනයක් නියම කරයි. ඒ අනුව දිනය කල් දැමූ තරුණයා පසුව යන විට එම තරුණිය වෙනත් තරුණයකු හා විවාහ වූ බව දැන ගනී. මේ කතාව අසන අප මහ බෝසතාණෝ ඉහත ගාථාව පවසා තිබේ. නක්ඛන්ත ජාතකයේ එන මේ සිදුවීම මෙකල වුවද සිදුවීමට ඉඩ තිබේ. මේ කතාව මගින් ජ්‍යෙdතිෂය ප්‍රතික්ෂේප කර නොමැත.
ජ්‍යෙdතිෂය තිරශ්චීන විද්‍යාවක් වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව සමහර උගතුන්ගේ මතයකි. තිරශ්චීන යනු තිරිසන් යන අර්ථයයි. තිරිසනුන්ගේ කොඳු ඇට පෙළ පිහිටා ඇත්තේ තිරස්ව වන අතර මනුෂ්‍යයින්ගේ එය සිරස්ව පිහිටා ඇත. තිරශ්චීන විද්‍යා යන නම පටබැඳී ඇත්තේ මේ අනුවය. ධර්මයේ තිරස්චීන විද්‍යා ලෙස හඳුන්වා ඇත්තේ මොනවාට දැයි විමසා බලමු.
දීඝ නිකායේ ශීලස්ඛන්ධ වග්ග නම් කොටසේ ශ්‍රමාන්‍යඵල සූත්‍රයේ මේ පිළිබඳව සවිස්තරව සඳහන් වන්නේය. පැවිදි වූ කෙනෙකු ආරක්ෂා කරන සිල් ගැන පියවරෙන් පියවර එහි සඳහන්ය. පංචශීලයේ සිට චූල ශීල, මධ්‍යශීල, මහාශීල වශයෙන් ඒවා විස්තර කරන විට නැකත් බැලීම, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ ආදිය ගැන කීම මෙන්ම විවිධ පලාපල හා නිමිති කීම වැනි තිරශ්චීන විද්‍යා වලින් ශ්‍රමණයින් වහන්සේලා වළකින බව මෙම සූත්‍රයේ සඳහන්ය. මේ බව දකින සමහරු බුදු දහමින් ජ්‍යෙdතිෂය ප්‍රතික්ෂේප කර ඇති බවට තර්ක කරති.
එහෙත් මෙම සූත්‍රවල තිරශ්චීන විද්‍යා වශයෙන් සඳහන් වන්නේ ජ්‍යෙdතිෂය පමණක් නොවේ. එහි මෙසේද සඳහන් වෙයි. "යම්සේ වනාහි ඇතැම් පින්වත් මහන බමුණෝ සැඳෑහැයෙන් මුත් බොජුන් වළ¹ ශාන්ති කර්ම ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, වස්ති කිරීම, ගිහියනට නස්‍යදීම ලෙඩට බේත් කිරීම, ශල්‍යකර්ම කිරීම, කාය චිකිත්සාව ආදී වූ හෝ මෙබඳු තිරශ්චීන විද්‍යාවෙන් වැලැක්කේ වෙයි..." (දීඝ නිකාය 123 සිට) මෙයින් අදහස් කරන්නේ කිමෙක්ද? ජ්‍යෙdතිෂය පමණක් නොව වෛද්‍ය විද්‍යාවද තිරශ්චීන විද්‍යා ගණයට ඇතුළත් බවය. එහෙත් යම් ධර්ම ග්‍රන්ථයක එක කොටසක් පමණක් රැගෙන තම මතය තහවුරු කරන්නට යැම සමාජය නොමඟ යෑවීමකි. මෙම සූත්‍ර වලදී මහණ බමුණන් විසින් ගිහියන් කරන බොහෝ දේ ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් ඒ පැවිද්දන් සමූහ මිස ගිහියන් සඳහා නොවන්නේය.