නැකැත්

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචන්ලා...
    මේක අහන්න හිතුනේ රොකෝගේ http://www.elakiri.com/forum/showthread.php?t=1848342 ත්‍රෙඩ්ඩෙක දැකලා...

    උඹලා නැකැත්, සුබ ඵල විශ්වාස කරනවද? :nerd:

    මම ඉතින් කයිය ගහද්දි කියනවා මම නම් ඕවා ගනන් ගන්නේ නෑ, පිස්සුද ඩෝ කියලා...:cool:

    ඒත් බං හිත අස්සෙන් හොරාට විශ්වාසත් කරනවා...:baffled:

    විශ්වාස කියන්නේ මේ වෙලාවේ කරපු නිසා හරි යයි කියලා විශ්වාසයක් නෑ, හැබැයි මේ වෙලාවේ නොකෙරුවොත් කෙල වෙයි කීලා යටි හිත කියනවා... :rofl:

    හිතහන් අලුත් ගෙයක් හදද්දි මොනා ජගතා උනත් වෙලාවක් බලයිනේ හොරාට හරි...අන්න මමත් ඒ වගේ...:nerd:

    කොටින්ම ඉන්ටවීව් එකට යන්නේ රාහු කාලේ පන්නලා...:dull:

    හැබැයි කන බොන වෙලවට රැඩිකල්...:baffled:

    කොටින්ම බන් කසාඳ බඳින්නත් වෙලාව බලනවනේ බන් අපි ටෝක්ස් ඉශූ කලාට....දැන් උබලාට ලමයෙක් හම්බුනාම අකුරක් හරි බලයිනේ නම දාන්න...:dull:

    මොනවද උඹලගේ අදහස් ? :yes:

    උඹල සම්පූර්ණයෙන්ම හලලද තියෙන්න්නේ, නැත්තන් හොරාට බලනවද?:baffled:

    ඇත්තම කථාව අපේ අය බයයි තමන් විශ්වාස කරන දේ පිලිගන්න. අනිත් අය කියන්නේ කරන්නේ කොහොමද මමත් ඒ වගේ පෙන්නවා කියලා තමයි ඉන්නේ.
    හොදට බලන්න සිංහල දෙන්නෙක් ඉංග්‍රිසියෙන් කථා කරන තැනකට
    1. ඉංග්‍රිසි දන්න කෙනෙක් ගිහිල්ල සිංහලෙන් කථාකරනවාද?
    2. ඉංග්‍රිසි දන්නේ නැති කෙනෙත් පැත්ත පලාතේ යනවාද?

    ගොඩක් අය එහෙමයි. තමන්ව වෙනස්ව පෙනෙයි කියලා බයයි.:lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    :dull: :dull: :dull:
    අපේ අම්මලා තාත්තලා නම් ඕවා හරියට විශ්වාස කරනවා
    ඉතින් පොඩි කාලේ ඉදන් ඕවා දැකලා කරලා
    ඒ පුරුද්දට ඉතින් මාත් ටිකක් විශ්වාස කරනවා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    aththa. apith uba wage thmai. iissara idanma ape gewal wala aya ehema owa balana hinda apitath agema thiyenwa. kawuruhari ahuwoth ithin oya wage thmai :sorry::lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :dull: :dull: :dull:
    අපේ අම්මලා තාත්තලා නම් ඕවා හරියට විශ්වාස කරනවා
    ඉතින් පොඩි කාලේ ඉදන් ඕවා දැකලා කරලා
    ඒ පුරුද්දට ඉතින් මාත් ටිකක් විශ්වාස කරනවා
    :yes::yes:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සුද්දෝ ඕව නොකරන නිසා තමයි උන්ට කෙලවෙලා තියෙන්නේ.. ඔව්...

    Suddo diunu wela thienne anunge ratawal kolla kala ne ban.

    Oya horescope,nekath hadanne 'Maths' walin. Planet,
    zodiac star positions calculate karala. Awrudu 5000 eha idan Lanka we,India we oya Maths use karala thienawa. Ethakota Suddo kelewal wala inna kale.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    බුදුහිමියන් විසින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කරන බවට තර්ක කරන උගතුන් ඒ සඳහා ඉදිරිපත් කරන ගාථාවක්‌ තිබේ. එය ජාතකපාලියේ නක්‌ඛන්ත ජාතකයේ සඳහන් ගාථාවකි. ඒ මෙසේය.

    නක්‌ඛත්තං පතිමානෙත්තං

    අත්ථෝ බාලං උපච්ජගා

    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං

    කිං කරිස්‌සන්ති තාරකා"

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?" යනු මෙහි සරල අදහසයි. එහෙත් මෙම ගාථාවට පාදක වූ කතාව විමසා බලා මේ පිළිබඳව තීරණය කළ යුතුය. කතාව මෙසේය. මනාලියක්‌ කැඳවාගෙන ඒම සඳහා එක්‌තරා තරුණයෙකු නැකත් බලයි. ඒ සඳහා දිනයක්‌ නියම කර ගනී. එහෙත් මේ නැකත් දිනය පිළිබඳව වඩාත් විශ්වාසය තහවුරු කරගනු පිණිස මෙම තරුණයා තවත් නැකත් කරුවකු හමුවී විමසයි. පළමුවෙන් තමන් හමුනොවී වෙනත් කෙනෙකුගෙන් නැකත බැලීම ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළුනු දෙවැනි නැකත්කරුවා කියන්නේ මෙම දිනය සුදුසු නැති බවයි. ඒ වෙනුවට පසු කාලයක එළඹෙන දිනයක්‌ නියම කරයි. ඒ අනුව දිනය කල් දැමූ තරුණයා පසුව යන විට එම තරුණිය වෙනත් තරුණයකු හා විවාහ වූ බව දැන ගනී. මේ කතාව අසන අප මහ බෝසතාණෝ ඉහත ගාථාව පවසා තිබේ. නක්‌ඛන්ත ජාතකයේ එන මේ සිදුවීම මෙකල වුවද සිදුවීමට ඉඩ තිබේ. මේ කතාව මගින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කර නොමැත.

    ජ්‍යෙdතිෂය තිරශ්චීන විද්‍යාවක්‌ වශයෙන් ප්‍රතික්‌ෂේප කර ඇති බව සමහර උගතුන්ගේ මතයකි. තිරශ්චීන යනු තිරිසන් යන අර්ථයයි. තිරිසනුන්ගේ කොඳු ඇට පෙළ පිහිටා ඇත්තේ තිරස්‌ව වන අතර මනුෂ්‍යයින්ගේ එය සිරස්‌ව පිහිටා ඇත. තිරශ්චීන විද්‍යා යන නම පටබැඳී ඇත්තේ මේ අනුවය. ධර්මයේ තිරස්‌චීන විද්‍යා ලෙස හඳුන්වා ඇත්තේ මොනවාට දැයි විමසා බලමු.

    දීඝ නිකායේ ශීලස්‌ඛන්ධ වග්ග නම් කොටසේ ශ්‍රමාන්‍යඵල සූත්‍රයේ මේ පිළිබඳව සවිස්‌තරව සඳහන් වන්නේය. පැවිදි වූ කෙනෙකු ආරක්‍ෂා කරන සිල් ගැන පියවරෙන් පියවර එහි සඳහන්ය. පංචශීලයේ සිට චූල ශීල, මධ්‍යශීල, මහාශීල වශයෙන් ඒවා විස්‌තර කරන විට නැකත් බැලීම, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ ආදිය ගැන කීම මෙන්ම විවිධ පලාපල හා නිමිති කීම වැනි තිරශ්චීන විද්‍යා වලින් ශ්‍රමණයින් වහන්සේලා වළකින බව මෙම සූත්‍රයේ සඳහන්ය. මේ බව දකින සමහරු බුදු දහමින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කර ඇති බවට තර්ක කරති.

    එහෙත් මෙම සූත්‍රවල තිරශ්චීන විද්‍යා වශයෙන් සඳහන් වන්නේ ජ්‍යෙdතිෂය පමණක්‌ නොවේ. එහි මෙසේද සඳහන් වෙයි. "යම්සේ වනාහි ඇතැම් පින්වත් මහන බමුණෝ සැඳෑහැයෙන් මුත් බොජුන් වළ¹ ශාන්ති කර්ම ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, වස්‌ති කිරීම, ගිහියනට නස්‍යදීම ලෙඩට බේත් කිරීම, ශල්‍යකර්ම කිරීම, කාය චිකිත්සාව ආදී වූ හෝ මෙබඳු තිරශ්චීන විද්‍යාවෙන් වැලැක්‌කේ වෙයි..." (දීඝ නිකාය 123 සිට) මෙයින් අදහස්‌ කරන්නේ කිමෙක්‌ද? ජ්‍යෙdතිෂය පමණක්‌ නොව වෛද්‍ය විද්‍යාවද තිරශ්චීන විද්‍යා ගණයට ඇතුළත් බවය. එහෙත් යම් ධර්ම ග්‍රන්ථයක එක කොටසක්‌ පමණක්‌ රැගෙන තම මතය තහවුරු කරන්නට යැම සමාජය නොමඟ යෑවීමකි. මෙම සූත්‍ර වලදී මහණ බමුණන් විසින් ගිහියන් කරන බොහෝ දේ ප්‍රතික්‌ෂේප කර තිබේ. එහෙත් ඒ පැවිද්දන් සමූහ මිස ගිහියන් සඳහා නොවන්නේය.


    bump
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    oya loku talk dena okkoma monawa hari karadarayak wunama kendara balannai, pooja tiyannai yanwa:yes:..
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    budu hamduruwo deshana karla thiyenne wadak karanna hondama welawa thamnta e gana hithichcha welwa kiyala
    anika bududahama hariyata pilipadina kenekta oya grahadosha boomidosa balapanne godak aduwen ha ewa magaharwaganna puluwan kiyala

    boruma kiyala ahaka dala na

    e wuanta ewa mathama yapenna kammaliya wage adhsaka tham deela thiyenne.

    matath ithin budda wachanaya ara kendarakarayange wachaneta wada wiswasayi
    e hinda wadiyama owa balanne na,



    බොරු වුනත් ඇත්තක් වුනත් එය අවිනිශ්චිතයි අපෙ පාලනයෙන් තොරයි එක නිසා අපි වැඩියෙන් Focus කරන්න ඔනැ අපිට පාලනය කල හැකි සාධකයි.

    බුදු හමුදුරුවන් කිසිම වෙලාවක නැකත් බැලුවේ නැහැ.. තනිකරම උත්තාන විර්යෙන් තමන්ගෙ ගමන අවසන් කරා... අපිද කල යුත්තෙ එයයි... අද මෙ මොහොත තමෞයි හොදම වෙලාව :yes:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මචන්ලා...
    මේක අහන්න හිතුනේ රොකෝගේ http://www.elakiri.com/forum/showthread.php?t=1848342 ත්‍රෙඩ්ඩෙක දැකලා...

    උඹලා නැකැත්, සුබ ඵල විශ්වාස කරනවද? :nerd:

    මම ඉතින් කයිය ගහද්දි කියනවා මම නම් ඕවා ගනන් ගන්නේ නෑ, පිස්සුද ඩෝ කියලා...:cool:

    ඒත් බං හිත අස්සෙන් හොරාට විශ්වාසත් කරනවා...:baffled:

    විශ්වාස කියන්නේ මේ වෙලාවේ කරපු නිසා හරි යයි කියලා විශ්වාසයක් නෑ, හැබැයි මේ වෙලාවේ නොකෙරුවොත් කෙල වෙයි කීලා යටි හිත කියනවා... :rofl:

    හිතහන් අලුත් ගෙයක් හදද්දි මොනා ජගතා උනත් වෙලාවක් බලයිනේ හොරාට හරි...අන්න මමත් ඒ වගේ...:nerd:

    කොටින්ම ඉන්ටවීව් එකට යන්නේ රාහු කාලේ පන්නලා...:dull:

    හැබැයි කන බොන වෙලවට රැඩිකල්...:baffled:

    කොටින්ම බන් කසාඳ බඳින්නත් වෙලාව බලනවනේ බන් අපි ටෝක්ස් ඉශූ කලාට....දැන් උබලාට ලමයෙක් හම්බුනාම අකුරක් හරි බලයිනේ නම දාන්න...:dull:

    මොනවද උඹලගේ අදහස් ? :yes:

    උඹල සම්පූර්ණයෙන්ම හලලද තියෙන්න්නේ, නැත්තන් හොරාට බලනවද?:baffled:

    100 % බොරු කියන්නත් බෑ .. 100 % ක් ඇත්ත කියන්නත් බෑ. දැන් මෙහෙම හිතපං රාහු කාලේ තියෙන වෙලාවක exam එකක් හරි , තරගයක් හරි තියෙනවා. ඔක්කොම උන් ඉන්නවා කියල හිතමු 20-30 එක්සෑම් එකේ. ඒකේ මොකෙක්හරි වැඩිම ලකුණ ගන්නවනේ බන්. රාහු කාලේ කියල ඔක්කොටම බලපාන්නේ නෑනේ.

    සුබ වෙලාවල් අනන්මනන් නං මම විශ්වාස කරන්නේ නෑ. අලුතින්ම වැඩක් පටන් ගන්නවනම් විතරක් මමත් ඔය රාහු කාලේ පන්නලා කරන්නේ උඩින් කිවට ;) ඒ ඇරෙන්න වෙන විශ්වාස නෑ