තෙරේසා

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    31248156_10156373269797299_3858104912235724800_n.jpg


    ඇය ශාන්තුවරියක් ලෙස වතිකානුවෙන් පූජනීයත්වයට ඔසවා තබන්නේ ඈගේ මරණයෙන් දහනව වසරකට පසු 2016දීය.. 1979 දී නොබෙල් සාම තෑග්ගෙන්ද පුද ලැබීමට තරම් සුදුසුකම් ලද ඈ ශාන්තුවරයට පත්වන්නේ 2003 දී කල්කටාවේ ගැහැණියක් ඇය නමින් කරන ලද යාදින්නේ මහිමයෙන් ඈගේ උදරයේ ටියුමර් සුව වීමේ ප්රාතිහාර්යයද, 2016 දී බ්රසීලියානුව⁣කුගේ හිසේ හටගත් ටියුමර් ඔහුගේ නෑදෑ හිත මිතුරන් එක්ව තෙරේසා මව්තුමියට කරන ලද යාදිනි මහිමයෙන සුව වූ දෙවැනි ප්රාතිහාර්යයද වතිකානුවෙන් තහවුරු කරගත් පසුවය. හිනා නොවන්න වතිකානුව එසේ ආවාට ගියාට ශාන්තුවරයන් පත් කරන්නේ නැත. 😁

    ඒ ආගමික සුරගන කතා කරළියෙන් යථාර්තයට පැමිනෙද්දි හමුවන තෙරේසා මවුතුමිය සැබෑවටම ශාන්තුවරියක්ද?

    වයස දහනවයේදි කල්කටාවට පැමිනෙණ තරුණ තෙරේසා විසින් හැබෑවටම දුක් විදින බෙංගාලයේ අගනගරය සුවපත් කරනවාද? එසේත් නැතිනම් දුප්පතුන් දුප්පත්කමේ අඩියටත්, ගිලනුන් මරණයේ දොරකඩටත්, අනාථයින් අසරණකමේ අන්තයටත් තල්ලු කර දමනවාද?

    මේ තෙරේසා මව්තුමිය හෙවත් දයාවෙ දෙවගන පිළිබදව වූ විදෙස් වාර්තා ඇසුරින් කලකට පෙර ෆේස්බුක් පිටුවක පළවු සටහනක උපුටා ගැනීමකි..

    තෙරේසා මව්තුමිය පිලිබද මා ඉගෙන ගත්නේ පාසල් පොතෙන්ය. ඇය, කල්කටාවේ ලෙඩුන්ට උදව් කල ආකාරය ගැන කුඩා කාලයේ රචනා ලීවේය. නැවතත් ඇය ගැන ලිවිය යුතුයැයී මට සිතුනේ, පහුගිය වංගියේ, බන්ඩාරණායක සම්මත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේදී, තෙරේසා මව් තුමිය ගැන ලියවූ පොත් වැඩියෙන් විකුනුන බව ඇසූ විටය.

    සිතීමට නොව, පිලිගැනීමට පමණක් පුරුදු කල කුඩා කාලයේදී මා දැන සිටියේ, තෙරේසා මව්තුමිය දුප්පතුන්ගේ මිතුරෙක් ලෙසිනි. නමුත්, ජා.වේ.පෙය මෙන්ම, තෙරේසා මව්තුමියත්, දුප්පතුන්ගේ මිතුරෙක් නොව, දුප්පත් කමේ මිතුරෙකු බව වටහා ගත්තේ කාලෙකට පසුය. තෙරේසා මව් තුමිය කියනා ආකාරයට දුප්පත්කම, ලෙඩ රෝග සහ වේදනාව, මිනිසුන් යහපත් කිරීම සදහා, දෙවියන් විසින් දෙන ලද දායාදයකී. අන්තකිලමතානු යෝගය නමින් හදුන්වන්නේ මෙයයී. මා අන්තකිලමතානු යෝගය වැරදියැයී කියන්නේ, දුප්පත්ව ඉපදී දහදුක් විදිනා ජනතාව ආධ්‍යාත්මිකව දියුනුයැයී, ශේෂ්ඨයයැයී අපි නොකියන නිසාය. ඕනෑම පුද්ගලයෙකුට, තමාට කැමතී යෝගයක, යෙදීමේ පුද්ගලික අයීතිය ඇත. නමුත් තෙරේසා මව්තුමියගේ යෝගය පුද්ගලික නැත.

    ජේසු තුමා වේදනා විද මිය යන්නා සේ වේදනා විදීම, ස්වර්ගයට යාමේ මගයැයී විස්වාස කරනා ඇයගේ අරමුන, රෝගීන්, මරන මංචකයේදී කිතුනුවන් බවට හරවා, වේදනාව රස විදීමට සැලැවීමය. ඇගේ මඩමේ, එකම ඇදක්වත්, පුටුවක්වත්, හිරු එළිය වැටීමට තරමේ ජනේලයක්වත් නැත. පිලිකා ඇතුලු දරුණු රොගයන්ගෙන් පෙලෙන්නන්ට, පැනඩෝල් පෙත්තකට වඩා ලොකු වේදනා නාශකයක් නැත. සේලයීන් කටු ටැප් වතුරෙන් සෝදා නැවත නැවතත් පාවිච්චි කරනේ ඇයී දැයී වෛද්‍යවරයෙකූ ඇසූ විට, “ජීවානුහරණය කිරීමෙන් පලක් නැතැ”යී කීවේලූ. මේ මඩමට රෝගියන්ගේ නෑහිතවතුන්ට පැමිනීම තහනම්ය. රොගීන්ට ඇවීදීමට තියා, ඇදෙන් නැගිටීමටත් තහනම්ය. වයස දහ තුනක දරුවෙකු, පෙන්සිලීන් කරලකින් සුවකල හැකි ආකාරයේ, සරල වකුගඩු අසාදනයකින් මිය යමින් සිටියදී, “ඇයී මේ දරුවාව, මුලදීම ලගම රෝහලට යෑව්වේ නැත්තේ”යැයී කම්පාවට පත් වූ වෛද්‍යවරයෙකූ ඇසූ වීට, ඈ කීවේ, “එකෙක් රෝහලකට යැව්වොතින්, මේ ඔක්කෝම රෝහලට යවන්න වෙනවා” කියලායී. නමුත් ඈ අසනීප වූ විට, තෙල් බෙහෙත් ගත්තේ ඉන්දියාවේ උසස්ම රොහල් වලිනි, ස්විස්ටර්ලන්තෙයෙනී, කැලිෆෝනියාවෙනි. ඈගේ අරමුන රෝගීන් සුවකිරීම හෝ, සුව කිරීමට උත්සහ කිරීම නොවේය, කිතුනුවන් වශයෙන් මරණයට පත් කිරීමය.

    තෙරේසා මාතාව සහ කල්කටාව කී සැනීන් අපේ සිහියට නැගෙන්නේ, අපාය පරදවනා ලෙඩ රෝග වසංගත පිරී ගිය නගරයකී. කුඩා කාලයේ මා කල්කටාව සිතේ මවා ගත්තේ කලු පාටෙනි. ඒ ඇය විසින් ලෝකයට පෙන්වන ලද කල්කටාවයී. මාගේ කල්කටාවට වර්ණයන් ඇතුලු වූයේ “අපූගේ ලෝකය” කියවීමෙන් පසුය. කල්කටාවට යෑමට තවමත් මට අවස්ථාවක් ලැබුනේ නැති වුවද, එය වෛර්ණවත් නගරයක් විය යුතුමය.

    ඇගේ බයානක ව්‍යාපාරය ලොව පුරා ප්‍රසිද්ද වන්නේ, “දුප්පතුන්ගේත් දුප්පතුන්ට” උදව් කරනා කරුණාවන්ත ව්‍යාපාරයක් ලෙසිනි. ඇය ප්‍රසිද්ධ වන්නේ “දුප්පත්” පෙරදිග දුප්පතුන් වෙනුවෙන් දුක් විදිනා සුදු කාන්තාවක් ලෙසිනි. බටහිර මාධ්‍ය ඇයව වීරත්වයට නංවයී. 1979 දී ඇයට නෝබෙල් සාම ත්‍යාගය ලැබෙයී. වසරකට ලැබෙන ආධාර ඩොලර් වලින් මිලියන ගනනකී. කල්කටාවේ දුප්පතුන්ට හොදය. කල්කටාවේ “මියයාම සදහා වූ නිවස”, රොහලක් බවට පත් කර හැක. අලුත් ඇදවල්. පුටුවක්. ජනේල. වේදනා නාශක. බෙහෙත්! ඒ සියල්ලටම ඕනෑ පදමට මුදල් ඇත. අංක එකේ රෝහලක් තැනීමට අවශ්‍ය මුදල් ඇත. රොහලක් ලැබුනාද? නැත! බෙහෙත් ලබුනාද? නැත! ඇදක් ලැබුනාද? නැත! ඇයගේ අරමුණ රෝගීන් සුව කිරීම නොවේ, කිතුනුවන් වශයෙන් මරණයට පත් කිරීමය. කල්කටාවේ සමාජ සේවයේ යෙදෙන්නේ තෙරේසා පමණක් නොවෙයී, දොස්තරලාද, අනේක විදී දේශීය සහ විදේශීය ආයතනද සමජ සේවයේ යෙදෙයී. ඒ සියල්ලටම ලැබිය යුතු ආදාර, මිලියන ගනනින් තනිවම ඩැහැගන්නා තෙරේසා, ඒ මුදල් යොදවන්නේ ලොව වටා ආගම් ප්‍රචාරය සදහාය.

    එතැනින් නොනැවතී තව තවත් මුදල් සෙවීම සදහා, ඈ, බලවතුන් සහ අපරාද කාරයෙන් වෙනුවෙන් පක්කලි සේවයේ යෙදෙයී. රොනල්ඩ් රේගන්ගේ, කුලී සේවකයන් ඇල් සල්වදෝරයේ රාජගුරු සහ මෙහෙනියන් ගාතනය කල විට සල්වදෝරයට ගිය තෙරේසා, කිසිම අපරාදයක් සිදු වී නැතැයී, සියල්ල සාමකාමියැයී ප්‍රකාශ කරයී. ඒ සදහා කුලිය, ජනාදිපති සම්මානයයී (Medal of Freedom). හයීටියේ ඒකාදිපති, මිනී මරු, ස්ත්‍රී දූශක, “බේබි ඩොක්” දිවාලියෙගේන් මුදල් ලබා ගන්නා ඇය, “දිවාලියේ පවුල” අලංකාර මිනිසුන් බව ප්‍රකාශ කරයී. ඇමරිකාවේ මහා පරිමාන වංචාවන් සදහා හිරබත් කෑ, චාල්ස් කීටින් වෙනුවෙන් ඇය උසාවිය හමුවේ ආයාචනා කරයී. චරිත සහතික ලියයී. ඔහු විසින්, දුප්පතුන්ගේ ඉතිරි කිරීම් ගිනුම් වංචා කරමින්, දුප්පතුන්ගේ ඇදිවත පවා අහිමි කරමින්, වංචනිකව උපයාගත්, පක්කිලි සේවයට කුලිය වශයෙන් ඇයට දෙන මුදල්, ලොස් ඇන්කලීස් නුවර පොලිසීය විසින් ඉල්ලා සිටියද, ඈ ඒ කිසීම මුදලක් ලබා දෙන්නේ නැත.

    නෝබෙල් තෑග්ග පිලිගන්නා ඇය, ලෝක සාමයට ඇති බාදාව ගබ්සාව යැයී කියයී. ගබ්සාව ගැන කාරණයේදී, සමහරක් කරුණු සමග මා හට ඇයත් සමග එකග විය හැකි නමුදු, ගබසාවෙන් නොනැවෙතෙන අය, උපත්පාලයටත් විරුද්ද වෙයී. කල්කටාවේ දුප්පත් කමට හේතුවක් ඇත්ද, ඒ ජනගහනයයී. එයට පිලියම අනාත මඩම් නොවේ, උපත් පාලනයයී. උපත් පාලනයෙන් පවා නොනවතින ඇය, දික්කසාදය සහ, දික්කසාද වූ කාන්තාවන්ට නැවතත් විවාහ වීමට ඇති අයීතිය ප්‍රතික්ශේප කරයී.

    තෙරේසා නම් වූ කපටි කෲර ගැහැනිය නිසා මිය ගිය මිනිස් ජීවිත ගණන ලක්ශ ගණනකී. තම ශ්‍රමයෙන් මුදල් උපයන වෛශ්‍යාවක්, ඇයට වඩා අවංකය.







    Source: FB
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මේ thread එක දාපු ගොනා කවුද බන්? ගොනෙක් නෙවෙයි ගොන් නාම්බෙක්. 🤥🤥🤥
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහොම තමයි බටහිර හුකන්නලා වීරයෝ හදන්නේ.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම මේ වගේ නුල් වලට comments දන්නෙ නෑ නමුත් මට එක දෙයක් දැන ගන්න පුලුවන්ද?

    මේ නූල දැමිමේ අරමුණ කුමක්ද? කරුණා කර පැහැදිලි කරන්න.
    ස්තුතියි.
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මම මේ වගේ නුල් වලට comments දන්නෙ නෑ නමුත් මට එක දෙයක් දැන ගන්න පුලුවන්ද?

    මේ නූල දැමිමේ අරමුණ කුමක්ද? කරුණා කර පැහැදිලි කරන්න.
    ස්තුතියි.


    මේ පෝස්ට් එක දැම්මෙ කිසිම ආගමකට අපහාස කරන්න නොවෙයි. බුකියෙ දැකපු, වෙනස් කෝනයකින් පුද්ගල චරිතයක් ගැන කල හොද අනාවරනයක් නිසයි දැම්මෙ.
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මේ thread එක දාපු ගොනා කවුද බන්? ගොනෙක් නෙවෙයි ගොන් නාම්බෙක්. 🤥🤥🤥


    u neme gona ubayi nommara 1 gona
    hoyala balapan

    moda kristhiyan karayanta hodayi

    igengaththa minissu jesus wahanse ge awawada anushasana pilipadinwa misak
    me wage agama wikunan kana ewun passe yanne na
     
    • Like
    Reactions: Error365!