මීට අවුරුදු ගානකට පෙර ඔස්ට්‍රේලියාවට අලුතෙන්ම අඳුන්වාදුන් බජට් ගුවන් සමාගමකින් අපි මෙල්බර්න් සිට බ්‍රිස්බෙන් වලට ගියා . ගුවන් ගමන පටන් ගන්නේ මෙල්බර්න් (තලමරීන් ) ගුවන් තොටුපොලින් නෙවේ. ඇවලෝන් නම් මෙලෝ පහසුකමක් නැති ගබඩා සංකීර්ණයක් වැනි ගුවන් තොටුපොලකින්. ග්‍රවුන්ඩ් කෘ අක්කලා දෙන්නෙක් කවුන්ටරේක ඉඳගෙන බෝඩිං පාස් දුන්නා. ඒකත් අරං බෝඩ් වෙනකොට ගේට් එකේ හිටපු ග්‍රවුන්ඩ් ස්ටාෆ් කෙල්ලෝ දෙන්නාව දැකලා පුරුදු වගේ හිතුනාට "" ඒ උන් එකම යුනිෆෝම් අඳින නිසා "" වෙන්න ඇති කියලා මම හිතා ගත්තා. ඊට පස්සේ ප්ලේන් එකේ හිටපු එයා හොස්ටස් කෙල්ලෝ දෙන්නත් ඒ වගේමයි. උන් බියර්, පැණි බීම,සැන්විචස් , චිප්ස් එහෙම විකුනනවා. පස්සේ බැලුවාම ඒ ඔක්කොම කරන්නේ එකම කෙල්ලෝ දෙන්නෙක්