මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂයට ඓතිහාසි&
මලයාසියානු මැතිවරණ කොමිසම සඳහන් කළේ, විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තු ආසන 220න් 115ක් ජයග්‍රහණය කර ඇති බව ය.
රජයක් පිහිටුවීමට පක්ෂයක් ජය ගත යුතු ආසන සංඛ්‍යාව වන්නේ ආසන 112ක් පමණි.
92 හැවිරිදි මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එලෙස ජයග්‍රහණය කළේ, වසර 60කට අධික කාලයක් පාලක පක්ෂය ලෙස ක්‍රියා කළ බරිසාන් ජාතික සන්ධානය පරදවමිනි.
මහතිර් මොහොමඩ් අද දින සිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත අතර ඉන්පසු ඔහු මැතිවරණයකින් තේරීපත් වූ ලොව වයස්ගත ම නායකයා බවට පත්වනු ඇති.
මැතිවරණ ජයග්‍රහණය හමුවේ අද සහ හෙට දෙදින ජාතික නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට මලයාසියානු රජය පියවර ගනු ලැබුවේ ය.
මීට පෙර 2013 වසරේදී පැවති මැතිවරණයේදී මලයාසියානු විපක්ෂයට විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වුවත් රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් නොවීය.
රාජ්‍ය අරමුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් සොරකම් කළ බවට මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට චෝදනා එල්ල වන අතර මෙය ඔහුගේ පරාජයට මූලික හේතුවක් වන්නට ඇතැයි මැතිවරණ විචාරකයෝ පෙන්වා දෙති.
ඔහු මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ය. 1981 සිට 2003 අතර කාලයේ මැලේසියාවේ අගමැති ධුරය හෙබැවූ මහතීර් මොහොමඩ් දැන් සිටින්නේ 92 හැවිරිදි වියේය.