🎶 Best Acoustic Songs Playlist 🎶

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo


ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකි
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි...

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා.....

නෙතේ හැංගි හැංගී ඉඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිළී
මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා.....
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Best Acoustic Songs Playlist..

මේකත් අහල බලන්න




ජය වේවා!


මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ....

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය ..
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලාවී..........

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි..
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි

මං මුලාවී........
.​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සින්දුවක් දැම්මා . මේකත් අහලා බලන්න



ජය වේවා!!