මානසික_රෝග

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මානසික රෝග පිලිබඳ දේ කියවීම තමාටද මානසික රෝගයක් ඇති බවට හැඟීමට තුඩු දෙන කරුණක් බව කරුණාවෙන් සලකන්න.එසේ බොහෝ දේ කියවා ඇති පුද්ගලයන් නැවත නිවැරදි කිරීමටද ඉතා අපහසු කරුණක් බව කරුණාවෙන් සලකන්න.

    එළකිරියේ නොයෙක් මානසික රෝග ගැන ත්‍රෙඩ් පලවීම නිසා මෙය දැමීමට සිත් විය.

    කුමක් හෝ මානසික රෝගයක් ගැන දෙයක් කියවන්නට ලැබුනොත් එය නොකියවා සිටීම ඔබට සෑම විටම වාසි සහගත වේ. හේතුව "The mind move in the direction of your most dominant thought" ඔබ නිතර සිතන ඩේ ඔබට ලඟා වේ. ඔබ අද සිටින තැන ඔබට අහම්බෙන් ලැබුනා නොවේ. එය පෙර ඔබ විසින් බලාපොරොත්තු උණු දේවල් වේ. එසේ බලාපොරොත්තු වී ඒ වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමිට පෙළඹුණු දේවල් වේ.

    "ජීවිතය ජයගන්න" වැනි මාතෘකා වලින් එන පොත පත කියවන්නට හෝ මිලදී ගන්නට පෙළඹෙන්නේ කව්ද? තමා ජිවිතියේ ජයග්‍රහණය කර නැති බව දැනෙන පිරිස නොවේද? එසේ එවැනි පොතක් මිලදී ගැනීමෙන් ඔහු තමාටම නැවත තහවරු කරන්නේ තමා පරාජිතයෙක් බව නොවේද?

    ඔබ කරන්නේ කුමක්ද කියා දැනගැනීම පිණිස මෙම වාක්‍ය වටහා ගන්න. " Every thought is a prayer, every word is a spell" (so be careful what you think, its coming to you)
    ඔබ නිරෝගී මනසක් සහිත පුද්ගලයෙකු විය හැක. එම නිරෝගී මනස නිවැරදිව භාවිතා කරන්න. ඔබ අවධානය යොමු කරන දෙය ඔබට ලඟා වන බව හොඳින් වටහා ගන්න. (where the attention goes, energy flows)

    මිට වසර පහකට පෙර මා කල වීඩියෝව නැවත.

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට පේන විදිහට උඹ මෙතන ඇත්තත් කියල තියෙනව බොරුත් කියල තියෙනව. උදාහරනයක් විදිහට දැන් අපි හිතමු මම මානසික ලෙඩක් ගැන ආටිකල් එකක් කියවනව කියල එක එක නැති දේවල් ඇහෙන පේන හින්නෝන්මාදය වගේ ලෙඩක් ගැන. ඉතින් මටත් එහෙම හෙට ඉඳල ඇතිවෙන්න පුලුවන්ද? බෑනෙ බන්. එහෙනන් මානසික ලෙඩ ගැන පරතෙරටම දන්න මොනෝවයිද්යවරු වගේ අයට පිස්සු හැදෙන්න ඕන.......:yes::yes::)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    G.D.1.nirmal:23225074 said:

    මම හිතන්නේ මූට OCD ඇති ඌට හිතෙන විදිහට අනෙක් අයටත් හිතෙනවා කියලා හිතෙනවා ඇති
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම හිතන්නේ මූට OCD ඇති ඌට හිතෙන විදිහට අනෙක් අයටත් හිතෙනවා කියලා හිතෙනවා ඇති

    මානසික ලෙඩ ආටිකල් කියෙව්වට ලෙඩ ගැන දැනගත්තට හැදෙන්නෙ නෑ බන්. අපි මානසික ලෙඩක් ගැන මොනව හරි හොයන්න යන්නෙත් අපිට ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හින්ද.මානසික ලෙඩක් ඇතිවෙන්න හේතුකාරක බර ගානක් තියෙනව කියල හොයාගෙන තියෙනව.......:yes::)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    G.D.1.nirmal:23225141 said:
    මම හිතන්නේ මූට OCD ඇති ඌට හිතෙන විදිහට අනෙක් අයටත් හිතෙනවා කියලා හිතෙනවා ඇති

    මානසික ලෙඩ ආටිකල් කියෙව්වට ලෙඩ ගැන දැනගත්තට හැදෙන්නෙ නෑ බන්. අපි මානසික ලෙඩක් ගැන මොනව හරි හොයන්න යන්නෙත් අපිට ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හින්ද.මානසික ලෙඩක් ඇතිවෙන්න හේතුකාරක බර ගානක් තියෙනව කියල හොයාගෙන තියෙනව.......:yes::)

    ඒක තමයි තමන්ට නැති ලෙඩ තියෙනවා කියලා හිතෙන්නේ Anxiety රෝග ලක්ෂණ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒක තමයි තමන්ට නැති ලෙඩ තියෙනවා කියලා හිතෙන්නේ Anxiety රෝග ලක්ෂණ

    ඕ ඒක ඇත්ත. විශේෂයෙන්ම anxiety තියෙන අය සාමාන්යෙන් ඕනෙම දේකට බයයිනෙ ඉතින්. ගොඩක්ම irrational thoughts තියෙන අය තමයි ඉන්නෙ ඉතින් ඒගොල්ලො බයයි මානසික ලෙඩක් ගැන කියෙව්වත් එහෙම එකක් හැදෙන්න ඉඩ තියෙනව කියල.......
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. උඹ ඔය ඉන්න විදිය දැක්කම මට මතක් වෙන්නෙම ඉන්ෂුවරන්ස් කාරයොයි, පිරමීඩ කාරයොයි.:rolleyes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    "The mind move in the direction of your most dominant thought"

    මෙය නිවැරදියි, නමුත් කොතරම් දුරකටද? thought එකක් dominant වෙන්නම් සතියක් ඒ thought එක තිබ්බ කියල හරියන්නේ නෑ, මෙය දිගු කාලීනව mind එකෙ implant කරගන්න ඕනෙ, ඒකරල ඒකට වැඩ කරන්න ඕනෙ. අපි thought එක dominant කරගෙන නිකන් හිටිය කියල ඒ දේ ලැබෙන්නෙ නෑ නේ?
    කතාව මෙහෙමයි... අපේ dominant වෙල තියෙන්න negative thoughts නම්, අපි negative පුද්ගලයෙක් වෙන්න අවස්තාවක් තියෙනවා, අපේ dominant වෙලා තියෙන්නේ positive thoughts නම් අපි positive පුද්ගලයෙක් වෙනවා.
    අනික් දේ, අපි කෙනෙක් හෝ දෙයක් පිලිබද අපේ mind එකේ තියෙන්න negative thought එකක්, ඒ කියන්නේ ඒ පුද්ගලයා නරකයි කියල හිතන් ඉන්නවා නම් අපිට ඒ පුද්ගලයා පේන්නෙම නරක විදියට. ඒ වගෙම තමයි අනික් පැත්තත්. ඒ නිසා theoretically හිතන්න යන්න එපා.

    අනිත් එක, රෝගයක් ගැන කියවීමෙන් රෝගයක් හැදෙන්වානම් වෛද්‍යවරුන් මේ ලෝකයේ ඉන්න විදිහක් නෑනෙ.

    අපි රෝගයක් ගැන කියවන්නේ ඒ රෝගය ගැන තොරතුරු රැස් කරගන්න, එක්කො ඒ රෝගය තමන්ට තියෙන හින්දා වෙන්න පුලුවන්, තමන්ට තියනවා කියලා හිතන හින්දා වෙන්න පුලුවන්, නැත්නම් ඒ රෝගය ගැන දැනගන්න වෙන්න පුලුවන්.

    ඔව් රෝගයග් ගැන හිතනකොට "මට මේක තියනවනෙ" කියලා හිතනවා සමහරු. ඒක වැරදි වටහා ගැනීමක් පමනයි. ඒකෙන් ඔහුට ඒ රෝගය වැලදීමක් වෙන්නේ නැහැ. තව දුරටත් කියවීමෙන් ඒ රෝගය නැති බව වටහා ගන්නවා, තව දුරටත් ඔබ හිතනවානම් ඔබට ඒ රෝගය ඇති කියලා වෛද්‍යවරයෙක් මුන ගැසෙනවා.

    ඔබ කියන විදිහට The mind move in the direction of your most dominant thought වෙනවා. ඔවුන් post එකක් කියවන්නේ මේක සනීප කරගන්න ඕනෙ, මේක ගැන දැනගන්න ඕනේ කියන dominant thought එකෙන් මිසක් මම මේ රෝගෙ හදාගන්න ඕනේ කියන thought එක dominant කරගෙන නොවෙයි.

    අනික් එක bro ඒ වගෙ article එකක වටිනාකම දන්නේ ඒ අවශ්‍යතවය තියෙන කෙනා,
    කියවීම මිනිසා සම්පූර්න කරයි... කියලා නම් මම අහලා තියෙනවා.

    සුභ දවසක්
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඕ ඒක ඇත්ත. විශේෂයෙන්ම anxiety තියෙන අය සාමාන්යෙන් ඕනෙම දේකට බයයිනෙ ඉතින්. ගොඩක්ම irrational thoughts තියෙන අය තමයි ඉන්නෙ ඉතින් ඒගොල්ලො බයයි මානසික ලෙඩක් ගැන කියෙව්වත් එහෙම එකක් හැදෙන්න ඉඩ තියෙනව කියල.......

    :yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මට පේන විදිහට උඹ මෙතන ඇත්තත් කියල තියෙනව බොරුත් කියල තියෙනව. උදාහරනයක් විදිහට දැන් අපි හිතමු මම මානසික ලෙඩක් ගැන ආටිකල් එකක් කියවනව කියල එක එක නැති දේවල් ඇහෙන පේන හින්නෝන්මාදය වගේ ලෙඩක් ගැන. ඉතින් මටත් එහෙම හෙට ඉඳල ඇතිවෙන්න පුලුවන්ද? බෑනෙ බන්. එහෙනන් මානසික ලෙඩ ගැන පරතෙරටම දන්න මොනෝවයිද්යවරු වගේ අයට පිස්සු හැදෙන්න ඕන.......:yes::yes::)

    මචන් දැන් ඔය එක එක සද්ද ඇහෙන, එක එක දේවල් පෙන එක කොහොමද හරියටම ලෙඩක් කියල කියන්නේ? දැන් මෝහනයේදීත් නැති දේවල් දකින්නත් (positive visual hallucination) එකේ අනිත් පැත්තත්, ඒ වගේම ශබ්ද නැති ඒවා ඇහෙන්නත් සලස්වානවනේ (positive auditory hallucination) ඒ වගේම වයස 5 ට විතර අඩු ය පෙර භාවයන් කියනවනේ. දැන් ඔය ධ්‍යාන ලබපු අය භාවනා කරන අය සමහර පියවි ඇසට නොපෙනෙන දේවල් දකිනවනේ. එතනිදී ඒ අයට එක ලෙඩක් කියල නිගමනයක එන්නේ කොහොමද? එහෙම නම් බුදුන් දෙවියන්ට කතා කරපු දේවල් මනෝ විකාරද? මේක වෙන්නේ අපි දකින්න තෝරගත්ත විදිය අනුව නෙමෙයිද? අපේ වපසරිය තුල මේවා විකාර විදියට අපි දකිනවා.

    අනික දුර්වල හිතකට තමා මම කියපු කාරනා වලංගු.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. උඹ ඔය ඉන්න විදිය දැක්කම මට මතක් වෙන්නෙම ඉන්ෂුවරන්ස් කාරයොයි, පිරමීඩ කාරයොයි.:rolleyes:

    you see things as you are.. :P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    "The mind move in the direction of your most dominant thought"

    මෙය නිවැරදියි, නමුත් කොතරම් දුරකටද? thought එකක් dominant වෙන්නම් සතියක් ඒ thought එක තිබ්බ කියල හරියන්නේ නෑ, මෙය දිගු කාලීනව mind එකෙ implant කරගන්න ඕනෙ, ඒකරල ඒකට වැඩ කරන්න ඕනෙ. අපි thought එක dominant කරගෙන නිකන් හිටිය කියල ඒ දේ ලැබෙන්නෙ නෑ නේ?
    කතාව මෙහෙමයි... අපේ dominant වෙල තියෙන්න negative thoughts නම්, අපි negative පුද්ගලයෙක් වෙන්න අවස්තාවක් තියෙනවා, අපේ dominant වෙලා තියෙන්නේ positive thoughts නම් අපි positive පුද්ගලයෙක් වෙනවා.
    අනික් දේ, අපි කෙනෙක් හෝ දෙයක් පිලිබද අපේ mind එකේ තියෙන්න negative thought එකක්, ඒ කියන්නේ ඒ පුද්ගලයා නරකයි කියල හිතන් ඉන්නවා නම් අපිට ඒ පුද්ගලයා පේන්නෙම නරක විදියට. ඒ වගෙම තමයි අනික් පැත්තත්. ඒ නිසා theoretically හිතන්න යන්න එපා.

    අනිත් එක, රෝගයක් ගැන කියවීමෙන් රෝගයක් හැදෙන්වානම් වෛද්‍යවරුන් මේ ලෝකයේ ඉන්න විදිහක් නෑනෙ.

    අපි රෝගයක් ගැන කියවන්නේ ඒ රෝගය ගැන තොරතුරු රැස් කරගන්න, එක්කො ඒ රෝගය තමන්ට තියෙන හින්දා වෙන්න පුලුවන්, තමන්ට තියනවා කියලා හිතන හින්දා වෙන්න පුලුවන්, නැත්නම් ඒ රෝගය ගැන දැනගන්න වෙන්න පුලුවන්.

    ඔව් රෝගයග් ගැන හිතනකොට "මට මේක තියනවනෙ" කියලා හිතනවා සමහරු. ඒක වැරදි වටහා ගැනීමක් පමනයි. ඒකෙන් ඔහුට ඒ රෝගය වැලදීමක් වෙන්නේ නැහැ. තව දුරටත් කියවීමෙන් ඒ රෝගය නැති බව වටහා ගන්නවා, තව දුරටත් ඔබ හිතනවානම් ඔබට ඒ රෝගය ඇති කියලා වෛද්‍යවරයෙක් මුන ගැසෙනවා.

    ඔබ කියන විදිහට The mind move in the direction of your most dominant thought වෙනවා. ඔවුන් post එකක් කියවන්නේ මේක සනීප කරගන්න ඕනෙ, මේක ගැන දැනගන්න ඕනේ කියන dominant thought එකෙන් මිසක් මම මේ රෝගෙ හදාගන්න ඕනේ කියන thought එක dominant කරගෙන නොවෙයි.

    අනික් එක bro ඒ වගෙ article එකක වටිනාකම දන්නේ ඒ අවශ්‍යතවය තියෙන කෙනා,
    කියවීම මිනිසා සම්පූර්න කරයි... කියලා නම් මම අහලා තියෙනවා.

    සුභ දවසක්

    First of all "Medicine for one man, could be poison for another man"

    සිතිවිල්ලක් ධනද රිනද කියන එක අපි කොහොමද තීරණය කරන්නේ. උඹට කෙනෙක් මරන්න එන සිතිවිල්ල රින වෙන්න පුළුවන්, හැබැයි යුධබිමේ ඉන්න සොල්දාදුවෙකුට එක රින වෙන්න බෑ. (machan you don't have to agree or disagree with what i say)

    වෙන කෙනෙකු වෙනුවෙන් ධන හෝ රින තීරණය කිරීමේ අයිතිය අපිට නෑ මම හිතන විදියට.

    මම හිතන්නේ Psychosomatic සහ Placebo ගැන උඹ අහල ඇති. සමහර දේවල් දැනගනිමම විනාශයක්
    උඹ කියන විදියට කෙනෙක් ෆ්‍රී විල් භාවිතා කරලා දෙයක් හිතට ගන්නවා හෝ නොගන්නවා කියන එක තීරණය කරනවා වගේ දෙයක්නේ, මෙහෙම හිතපන්කෝ, උඹගේ යාලුවෙක් උඹට කියනවා උගේ තව යාලුවෙක් ගැන. උගේ ගැන කියන්නෙම උගේ වැරදි කියල හිතපන්කෝ, කරපු බලු වැඩ, කරන බලු වැඩ ගැන උඹට කියනවා (ඔකේ අනිත් පැත්ත උනත් හිතපන්කෝ හොඳ කියනවා කියල) දැන් උඹට අර කියපු උගේ යාළුවා හම්බුනාම උඹ උගේ දිහා බලන්නේ අර උඹගේ යාළුවා ඌ ගැන කියපු ටිකත් හිතේ තියාගෙන නෙමෙයිද? .එතකොට උඹ අර පුද්ගලයා ගැන දෙයක් කලින්ම හිතාගෙන නේද අනුන්ගේ ඔපිනියන් අහල. ලෙඩේ ගැනත් එකම තමයි වෙන්නේ.