Putin says will step down as president after term expires in 2024

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    2024 දී ජනපති තනතුරෙන් අයින් වෙනවා - පුටින්
    මොස්කව්හිදීය (රොයිටර්)

    images (1).jpg

    රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

    රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වන අතර වත්මන් ධුරකාලය අවසන් වූ පසු තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ වත්මන් ධුර කාලය 2024 දී අවසන් වේ.

    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති ආර්ථික සමුළුවක් අමතමින් රුසියා ජනාධිපතිවරයා මෙම කරුණු කීය. කෙසේ නමුත් බලය අත්හරින බවක් හෙතෙම අදහස් කළේ නැත.

    ජනාධිපති පුටින් මේ ආකාරයෙන් 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් විය. පිට පිට තෙවරක් ජනාධිපතිධුරයට දැරීමට ඇති බාධාව නිසා හෙතෙම එලෙස 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වුවද අතරමැද කාලයේදී රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය.

    පසුගිය මාර්තු මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් පුටින් පහසු ජයක් ලැබු අතර වසර හයක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒත් සමඟම ඔහු සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ට පසු රුසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයා බවට පත්විය.

    ව්ලැදිමීර් පුටින් පළමු වරට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ 2000 වසරේදීය. එතැන් පටන් 2008 දක්වා බලය හෙබවීය. පුටින්ට පසු ඔහුගේ සමීපතමයකු වන දිමිත්‍රි මෙද්වදෙව් ජනාධිපතිධුරයට පත්වූ අතර 2012 වසරේදී නැවතත් ජනාධිපතිවරණයට තරග කළ පුටින් එහිදි ජය ලබමින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

    එම කාලයේදී හෙතෙම වසර 4ක් වූ ජනාධිපති ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කළේය.

    රුසියානු ව්‍යවස්ථාවට අනුව පිට පිට තෙවරක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වුවත් එක් අයකුට ජනාධිපතිධුරය දැරිය හැකි නිශ්චිත අවස්ථාවක් ගණනක් දක්වා නොමැත.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    lol 2024 di prime minister wela medvedev ta presidency eka deela e term eka iwara unama aai ei president wela. just as he has done decades already. russia walata oo nathuwa ba. minissuntath oo nathuwa ba. dan pons lata chande deepu un waren rape karanna polimata
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    lol 2024 di prime minister wela medvedev ta presidency eka deela e term eka iwara unama aai ei president wela. just as he has done decades already. russia walata oo nathuwa ba. minissuntath oo nathuwa ba. dan pons lata chande deepu un waren rape karanna polimata

    ඔන්න ඕකයි වෙන්නේ :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    anna minissun :yes: ohoma ekek apitath nane :sorry:

    එහෙම කියන්න එපා බන්.ආසියාවේ නොදියුණු රටක් දියුණු කරන්න බැහැ අවුරුදු පහකින් දහයකින්.සිංගපූරුව ඒකට හොදම උදාහරණයක්.ලී ක්වාන් යූ සිංගපූරුවේ නායකයා වෙලා හිටියා අවුරුදු 31ක්.අන්න ඒක නිසාම තමා සිංගපූරුව අද ඔය තැන තියෙන්නේ.හොද නායකයෙක් ඉන්න ඕන අවුරුදු 20ක්වත් ලංකාව වගේ රටකට.ඒත් ප්‍රශ්නේ එහෙම කෙනෙක් නැති එක.අපිට ඉන්න අගමැතිලා පේනවනේ.බලයට ඇවිත් මාස තුනෙන් බැංකු හිස් කරනවා..අනික ලංකාවේ ඔය තුනෙන් දෙකේ බලය.ඔන්න ඕක නිසා තමා ඇමතිලට වැදගෙන ඉන්න ඕන උන් මොන ජරා වැඩේ කරත්...ඕවා ඔක්කොම වෙනස් වෙනකන් ලංකාව දියුණු වෙන එක හීනයක්.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    එහෙම කියන්න එපා බන්.ආසියාවේ නොදියුණු රටක් දියුණු කරන්න බැහැ අවුරුදු පහකින් දහයකින්.සිංගපූරුව ඒකට හොදම උදාහරණයක්.ලී ක්වාන් යූ සිංගපූරුවේ නායකයා වෙලා හිටියා අවුරුදු 31ක්.අන්න ඒක නිසාම තමා සිංගපූරුව අද ඔය තැන තියෙන්නේ.හොද නායකයෙක් ඉන්න ඕන අවුරුදු 20ක්වත් ලංකාව වගේ රටකට.ඒත් ප්‍රශ්නේ එහෙම කෙනෙක් නැති එක.අපිට ඉන්න අගමැතිලා පේනවනේ.බලයට ඇවිත් මාස තුනෙන් බැංකු හිස් කරනවා..අනික ලංකාවේ ඔය තුනෙන් දෙකේ බලය.ඔන්න ඕක නිසා තමා ඇමතිලට වැදගෙන ඉන්න ඕන උන් මොන ජරා වැඩේ කරත්...ඕවා ඔක්කොම වෙනස් වෙනකන් ලංකාව දියුණු වෙන එක හීනයක්.

    :yes:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකාධිපතියෝ ඕනේ නෑ රටක් දියුණු කරන්න. හොඳම උදාහරණය ජපානය. ඒත් ජපන්නු වගේ නෙමෙයි ලංකාවේ එකාලා ඒකයි ප්‍රශ්නේ.