bump
![]()
![]()
ElaZ!
Elaa
Thanks for sharing
bump
දඩබ්බරයා;23272127 said:niyamai ban
Patta.+11![]()
tfs+12


tharaha nateewa T/P NUMBER AKKA AWANNA PULUWANDAකෝකිලායි... හිත නැවතුනු ගමනක්.සංචාරයකට එහා ගිය අත්දැකීමක්.
හැමදාම කඳු, දිය ඇලි චාරිකා වලට වඩා වෙනස් ගමනක් ගැන තමයි අද මම එළකිරි වාසින් එක්ක බෙදා ගන්නේ.
මේ අපේ කොකිලායි ගමනයි.මේක අපි ගියේ දැනට අවුරුදු 4 උඩදී. ( 2014 )...
ඒ කාලේ වෙනකොට අපි ඇවිදින්න පටන් අරන් අවුරුදු 3, 4 විතර ඇති.ඒ කාලේ ඉඳල ගොඩක් තැන් දැකල තියෙනවා. ගොඩක් අත්දැකීම් වලට මුහුණ දුන්නා.හොඳ, නරක දෙකම දැක්කා.
ඒත් අදටත් මගේ වගේම මේ ගමන ගිය අනිත් යාළුවො කට්ටියගේත් හිතේ වැඩිපුරම රැඳුනු, වැඩිපුරම ආදරේ කරන ගමන මේ කෝකිලායි ගමන.
කෝකිලායි කියන්නේ උතුරු පළාතේ, මුලතිව් දිස්ත්රික්කේ නැගෙනහිර පළාතට මායිම්ව පිහිටි
එක පැත්තකින් කලපුවත්, අනෙත් පැත්තෙන් නැගෙනහිර මුහුදෙනුත් වටවුණු පුංචි තුඩුවක් කොනක පිහිටලා තියෙන අවුරුදු 100 ආසන්න ඉතිහාසයක් තියෙන සිංහල ධීවර ගම්මානයක්.
මේක ඔක්කොම වගේ සිංහල මිනිස්සු ඉන්න ගමක්. ගමේ මිනිස්සු කියන විදිහට පරම්පරා 2,3 විතර උඩදී එයාලගේ පැරැන්නෝ ධීවර රස්සාවල් හොයාගෙන තමයි කෝකිලායි ඇවිත් තියෙන්නේ. ඔක්කොම වගේ,මීගමුව ඉඳල පුත්තලමට වෙනකන් මුහුදුබඩ කතෝලික ආගම අදහන සිංහල මිනිස්සු තමයි ඉන්නේ.ශරීර ශක්තිය වගේම, බොහොම දැඩි ආත්ම විශ්වාසයක් තියෙන,සරල නමුත් කර්කශ මිනිස්සු කොටසක්.කොටිම්ම කිව්වොත් 1984 දෙසැම්බර් 01 වෙනිදා LTTE එකෙන් කෝකිලායි ගමේ මිනිස්සු 11 අමු අමුවේ කපල කොටලා මරා දැම්මා,
ඒ වගේම තමයි ශ්රී.ල.ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කෝකිලායි කලපුවේදී බිම හෙලන්නත් මිනීමරු ත්රස්තවාදීන් කටයුතු කරලා තියෙනවා.
මීට අමතරව වාර්තා වල සඳහන් නොවන මිනිස් ඝාතන කිහිපයක්ම ත්රස්තවාදීන් විසින් මේ ගම
ආශ්රිතව කරලා තියෙනවා.ඒ සේරම දුක කරදර, බාධක, හමුවේ මේ ගම අත හැරලා නොගියපු,3 වන ඊළාම් යුද්ධයේදීත් නිර්භීතව ක්රියා කරපු අදටත් දුෂ්කර ජීවිත ගෙවන
අපූරු මිනිස්සු කොටසක් ඉන්න ගමක්.
ඉතින් මටත් අවස්තාවක් ලැබුන මේ ගමේ දවස් 2 විතර ඇවිදින්න.මගේ ඥාති සහෝදරයෙක් රාජ්ය නොවන සංවිධානයක(ZOA) ස්වේඡ්චා සේවයක් කළා අවුරුදු 2 විතර.
කෝකිලායි ගමේ තමා හිටියේ.එයා ඉතින් මටත් කතා කරලා කිව්වා යාලුවෝ එක්ක
මේ පැත්තේ ඇවිදලා යන්න එන්න කියල.ඉතින් ඔය විදිහට අපි මේ ගමන සංවිධානය කළා.මමත් ඇතුළුව 4 දෙනෙක් තමා කණ්ඩායම.
කොළඹින් රෑ වවුනියාව බස් එකේ ගිහින්,
එතනින් මුලතිව් බස් එකේ මුලතිව් වලට එද්දී උදේ 7 විතර ඇති.
ඊට පස්සේ මුලතිව් ටවුන් එකේ පොඩ්ඩක් වටපිට ඇවිදලා, මුහුදු වෙරළේ,මාදැල් වාඩි, පැත්තේ එහෙමත් ඇවිදලා ටවුන් එකේ දෙමල කඩේකින් උදේට කෑව.
ඉතිං මුලතිව් පැත්තට යන එකේ රණවිරු ස්මාරක එහෙමත් බලන්න ඕනේ නිසා මුලතිව් CCMP කඳවුරේ ඉන්න කපිතාන් ප්රනාන්දු ට (මගේ තවත් අයියා කෙනෙක්ගේ බැච් එකේ සගයෙක්) කියල තවත් හමුදා සාමාජිකයෙක් වත් මුලතිව් වලින් සම්බන්ද කර ගත්තා.
![]()
![]()
මුලතිව් වලට ගොඩ බැස්සා...
![]()
![]()
පිට වැල්ලට බෝට්ටු අදිනවා....හෙලවල හෙලවල හෙලෙයියා
![]()
![]()
සුනාමි අනුස්මරණ පල්ලිය...
මුලින්ම ගියේ පුදුකුඩිඉරිප්පු රණවිරු ස්මාරකය බලන්න.
ඊට පස්සේ රණවිරු කෞතුකාගාරය එහෙමත් බලල
දවල් වෙද්දී නන්දිකඩාල් කලපුව ගාව තියෙන චෙක් පොයින්ට් එකට ආව.
එන ගමන් මග රා තැබෑරුමකින්
තල් රා ටිකකින් සප්පායම් වෙලාමයි ආවේ.
අපේ දවල් කෑම එක කඳවුරේ කපිතාන් ගානේ.කෑම ටික චෙක් පොයින්ට් එකටම ඇවිල්ලා තිබුන.
ඊට පස්සේ අපේ සගයටත් සමු දීලා,චෙක් පොයින්ට් එකේ හිටපු නිලධාරින් ටිකටත් සමු දීල අපි කෝකිලායි බස් එකේ නැගල අපේ අයියගේ ගෙදරට යද්දී හවස 3 විතර වුනා.
![]()
පුදුකුඩිඉරිප්පු රණවිරු ස්මාරකය...
![]()
LTTE සංවිධානයෙන් අල්ල ගනිපු මුහුදු කොටි යාත්රා...
![]()
![]()
පුදුකුඩිඉරිප්පු ඉඳලා පයින් එද්දී....
ඊට පස්සේ ගමන් මහන්සිය යන්නත් එක්ක කියල හොඳට නාගෙන රටකජු,
තල් කැවුම් එක්ක කහට තේ කෝප්පයක් බීලා
ZOA ආයතනයේ තිබුණු බයික් ටිකට තෙලුත් ගහගෙන වටේ පිටේ ඇවිදින්න ගියා...
අපි දෙමල ගම්මාන මැද්දෙන් තල් කැලෑ මැදින් බයික් වල රෑ වෙනකන් ඇවිද්දා.
කොහොම හරි රෑ 7 විතර වෙද්දී අපි ආයේ ZOA ආයතනයට ඇවිත් හොඳට ඇඟ පත හෝදගෙන
අපි හිතේ තිබුණු සන්තෝසේටත් එක්ක හොඳ කයියක් ගැහුවා.අපේ අයියා උන්නු ඔෆිස් එකේ සංජීවන් කියල දෙමල යාලුවෙක් තමා වැඩ පල කරන්න හිටියේ.
බොහොම රසට කෑම එහෙම හදල දුන්නා.එදා රෑ අපි බඩ පිරෙන්න කාලා
සැහෙන වෙලා අවදියෙන් ඔහේ කතා කර කර හිටියා.
![]()
ZOA office...
![]()
The Ride....දෙමල ගම්මාන මැදින්
![]()
![]()
![]()
Dinner.....
පහුවෙනිදා ඉඳල ඔක්කොම සැලසුම් අපේ අයියා ගානේ.
අපි මුලින්ම ගියේ කෝකිලායි සිංහල ගම්මානෙට.
ගමේ පොඩ්ඩක් ඇවිදලා ඉවර වෙන තැන කෝකිලායි කලපුවේ බෝට්ටු සවාරියක් අපි වෙනුවෙන්ම
සුදානම් කරලා තිබුන.
අපේ ඉලක්කය වුනේ කලපුවේ ඈතින් ගොඩබිමේ පෙනෙන නිධන් කන්ද බලා යන්නයි,
එතනින් පස්සේ කලපුවට එකතු වෙන මා ඔය ඔස්සේ වන්නි මහා වනාන්තර මැදින් බෝට්ටු චාරිකාවක් යන්නයි.
ගමේ ඉන්න අපේ වයසේ වගේ කොල්ලෝ ටිකකුත් එක්ක තමා අපි මේ බෝට්ටු ගමන ගියේ.
රක්මාල් (පොඩී), පියල්, චාමර,සහන්,රවිඳු තමා අපිව මේ ගමන එක්කන් ගියේ.
මේ ඔක්කොම ධීවරයෝ. මෙහෙ මිනිස්සු වෙනින් කිසිම රස්සාවක් දන්නෙත් නෑ,
එයාලට වෙනින් රස්සාවක් කරන්න ඕනේ කමකුත් නෑ.
ඒ තරමට ධීවර කර්මාන්තය එයාලගේ ජීවිත වල අරටු බැහැල.
කලපුවේ සෑහෙන වටයක් ගහල එතනින් අපි තෙන්නමරම් වාඩිය ට ගියා.
කඩේකින් කූල් බීම එකක් එහෙම බොන්න.
( තෙන්නමරම් වාඩිය කියන්නේ අන්තිම ඊලාම් යුද්ධෙ අවදියේ මෙහෙ ධීවරයෝ
හැම මාර්ගයක්ම අවහිර වුනාට පස්සේ මාළු අස්වැන්න දකුණට ගෙනියන්න පාවිච්චි කරපු සැපයුම් මාර්ගයක්.එතන ඉඳල ගුරු පාරක් තියෙනවා අනුරාධපුර - පුල්මුඩේ මාර්ගයට.)
ඊට පස්සේ ආයෙත් කලපුවට ඇවිදින් එතනින් මෝය ඔස්සේ මා ඔයේ කිලෝමීටර් 2,3 විතර වන්නි කැලේ ඇතුලේ සංචාරය කළා.කෝකිලායි කියන්නේ සංචාරක කුරුළු පාරාදීසයක්.
මා ඔය අසබඩ ගොඩක් කුරුළු විශේෂ දකින්න පුළුවන්.
කිඹුලෝ එහෙමත් ඉන්නවලු. අපි නම් දැක්කේ නෑ.වන අලි රංචු කිහිපයක් ඔය කැලේ ඉන්නවා.
(ගිය අවුරුද්දේ මම කෝකිලායි ඉන්නකොට කිහිප වතාවක් දැක්කා)
කොහොම හරි ඔය බෝට්ටු සවාරිය ඉවර වෙද්දී හවස 4 විතර ඇති.
ඒ ඇවිත් තමා දවල්ට එහෙම කෑවේ.
![]()
![]()
කෝකිලායි ධීවර ගම්මානය
![]()
කෝකිලායි සෙබස්තියන් මුනිදුන්ගේ පල්ලිය
![]()
කෝකිලායි ධීවර ගම්මානය කලපුවේ සිට...
![]()
![]()
ඔය ඈතින් පෙන්නේ නිධන් කන්ද...
![]()
![]()
නිධන් කන්ද උඩ තියෙන යෝධ නුග ගස...
![]()
අපි හතර දෙනා.....
![]()
![]()
බෝට්ටුව නැවත කලපුවට අදිමින්...අපි ඊට පස්සේ ගියේ තෙන්නමරම් වාඩියට
![]()
![]()
![]()
![]()
තෙන්නමරම් වාඩිය...
![]()
ගල්පර දූව...
![]()
![]()
![]()
![]()
මා ඔය ඔස්සේ වන්නි කැලය මැදට.මේ මා ඔය වන්නි කැලය මැදින් ගොස් වැලිඔය හරහා පදවිය වැවට සම්බන්ද වෙනවා.මේක යුධ සමයේ විශේෂ මර්මස්තානයක්.
මොකද මේ ඔය LTTE එකේ ප්රධාන සැපයුම් මාර්ගයක්.
අපිට තවත් ඉදිරියට යන්න ලැබුනේ නැත්තේ LTTE එක ඔය මැද වැලි වැටි බාධක දාලා තිබුනා.
ඒ කාලේ වෙනකොටවත් එව්වා අයින් කරලා තිබුනේ නෑ
![]()
යමින් ගමන් මොදෙක් අල්ල ගත්තා.....
අපි ඊට පස්සේ කෙලින්ම ගියේ චෙම්මලේ (සෙම්මලේ) කියන මුහුදු වෙරළට.
මේක තියෙන්නේ මුලතිව් - කෝකිලායි අතර මැද.
චෙම්මලේ මුහුදු වෙරළේ හවස් වරුව ගත කරලා දෙමල ගම්මානයෙන් තල් රා එහෙමත් අරගෙන
අපි නැවත ZOA එකට එද්දී රෑ 8 විතර ඇති.ඒ රෑ අපි ඉතින් ගිනි මැලයක් එහෙම ගහල තල් රා
එක්ක බොහොම සුන්දර, අමතක නොවෙන රාත්රියක් ගත කළා.
![]()
![]()
![]()
![]()
චෙම්මලේ මුහුදු වෙරල.....
![]()
තල්රා, ගිනිමැල සමගින් තල් අරණේ සොඳුරු රාත්රිය.....
පහුවෙනිදා උදේ 5 විතර අපි නැගිටලා මුහුදු වෙරළට ගියේ ඉර උදාව බලන්න කියල හිතාගෙන.
නමුත් වලාකුළු වලින් බර වුනු අහස අපිට ඒ අවස්තාව දුන්නේ නෑ.
ඊට පස්සේ නැවත ඇවිත් අපේ බඩුමුට්ටු එහෙම ලැස්ති කරගෙන,
අපේ අයියටත්, එයාගේ සහයක සංජීවන් සහෝදරයාටත් ආයුබෝවන් කියල සමුදීල,
මුලතිව් හරහා වවුනියාවට ඇවිත් කෝච්චියේ ගෙදර ආව.
![]()
![]()
ඉර උදාව බලන්න හිටියට අහස අපිට ඒ අවස්තාව දුන්නේ නෑ
![]()
අපේ අයියා සමගින් අපි හතර දෙනා....
![]()
සංජීවන් සහෝදරයා සමගින්.....
![]()
![]()
මුලතිව් - වව්නියාව ට ඇවිත් එතනින් කෝච්චියේ නැවත ගෙවල් බලා....
මේ ගමනේදී, මුළු ගමනම සුදානම් කරපු මගේ ඥාති සහෝදරයා,
මුලතිව් කඳවුරේ කපිතාන් සහ සියලු නිලධාරින්( නන්දි කඩාල් පොයින්ට් එකේ පිරිසද ඇතුළුව), කෝකිලායි ගමේ පොඩී ඇතුළු සගයෝ,සංජීවන් සහෝදරයා,
දෙමල ගම්මානේ මිනිස්සු ඇතුළු උපකාර කරපු ඔක්කොටම මගේ ස්තුතිය.
මොකද මේ ගමනේ වියදම් කියල අපිට ගියේ බස්,කොච්චි වියදමයි
මුලතිව් හා අනුරාධපුරේදී කාපු කෑම වේලවල් දෙකට ගිය වියදමයි විතරයි.
මේ ගමන මගේ ජීවිතේ කොච්චර හිතේ අරක් ගත්තද කියනවා නම්,
මම පස්සේ කාලෙක මගේ රැකියාව,ගෙදර මිනිස්සු, යාළුවො හිතවතුන් මේ ඔක්කොම දාලා
කෝකිලායි කියන මේ පුංචි ගමේ, ඒත් නිර්භීත මිනිස්සු එක්ක එයාලගේ ජීවිත අත්දැකීම් ගන්න
එයාලා එක්ක කාලයක් ජීවත් වෙන තැනටම කටයුතු යෙදුන.
ඒ මාස කිහිපය තුල මම ගොඩාක් ජීවිත අත්දැකීම් වගේම,
ත්රාසජනක කාලයක් ගෙව්වා.ඒ විස්තර පස්සේ දවසක ලියන්නම්.
එහෙනම් කිරී වාසි ඔබට ජයවේවා.![]()


tharaha nateewa T/P NUMBER AKKA AWANNA PULUWANDA![]()
bump
Do Do Oyaa![]()
ubala hena wasanawanthai ban
patta ban. yapane paththe yanna hitiyata thama yanna bari una..
Bump kukul
Bump


bump
bump


Gona unata ohoma posts quote karanda epa yako. Have some fucking common sense. Jesus fucking christ!



bump
ඉක්මණටම ඔයා ඒ මිනිස්සු අතරේ ගත කළ ජීවිතේ ගැනත් ලියන්න... ජයවේවා



