2025-12-13 සෙනසුරාදා :::: අද මට නිවාඩු දවසේ කොහෙ හරි ලග තැනකට යන්න හිතුනා. මේ දවස් වල ඈත ට්‍රිප් යන්නත් බෑ පහුගිය සතිවල අතිවූ ආපදා තත්වය නිසා.. ඉතින් මට ගෙදර ඉදලා කි.මි 4.5 ක් දුරින් තියන වෝටර් වර්ල්ඩ් බලන්න යන්න හිතුනා. මීට කලින් කීප වරක් මෙහෙ ගිහින් තිබ්බත්. රිව සෆාරි (River Safari) එක විවෘත කලායින් පස්සේ මම ගිහින් තිබ්බෙ නෑ. ඉතින් උදේ 9.20 ට විතර ගෙදරින් මම බයික් එකේ ගිහින් විනාඩි 10 කින් විතර එතනට ගියා. (පාරේ බස් එකේ / වාහනයක යන විදිහ පහල දාන්නම්) බයික් එක අසල පාක් එකේ පාක් කරලා. ඇතුල් වෙලා ටිකට් කවුන්ටරේන් River Safari බලන්නත් එක්ක රු.1100/- ක Full Package ටිකට් එකක් ගත්තා. ඊට පස්සේ විසිතුරු මසුන් බලමින් ඉදිරියටම ගියා. ලෝකයේ විවිධ මසුන් වර්ග රාශියක්ම, විස්තර සහිතවම අපිට මෙහිදී බලා ගන්න පුලුවන්. අඩි 30 ක් දිග වීදුරු වලින් සදා ඇති, මුහුදු වතුර වලින් පිරුනු මුහුදු මසුන් ඉන්න ලස්සන උමගකුත් ඔයාට බලා ගන්න පුලුවන්.. මග කැන්ටිමක්, වොශ් රූම්, කැලනි ගග අසලම, ගග පේන්නම වාඩි වෙලා ඉන්න ස්ථාන රැසක්ම තියනවා. ඊට පස්සේ පක්ශීන් ඇති බර්ඩ් පාක් වෙත පිවිසිලා විවිධ කුරුල්ලන් රැසක් බැලුවා. *පහල කෙටි වීඩියෝව බලන්න... ඊට පස්සේ තමයි මම කලින් ගිහින් තිබ්බේ නැති, මෑතක විවෘත කල රිව පාක් , බෝට්ටු සෆාරිය යන ප්‍රදේශයට ගියේ. නැවත ටිකට් එක පරීක්ෂා කිරීමේන් පසු, මට එතන නවතා තිබූ බෝට්ටුවක ඉස්සරහින්ම ගිහින් වාඩි වෙන්න කිව්වා. ඊට පස්සේ ටික වේලාවකින් බෝට්ටුව පදවන කෙනා පැමින එහි එන්ජිම ස්ටාට් කරලා බෝට්ටුව ධාවනය කලා. වෙන සෙනග හිටිය නැති නිසා මම විතරයි යන්න හිටියේ. සංගීත හඩ එක්ක. රෙකෝඩින් කල විස්තරයක් එක්ක බෝට්ටුව හෙමින් හෙමින් ඉදිරියටම ධාවනය කලා. අවට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, ඇමසන් වනාන්තරය වගේ පරිසරය හදලා තිබ්බා. ලස්සනයි. අවටත් විවිධ ගස්, පැලෑටි , මාලු ටැංකි තිබුනා. * මම තායිලන්තයේ හා සිංගප්පූරුවේ සංචාරවලදීත් මෙවැනි අත්දැකීම් ලබා තිබුනත්. එවැනි රටවලට නොගොස් ලංකාවේ අයට මෙවැනි දේවල බලා ගැනීමට තියන එක ගැන අගය කරන්න ඕනා... ඉතින් මෙහි ඇමසන් වනාන්තරය හරහා යන කොටසේ ගෝත්‍රිකයකු වගේ සැරසුනු මිනිසෙක් උඩ පනිමින්. කෑ ගසමින්, උඩක සිට අපට හෙල්ලක් දික් කරමින් කරන රංගනයක් තිබ්බා. ඒකත් නියමයි. * මේ සියල්ල බලාගන්න පහල කෙටි වීඩියෝව බලන්න...ඉතින් මේ බෝට්ටු සවාරිය විනාඩි 15 කින් ඉවර වෙලා වටයක් ගිහින් ආපහු පටන් ගත්ත තැනටම ආවා. මම බෝට්ටුවෙන් බැස්සා තව සෙනග ඇවිත් හිටියා සවාරිය යන්න. ඉතින් මම මේ කෙටි සංචාරය අවසන් කරලා එලියට ඇවිත්, වාහන පාක් එකට ගිහින් බයික් එක අරන් ගෙදර ගියා.. * ඉතින් ඔබේ දූ දරුවෝ, පවුලේ , යාලුවෝ, පෙම්වතුන් එක්ක දවසක් ගත කරන්න හොද ස්ථානයක් වෝට වර්ල්ඩ් එක.
.
* විනාඩි 19 ක වීඩියෝව බලන්න :
.
* විනාඩි 8 ක River Safari බෝට්ටු සවාරියේ වීඩියෝව :
.
* කොළඹ සිට බස් එකේ එනවා නම් පිටකොටුවෙන් පටන් ගන්න 228 - දෙකටන, පූගෝඩ බස් එකක ඇවිත් මේ ලගින්ම බහින්න පුලුවන්. (13 km)
* බස් එකේ නුවර, කුරුනෑගල වගේ පැත්තක ඉදලා කොළඹ-නුවර පාරේ ඇවිත්, 4 කණුව පෑලියගොඩ බැහැලා. එතැනින් 228 බස් එකේ ඇවිත් මේ ලගින් බහින්න පුලුවන්. (7 km)
* තමන්ගේ වාහනයක එනවනම් කොළඹ-නුවර පාරේ 4 කණුව/පෑලියගොඩට ඇවිත් බියගම පාරට හරවා දිගටම යන්න, කැලණිය පන්සලත් පහු කරලා ගියාම වම් පැත්තේ මේක තියනවා. (7 km - 15 min.)
.
* Water World දිනපතා උදේ 9.30 සිට සවස 5 දක්වා විවෘතව ඇත.
* ටිකට් : Full Package (River Safari,,Water World,,Bird Park, Underwater Tunnel) වැඩිහිටි රු.1100/- , ළමා රු.750/-
විදේශික : වැඩිහිටි රු.2500/- , ළමා රු.1800/-
.
මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
* පසුගිය සියලුම සංචාරයන් Index >>
දෘෂ්ටි කෝණයෙන් දකින සංචාරක වීඩියෝ බලන්න.. Point of View videos (POV) Solo Travel Videos
Solo Travel King
.
* * * මේ පෝස්ට් එක දැම්මේ පුද්ගලික ආයතනයක් සතු මේ ස්ථානය ප්‍රවර් ධනය කිරීමට නොවන බව කරුනාවෙන් සලකන්න. මමත් මුදල් ගෙවා ටිකට් එකක් අරන් ගියේ. මම ලබා ගත් සතුට, අත්දැකීම ඔබ සමග බෙදා ගෙන ඔබටත් එම අත්දැකීම ලබා ගැනීමට දැනුවත් කිරීම පමනි. එයයි මා ලබන සතුට. ****