සිංහළ වෙදකම

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    අහිංසක පීඩිත ජනතාවගේ මුදල් මෙවැනි සුළු රෝග තත්වයකදී පවා සූරන් කා වෛද්‍ය වෘතිය වෙළදාමක් බවට පත්ව තිබෙන මෙවැනි වකවානුවක ගෙදරදීම මෙම රෝග තත්වය සුව කර ගැනීමට උපදෙස් බිදක් ඔබට දීමට මා අදහස් කෙරුවෙමි


    මැණික් කටුව සන්දියේ ඇතිවන වේදනාව

    පිරිමින්ට වඩා කාන්තාවන් බහුල වශයෙන් ගොදුරු වන රෝගයක් ලෙස මැණික් කටුව සන්දියේ ඇතිවන වේදනාව හෙවත් Carpal tunnel syndrome නැමති රෝග තත්වය හැදින් විය හැක...........මෙම රෝගයට හේතු වන්නේ අතේ මැණික් කටුව සන්දිය හරහ ඇගිලි වෙත ගමන් කරන medican nerve නැමති ස්නායුවේ ඇතිවනපීඩනයකි මෙම ස්නායුව අත දිගේ පැමින මැණික් කටු සන්ධියේ ඇති ඉතා කුඩා ඉඩකින් ( carpal tunnel ) හරහ අතේ අගිලි වෙත ගමන් කරයි.මහපට ඇගිල්ල මැදගිල්ල සහ දබර ගිල්ල ක්‍රියාත්මක වන්නේ මෙම ස්නායුවෙන් ගමන් ගන්නා ආවේග වලිනි...මෙම carpal tunnel තුල ඇතිවන ඉදීමීමක් හෝ එම පටකය තදවීමක් නිසා medican nerve එක පීඩනයට පත්වෙයි එවිට එයින් ආවේග සපයන මූලික ඇගිලි තුන හිරි වැටීම සහ හස්තයේ වේදනාව හට ගනී

    34089944_2023029757770313_2998927366442450944_n.jpg

    ........මෙම රෝග තත්වයට හේතු....
    # තයිරොයිඩ් ග්‍රන්තියේ අක්‍රමිකතා..
    #ආතරයිටීස්
    #දියවැඩියාව
    #ගැබ් ගැනීම
    #නිරන්තරයෙන් කාලයක් පොල් මිරීකීම.
    #නිතර රෙදි මිරිකීම සහ සේදීම
    #නිතර පරිගනක ආශ්‍රිත රාජකාරි කරන්නන් හට
    #පෙදරේරුවන් හට............

    රෝග ලක්ෂණ ....
    # පලමු දෙවන සහ තුන්වන ඇගිල්ලේ ඇතිවන හිරි වැටීම
    #යමක් එක දිගට ටික වේලාවක් අල්ලාගෙන සිටීමේ අපහසුව..
    #වේදනාව අතේ උඩු පැත්තට ගමන් කරනවා මෙන් දැනීම..
    #ඇගිලි නැමු පසු දිග හැරිමට ඇති අපහසුතාවය...

    රෝගයට ප්‍රතිකාරය ........

    34063815_2023029814436974_8433430111197331456_n.jpg


    * මුලින් හොදින් උණු වතුර ටිකක් නටවා 50 c* පමන නිවෙන තුරු ඇල් ජලය දමා එය පලාස්ටික් බාජනයකට දමා එයට ස්වල්පයක් ලුණු කැට දමා අත මැණික් කටුවටත් මදක් ඉහලින් පමන ගිල්වා විනාඩි 15 පමන සිට අත හොදින් පිස දමා කපුරු තෙල් මී තෙල් කොහොඹ තෙල් සම ප්‍රමාන ගෙන කලවම් කර තබා පසුව හැන්දකට ගෙන රත් කර අල්ලේ සහ මැණික් කටුව ආශ්‍රිතව හොදින් ගා මහපට ඇගිල්ලෙන් තද කොට විනාඩි 10 පමන හොදින් පිරිමදින්න..පසුව ඉදිරී රෑපයේ පෙන්නා ඇති ආකාරයට වියායාම excercise ,ටික එකකින් 15 බැගින් සියලුම ටික විනාඩි 30 පමන අනිවාරයෙන් කරන්න ඔබට ජය ලැබෙනු නියතය...නිකරුනේ මුදල් වියදම් කිරීමට සිදු නොවනු ඇත.

    ...........................................................................................................

    විලිබුවෙ ඇතිවන වේදනාව

    මෙම රෝගයටත් වැඩිනේම ගොදුරු වන්නේ ස්ත්‍රී පක්ෂයයි.මෙම රෝගය සෑදෙන්නන්ගෙන් 1/3 කට පමන කකුල් දෙකටම මෙම තත්වය බලපෑම් එල්ල කරයි..මෙම රෝග තත්වයේදී හට ගන්නා වේදනාව ඉතාමත් තියුණුය......

    34606666_2029070793832876_6767128365380927488_n.jpg


    Plantar fasciitis යනු විලුබේ ඇතිවන ආබාධ තත්වයකි. මෙම plantar fascia නැමති ඝණ කණ්ඩරාව හෙවත් Ligament එක විලුබේ ඇති විශාලතම අස්එිය වන calcaneus bone එකට සම්බන්ද වී කකුලේ ඉදිරිපස අස්එි දක්වා දිවයයි...මෙම ඝණ Ligament එක පාදයට වක්‍රතාව(arch) එක ලබා දීමටත් ඇතිවන කම්පන අවශෝෂණය සදහත් ඇවදීමට සහය වීමටත් උපකාරී වන ලෙස පිහිටා ඇත...නමුත් මෙයට දරා ගත නොහැකි මට්ටමේ කම්පනයන් ඇති වු විට ,calcaneus අස්ථිය අසලින් ඇදීමකට (strain ) හෝ මදක් ඉරීමකට (tear ) ලක්වූවිට එම ස්තානයේ ප්‍රදාහයක් (inflammation ) හට ගනී..ඉන්පසු කලත් යත්ම Ligament එක calcaneus අස්එියේ සම්බන්ද මූලයයේ ටික ටික කැල්සියම් ස්පටික තැම්පත් වීම පටන් ගනී මෙය සිදු වන්නේ ligament එක අස්එියෙන් ගැලවී වෙන් වීම වැලකීම සදහය මෙය ඇගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් සිදුවන කර්තව්‍යයකි..නමුත් මෙසේ තැම්පත් වන කැල්සියම් වටා රුධිර නහරත් ස්නායු අන්තත් වර්ධනය වීම නිසාත් කැල්සියම් ස්පටික මෙයමත ගැටෙන විට නිතර නිතර එම ස්තානය damage වන නිසාත් එම ස්තානයේ ප්‍රදාහක තත්වයත් වේදනා තත්වයත් නිරන්තරයෙන්ම පවතී.....මෙය x-ray එකකින් දැක ගත හැක ca නැට්ටක් සේ බැදී ඇති අයුරු .ඉහත රෑපයේ මා එය දක්වා ඇත බලන්න.....

    රෝගය සෑදීමට හේතු.....
    #අධික තරබාරු බව
    #ගර්බණිභාවය
    #දිගු කලක් දෘඩ පෘෂ්ටයක් මත සිටගෙන සිටීම
    #අඩි උස පාවාහන් කාලයක් පැලදිම
    #calf මස් පිඩු වල ඇතිවන අදික දෘඩ බාවය
    #අදික වියායාම වල නිරත වීම
    #රැමැටික ආතරයිටිස්
    #වයසට යාමත් සමග
    #හේතුවක් නොමැති වද හට ගනී
    #යටි පතුලේ වක්‍රතාව නොමැති කම flat feet
    රෝග ලක්ෂණ ......
    #විලිබුවේ හට ගන්නා අදික වේදනාව
    #ඉදිමුම
    #පඩි පෙලක් නැගීමේ අපහසුව
    #එක දිගට දිගු වේලාවක් සිටගෙන සිටීමේ නොහැකියාව
    #උදේ අවදි වු පසු ටික වේලාවක් යන තුරු ඇතිවන ඇවදීමේ අපහසුතාව
    #ඇල්ලීමේදි ඇතිවන අදික වේදනාව

    රෝගයට ප්‍රතිකාර...

    34413088_2029070847166204_8026295678579769344_n.jpg


    මෙයටත් ඔබ හොදින් උතුරා 50c* නිවාගත් ජලය බාජනයකට කටට ලුණු රස යාන්තමින් දැනෙන ගානට ලුණු කැට ස්වල්පයක් එක්කර කකුල් දෙකම වලලු කරට උඩට යටවන තරමට කකුල ඔබා විනාඩි 20 පමන සිටින්න..ඉනක්පසු කකුල එලියට අරන් හොදින් පිස දමා මා රෑපයේ දක්වා ඇති වියායාම ටික එකකින් වාර 15 බැගින් වන පරිදි කරන්න ඉන් පසු රබර් බෝලයක් ගෙන රිදෙන ස්තානයේ සිට ඉස්සරහටත් පස්සටත් තදින් තද කොට කරන්න....මෙය සදහ වතුර පුරවාගත් රවුම් බෝතලයක්ද බාවිතා කල හැක නැතහොත් දෙකමද කල හැක එයද විනාඩි 10 පමන කරන්න.....ඉන්පසු තල තෙල් .මීතෙල්.කපුරු තෙල් යන තුන කලවම් කර තබා මදක් රත් කර යටි මුලු පතුලෙමත් මම දක්වා ඇති රෑපයේ රවුම් කල ඇති ස්එාන වලත් ගා තදින් මහමට ඇගිල්ලෙන් විනාඩි 10 පමන අතුල්ලන්න මතක තියා ගන්න වැඩියෙන් රිදෙන ස්තානය තදින් අතුල්ලන්න...ඉන් පසු මෙය අනිවාර්යෙන්ම කල යුතු වේ. අයිස් කැට 15 පමන ගෙන සොපින් බෑගයකට දමා හොදින් අර රිදෙන ස්තාන වල විනාඩි15 වත් තබන්න.මෙය සති දෙකක් පමන කර පසුව වියායාම ටික පමනක් සෑහෙ...මතක තියා ගන්න මේ ටික හරියටකලොත් නිකරුනෙ අර දොස්තර ගාවයි මේ දොස්තර ගාවයි ගොස් නිකරුනේ මුදල් වියදම් කිරීමට සිදු නොවනු ඇත...මම මේ අමාරුවෙන් ඉගෙන ගත්ත දේ ඔබට ලෙහෙසියෙන්ම පූජා කෙලෙමි මෙය සිංහල බසින් ඇති නිසාත් ඔබට තේරෙන විදිහට සරලව ලියා ඇති නිසාත් නිසි ප්‍රයොජනය ගන්න තව කෙනෙකුටත් පිහිට වන්න දැනුම බෙදා දෙන්න...තෙරුවන් සරනයි.........

    සේනක නලින්-සිංහළ වෙදකම
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025



    manika katuwe ekata ape ammage operation pawa kala. lankwe hugak denek oka karan inne.


    TFS! මචං
    You must spread some Reputation around before giving it to බෙන් 10 again.

    thnxxxx

    menik katuwe enawa oka



    Thanks...

    Good thread..! Tfs!
    22+++



    REP දෙන්න බැහැලු. පස්සේ දෙන්නම්
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    Kollo nadda nahara gata gahena ekati yati pathu wala gal thalum walatai pathi kara

    “නහර ගැට ගැසීම” මෙය අපි සාමන්ය( ව්ය වහාරයේ යොදාගන්නා වචනයයි. මෙම තත්වය ශල්ය( වෛද්යන විද්යාගවට අනුව වැරිකෝස් / varicose ලෙස හදුන්වනවා. මෙය ඕනෑම ශිරා රුධිර නාල පද්ධතියක් ආශ්රිලතව හටගත හැකිවූවත්, බහුලව දක්නට ලැබෙන්නේ පාද ආශ්රිනතවයි.
    සරලව සඳහන් කරනවානම්, මෙහිදී සිදුවන්නේ පාදාන්තයේ සිට රුධිරය නැවත ප්රුධාන සංසරණයට එක් කරවීම සදහා වන ශිරා රුධිර නාල/veins වල ක්රිදයාකාරිත්වය බිඳවැටීමයි. පාදාන්තයේ සිට රුධිරය ඉහළට පොම්ප කිරීම ඉතාමත් අපහසු ක්රි යාවක්. ගුරුත්වාකර්ෂණයට එරෙහිව රුධිරය ගමන් කරවීමට සිදුවීම මෙයට හේතුවයි. ශරීර අභ්යමන්තරයේ / හෘදයේ සිට පොම්ප කිරීම මගින්, රුධිරය සිරුරේ අනෙකුත් අවයව හා අත්පා වලට රැගෙන යනබව අපි දනිමු. ඒ ආකාරයෙන්ම පාදයේ ඇති මාංශ පේශි චලනයන් සමග සංකෝචන ඇතිකරවා පොම්පයක් ලෙස ක්රිනයාත්මක වෙනවා. පාදාන්තයේ ඇති රුධිරය ක්රනමයෙන් ඉහලට රැගෙන යනු ලබන්නේ මෙම පොම්ප ක්රි්යාවලියයි.
    මෙහිදී වැඩිවෙලාවක් නොසෙල්වී එක්තැන්වී සිටින අයගේ පාදවල ක්රියයාකාරිත්වය අවම වීම නිසා මෙම පොම්ප කිරීමේ ක්රි්යාවලිය නිසි පරිදි සිදුවන්නේ නැහැ. තවද දීර්ඝ වෙලාවක් සිටගෙන සිටීම නිසා දවසෙන් බොහෝවේලාවක් රුධිර ගලනය සිදුවිය යුත්තේ ගුරුත්වාකර්ෂණයට සම්පුර්ණයෙන්ම විරුද්ධ දිශාවටයි. මේ හේතුන් නිසා ඉහළ ගැලිය යුතු රුධිරය පහළ පාද මට්ටමේ එකතුවීම නිසා මෙම නහර ගැට ගැසීම නම් තත්වය ඇතිවෙනවා. නමුත් ඇත්තටම මෙහිදී සිදුවන්නේ, වැඩිපුර රුධිර ප්රැමාණයක් එකතුවීම නිසා නහර ප්රනමාණයෙන් විශාලවී ඇඹරුණු ස්වභාවයක් ගැනීමයි.
    නහර ගැට ගැසීම තවත් උග්ර් කරවන කරුණු

    1. වයස්ගත වීම –

    වයස්ගත වීමත් සමග රුධිරනාල වල ඉලාස්ටික් ස්භාවය / ඇදෙන්නට ඇති හැකියාව ක්රීමයෙන් අඩුවනවා, එවිට රුධිරනාල අතර රුධිරය ආපසු ගලනය වැලැක්වීම සදහා වන කපාට වල ක්රිඇයාකාරිත්වය අඩපණ වනවා. එවිට ශිරානාල තුල ඔක්සිජන් අඩු නිල්පැහැ එකතුවීමට පටන් ගැනෙනවා.

    2. ගර්භණි සාමය –

    මෙය සිදුවන්නේ ගර්භය මගින් පාද වෙත දිවෙන රුධිරනාල මත ඇතිකරවන පීඩනය නිසයි. මෙම පීඩනය නිසා රුධිර ගමනාගමනයට බාධා ඇතිවනවා. මෙහි ඇති සතුටුදායක කරුණ නම්, ප්රපතිකාරවලින් තොරවම ප්රිසුතියෙන් මාස 3-12 අතර මෙම ගැටලුව මගහැරී යාම.
    මෙම කරුණු වලට අමතරව
    • ඔබ කාන්තවක් නම් මෙම තත්වය ඇතිවීමේ අවස්ථාව පිරිමි අයකුට වඩා වැඩි වන්නට පුළුවන්. මෙය සිදුවන්නේ ජිවන චක්ර ය තුල වරින් වර ඇතිවන හෝමෝන සමතුලිතතාවයන් වෙනස්වීමේ අවස්ථාවන්ට කාන්තවන් මුහුණ දෙන නිසාවෙනි.
    • ඔබ අධික තරබාරු කෙනෙක් නම්, රුධිරනාල මත ඇතිවන පීඩනය නිසා මෙම තත්වයට මුහුණදීමේ අවධානම ඔබටත් ඇතිවේවි.
    • නහර ගැට ගැසීම් පිළිබදව පවුලේ රෝගී ඉතිහාසය, පවුලේ බොහෝ දෙනකුට උද්ගතවූ ගැටලුවක් නම්, ඔබටත් මේ සදහා වැඩි අවදානමක් පවතී.
    • ඒවගේම වැඩි වෙලාවක් එක් තැනක සිටගෙන සිටීමට සිදුවන රැකියාවල නියුතු පුද්ගලයන් හටද මෙම අවධානම වැඩිවෙනවා.
    • උදරය ආශ්රිිත ප්රතදේශ වල ඇතිවන පිළිකා හෝ වෙනත් අසාමන්යහ වර්ධනයන් ද මෙයට හේතුවක් වෙනවා.

    නහර ගැට ගැසීමේ රෝග ලක්ෂණ

    මෙය රුපලාවන්යේ පිළිබද සැලකිලිමත් වන අයට ඇතිවන අහිතකර තත්වයක සිට ඉතා වේදනාකාරී තුවාල සහිත පාද දුර්වර්ණවීම් හා ලේ ගලනයන් දක්වා උඩු දිවිය හැකි රෝගී තත්වයක්. තීව්රත බව අඩු සමයේදී මේ සදහා දක්වන නොසැලකිල්ලත්, ප්රාතිකාර සඳහා යොමු නොවීමත් නිසා මෙම තත්වය හට ගන්නවා.

    • තද නිල් හෝ දම් රුධිරය සහිත විශාල වූ දගර වැටුණු නහර.
    • එම නහර ගැට සහිත බවත් හා ඉලිප්පිම් ස්භාවයක් ගැනීම.
    • නිතරම කකුලේ වේදනාකාරී බවත්, බරින් යුතු ගතියත්, මස්පිඩු වේදනාවක් ඇතිවීම.
    • කකුල් පහල කොටස් ඉදිමුමට ලක්වීම හා වේදනාකාරී වීම.
    • එක දිගට සිටගෙන සිටීම හෝ හිඳගෙන සිටීමත් සමග වේදනාව ත්රියව වීම.
    • ගැට ගැසුණු නහර ආශ්රි තව කැසීම් හටගනී .
    • කකුලේ ඇතුල් පස, වළලුකර සන්ධියට ආසන්නව (බහුල වශයෙන්) තුවාල හට ගැනීම.

    1. වලලුකර ආශ්රිශතව තුවාලවීම් ඇතිවීම –

    මෙය සිදුවන්නේ දිගුකාලීනව එම පටක ආශ්රිලතව අනවශ්ය් ලෙස රුධිරය රැදවී තිබෙන නිසාවෙනි. තුවාල ඇතිවීමට පෙර ඒ ආශ්රිාත ප්ර දේශයේ කුඩා අවපහ ගැන්වීමක් දක්නට ලැබෙන්නට පුළුවන්. ඔබ මදක් මේ පිළිබඳව සැලකිලිමත් වීම මගින් තුවාල ඇතිවීමට පෙර වෛද්යඅ ප්ර්තිකාර සදහා යොමුවීමට ඔබට අවස්ථාව ලැබේවි.

    2. රුධිර කැටිති ඇතිවීම –

    අපට බාහිරයට පෙනෙන නාල වර්ගය, සම මතුපිටට ආසන්නයේ පිහිටි ශිරා නාලයි. මිට අමතරව පාදයේ ඇතුල් ස්ථර වලට වන්නට තවත් ශිරානාල කාණ්ඩයක් පිහිටා තිබෙනවා. මතුපිට නාල වල ක්රිමයාකාරිත්වය අඩුවත්ම, රුධිර ගලනයට වැඩි දායකත්වයක් දැරීමට සිදුවනුයේ මේ අභ්යින්තර නාලවලටයි. මේ නිසා මෙහි ඇති රුධිරය පහසුවෙන් කැටි ගැසීමට ලක්වන්නට පුළුවන්. එලෙස කැටති ඇතිවූ විට රුධිරගලනය මදක් අවහිරවන නිසා. පාදයේ එක්වරම ඇතිවන ඉදිමුමක් දක්නට ලැබෙනවා ඇති. වහාම වෛද්ය ප්රවතිකාර සදහා යොමු විය යුතු තවත් එක් අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැක.
    මන්ද යත් සුළු පමාවක් වුවත්, පාදයක් අහිමිකරවීමට පවා සමත්වන බැවිනි. කැටිති පාදය තුලම සිරවී තිබුණහොත් පාදයට ඇතිවන අහිතකර තත්වයට අමතරව, ලිහිල් වි රුධිර ගලනයත් සමග සංසරණ පද්ධතියට එක් වුවහොත් පෙනහළු දක්වා ඇදි ගොස් මරණිය අවධානමක් වුවත් ගෙනදෙන්නට හේතුවන්නට පුළුවන්. රුධිර නාල ගැට ගැසීම බැලු බැල්මට එතරම් අවධානම් සහිත බවක් නොමැති රෝගී තත්වයක් ලෙස හැගෙන්නට හැකි වුවත් මෙහි ඇති බැරෑරුම් බව දැන් ඔබට වැටහෙනවා ඇති. එම නිසා සුළු පීඩාකාරී තත්වයක් ඇතිවූ වහාම වෛද්යව ප්රබතිකාර සදහා යොමුවීම මගින් මෙම තත්වයන් ත්රි ව වීම අවම කරගන්නට ඔබටත් හැකිවේවි. එම නිසා මේ සදහා වන ප්රුතිකාර ක්රයම පිලිබදවත් සාකච්ඡා කරමු.

    රුධිර නාල ගැට ගැසීම සදහා වන ප්රරතිකාර

    1. අවම තත්වයේ රෝගී ලක්ෂණ –

    මේ සදහා බොහෝවිට තරබාරු බව අඩුකරගැනීම, ව්යුයාම් වල නිරත වීම, බොහෝ වෙලාවක් එක දිගට නැගිට සිටීම හෝ හිදගෙන සිටීම අවම කිරීම, අනවශ්යය ලෙස තද යට ඇදුම් භාවිතයෙන් වැලකීම. නින්දේදී හා පහසු අනෙක් අවස්ථාවන් වල පාද මට්ටම මදක් ඉහළින් තබාගැනීම, ආදිය ඔබට සිදුකල හැකියි. එමෙන්ම කකුල් හරස් කර (cross leged) හිඳ ගැනීම අවම කිරීමත් ඔබට සහනයක් විය හැකි බව සමහරක් වෛද්ය වරුන් දරන මතයක්.
    මීට අමතරව වෛද්ය වරයා වෙත යොමුවී, compression stockings ලෙස හදුන්වන, රුධිරය නැවත ඉහළට ගලනයට අවශ්යෛ පීඩනය බාහිරින් සපයන මේස් වර්ගයක් භාවිතයට ගැනීමට ඔබට පුළුවන්, මස්පිඩුවල ක්රිටයාකාරිබවේ ඇති අඩුව මෙමගින් මගහරවා ගනු ඇත.
    මෙහිදී තමන්ගේ පාදයේ ප්ර මාණයට ගැලපෙන, නියමිත ප්රීමාණවලින් මෙය ලබාගැනීමට ෆාමසි මගින් වුවද සිදුකල හැක. නමුත් මේවා අනවශ්යල ලෙස ලිහිල් හෝ අනවශ්යඔ ලෙස හිර නොවන ලෙස ලබාගැනීමට සැලකිලිමත් වන්න.

    2. මදක් තීව්රේ වූ රෝගී ලක්ෂණ සහිත නහර ගැට ගැසීම්

    මේ සදහා ඔබ ශල්යව වෛද්යගවරයකු මුණගැසී ප්ර්තිකාර ලබාගැනීම සිදුකල යුතු වනවා. රජයේ රෝහල් බොහෝමයක බාහිර රෝගී අංශයෙන්ම මේ සඳහා ප්රයතිකාර ලබාගැනීමට ඔබටත් හැකියි. මෙම ප්රැතිකාර අතර ඇති විවිධ ක්රාම පිළිබදව මදක් දැනගනිමු.

    එන්නත් කිරීම් ලෙස ලබාදෙන ඖෂද (ස්ක්ලෙරෝ තෙරපී/ sclero therapy) –

    මෙය ගැටගැසුණු නහර ආශ්රිනත ප්ර දේශයට එන්නත් මාර්ගයෙන් ලබාදීම සිදුකරයි. එවිට සති කිහිපයකින් පසුව නහර ගැට ගැසුණු ස්භාවය වියකී යනු ඇත. නමුත් යම් අවස්ථාවල මෙය එක්වරකට වඩා ලබාගැනීමට ඔබට සිදුවේවි. හිරිවැටීම් අනවශ්ය් සරල ප්ර තිකාර ක්ර මයක් වන අතර බොහෝවිට ඉක්මන් සහනයක් ගෙනදෙනවා ඇති.

    ශල්යවකර්ම –

    නහරවල ඇති ක්රිරයාකාරිත්වය අඩපණ වීම නිවැරදි කරවීමට මෙම ක්ර මය භාවිතා කරනවා. ඔබගේ වෛද්යදවරයා විසින් රෝගී ලක්ෂණ, ඔබගේ වයස හා සෞඛ්යැ තත්වය අනුව මෙම ශල්ය්කර්ම ආශ්රිාත ප්ර තිකාර ක්රරම නිර්දේශ කරනු ඇත.


    Author – Dr. H.Vithana (M.B.B.S)
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    කොලෙස්ටරෝල් මඬින්න හොඳම බෙහෙත මෙන්න

    Kolestarol.jpg


    ශරීරයට කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ලැබේ. ඒ අප ආහාරයට ලබා ගන්නා ද්‍රව්‍යවලින් සහ මිනිස් සිරුර තුළම නිපදවෙන කොලෙස්ටරෝල් ලෙසයි. ආහාර මගින් ලැබෙන කොලෙස්ටරෝල් ආයුර්වේදයේදී බහිර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් සිරුරෙන් නිපදවෙන කොලෙස්ටරෝල් අන්තර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ.
    මෙලෙස රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන පුද්ගලයන්ගේ කිරීටක ධමනි අවරෝධයට ලක්වීමට ඇති ඉඩ ඉහළ යයි. එවැනි රෝගීන් හෘදයාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති අතර ශ්‍රී ලංකාවේද හෘදයාබාධවලින් වන මරණ ඉහළ යෑමට මෙම තත්ත්වය හේතු වී ඇත. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන රෝගීන් බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වුවද දේශීය චිකිත්සාව තුළද ඉතා දියුණු ප්‍රතිකාර පන්තියක් කොලෙස්ටරෝල් වෙනුවෙන් ඇත. එහෙත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය පුද්ගලයෙකු දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම වෙත යොමු විය යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේය. එහෙයින් කොලෙස්ටරෝල් මර්දනයට සුදුසු
    ඖෂධ පන්තීන් මෙවැනි ලිපියකින් දැක්වීම සුදුසු යැයි සිතිය නොහැක.
    එසේ වුවත් ඕනෑම කෙනෙකුට ගෙදරදී සාදාගත හැකි භාවිත කිරීම අගුණ නැති අත් බෙහෙතක් පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වෙයි.
    මෙම ඖෂධය සාදා ගැනීමට ඕනෑ කරනුයේ නිවසේ එදිනෙදා භාවිත කරනා සුලබ කුළුබඩු විශේෂ කිහිපයකි. ඒවා නම් උළු හාල්, සියඹලා දලු, කළුදුරු, කරපිංචා, ගොරකා, සුදුලූනුය.
    මේවා අතරින් ගොරකා ඇඹුල් රසයෙන් යුත් සාම්ප්‍රදායික රසකාරකයකි. එහි ඇඹුල් රසය කොලෙස්ටරෝල් නසන්නට උපකාරී වන්නේය. හෘදය හිතකර ගොරකා ආහාර රුචිය වඩවන, සිරුරේ මේදය දහනය කරනා ගුණ සහිත දේශීය කුළුබඩු විශේෂ අතරට අයත්ය.
    කරපිංචාද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නට සමත්ය. විෂ වෙදකම් මෙන්ම තවත් චිකිත්සා ගණනකටම භාවිත කරනා කරපිංචා අග්‍රගණ්‍ය ඔසුවකි.
    සුදු ලූනු ද රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරති. එහි ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉහළය. උළුහාල්ද එසේමය. එහි ඖෂධීය ගුණ ලාංකිකයා දැන සිටියේ කලක සිටය. කොලෙස්ටරෝල් නැසීමට අමතරව ‍ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන්ද උළුහාල් ‍පොහොසත්ය.
    තීක්ෂණ ගුණයෙන් යුත් කළුදුරු කොලෙස්ටරෝල් සහ වාත, කප (සෙම්) දෝෂ නැසීමට සමත්ය.
    උළුහාල්, කළුදුරු, සියඹලා දලු, ගොරකා, කරපිංචා සුදුලූනු යන ද්‍රව්‍ය සියල්ල සම පමණින් ගෙන එකට අඹරා ගැනීම පළමුව කළ යුතුය. යම් අපහසුවක් වෙතොත් ගොරකා මඳ වෙලාවක් පෙඟෙන්නට තැබිමට හැක. ඊට අමතරව උණුවතුර ස්වල්පයක් එක්කර ගැනීම මගින්ද පහසුවෙන් අඹරා ගත හැක.
    මෙලෙස අඹරා ගෙන සාදාගත් ගුලිය ශීතකරණයක (අධි ශීතකරණයක නොවේ) තබා ගෙන තිබ්බටු ගෙඩියක ප්‍රමාණය දිනකට ආහාරයට ගත යුතුය.
    දැනටමත් ඔබ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය. එය ඔබ ලබා ගන්නා වෙනත් බටහිර ඖෂධ සමග ගැටීමක් නොවනා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
    ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවදානම් තත්ත්වයට පැමිණ නැති කෙනෙකු වුවද අනාගත ආරක්ෂාව තකා මෙම ඖෂධය භාවිත කළ හැක. එහෙත් එවැනි කෙනෙකු දෛනිකව භාවිත කළ යුතු නොවේ. සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණය ආහාරයට එක්කර ගැනීම මගින් අනාගතයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදිය හැක.
    ඇතැම් අය මේ ගුලිය සාදා ගැනීමට කුරුඳු ‍පොතුද එක්කර ගැනීමට පුරුදුව ඇත. කුරුඳු ‍පොතුද කොලෙස්ටරෝල් නසනා ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල කුළුබඩු විශේෂයකි. එහෙත් කුරුඳු ‍පොතු මේ සඳහා එක් කරගැනීම අත්‍යාවශ්‍ය නැත.
    මේ සඳහා යොදා ගන්නා සුදුලූනු ගොරකා, උළුහාල් නූතන විද්‍යාත්මක පරීක්ෂණවලින්ද තහවුරුව ඇත. මෙකී ඖෂධ ලබා ගන්නා අතරතුර කය වෙහෙසා වැඩ කිරීම, නියමිත ව්‍යායාම්වල යෙදීම වැනිදේ මගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට හැක. හානිකර කොලෙස්ටරෝල් සත්ව මාංශ තුළ බහුලව අඩංගු වේ. ඒ අතරින් ඌරු මස්. හරක් මස්, ඉස්සන්, ‍පොකිරිස්සන්, දැල්ලන් ප්‍රමුඛස්ථානයක් ගනී, මෙවැනි ආහාරවලින් වැළකී සිටීමද යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් ඔබට උපකාරී වෙයි.


    මෙම ලිපිය නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග සාකච්ඡා කර ලියැවෙන්නකි.

    චමිලා අල්විස්(lakbima)
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    උදෑසන අවදිවන විට ඇතිවන විලුඹේ වේදනාවට භෞත චිකිත්සාවෙන් පිළියම්

    viluba.jpg


    උදෑසන අවදි වී පියවර කිහිපයක් ඇවිද යන තුරු විළුඹ ප්‍රදේශයේ පවතින වේදනාකරී බව මැදිවියේ අය අතර සුලබ රෝගී තත්ත්වයකි. කණ්ඩරා ප්‍රදාහය පාර්ශ්වීය අස්ථියේ ව්‍යාධිය සන්ධියේ ව්‍යාධිය හෝ මේද ස්ථරයේ ප්‍රදාහ තත්ත්වයක් පශ්චාත් පාර්ශවීය හස්තදාහය හේතුවෙන්ද පෙර කී රෝග ලක්ෂණ පැවතිය හැකිය. එසේ වුවද විළුඹ ප්‍රදේශයේ වේදනාකාරි බවට බොහෝවිට හේතු වන්නේ නතචදබචප ටචඵජඪබඪඵ රෝගී තත්ත්වය (ප්ලාන්ටර් ෆැසියයිටිස්) හෝ ජචතජචදඥචත ඵනභප රෝගය බව හඳුනාගෙන තිබේ.
    පාදයේ සම, මාංශපේෂින් හා අස්ථි අතරත් විළුඹෙහි මුල සිට පාදයේ ඇඟිලි දක්වාත් දිවෙන ඝණ සුදු සම්බන්ධක පටකය තචදබචප ටචඵජඪච නමින් හැඳින්වේ. එම පටකය ප්‍රදාහයට පත්වීම හෝ තුවාල වීම (ප්ලාන්ටර් ෆැසියයිටිස්) තචදබචප ටචඵජඪබඪඵ රෝගී තත්ත්වයට හේතුවයි.
    උස් තැන්හි සිට බිමට පැනීම්, අනාරක්ෂිත දිවීම් ඇතුළු එදිනෙදා ජීවිතයේදී පාදයට සිදුවන සුළු සුළු අනතුරු කාලයක් තිස්සේ එකතුවීම මෙම රෝගී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය හැකිය.
    ජලාන්ටර් ෆැසියයිටිස් ධාවකයන් අතර සුලබව පවතින රෝගී තත්ත්වයක් වන අතර අධික තරබාරු බවෙන් යුතු අය අතරද වැඩිපුර දැකිය හැකිය. ඊට අමතරව සෞඛ්‍යාරක්ෂිත නොවන, පාදවලට පීඩාකාරී සහ බාල පාවහන් පැළඳීම හේතු කොටගෙනද ජලාන්ටර් ෆැසියයිටිස් රෝග තත්ත්වයට ගොදුරු විය හැකිය.
    මෙම රෝගී තත්ත්වය වයස අවුරුදු හතලිහත් හැටත් අතර අයට වැළඳීමේ වැඩි හැකියාවක් පවතියි. දිගු වේලාවක් ඇවිදින්නට සිදුවන හෝ සිටගෙන සිටින්නට සිදුවන කර්මාන්ත ශාලා සේවකයින්, ගුරුවෘත්තියේ නියැලෙන්නන්ටද මෙය වැළඳීමට වැඩි අවකාශයක් පවතී.
    සමහර ඉරියව් හා ක්‍රියාකාරකම් මෙන්ම පාදවලට වැඩි ආතතියක් ගෙන දෙන ක්‍රියාවන්ද ඝණ පෘෂ්ඨයන් මත දිගුවේලාවක් ඇවිදීම හෝ සිටගෙන සිටීම නිසාද ජලාන්ටර් ෆැසියයිටිස් රෝගය වැළඳිය හැකිය. පාදයේ යාන්ත්‍රණය නැතහොත් අස්ථිවල ව්‍යුහයේ හා ක්‍රියාකාරිත්වයේ ගැටලුද මෙම රෝගී තත්ත්වයට හේතු කාරක වන අවස්ථා තිබේ.
    මීට පෙර සඳහන් කළ ආකාරය ප්ලාන්ටර් ෆැසියයිටිස් රෝගයේ එක් රෝග ලක්ෂණය
    වන උදෑසන අවදිවී පළමු පියවර කිහිපය පය ගසන්නට අපහසු වේදනාකාරී බවට අමතරව තවත් රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. දිගු වේලාවක් සිටගෙන සිටීමේදී හෝ බොහෝ වේලා වාඩිවී සිට නැගිටින විටදී විළුඹෙහි වේදනාව, විළුඹ ආසන්නයේ හෝ යටි පතුල ප්‍රදේශයට පිහි තුඩුවලින් අනිනවා මෙන් දැනීම, පාවහන් නොමැතිව ටයිල් හෝ ග්‍රැනයිට් වැනි තද පෘෂ්ඨයන් මත ඇවිදීමේදී හෝ පඩි නැගීමේදී දැනෙන විළුඹෙහි වේදනාව, විළුඹ හෝ යටිපතුල් තද කිරීමේදී දැනෙන වේදනාව මෙන්ම විළුඹ සන්ධියේ චලන පරාසය අඩුවීම දැකිය හැකිය.
    මෙම රෝගී තත්ත්වය නොසලකා කල්ගතවීම නිසා එදිනෙදා වැඩකටයුතු වලට බාධා කරවන දිගුකාලීන විළුඹ වේදනාවන් ශරීරයේ අනෙකුත් අවයවයන්ටද බලපාන ගැටලුවක් බවට පත්විය හැකිය.
    ඒ අනුව විළුඹ ප්‍රදේශයේ වේදනාකාරි බව නිසා ස්වභාවිකව ඇවිදින ආකාරයේ වෙනස, දණහිස් හෝ උකුල් ප්‍රදේශයට බලපෑමෙන් එම අවයවයන් ආශ්‍රිතවද විවිධ ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.
    විළුඹ අස්ථියේ අනිසි අස්ථිමය වැඩීම නැතිනම් ජචතජචදඥචත ඵනභප තත්ත්වයට රෝගියෙකු ගොදුරු වන්නේ දිගුකාලීනව පැවති ප්ලාන්ටර් ෆැසියයිටිස් රෝග තත්ත්වය නිසා විය හැකිය. එම අනිසි අස්ථිමය වැඩීම හේතුවෙන් පාදයේ යාන්ත්‍රණයට බාධා ඇතිවන අතර එම වර්ධනය හේතුවෙන් වේදනාකාරී බවක්ද ඇතිවිය හැකිය.
    විළුඹෙහි සුදු සම්බන්ධක පටකයේ හට ගන්නා මෙම ප්‍රදාහ තත්ත්වයන් භෞත චිකිත්සාව මගින් බොහෝ දුරට පාලනය කළ හැකිය. විළුඹ අවට මාංශපේෂි පුහුණුව ඇදීමේ ව්‍යායාම ආදී ව්‍යායාම චිකිත්සක ක්‍රම මගින් මෙන්ම ථධඡඪතඪබචබඪධද සහ ර්චදඪනභතචබඪධද වැනි පාදයේ යාන්ත්‍රණය නිවැරදි කිරීමේ ක්‍රම මගින් පාදයට ආරක්ෂාකාරි හා ආධාරක පාවහන් පළඳින්නට සැලස්වීම ඵනතඪදබ භාවිතය හා චාලක ටේප් භාවිතයද මෙම රෝගය පාලනය කරන්නට භාවිතා කරන භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම අතර වේ. ඊට අමතරව විළුඹේ වේදනාකාරී බවට විද්්‍යුත් චිකිත්සක ප්‍රතිකාරද
    භෞත චිකිත්සාවේදී භාවිතා කෙරේ.
    ප්ලාන්ටර් ෆැසියයිටිස් ඉතා සංකීර්ණ තත්ත්වයට පත්වූ විටදි පමණක් රෝගය සුවපත් කර ගැනීම සඳහා ශල්‍යකර්මයකට යාමට සිදුවිය හැකිය. එහෙත් මුල් අවස්ථාවේදී සිදුකරන භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් එවැනි තත්ත්වයකට පත් නොවී රෝගය පාලනය කර ගන්නට හැකියාව පවතී.

    උත්පලා සුභාෂිනී ජයසේකර
    කොළඹ 07, වෝඩ් පෙදෙසේ, වයිබේ්‍රන්ට් ෆිසියෝ කෙයා හි විශේෂඥ
    භෞත චිකිත්සක ඩී.කේ. ඇන්තනි
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට

    අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.

    2. සෙම්ප්‍රතිශ්‍යා උණට

    අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)

    3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට

    තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.

    4. සෙම සහිත කැස්සට

    අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.

    5. පපුවේ සෙමට

    සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.

    6. සෙම් ගෙඬිවලට

    I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.

    II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.

    III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.

    7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට

    රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.

    8. කැස්සට

    I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.

    II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.

    9. වේලුම් කැස්සට

    ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.

    10. පීනසයට

    අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)

    11. ඇදුමට

    I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )

    II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.

    13. මුහුණේ තිත් ලප වලට

    කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)

    14. මුහුණේ තිත් ලප නැති වීමට

    කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.
    (ක්‍රීම්,පුයර වර්ග ගෑම තහනම්)

    15. කුරුළෑවලට

    I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.

    II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)

    16. මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්‍රත්‍යක්ෂ ඹෘෂධයක්

    I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.

    II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි.

    17. කට ගඳ නැතිවීමට

    ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.

    18. කටහඩ මිහිරි වීමට

    I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදග ම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න.
    වරකට කළං 1/2 යි

    II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.
    (මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි)

    19. දත් ඇදෙනවාට සවිවීමට

    කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.
    (දත් රෝග නසා තදින් දත් සවිවේ.)

    20. අකාලයේ දත් සෙලවීමට

    කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත 21. දත් කැක්කුමට

    සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.

    22. දත් පණුවන් කෑමට

    I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.

    II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.

    23. දත් සුද්ද කිරීමට

    ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.

    24. කණ් කැක්කුමට

    I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.

    I – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.

    25. කණ පැසවීමට

    I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න.

    II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න.

    III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න.

    26. කණේ සතෙක් ගිය විට

    දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න.

    27. ඉස්හොරි

    I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ.

    II -
    ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.

    28. උකුණන් වඳකර ගැනීමට

    I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති

    II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.

    29. හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට

    වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.

    30. අකලට සුදුවෙන කෙස් කඵවීමට

    කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.

    31. හිසේ කෙස් යනවාට

    උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)

    32. තද හිස රුදාවට

    I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.

    II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න.

    III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න.

    IIII – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න.

    IIIII – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.
    ඉහත ප්‍රතිකාර කන ගමන් අමු කහ,කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න.

    33. ඉරුවාරදයට

    I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.

    II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න.

    III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.

    34. නාසයෙන් ලේ යනවාට

    I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න.

    II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න.

    III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න.

    IIII – නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.

    35. නාසයේ මස් ඳඵ වලට

    වියළි කෙසෙල් කැන් නැටි,රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න.

    36. නාසයේ වේලුමට

    නීල්‍යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න.

    37. අඵහම් වලට

    (පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.)
    I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න.

    II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි)

    38. පණු කැවිළි දද වලට

    I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න.

    II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න.

    III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න.

    39. අල්ලේ පණු කැවළි වලට

    I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට 40. පණු හොරි වලට

    I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.

    II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න.

    41. ඉන්නන්ට

    I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.

    II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න.

    III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ

    IIII – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ.

    42. කට තොල සුදු කබරවලට

    I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්න.

    II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.

    43. ගතේ සුදු කබරවලට

    I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්‍රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න.

    II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න.

    44. ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට

    I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න.

    II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න.

    III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න.

    IIII – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
    (ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.)

    45. බඩේ අඡීර්ණයට

    I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න.

    II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න.

    46. අඡීර්ණ පිච්චී යාමට

    කොත්තමල්ලි,වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න.

    47. කෑම අරුචිය

    I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි)

    II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි.

    48. බඩේ දැවිල්ලට

    I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න.

    II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.

    III – පුහුල් මද ඉස්ම බොන්න.

    49. මෙම කසාය බොන්න

    කොත්තමල්ලි,වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

    50. කිරි පණුගායට

    පෙරුම්කායම් කුඩු,වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න.
    ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න.
    (පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)

    51. කිරි පණුවන් ඇති නොවීමට

    එරමුදු දඵ මිටක් දෙකක් ගෙන කුප්පමේනිය දඵ සහ වෙනත් පළා කොළ සමග කළවම් කර මළවා මසකට දෙවරක්වත් ආහාරයට ගන්න. (ළමයාගේ සිට වැඩිහිටියා දක්වා ගුණයි. මඤ්ඤෙක්කා කොළ කළවන් මැල්ලුමට නුසුදුසුය.)

    52. කිරිපණු විරේකයට

    I – ඇත්තෝර කොළ ලියා ගිතෙලින් මලවා ආහාරයට ගන්න.විරේක වේ.විරේක වූ පසු තැම්බුම් හොදි,මිරිස් හොදි සමග බත් කන්න.

    II – ඇත්තෝර කොළ පොල් දමා මළවා කෑමද හොඳයි.විරේක වේ.

    53. බඩ කොරවීමට

    I – කළටි පොල් ලෙල්ලක් රත්කර බඩ තවන්න.

    I – ඹළිඳ කොළ එළකිරෙන් අඹරා බඩට පැලැස්තරයක් එලන්න.

    III – බෙලිමුල්,පොල්පලා මුල් තම්බා උදේ සවස බොන්න.

    IIII – පොල්පලා,සුදුඵෑණු තම්බා උදේ සවස බොන්න.

    54. ගමන් බිමන් යනවිට රථවාහන වල යනවිට වමනය යනවාට

    අඵයම නැගිට දෙහි ගෙඩි කීපයක් මිරිකා,රාත්‍රි උණුකොට නිවා තිබු වතුර හා දියලුණු බිංදුකීපයක් ද දමා සීනි දියකොට පීරිසි කෝප්පයක් තරම් බොන්න.වැඩි වුණාට කම් නැත. පැය 1/2 කට පසු සෙමට අගුණ තෙල් කෑම නොකා එසේම පිතට අගුන රටකජු කෑම ආදිය ද නොගෙන සුදුසු ආහාර ගන්න.
    බෝතලයකට දමා ඉහත දෙහි යුෂ ටිකක් අතර මගදීත් අවශ්‍යනම් වරින් වර බොන්න.වමනය නොයයි.

    55. මුත්‍රා පරිසිදු වීමට

    නිතර රාබු ලියා මලවා ආහාරයට ගන්න. නීරමුල්ලිය,කටු අනෝදා නිතර ආහාරයට ගන්න.රාඛු කොළ ලියා දෙහි ඇඹුල්,රතුඵෑණු,පොල් දමා සම්බෝලයක් සාදා කෑමට ගන්න.

    56. මුත්‍රා දැවිල්ලට

    ඉගිණි ඇට,වැල්මී,සුදු හඳුන් කළං 3 බැගින් ගෙන තැඹිලි වතුරෙන් අඹරා තැඹිලි ගෙඩියක් ගෙන ඇස්ස ගසා බිඳක් වතුර ඉවත්කොට එයට ඇඹරුම් දමා ඇස්ස වසා රෑ පින්නේ තබා උදේ හිස් බඩ බොන්න. (ඌෂ්ණ ආහාර තෙල් කෑම අගුණයි) හොඳට පෙරා බොන්න.

    57. නින්දෙන් මුත්‍රා යනවාට

    I – පොල්පලා,මුකුණුවැන්න,රණවරා කොළ සමව ගෙන කොටා යුෂ ගෙන හීනටි හාල් කැඳ පිස පොල් කිරි මිශ්‍ර කොට සතියක් උදේට කිත 58. මුත්‍රා අඩස්සියට

    නෙරෙංචි කළං 12 ක් ගෙන, වතුර පත 8-1 සිඳ යවකාර ලුණු ටිකක් දමා බොන්න. වහා මුත්‍රා පිටවෙයි.

    59. වකුගඩු ආබාධ ඇතිනොවීමට

    රණවරා මල් තම්බා නිතර බොන්න.රණවරා කොළ කැඳ උදේට පානය කරන්න.රාබු, නීරමුල්ලිය,කටු අනෝදා හැකි සැමවිටම ආහාර ගන්න.

    60. අණ්ඩවාතයට

    (මෙය කෙමකි)වම ලොකුනම් දකුණු අතේද දකුණ ලොකු නම් වම් අතේද ඉරමුසු වැලක් කතා නොකර ගලවා බැඳ රාත්‍රි නින්දට යාමට පෙර කතා නොකර නිදාගන්න.රාත්‍රි ඇඳෙන් බැසීම තහනම්. අඵයම නැගිට කතා නොකර ලිහා හිසට උඩින් වීසි කරන්න. (සම්පූර්ණ සුවවේ. ආරම්භයේ සිට අවසානය දක්වාම කතා නොකර කළ යුතුය.)

    61. කුඩා බිළිඳාගේ මළ බද්ධයට

    I – ලුණු විල,අරඵ,වැල්මී ස්වල්පය බැගින් ගෙන තම්බා සීනි මිශ්‍රකර තේ හැඳි 1/2 බැගින් උදේ සවස දෙන්න.

    II – මුද්‍රප්පලම්,වැල්මී තැම්බූ වතුරට සීනි මිශ්‍රකර උදේ සවස පොවන්න. තේ හැඳි 1/2යි.

    62. රතගාය හා වෙනත් රෝග නොවැළදීමට

    උපන් දා සිට රත කල්කය දිනකට වරක් මවු කිරෙන් හෝ කොත්තමල්ලි වතුරෙන් දෙන්න.
    (වසරක් යනතුරු දිය යුතුවේ)

    63. රත ගායේදී ඇග සේදීමට

    වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් හෝ අමුකහ කොහොඹ කොළ තැම්බූ වතුරෙන් හෝ ලුණු විළ තැම්බූ වතුරෙන් හෝ සෝදන්න.

    64. රත බිබිලිවල ගෑමට

    මදටියා කොළ-පොතු ඉස්ම,ඇඹුල් දොඩම් යුෂ එක පමණ ගෙන කකාරා ගාන්න.

    65. බිළිඳා බෝවෙන රෝගයන්ගෙන් සහ බියවීමෙන් වැළකීමට

    I – උපන් දා සිට වසරක් යන තෙක් ඔසුදුම් පැකට් එකක් බෙහෙත් කඩයකින් ගෙන අගුරු කබලකට බිදක් දමා උදේ සවස බිළිඳා නිදන තොටිල්ලට දුම් අල්ලන්න.

    II – වදකහ කෑල්ලක් පෙරුම්කායම් පොඩ්ඩක් රෙදිකඩක ඔතා බළිඳාගේ අතේ ගැටගසා තබන්න.යකඩ ඇනයක් තොටිල්ලේ කොනක ගැටගසා තබන්න.

    66. වලිප්පුව (ෆිට් එක) සෑදීමෙන් වැලකීමට

    රත කල්කය පෙරසේ දෙන්න. සතියකට වරක් නිදිකුම්බා ගස තැම්බු වතුර තේ හැඳි 1/2 සීනි මිශ්‍ර කොට තුන්මසක් දෙන්න.

    67. ළදරු බඩ පිපුමට

    I – වදකහ ලුණු වතුරෙන් ගලගා බඩට පැලැස්තරයක් එලන්න.

    I – වදකහ දෙහි ඇඹුලෙන් ගලගා මවුකිරි සමග පොවන්න.

    68. බඩ යාමට

    I – ඉරමුසු මුල් තන කිරෙන් ගලගා දිනකට 3 වරක් පොවන්න.

    II – ළපටි පොල්මල් ඉස්මෙන් සාදික්කා ගලගා පොවන්න.

    69. කිසිදා දත් රෝග ඇති නොවීමට

    I – කුඩා කළ සිට මෙහි සඳහන් දත් බේතක් සාදා උදේ සවස දත් මැදීමට පුරුදු වන්න.

    II – ගතට දතට කිසිම ගුණයක් නැති සිතට පමණක් සිසිලක් එන කෘතිම සීත කළ බීම හා අයිස් වර්ග වලට පුරුදු නොවන්න. එයින් දත් විනාශ වේ. වෙරඵ,නෙල්ලි,සියඹලා,අඹ,ඇඹරැල්ලා,ආදී ස්වභාවික දෙයට ළමයා පුරුදු කරවන්න.

    70. සෝම රෝග (ඇග උණු කරවා යාම)

    I – කඵ උක් දඞු,වැල්මී,නෙල්ලි,සිරිතේක්කු,කිරිබදු අල කළං 2 මදටිය 8 බැගින් ගෙන වතුර පත 7 ක් ද කැහිපිත්තන් කොළ යුෂ පතක්ද දමා පත 1 ට සිඳ මී පැණි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් බොන්න.

    II – එයටම තවත් කසායක්
    අශෝක පොතු කළං 6 ක් ගෙන එළකිරි පතක් හා වතුර පත 7 ක් දමා 1 ට සිඳ පත එකවරම බොන්න. සතියක් උදේ සවස බොන්න.

    71. මාසික වේදනාවට

    කූරතම්පලා ගස සහමුලින් ගෙන තම්බා බොන්න. සුවඳැල් කෙසෙල් ගෙඩි අනුභව කරන්න.

    72. නතර වු මාස් ශුද්ධිය

    අරඵ,බුඵ,නෙල්ලි,රසකිඳ,පොල්පලා මුල් ළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ උදේ හිස් බඩ සහිඳ ලුණු දමා බොන්න. විවේක වී නම් දහවලට තැම්බුම් හොඳි,මිරිස් හොඳි බත් කන්න.සැර කෑම,තෙල් කෑම අගුණයි.

    73. මසකට කීපවරක් ඔසප් වීමට

    කඵ උක්,මානෙල් අල,සුදු හඳුන්,සැවැන්දරා මුල්,වදමල්,ඉරමුසු,රත්මල්,වැල්මී කලන් 1 1/2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

    74. යෝනි දැඩිවීමට

    ඉදුනු අඹ ඉස්ම,මී පැණි,කපුරු සමග අනා රාත්‍රියේ ආලේප කරන්න.සති දෙකක් ප්‍රතිකාර කළ විට ඉතා හොඳින් වැඩේ.ඇල්වතුරෙන් සෝදනවිට සෝදන්න.

    75. කිරි එරීමට

    කිරිබදු අල වේලා පිටිකර උදේට එළකිරි සමග මදටිය 5 ක් පමණ වළඳන්න.සති දෙකක් වළඳන විට හොඳින් කිරි වැඩේ.

    76. ශරීරය සුවඳවත් වීමට වර්ණවත් වීමට

    I – සුදු හඳුන්,අරඵ,සැවැන්දරා,අඹ පොතු,ලොක්සුබුඵ සමව ගෙන ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ගා පැයකින් නාන්න. එකවර දින ගණනකට බෙහෙත් සාදා ගන්න.
    (අඵහම් නැතිවී සම වර්ණවත්ව බබලා සුවඳවත් වේ.)

    II – නාමල් රේණු,අගිල් ඉරිවේරිය,මසන් ඇට මද,සැවැන්දරා මුල්,සුදු හඳුන් ඇල්වතුරෙන් අඹරා ශරීරයේ ආලේප කරන්න. සුවඳ වේ.

    77. සිසිල් වීමට

    ලොක් සුඹුඵ,කොහොඹ කොළ,දෙඵම් පොතු,නෙඵම් මල් ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ආලේපකොට පැයකින් නාන්න.

    78. නෂ්ඨ කාමයට

    නෙල්ලි යුෂ බඳුනකලා අවුවේ කීප දිනක් වේලා කකාරා සූකිරි,ගිතෙල්,මී පැණි මිශ්‍රකොට නෂ්ඨ කාමයට

    නෙල්ලි යුෂ බඳුනකලා අවුවේ කීප දිනක් වේලා කකාරා සූකිරි,ගිතෙල්,මී පැණි මිශ්‍රකොට උදේ සවස ටික ටික වළඳන්න. (කාම රතිය ඇතිවේ)

    79. ධාතු ශක්තිය ඇතිවීමට

    එළකිරිවලට සීනි දමා එයට උඳු සෑහෙන ප්‍රමාණයක් දමන්න.පවනේ උඳු වේලාගන්න.දින 6 ක් මෙලෙස එම උඳු නැවත නැවත කිරිවල බහා වේලාගන්න.ඉන්පසු අඹරා ගුලිකොට සවසට ගිතෙලින් බැද අනුභව කරන්න.එදිනෙදාට බැදගන්න. උෂ්ණ ආහාර අගුණයි.මහත්සේ ධාතු ශක්තිය ඇතිවේ.

    80. වීය්‍යී ශක්තිය වැඩීමට

    ඌරුතෙල්,මී පැණි සමානව ගෙන අනා රාත්‍රියට ලිංගයේ ආලේප කොට පිරිමැද උදේට උණුවතුරෙන් සෝදන්න.ඝනවෙයි,දිගුවෙයි,ශක්තිය ලැබෙයි.

    81. ක්ෂණික මෝචනයට

    නුග පොතු යුෂින් ඇඹරූ සුදු නීරමුල්ලිය ඇට අඹරා මගුල් කරඳ ඇටයක දමා බිඳක් වේලා තබා අඹරා ගුලිකොට මුඛයේ තබාගෙන යෙදෙන්න.

    82. අධික වේලාවක් ප්‍රීතිවීමට

    කඵ කැම්බේරිය මුල්,නෙඵම් දඞු සමවගෙන මී පැණියෙන් අඹරා පැයකට පෙර නාභියෙහි ගා යෙදෙන්න.

    83. ලොකුම සැපතකට

    එළකිරි,එළගිතෙල් එකට මිශ්‍රකොට හොඳට පාදෙක සෝදා යටිපතලේ ආලේපකොට පැයක් සිට යෙදෙන්න.

    84. විෂ සඳහා ප්‍රතිකාර ප්‍රථමාධාර

    I – සියඵම සර්ප විෂේදී හෘදය ආරක්ෂා වීමට විෂ ශරීරගත වී නම් පළමුව වමනය කරවන්න.ඊට පසු එළිගිතෙල් ටිකක් පොවන්න.

    II – වමනය කරවීමට අඹ මේස හැන්දක් වතුරෙන් අඹරා වතුරට දියකර පොවන්න.වමනය වේ.වමනය නොගියේ නම් උගුරට ඇගිල්ල ගසා වමනය කරවන්න.විෂ වර්ග බීමේදී මෙය හොඳයි.

    85. ගෝනුසු විෂට

    පරණ කොහු ලණු පුඵස්සාගත් අඵ පොල්තෙලෙන් අඹරා ගාන්න.වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරා ගාන්න.

    86. පත්තෑ විෂට

    I – පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.කෑ තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල,දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.

    II – විෂ වැඩිනම් දිවුල්ගසේ පස් පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්න.

    87. දෙබර බඹරු මී මැසි විෂට

    එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.අමුකහ අල,දෙමට මුල් උණුදියෙන් අඹරා ගාන්න.

    88. කුනකටු විෂට

    දිවුල් දඵ,දෙහි දඵ සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.ඉන්පසු දිවුල් කොළ පොතු,කහ,ලුණු දමා කොටා මලවා බඳින්න.

    89. විෂකුරු සතෙක් දෂ්ඨ කළ විට සතා නොදනී නම්

    I – සස්සඳ මුලක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

    II – එළගිතෙල් ටිකක් පොවා වෛද්‍යවරයෙක් හමුවට ගෙනයන්න.

    90. බලු විෂට

    I – සපා කෑ විගස බෙහෙත් සබන් ජාතියක් ගා සෝදන්න.

    II – මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න.

    III – දිවුල් කොළ,පොතු,අමුකහ,දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න.

    IIII – තුවාලය ඇත්නම් කහ කුඞු,පොල්කටු අගුරු කුඩු එකට කළවම් කර තුවාලයට දමන්න.

    91. බළල් විෂට

    කුප්පමේනියා කොළ අඹරා තබන්න.

    92. මී විෂට

    I – කෑ විගස රත්‍රන් කෑල්ලක් රත්කර කෑ මුඛයේ තබන්න.

    II – එළගිතෙල් කෑ මුඛයේ ගා බළලකු ලවා ලෙව කෑමට සලස්වන්න.

    III – දිවුල් කොළ, පොතු කොටා මිරිකා රතු කැකුඵ හාලෙන් කැඳ පිස දෙන්න.

    93. සියඵ විෂට

    තිප්පිලි,වියළි ඉගුරු,වදකහ,ගම්මිරිස්,සහිඳ ලුණු කළං 2 බැගින් ගෙන කුඩුකර හලා ගිතෙල්,මී පැණි දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර වරකට තැලුම් බටු ගෙඩියක් තරම් වයස12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.දවසට දෙවරක් උදේ සවස.

    94. අත්තන විෂට

    හීං ඇඹුල් ඇඹිලියා කොළ ඉස්ම කීප වරක් පොවන්න.

    95. නියගලා විෂට

    කැබැල්ල කොළ ඉස්ම,පොල්කිරි කළවම් කර කීපවරක් පොවන්න.

    96. කදුරු විෂට

    කළාඳුරු අල,කී කිරිඳිය කොළ ඉස්මෙන් අඹරා කී කිරිදිය කොළ ඉස්මට දියකර කීපවරක් පොවන්න.

    97. භූමිතෙල් විෂට

    I – වමනය කරවන්න.

    II – කරවිල වැල් ඉස්ම,පුහුල් වැල් ඉස්ම පොවන්න.

    98. කිනිතුල්ලන් එල්ලුන විට

    රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩා කිනිතුල්ලා වැටෙන තෙක් අතුල්ලන්න.

    99. උලුක්කුවට

    බේත් එඩරු ගසේ පස් පංගුව දියලුණු,අමුකහ දමාකොටා තල තෙලින් මලවා බදින්න.

    100. තැලීමට කෙටීමට

    අඵ විනාකිරෙන් අනාගන්න.බටතැල්ල ගස කහ,දියලුණු දමා කොටා මලවා බඳින්න.

    ලාංකික ඉතිහාසයේ වෙඳකමෙහි ඳක්ෂ දුර්ලභ ගනයේ නරපතියෙකු වු බුද්ධදාස රජතුමා (වෙද රජ්ජුරුවෝ) සිහිවීම පිණිස.


    වි.වෛද්‍යාචාර්ය බඹරකන්ඳ ගුරු දේවමිත්ත
    අලව්ව – නෙඵම්දෙනිය
     
    • Like
    Reactions: PHBhagya