සිංහළ වෙදකම

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    නියපොතු සහ නිය මහ කාදනය

    මේකට කියන නම තමා Ringworm infection මෙය සමේ නියපොතු සහ හිස් කබලේ ඉහල ස්තරයේ සෑදෙන දීලිරිමය ආසානයකි.මෙය ක්‍රමයෙන් වි්‍යාප්ත වෙනවා ඒ වගේම තව අයෙකුට බෝවීමට පවා ඉඩ ඇත.නමුත් එකිනෙකාගේ පිරිසිදු බාවය සහ ප්‍රතිශක්තිය අනුව වෙනස් වේ...මෙහි නම Ringworm උනාට මෙයට කිසිදු පණුවන් ගේ සබද තාවයක් නොමැත..මෙය දීලීරආසාදනයක් පමනි .මෙම දීලීරය මගින් ඉහල ස්තරයේ ඇති protein සහ keratin ගිල දමයි..මෙම රෝගය වයස අවුරුදු 15අඩු ලමුන්ට සෑදුනොත් අවදානමක් පවතින නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි....එම නිසා මෙම රෝගය ඇති වැඩි හිටියන් තමාන්ගේ සුවස්තතාව පවත්වා ගත යුතු අතර තමන්ගේ ඇදුම් පැලදුම් තම්බා හොදින් අවුවේ වේලා ප්‍රතිකාර ගන්නා අතර තුර පිරිසිදුව සිටීමට වග බගා ගත යුතුයි ....

    හරි අපි බලමු මෙයට කරන්න පුලුවන් මොකක්ද කියලා.......මුලින්ම සැර සබන් ජාති බාවිතය සහ මුලින්ම නවතා දමන්න හොද මෘදු කොහොඹ බේබි සබන් කෑල්ලක් බාවිතා කරන්න..වෙන මුකුතම ජාති මෙහි උලන්න යන්න එපා මොකද වැඩක් වෙන්නෙ නෑ මේ ගැන රෝගය තියෙන අය හොදට දන්නව ඇති.මොකද ඒ අය නොයෙකුත් දේ මීට ඉස්සර බාවිතා කලද.සල්ලි වියදම් කරල කොතෙකුත් දොස්තරල ගාවට ගියත් නිසි ප්‍රතිකාරයක් නොලැබී යන්න ඇති එම නිසා මා මේ කියන බෙහෙත පාවිච්චි කර සුවපත් බාවයට පත් වන්න ..හොදයි මුලින් එම තියෙන ස්තානය හොදින් සෝදා වියලෙන්න හරින්න..පසුව මෙම බෙහෙත මූඩියකට ස්වල්ප ප්‍රමානයක් ගෙන එහි අැගිල්ල හොදට තවරන්න සියලුම ඇගිලි වල පවතිනවානම් හැම අැගිල්ලකම සහ නියපොතු වල හොදින් ගාන්න..මෙය දවසට තුන් වරක් පමන කරන්න මතක තියා ගන්න මෙම රෝගය පවතින ඇගිලිවල වැඩි පුර තෙතමනය රදා පවත්තන්න එපා .වියලිව තබා ගන්න. රින්සො වැනි දේ වැඩිය ඇගිලි වල ගාව ගන්න එපා.......මම මේ කින ටික පිලි පැද මසක් පමන මේ බෙහෙත ආලේප කරගෙන සිටියහොත්..ඔබට ලස්සන නිරෝගි නියපොත්තක් සහිත අගිල්ලක් මාස දෙකකින් පසුව බලා ගත හැක....

    Thymol sprit තමා මේකෙ නම ෂාමසි වල තියෙනව හදල තමා ඒ ගොල්ලො මේක දෙන්නෙ වැඩිය ගනන් නෑ පොඩි බෝතලයක්ම රු 100 කටත් අඩුයි..රජයේ ඔසු සල් වල තියෙනවා


    සේනක පෙරේරා
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    අධිරුධිර පීඩණයට හේතුව කුමක්ද?

    රුධිර පීඩනයට බලපාන හේතු දෙකක් තියෙනවා.. එකක් රැධිර නාල වල තියෙන ප්‍රශ්නයක්. අනික වකුගඩුව සම්බන්ධ ප්‍රශ්නයක්.
    මේ සියල්ල මා හැකි පමණින් ඔබට කියන්නම්.

    වකුගඩු හා සම්බන්ධ රැධිර පීඩණය හේතු ගණනාවක් නිසා හටගත හැකියි.. අර එක් මහත්තයෙක් නිල වලින් සුවකල හැකියි කියලා කියා තිබුනේ. අන්න ඒක වකුගඩු වලට සම්බන්ධයි.

    වකුගඩු වලදී අපද්‍රව්‍ය පෙරෙනවා කියලා තමයි අපි දන්නෙ. නමුත් එතනින් එහාට දෙයක් මෙහි කෙරෙනවා.. මෙයට ඔබ එකඟ නොවන්නට පුලුවන්. ඒ නිසා ඒක සමග.පැටලෙන්න එපා.. මා දැනගත් දේ තමයි මෙහි ලියන්නෙ.

    වකුගඩු හරියට ඉන්ජෙක්ටර් පොම්ප මීලියන ගානක එන්ජිමක් වගේ. මේ නිසා තමයි වකුගඩුදෙකක් අපිට තියෙන්නේ. එකක් තිබුනත් ඇති. නමුත් මෙහි කෙරෙන කාර්‍යය නිසා අවදානම වැඩියි...

    අපගේ වකුගඩු වලදී අපගේ රුධිරය ඉතාම කුඩා අංශු වලට කඩනවා. මේ අංශුව පරමාණුවටත් වඩා කුඩයි. මේක කිසිම කාලෙක නවීන විද්‍යාවට සොයා ගන්න බැරි වේවි.. නමුත් මෙය දැනගත්තහම ඔබගේ රෝගය සුවපත් කරගැනීමට හැකිවේවි. නවීන විද්‍යාව මගින් තහවුරු කරනකම් ඉන්නවා නම් එය ඔබගේ කැමැත්තයි.

    මා ඉහත කී රුධිරය කුඩා අංශු වලට කැඩීමට අවශ්‍ය පීඩණය රුධිර පීඩනයයි. එය හෝමෝන වලින් සිදුකරන.ආකාරය නොව මෙම සංසිද්ධිය සිදුවන.ආකාරය ගැන ඔබගේ සිහිය යොමු කරන්න.

    මෙම පීඩනය ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ කාගෙන්ද. ඒ සඳහාඅවැසි ශක්තිය මූලිකව ලබා දෙන්නේ මනසයි.. මනස මෙහෙයවන්නේ කර්මයයි. අදාල ශක්ති සම්ප්‍රේශනය කරන්නේ ස්නායු සහ රුධිර සංසරන පද්ධියයි. මේ අනුව මේ සියල්ලම සලකා බලා වෙදකම කල.යුතුය. රුධිර පීඩනය අඩු කිරීමට බොහත් බීම තාවතාලික පිලියමකි. එය රොග කලමනාකරනය කිරීමකි. සුව කර ගැනීමටනම් මම පෙර කී කාරනා හරහා අවශ්‍ය.ප්‍රතිකාර කලයුතුය. නිල වදකම ඉන් එකකි. මෙහිදී මානසිකව දෙන ශක්තිය අත්‍යවශ්‍ය සාධකයකි. රුධිර පීඩණය පාලනය කර ගැනීමට මනස මෙහෙයවා සිදුකල හැකි ක්‍රම ලෝකයේ කෙතෙකුත් ඇත.

    නිරෝගී කෙනෙක් භය වුනහම රුධිර පීඩණය වැඩි වෙනවා නේද? යම් කෙනෙක් ඔබට පැවසුවොත් දැන් ඉතින් ඔබට සදාකාලිකවම මේ බෙහෙත් බොන්න වෙනවා, ඔබ දැන් ලෙඩෙක් කියලා ඔබගේ රුධිර පීඩණයට එය කෙසේ බලපායිද? ඔබගේ බුද්ධියෙන්ම විමසා බලන්න. මේ නිසා මුලින්ම මාගේ ධනාත්මක චිංතනය මගින් මාගේ රෝග සුවකල හැකිය යන මතය මුදුන් පත් කරගන්න. එය ඔබගේ සියළුම රෝග නිවාරණය කරගැනීමේ මගයි. ඔබගේ මානසික සංහිදියාව ඔබගේ රුධිර පීඩණය තීරණය කරනු ඇත.

    අනෙක් කරුන රුධිර නාල වල ඇතිවෙන ඝණ වීම සහ කුඩා වීමයි. අපි ඊටද විසඳුම් සොයාගනිමු...

    අප සිරුරේ ඇති රුධිර නාලවලින් ධමණි වල බිත්තිය ශිරා වලට වඩා ඝණකම වැඩිය. ඒ ධමණි වල ටිකක් ඝණ මාංශ තට්ටුවක් ඇති නිසාය. මෙයට හේතුව කුමක්ද?

    ඔබ කෙදිනක හෝ නාඩි බලා ඇත්ද? අතේ මාට ඇගිල්ලට පහලින් මැණික් කටුව ට යටින් අනිත් අතේ ඇගිලි තුනක් තබා බලන්න. ලේ ගලන හැටි ඔබට දැනේවි. එය තරංගයක් ලෙසින් ඉදිරියට ගමන් කරන බව ඔබට දැක ගන්නට හැකිය. මේ අවස්ථාවේදී ඔබට දැනෙන්නේ හෘදය වස්තුවෙන් පොම්ප කරන පීඩණය නිසා ඇතිවන රුධිර පීඩණය බව ඔබට සිතෙන්නට හැකිය. මේ තාක් කල් එය ඒ අකාරයෙන්ම සිතාගෙන ආ බව අපි දනිමු. නමුත් මේ ස්ඵන්ධනයට හෘදයවස්තුව සම්බන්ධ නැ. මේ ස්ඵන්දනය අදාල ස්ථානයේ ධමණියේ විස්තාරනය වීම සහ හැකිලීමයි. මෙම ක්‍රියාවලිය තරංගයක් ලෙසින් සිදු වීම නිසා රුධිර ධාරාව ඉදිරියට තල්ලු කර හරී. මෙහි පිරිසිදු රුධිරය ගෙනයන අතර අවසානයේ මේවා ශිරා වලින් නැවත හෘදයට ගෙන එයි. මෙසේ හෘදය වෙත ගෙන එන රුධීරයට එතරම් පීඩණයක් අවශ්‍ය නොවේ. ඇත්තටම සිදු විය යුත්තේ මෙයද? ශරීරයේ පහලම කොටසට ගමන් කරන රුධිරයට ධමණි වලින් පීඩණයක් ලබා දෙන අතර ශිරාවලින් එවැනි පීඩණයක් ලබා දෙනු නොලබයි. ශිරා වලදි කෙරෙන්නේ ශිරා මැද ඇති කපාට එක් පැත්තකට පමණක් ක්‍රියා කිරීම නිසා රුධිරය එක් පැත්තකට පමණක් ගමන් කිරීමයි. මේ නිසා තමයි කකුලේ ශිරා සමහර අයගේ ගැට ගැසෙන්නෙ. ඉදිරියට තල්ලු කරන්න බෑ. මෙම රෝගය ගැන වෙනම කතා කරමු. ( වෙරිකෝස් )

    දැන් අපිට තේරෙන්න ඒනි ධමණි ඇතුලත ගමන් කරන රුධිරය ඉදිරියට තල්ලු කිරීමක් කරනවානම්, ඒ ධමණි නිරෝගීව තබා ගැනිමට අප සිදු කරන්නට අවශ්‍ය දේවල්.

    1. ධමණි වල නම්‍යශීලි තාවය පවත්වා ගත යුතුය. ( එසේ නොවුන හොත් අවශ්‍ය විට විස්තාරණය විය නොහැකිය.

    2. විස්තානරය වීමේ හැකියාව තිබිය යුතුය. ( මාංශ පේෂි ඉහිල්වීමට හැකි විය යුතුය)

    3. මාංශ පේෂි සංකෝචනය විය යුතුය. ( අවශය විට මාංශපේශි සංකෝචනය නොවන්නේ නම් ඉදිරිය තල්ලු කල නොහැකිය.)

    4. ඇතුතලත බිත්ති සුමට විය යුතුය. (දෘඪ බිත්ති ඇත්නම් ඉදිරියට තල්ලු කරන්නට අමතර වෙහෙසක් දරන්නට සිදුවේ)

    5. ධමණි විස්තාරකය වීමට දායක වන නයිට්රික් ඔක්සයඩ් සහ අවශ්‍ය ප්‍රොස්ටග්ලැන්ඩින් වැනි හෝමෝන නිසිලෙස ශ්‍රාවය විය යුතුය.

    6. රුධිරයේ ඝණත්වය වැඩි නොවිය යුතුය.

    7. කොලෙස්ටරෝල් ධමණි වල බිත්තියේ තැන්පත් වී ඉඩ ඇහිරි නොතිබිය යුතුය.

    ඉහත කාරනා හරි ආකාරව තබා නොගැනීම නිසා රුධිර පීඩණයේ වෙනස් කම් ඇතිවේ.

    1 දක්වා ඇති ලෙස ධමණි වල නම්‍යශීලිත්වය නැතිනම් රුධිර පීඩණය වැඩි වේ. මෙය ඔබට තේරෙන්න ඇතැයි සිතමි. හරියට පීවිසී බටයක යන වතුරයි රබර් හෝස් එකක යන වතුරයි වගේ. නම්‍ය ශීිලී නොවන පීවිසී නලයේ පීඩණය වැඩිය. රබර් හෝස් එක තුල පීඩණය අඩුය. මෙම නම්‍ය ශීලීත්වය ඇති කිරීමට කොපර් නැමත් ඛණිජය අවශ්‍යය. මේ සදහා හොදම ආහාාරයකි කළු තල. තේ හැදි තුනක් විතර දිනපතා කනවානම් හොදයි.

    2 හි දක්වා ඇත්තේ විස්තාරණය ගැනයි. මා මෙහිදී කියා සිටින්නේ අවශ්‍ය වෙලාවට විස්තරණය වීීමට මාංශ පේශි ඉහිල් විය යුතුය යන්නයි. මාංශ පේශි ඉහිල් විමට නම් මැග්නීසියම් කියන ඛණිජ ලවණය අපගේ ශරීිරයේ ඇති තරමට තිබිය යුතුය. යමෙකු ගේ මෙම ඛණිජලවනය අඩුනම් නාඩි අල්ලන වෙලාවේදී ඔබට දැනුනු සංකෝචනයෙන් පසු ඉහිල් වීම නිසි අයුරින් සිදු නොවේ. මේ නිසා ධමණිය ඇතුලත පීඩණය වැඩිවේ. හරියට රබර් හෝස් එකක් ඇතුලත වතුර යන විට අගින් බාගෙට තද කරලා අල්ලගෙනහිටියා වගේ. එහෙනම් මැග්නීසියම් නැතිනම් අධිරුධිර පීඩණය ඇතිවන බව සිතට ගත යුතුය. මෙම පීඩනය මා ඉහත දැක්වූ වකුගඩුව විසින් ඉල්ලා සිටි පීඩණයක් නොවන නිසා මෙය ඔබට නරකට බලපානු ඇත. නමුත් මේ තත්වය නිරාකරණය කර ගැනීම සදහා කවදාවත් මැග්නීසියම් සහිත කොළ වර්ගයක් කන්න කියන්නේ නැත. වට්ටක්කා ඇට ටිකක් වැඩිපුර කන්න කියන්නේ නැත. හේතුව ඔබ දන්නා නිසා මම නොකියමි.

    3 හි සටහන් කල ආකාරයට ධමණි වල ඇති මාංශ පේශි සංකෝචනය විය යුතුය යන්නෙන් අදහස් කලේ රුධිරය ඉදිරිය ගෙන යෑමට අවශ්‍ය පිඩණය ලබා දීමට පස්සෙන් තල්ලු කල යුතුය යන්නයි. එය සිදු කරන්නේ ධමණි සංකෝචනය මගිනි. යමෙකුගේ රුධිරය පීඩණය අඩු විමට මෙය බලපානු ඇත. ඒ ඔහුගේ කැල්සියම් ඌණතාවයේ ප්‍රතිඵලයයි. අපගේ සියළුම මාංශපේශි සංකකෝචනය වීම සදහා කැල්සියම් නැමති ඛණිජ ලවණය අවශ්‍ය වේ. යම් හෙයකින් මෙම කණිජ ලවනය අඩු වුවහොත් සිදිුවන්නේ මහා විනාශයකි. වකුගඩුව ඉල්ලන පීඩණය දිය නොහැකිය. මේ නිසා රුධිරය මා පැවසූ සේ කුඩා අංශු වලට කැඩිය නොහැකිය. මේ නිසා හටගන්නා රුධිර පීඩණය අඩු වීම අධි රුධීර පීඩණයටත් වඩා භයානක බව සමහරුන් පවසයි. එය ඔබටද දැනෙනු ඇති.

    4 වැන්නට පැවසුවේ ඇතුලත බිත්ති ඝනත්වය අඩු විය යුතුය යන්නයි. මේ සදහා ප්‍රති ඔක්සිකාරක සහ ඔමේගා 3/6/9/ ආහාරයේ තිබිය යුතුය. ඝණත්වය වැඩි වූ විට සංකෝචන ඉහිල් වීමේ ක්‍රයාවලිය නිසියාකාරයෙන් සිදු කර ගත නොහැකිය.

    5. වැන්නට පැවසුවේ. හෝමොන ගැනය. හෝමෝන නිසිලෙස ශ්‍රාවය කිරීම සදහා අවශ්‍ය නිසි පෝශනය දෛනිකව ලබා දීම කල යුතුය. එය නොලැබෙන තැන හෝමොන ශ්‍රාවය වීම නිසිලෙස සිදු නොවේ. විශේෂයෙන් සින්ක් නැමති ඛනිජ ලවණය අපගේ හෝමෝන පද්ධතියටම බලපායි. වට්ටක්කා ඇටවල බහුල ඛණිජ ලවනයකි.
    මෙහිදී ප්‍රොස්ටග්ලැන්ඩීන් නැමති හොමෝනය ඉතා වැදගත් වේ. මෙම හෝමොනය මගින් අපගෙ සිරුරේ යම් කොටසටක රුධිරය වැඩිපුර අවශ්‍ය වේලාවකට ධමණි බිත්ති විස්තාරනය වී රුධිරය පඩණය වැඩිවීමකින් තොරව ඉිදිරයට ගෙන යෑමට උපකාරී වේ.
    නයිට්‍රික් ඔක්සයිඩ නිශ්පාදනය තවත් එක් උපක්‍රමයකි. මෙම ගින් රුධිර පීඩණය පාලනයට වඩා රුධිර කැටියක් සිරවීම නවතා ලන්නට සමත් වේ. නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවන්නේ ධමණි වල ඇතුල් බිත්තියේ පලමු සෛල ස්ථරය නැතිනම් එන්ඩෝතීලියමය මගිනි. මේ ගැන වැඩිවිස්තර අවශ්‍ය නම් ඉදිරිපත් කල හැකිය.

    6. වැන්නෙන් පැවසුවේ. රුධිරයේ ඝණත්වය ගැනය. මෙයටද බටහිර වෛද්‍ය විද්‍යාෙවන් කරනේ රුධීර තණුක කරන්නට බෙහෙතක් සාදාකාලිකව දිමය.හේතුව සොයා ගත්තානම් මේ දේ කල යුුතු නොවේ. යම් කාලයකට රෝගය කළමණාකරනය සදහා මෙම බෙහෙත් ගත්තත් රෝග නිධානය සොයාගෙන පිළීයම් කල යුතුය.

    රුධිරයේ ඝණත්වය වැඩි වීමට බලපාන හේතු කිහිපයක් ඇත. දුම්පානය ඉන් ප්‍රධාන වේ. දෙවැන්න හෝමෝ සිස්ටීන් යන රසායනිකය වැඩිවීමයි. මේකට හේතුව වන්නේ අපගේ සිිරුරේ පළමු සෛලය පටන් ගත් දාසිටම සිදුවන මෙතලේෂන් නැමති ක්‍රියාවලියයි. එහි අතුරුඵලයක් ලෙස මෙම හෝමෝ සිස්ටීන් රුධිරයට මුදා හරී. මෙය නැවත නැවත භාවිතාකර ග්ලූටතයෝන් නැමති ඉතාමත් වටින හෝමෝනය නිපදවිය හැකි වුවත් අදාල පෝෂණය ලබා නොදීම හේතුවෙන් මෙම රුධරය ඝණත්වය වැඩි කරන හෝමෝ සිස්ටීන් රුධිරයේ සැරිසරයි. ඔබ කල යුතු වන්නේ හෝමෝ සිස්ටින් නැවත භාවිතා කිරීමට අවශ්‍ය පේෂණ කොටස් දෛනිකව ලබා දීමයි මේවා මොනවාද

    සෙලේනියම්,
    වටමින් බී 6. බී 12,
    ෆෝලික් අම්ලය

    යන පෝෂ්‍ය කොටස් මේ සදහා ඉතාමත් වැදගත් වේ. අම්මලා බබාල හම්බවෙන්න ඉන්නකොට මේවා බොනවා නේද, මෙයින් වැඩි කොටසක් කොස් සහ පොලොස් වල ඇත. ගමේ කෑම කන්න. එවිට මෙම රෝග වලින් මිදෙන්නට පටන් ගනීවි. අළ බතල කන්න. සැම විටම ගෙදර ආහාර පිසගන්න.

    7 වැන්නෙන් කිව්වේ. කොලෙස්ටරෝල් ප්‍රශ්නයයි. ඇත්තටම එ්ක ප්‍රශ්නයක් නොවෙයි. කොලෙස්ටරෝල් වැඩිවීමට හේතුවත් ශරීරයේ මුක්ත ඛණ්ඩක වැඩිවීමයි.ඒ නිසා කල යුතු වන්නේ හැකි තරම් ප්‍රතිඔක්සිකාරක තම ආහාරයට ගැනීමයයි. කොලෙස්ටරෝල් ධමණිවල පමණක් බැදෙන්නේද ධමණි වල ඇති මුක්තඛණ්ඩක නිසාය. මුරුංගා කොල කුරුදු. සහ වෙනත් ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර සොයා ගන්න. ( කොලෙස්ටරෝල් ගැන මා විසින් දීරඝ ලිපියක් ඉදිරිපත් කලා )

    මේ සියළු කාරනා නිසා රුධිර පීඩණය වැඩි හෝ අඩු විය හැකිය.

    මාගේ තීරණය නම් යම් කෙනෙකුගේ රුධීර පීඩණය වැඩිවී ඇත්තේ වකුගඩුවේ මෙහෙයවිම නිසා නම් එය සිරුරට ප්‍රශ්නයක්නොවේ. එය සැදී ඇත්තේ අප පසුව කතා කල හේතුවක් නිසා නම් එය තරමක් භයානක තත්වයකි. තරමක් විවාදයට භාජනය වන කාරනාවක් වුවත් අකමැත්තෙන් හරි මෙය කියවා දැනගන්නට උත්සහා කරන්න.


    Nayana Thenuwara
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    දනහිස් වේදනාව


    35388039_2046617212078234_4702876837070503936_n.jpg


    මේ සදහ බලපාන හේතු සාදකනම් බෝහෝමයක් තිබෙනවා නමුත් ඒ සෑම එකක් පිලිබද වම දැනුවත් කීරීමට අපහසු හෙයින් .ඔබට තේරුමි ගැනීමට පහසු වෙන පරදි තෝරා ගත් කරුනු කීපයකුත්.සුලු දනහිස් අමාරුවක් ආ පසු එක පාරටම වෛද්‍යවරුන් ලගට දුවන්නෙ නැතිව ගෙදරදීම කරගත හැකි ප්‍රතිකාර ක්‍රම ටිකක් කියා දෙමි....බටහිර වෛද්‍ය ක්‍රමයට අනුවනම් මෙය සෑදි ගිය විගස දෙනු ලබන්නේ NSAI,D කාන්ඩයේ බෙහෙතකුයි( වේදනා නාශක) සහ suppiment මොනව හරි බෙහෙත් ටිකකුත් තව ඉතින් රෝගියා සනසන්න තව මොනවහරි ඊට ලස්සන ලස්සන පාට පාට බෙහෙත් දෙකතුනකුත් එකතු කරලා බෙහෙත් ටික ලියනවට 1200 විතර කඩලා ආයි pharmacy එකේ බෙහෙත් ටිකට රු2500-3000 විතර එතනුත් කඩලා ලෝකෙ තියෙන ලොකුම පරීක්ෂණ ඔක්කොමත් කරල රෝගිය අන්තිමටම හින්දල තමා පස්ස බලන්නෙ ...මම මේ කියන්නෙ ලොකු ලොකු අමාරු වලට එහෙම කරන්න ඕන තමා නමුත් සුලු . රෝග තත්වයන්ටත් මෙසේ කීරීම කනගාටු කාරක තත්වයකි....හැබැයි මම මේ කියන ප්‍රතිකාරය දනහිස් අමාරු සියලුම වර්ග වලට ප්‍රතිකාරයක් නොවන අතර උදා..Ligament damage එකකදී ශෛල කර්මයක් කල යුතුයි .....නමුත් සෑම දනහිස් අමාරුවකදීම මේ ටික කෙරුවොත් ඔබට යම් කිසිහෝ සහනයක් ලැබෙනු ඇත.........................................
    හරි අපි බලමු දැන් දනහිස් සන්දිය සෑදී ඇත්තේ කෙසේද කියා...මෙය අස්ති හතරකින් සෑදි ඇත එනම් femur.tibia .fibula.සහ pattella යන අස්ථි වලිනි රෑපයේ පරිදි උඩින් femur එකත් යටින් tibia .fibular යන දෙකත් ඉදිරියෙන් නිදහසේ දනිස් පොල් කට්ට නැමති pattella එකත් සම්බන්ද වේ ..මෙම සන්දියේ මැද meniscus නැමති කාටිලේජයක් පිහිටා ඇත.මෙය සන්දියට කම්පන දරා ගැනීමට සහ උඩ අස්තියත් පහල අස්ථි යත් දෙක ඝට්ටනය වීම වැලකීම සදහ පිහිටා ඇත.මෙම සන්දියේ එහා මෙහා යාම වැලකීම සදහ සන්දිය කන්ඩරා එනම් Ligement හතරකින් බැදී ඇත එනම් ACL..PCL...MCL...LCL..යන මේවාය...මෙම ligement වැඩියෙන්ම damage වන්නේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේය..මෙය 100%damege උනත් යලි ශෛල කර්මයකින් ස්තාපිත කල හැක...උඩින් එන quadriceps..පිටුපසින් Hamstring කියන mucsels group මෙයට සම්බන්ද වේ මෙමගින් කුකුල නැමීමෙ දීග හැරීමේ හැකියාව ලබා දෙයි..තවත මෙම සන්දියේ synovial fluid එක නැමති දියරමයකින් පිරී පවති මෙය දනහිසේ ලිහිසිබාවයට උදවුවේ .......

    #අපි දැන් බලමු මේ දනහිස් අමාරුවට හේතු මොනවද කියලා....

    #Ligament sprain .කන්ඩරා ඇබරීමක්
    #Meniscus tear මැද කාටිලේජය ඉරීමක් කඩතොලුවීමකදි
    #Mucsels sprain ඉහත දැක්වු මස්පිඩු ඇඹරීමකදී
    #අස්ථි බිදීමකදී
    #Mucsels tightness මස්පිඩු තද වීමකදී
    මේ සියල්ල වැරදි ඉරියවු..අදික වියායාම...අදික තරබාරු කම....නිසා විය හැක...
    කිසිම වියායාම යක් නොමැති කමත් දනිස් අමාරැව ඒමට තවත් එක්තරා කරුනකි...

    #දනහිස ආශ්‍රිත සෑදෙන රෝග...

    #Knee osteoarthritis (මැද කාටිලේජය ගෙවීමකින් හෝ කැඩියාමකින් හට ගනී)
    #Knee rheumatic arthritis (මෙය autoimmune desease එකකි එනම් තමන්ගේ ප්‍රතිශක්ති පද්දතියේම බලපෑමකින් මැද කාටිලේජය කා දමයි)
    #Cyst හට ගන්නා ගෙඩි නිසා
    #Pattella tendanitis පැටෙල්ලා ටෙන්ඩන් එකේ හට ගන්නා ප්‍රදාහක තත්ව
    #Hamstring tendaniti
    #synovitis මධ්‍ය දියරමයයේ හට ගන්නා ප්‍රදාහක තත්ව
    තව විශාල ප්‍රමානයක් ඇත.....

    #රෝග ලක්ෂණ

    #අදික වේදනාව
    #ඉදිමීම (arthritis condition වලදීමෙය නිතර නිතර ඇතිවේ)
    #දිගහැරීමට නැමීමට ඇති අපහසු තාව
    #ඇවිදීමේ අපහසුතාව
    #හිදගෙන සිට නැගිටීමේදි අපහසුව
    ඔබගේ් දනහිසට යමක් උන වෙලාවේම ඔබ කල යුත්තේ එනම් ඇඹරීමක් තැලීමක්.කෙටීමක් ..එය නොසොල්වා පැය 2 න්2ට වත් දවසක්වත් යනතුරු අයිස් තැබීමයි.ඉන්පසු එය නොසොල්වා තබා ගැනීමට බැනඩේජ් එකක් දමන්න දින තුනක් පමන මෙමගින් ඔබට සිදු උන අනතුර වැඩි නොවී පවත්වා ගත හැක..........මුකුත් ගාන්න අතගාන්න යන්න එපා ප්‍රතිකාර පටන් ගතයුත්තෙ දින තුනකට පමන පසුවය...........(පරන එකකට මෙය අදාල නොවේ)

    #හරි අපි බලමු කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...


    35349004_2046617305411558_7032281250891038720_n.jpg



    මුලින් ඔබ කල යුත්තේ හොද ලොකු සාලුවක් සොයා ගැනීමයි.ඊට පස්සෙ හොද උනු වතුර එකක් නටවා ගන්න ඉන්පසු 50c අංශක පමන නිමාගෙන අර සාලුව එම උනු වතුරේ හොදින් පොගවා රස්නය තිබියදීම සාලුව කකුල වටේ වට 2-3 පමන ඔතන්න ..ඉන් පසු නිවීගෙන එන විට යලිත් සාලුව කකුලේ තිබියදීම උනු වතුර ටික ටික එකතු කරන්න මෙය විනාඩි 20 පමන කරන්න..ඉන් පසු මම රෑපයේ දක්වා ඇති ආකාරයට වියායාම ටික එකකින් 15 සැරය බැගින් කරන්න පලමු දවසේ පහ බැගින්ද දෙවනි දවසේ දහය බැගින්ද තුන්වන දිනයේ පහලොව බැගින් පරදි කරන්න...වියායාම අවසන්වූ පසු ආයුර්වේද සංස්තාවේ ගහන වාත විදුරංග තෙල් හෝ නාරායන තෙල් කුප්පියක් අරන් දනිස්සේ ඉදිරිපසත් පිටු පසත් දෙපැත්‍ගතෙත් හරියටම විනාඩි 10 පමන හොදින් මහපට ඇගිල්ලෙන් හොදට රවුමට පිරිමදින්න ඉන්පසු තෙල් යලිත් දනිස්සෙන් උඩ මස්පිඩුවලත් පිටිපස මස්පිඩු වලත් යට බත් කෙන්දෙත් හොදට ගාලා තව විනාඩි 10 පමන උඩ අතට පිරි මදින්න ...මෙය ටික දිනක් කරන විට ඔබට යම් කිසි සුවයක් දැනේවි..හැබැයි කියල තියෙන පිලිවලටම උනන්දුවෙන් කලොත් ජය නියතයි...
    ඊට අමතරව මේ පහත සදහන් දේවල් ටික බොන්න පුලුවන් නම් ගොඩක් හොදයි..මොකද ගෙවී ගිය කාටිලේජ නැවත වර්දනයට සහ මස්පිඩු ශක්තිමත් බාවයට හොදයි...
    #හැමදාම කෝමාරිකා කෑල්ලක් බෙන්ඩර් කරලා දෙහි බිංදු කීපයක් ද සීනි චුට්ටක් දමා බොන්න....
    #බිත්තර සුදු මදයට තලතෙල් තේ හැන්දක් පමනක් දමා සෑම දාම බොන්න...
    #හැමදාම බන්ඩක්කා කන්න තියෙනවනම් ඒකත් හොදයි..



    සේනක නලින්....
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    36087866_1695758170537269_4065810806275571712_n.jpg


    මේ මල් ගස්ලබු. කිසිම වැඩකට නෑ කියල නේද හිතාගන ඉන්නේ. නමුත් මල් ගස්ලබු දියවැඩියාවට වගේම කොලෙස්ටරෝල් පාලනයට දිව්‍ය ⁣ඖෂධයක් කියල දන්නවද..? ඒත් කොහොමද මේව ආහාරයට ගන්නේ.
    හරි මම කියා දෙන්නම් මල් ගස්ලබු වලින් රසවත් සලාදයක් පිළියෙල කරගන්න හැටි.
    මුලින්ම ගස්ලබු මල් ටිකක් කඩාගෙන විනාඩි දහයක් විතර හොඳට තැම්බෙන්න තියන්න. විනාඩි දහයක් විතර තැම්බුණු ගස්ලබු මල් ටික දිය බහින්න කිරි ගොට්ටක් වගේ එකකින් තියල තියන්න. ඊට පස්සේ රතු ළුණු ගෙඩි පහක් හයක් තක්කලි ගෙඩියක් සහ අමු මිරිස් කරල් දෙකක් විතර හීනියට කපා ගන්න. ගම්මිරිස් කුඩු ටිකක් උම්බලකඩ ටිකක් දෙහි⁣ ගෙඩියක් එහෙමත් මෙතනට ඕනි.
    දැන් අර දිය හිඳුණු ගස්ලබු මල් ටිකට කපා ගත් රතු ළුණු, තක්කාලි, අමු මිරිස්, එකතු කරන්න. ගම්මිරිස් කුඩු, උම්බලකඩ දෙහි සහ ලුනු පදමට එක් කරගෙන පොඩි කරගන්න. ගොටුකොල සම්බෝල හදනවා වගේ තමයි. අමාරුවක් නැහැ.
    සමහර ගස්ලබු මල් ටිකක් තිත්ත රහ එනවා. තිත්ත ඒවා වඩාත් ගුණයි. බුරුම සහ තායිලන්ත ජාතිකයන් ගස්ලබු මල් හොය හොයා කනවා. එයාල දන්නවා මෙහි ගුණය හොඳින්. ඉතිං දවසක ඔයාලත් මේ විධියට ගුණදායක අළුත් අහාරයක රස බලන්න.

    Mahesh Gamage
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    කොණ්ඩය සුදු වෙන්නෙ ඇයි

    අපගේ ශරීරයේ වර්ණය පවත්වා ගන්නේ මෙළනින් වලින්. මෙම මෙළනින් නිපදවන සෛල තිබෙනවා සමට යටින්. මෙළනින් නිපදවීමට ප්‍රධාන සංඝඨක කිහිපයක් අවශ්‍ය වෙනවා. ඉන් ප්‍රධාන ම සංඝටකයක් තමයි කොපර්. කොපර් අපගේ ශරීරයේ ඉතාමත් වැදගත් කාර්‍යාවලියක් සිදු කරනවා. අපගේ සියළු පඨක වල නම්‍යශිලීත්වය පවත්වාගන්නේ මෙම ඛණිජ ලවණයයි. ඉතින් යම් හෙයකින් කොපර් ඌණතාවයක් හට ගත්තොත් අපගේ ශරීරයේ හෘදය වස්තුවේ සිට පෙණහලු , මහාප්‍රාචිරය සහ සියළු ධමණි වල නම්‍යශීලීත්වයට මෙය බලපානවා. එසේම හිමොග්ලොබින් නිපදවීමටත් මෙය බලපානවා.

    කොණ්ඩයේ කළු වර්ණයටද බලපාන්නේද මෙළනින් වර්ණකයි. මෙළනින් නිපදවන්නට කොපර් අවශ්‍ය බව මා ඉහත පැවසුවා. දැන් හිතලා බලන්න අපගේ සිරුරේ කොපර් ඌණතාවයක් ඇත්නම් හදවතට අවශ්‍යතාවය තිබියදී, ධමණි වලට අවශ්‍ය තාවය තිබියදී, හිමෝග්ලොබින් නිපදවීමට තිබියදී, පෙණහලු මහාප්‍රාචීරය වැනි තැන්වල ක්‍රියාකාරීත්වය තිබියදී. ආහාර ජීරණ පද්ධතියේ ක්‍රමාංකුංචන ක්‍රියාවලිය කරන්නට තිබියදී කොණ්ඩය කළු කරන්නට තිබෙන කොපර් ප්‍රමාණය භාවිතා කරයිද?
    මම හිතන්නේ දැන් ඔබලාට තේරෙනවා ඇති කොණ්ඩය සුදුවන්නේ ඇයි කියලා. මොන බෙහෙත් බිව්වත් වැඩක් නැහැ කොපර් සහිත ආහාර ගන්නේ නැතිව. අපගේ සිරුර සැම විටම පෝෂ්‍ය කොටස් කළමණාකරනය කරනවා. වැදගත්ම තැනට තමයි අවශ්‍ය පෝෂ්‍ය කොටස් සපයන්නේ. ඉතින් කොණ්ඩය කියන්නේ අනෙක් කොටස් ගත්තහම එතරම් වැදගත් කමක් නැති තැනක් ශරීරයට. ඒත් ඉතින් අපිට මේක වැදගත්ම තැනක් ඒකයි වෙලා තියෙන්නේ. ඩයි ගාලා හරි කළු කරගන්න බලනවා. කරන්නට තියෙන්නේ පෝෂණය සපිරි ආහාර ගන්න එකයි.

    කොපර් සහිත හොදම ආහාරයක් තමයි කළු තල. කළු තල අරගෙන සොදලා වේලා ගන්න. දැන් ටිකක් බැදගන්න. මද ගින්නේ බදින්නෙ. නැතිනම් ගුණ හානි වෙනවා. සුවද ටිකක් එනවිට බාන්න. දැන් බෝතලයක දමාගෙන දිනකට මේස හැදි තුනක් විතර කන්න. මේ විදිහට මාස 6 ක් විතර කරන්න ඕනි ප්‍රතිඵල දකින්න. හැබැයි ඔබට ටික ටික කොණ්ඩය කලු වන බව තේරේවි. එපමණක් නොවේ හුස්ම ගන්නට පහසුවක් දැනේවි. හතිය නැතිවවෙි. දනහිස් වල එහෙම තියෙන වේදනාව නැතිවේවි. හිසේ කැක්කුම නැතිවේවි. කළු තල කියන්නේ ඉතාමත් ගුණ කෑමක් . මෙය ඕනිම කෙනෙකුට හොදයි.

    Nayana Thenuwara
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ඩෙංගු උණට බෙහෙතක්.

    මෙම ඔසුව දැනට සුව සෙත හෙළ ඔසු ආයතනයෙන්ද ලබා ගත හැකිය. කෙසේ වුවත් නිවසේදී සාදාගත හැකි ඔසුවක් නිසා මා එම අගනා ඔසුව මෙහි ඵලකරන්නම්.

    ඩෙංගු රක්තපාත උණ සෑදුනු කෙනෙක් හට ඇති විශාලම ගැටළුව නම් තමාගේ ලේ වල ඇති වන රුධිර පට්ඨිකා අඩු වීමයි. සැවොම දන්නා ආකාරයට කීවොත් රුධිරයේ ‘ප්ලේට්ලට්’ අඩු වීමයි. මෙය ශරීරයේ ඇතිවන ඌනතාවයකි. ශරීර උෂ්ණත්වය ඉහල යෑම මෙම රෝගයේ ප‍්‍රධානම රෝග ලක්ෂණය වේ. එසේ නම් ප‍්‍රතිකාර කල යුතු වන්නේ රෝග ලක්ෂණයට නොව රෝග මූලයටය. ඌනතාවයක් නිසා හට ගන්නා මෙම රෝගයට ඇති සුදුසුම බෙහෙත මෙතෙක් අපට සැඟවී පැවතින. නමුත් අපගේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ වන වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ගේ සමාධියට හසුවූ මෙම ඖෂධය නිසා මේ වන විට විශාල පිරිසක් ඩෙංගු රෝගයෙන් සුවය ලබා ඇත. ඩෙංගු රෝගය සුව කරන මුවාවෙන් අයතා ලෙස මුදල් උපයන පිරිස් බිහිවී සිටිනා මෙවන් අවධියක තමාටම සාදාගත හැකි මෙම මිළ කල නො හැකි ඔසුව ඔබ හට කියා දීමට කාලය යැයි සිතූ නිසා එය සමූහයේ පල කිරීමට සිතුවෙමි. ඖෂධ වෙළඳාම ලොව දෙවැනි විශාලතම ලෙස පවතින යුගයක මෙවන් ඖෂධයක් අපහට හෙලි කල වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමු. උන් වහන්සේගේ සමාධියට හසුවූ වටිනා ඔසු විශාල ප‍්‍රමාණයක් ඇති අතර ඉදිරියේදී ඒවාද හෙලි කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව පවසන්නේ ඉතා සතුටිනි. දියවැඩියාව, හෘද රෝග, ස්නායු ගත රෝග වැනි සුව කල නොහැකි යැයි සැලෙකෙන රෝගී තත්ව පවා නිට්ටාවට සුව කර ගැනීමට උන් වහන්සේ ඔෟෂධ දේශනා කොට ඇත. මෙම ලිපි කියවා බලා අන් අයටත් මෙම ඖෂධ පිලිබඳ දැනුම ලබාදෙන්න. එය ඔබගේ නීරෝග සම්පත්තිය පිනිස වනු ඇත.

    ජපාන ජාතිකයන් ආහාරයට ගන්නා සුප් වර්ගයක් මා හට සිහියට නැගින. එය උණ ගහේ ලපටි ගොබයෙන් සාදන ඉතා රසවත් සුප් වර්ගයකි. දෙවන ලෝක යුද්ධය සමයේ ජපන් සොල්දාදුවන්ටද අහාර පිනිස මෙම සුප් ලබාදී ඇති බව කියවේ. හිරෝෂිමාවට බෝම්බ දැමීමෙන් පසු ඇතිවූ ආහාර හිඟයට පිලියම වී ඇත්තේද උණ ගොබයයි. ජපන් ජාතිකයන් අදත් ලපටි උණ ගොබ ඉතා විශාල මිලක් ගෙවා වෙලඳ සැල් වලින් මිලදී ගනී. ලෝකයේ වැඩිම ආයුෂ ඇති මිනිසුන් ජීවත් වන රට වන්නේද ජපානයයි. සෞඛ්‍යය අතින් අංක 1 පසුවන රටද ජපානයයි. උණ ගසේ ඇති මහිමය දුටු චීන ජාතිකයන් ඔවුන්ගේ නිවෙස් තුල කුඩා උණ ගස් තබා ගැනීමට පියවර ගන්නා ලදී. අදත් චීන ගෙවල් වල සෞභාග්‍යයේ සංකේතයක් ලෙස පෝච්චියක සිටවූ උණ විශේෂ ගෙය ඇතුලත තබා ගනී. එපමණක්ද නොව සුජාත නම් සම්මා සම්බුදුරජානන් වහන්සේ තම බෝධි වෘක්ෂය ලෙස තෝරා ගත්තේද උණ ගසයි. අප අද ඇසතු බෝධියෙන් ලබාගන්නා කිරණ ශක්තිය සේම යම් ශක්තියක් උණ ගසේද ඇති බව පැරැන්නන් දැනගෙන සිට ඇත. මේ සියළු කරුණු සලකා බලන කල අප කොන්ක‍්‍රීට් සැටලිමට මුක්කු ලෙස පමණක් භාවිතා කරන උණ පඳුරට මීට වඩා යමක් අප රට වෙනුවෙන් සිදුකල හැකි බව නොසිතේද? ( උණ ගොබය යනු උණ පඳුරේ පොලොවෙන් මතු වෙන ලපටි උණ පැලයයි. සමහර පලාත් වල මෙම කොටසට මොටෙයි යන නමද යෙදේ )

    අපගේ මාතෘකාව වන ඩෙංගු උණ සඳහාද ප‍්‍රතිකාරය වන්නේ අප ඉහතින් සඳහන් කල කහ පැහැති උණ ශාකයයි. එම මාහැඟි ඔසුව සාදා ගන්නා ආකාරය සහ භාවිතා කල යුතු මාත‍්‍රාව පහතින් සඳහන් කරමු.

    කහ උණ ගහේ ලපටි ගොබයක් අතින් කඩා ගන්න. කොළ සහ කාටුව හොඳින් සුද්ධ කොට පසෙකින් තබා ගන්න. ලී වංගෙඩියක් සහ ලී මෝල් ගහක් පිරිසිදු කොට ගන්න. තම දෙඅත් හොඳින් පිරිසිදු කර ගන්න. සබන් හොඳින් ඉවත්වන තෙක් දෙඅත් සෝදන්න. දැන් කාන්දම් වලට නො ඇලෙන සුදු යකඩ පිහියක් ආධාරයෙන් පෙර සුද්ධ කර ගත් කහ උණ ගොබය කැබලි වලට කපා ගන්න. දැන් එම කැබලි වංගෙඩියට දමා වතුර එක් නොකොට හොඳින් කොටා ගන්න. කොටාගත් පසු පිරිසිදු රෙදි කඩක් ආධාරයෙන් ඉස්ම ටික පෙරා ගෙන පිරිසිදු භාජනයකට එකතු කර ගන්න. නැවත වරක් කොටා පෙර සේම ඉතිරිව ඇති ඉස්ම පෙරා ගත හැකිය.

    පෙරා ගත් උණ ද්‍රාවනය පිරිසිදු භාජනයකට දමා ගන්න. පලමු දින වරකට මේසහැඳි දෙක බැගින් පැය අටෙන් අට තුන් වරක් රෝගියාට පානය කිරීමට දෙන්න. දෙවන දින පැය අටෙන් අට දෙවරක් පමණක් දෙන්න. පළමු බෙහෙත් වාරයෙන්ම ඔබට ප‍්‍රතිඵල දැකගත හැකි වුවද පස් වතාවම ලබා දෙන්න. පස් වතාවට වඩා වැඩියෙන් ලාබා නොදීමට වග බලා ගන්න. ඖෂධයක මාත‍්‍රාව පිලිපැදීම අත්‍යවශ්‍ය කාරණයක් බව මතක තබා ගන්න. රෝගියා කුඩා දරුවෙකුනම් එක් මේස හැන්දක් දක්වා මාත‍්‍රාව අඩු කරන්න.

    මෙම ඔසුව ලබාදිය යුත්තේ උණ වැළඳී ඇති අවස්ථාවේ පමණක්වේ. ඩෙංගු උණ නොවුනද මෙම ප‍්‍රතිකාරය මගින් උණ සුව වනු ඇත.

    ඖෂධය පරිසරයට නිරාවරණය වීම නිසා නරක් විය හැකි බැවින් වාර පහ සම්පූර්ණ වන තුරු ශීතකරණයක බහා තබන්න. ඉතිරි වුවහොත් මීපැණි වලට කලවම් කොට අව්වේ තබා වේලා ගෙන අවශ්‍ය වූ විට නැවත භාවිතා කල හැකිය.

    එක් වතාවකට දෙන්නේ වේල් 5ක් විතරයි.. දවස් දෙකයි වේල් පහයි.


    Nayana Thenuwara
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ~සෙම් රෝග ~

    ඉතාම කාර්‍යයබහුල ජීවිතයක් ගෙවන නූතනයේ අපි හැමෝටම නිතර හැදෙන රෝගයක් මේ සෙම අමාරුව.සෙම ඇවිස්සිලා කියලත් කියනවා.ඊට බලපාන හේතු කාරණා බොහෝමයක් ඇති අතර අපි ඒ සම්බන්ධයෙන් වෙනමම පෝස්ට් එකකින් කතා කරමු .මොකද සෙම අමාරුව පැති කීහිපයකින් හා චර්‍යාරටා බොහොමයක් නිසා හට ගන්න පුළුවන් වගේම ආරෙටත් සෙම් රෝග ඇතිවෙනවා(විශේෂයෙන් පීනස).අද මම කියලා දෙන්නෙ පපුවෙ සෙම වගේම බෙල්ල උගුර ආශ්‍රිතව නිතරම හටගන්නා සෙම් රෝගවලට නිවසේදීම බොහෝම අඩු වියදමකින් වගේම පහාසුවෙන් තමන්ටම කර ගන්න පුළුවන් ප්‍රතිකාරයක් නැතිනම් අත් බෙහෙතක් .

    1. බාගෙට ඉඳුන දෙහි(ලා කහා පැහැති) ගෙඩි 4-5 කලින් මිලදී ගෙන නිවසේ තබාගනන්න .

    2. ඉන් එක දෙහිගෙඩියක් හොදින් පොඩිකරන්න මෙලෙක් වෙනතුරු .

    3. දැන් එය හතරට පලා ඇට ඉවත් කරන්න .

    4. නැවත එම කොටස් හතර පුංචි කැබලිවලට කපා කේතලයට දමන්න. ඉඟුරු කැබැල්ලක් තියෙනව නම් හොදින් තලා දමන්න

    5. දැන් කේතලයට අඬු කෝප්ප 3ක පිරිසිදු ජලය එක්කර ලිපේ තබා තැම්බෙන්න හරින්න

    6. අඬු කෝප්ප 3නේ වතුර අඬු කෝප්ප එකක් හෝ එකහාමාරක් වනතුරු මදගින්නේ හිදින්න

    7. එසේ සිඳගත් ජලය හෙමින් සැරේ පෙරාගෙන වීදුරුවකට හෝ පානය කලහැකි භාජනයකට දමාගෙන එයට සීනි තේ හැදි එකහාමාරක් පමණ මිශ්‍ර කරන්න .

    8. දැන් එම දියරය තමන්ට බීමට හැකි රස්නය තිබියදී බොන්න.

    9. මෙසේ උදේ කෑමට පසු එක් වරක් දහවල් කෑමට පසු එක්වරක් හා හවස තේ පානය වෙලාවට එක්වරක් බැගින් දිනකට තුන් වරක් බොන්න .සෑම වාරයකදීම අලුත් දෙහිගෙඩියක් ගන්න.කලින් තැම්බු දෙහි අවශේෂ තිබුනාට කම්නැත

    සැ:යු:= මෙම අත් බෙහෙත සාදා පානය කිරීමට ඔබගේ රැකියාවේ නිවාඩු දින වෙන්කර ගන්නා ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.මංද දෙවෙනි හෝ තුන්වෙනි වර පානය කල පසු වැසිකිලි යාමේ අවශ්‍යතාවය නිසැකයෙන් දැනෙන බැවිනි .(බඩ බුරුලෙන් වැසිකිළි යාම - loos motion තත්ත්වය කීපවරක් ඇතිවන බැවිනි)

    මෙහි ගුණාගුණ මෙසේය : උදරයේ යම් විෂක් අජීර්ණ තත්ත්වයක් තිබුනිනම් බඩ බුරුල් වී මලපහා සමග ඒ සියල්ල ශරී‍රයෙන් ඉවත් වීම

    අනවශ්‍ය සෙම කොටස් සියල්ල මලපහා සමග ඉවත් වීම.

    බඩ සුද්ද වීම,ලේ පිරිසිදු වීම,වාතය පුච්චා දැමීම හා එදින රාත්‍රියට සුව නින්දක් ලගා වීම.

    ප:ලි: නොකඩවා දින දෙකක් අඩුම තරමින් මෙය සාදාගෙන බීලා බලන්න පපුවෙ හා උගුරේ සෙම නිසැකයෙන් ඉවත් වෙනවා...ඔබටම දැනේවි සහානය...
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    දියවැඩියාව සදහා මොනවද තියෙන ප්‍රතිකාර










    ඔබ ඉහත වීඩියෝ නැරඹුවානම් දිය වැඩියාව හැදෙන්නට හේතුව දැන් දන්නවා ඇති.
    1. අග්ණ්‍යාෂයේ ඉන්සියුලින් නිපදවීම ඇණ හිටීම හෝ අඩුවීම. ( දියවැඩියා පලමු වර්ගය)
    2. ඉන්සියුලින් නිපදවුවත් ග්ලූකෝස් දේහ සෛල වල තැන්පත් කිරීම සදහා සෛල ප්‍රතිචාර නොදැක්වීම. ( දෙවන වර්ගයේ දියවැඩියාව)
    3. හෝමෝන වල වෙනස්විම නිසා ඝර්භණී කාලයේදී හටගන්නා දියවැඩියාව ( තාවකාලිකය)

    ඉන්සියුලින් නිපදවීම ඇණ හිටීම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීම අපට සිතා ගත හැකිය. ඉහත ඇති වීඩියෝවේ ඇති ආකාරයට ඉන්සියුලින් නැතිව දේහ සෛල වලට ග්ලූකෝස් ඇතුලත් කරගැනීමේ දොරටු විවෘත්ත නොවේ. එසේ නම් ග්ලූකෝස් රුධීරයේම තිබිය යුතුය. නමුත් දෙවැනි වර්ගයේ දියවැඩියාව එසේ නොවේ. ඉන්සියුලින් තිබුනත් දොර ඇරගැනීමේ ප්‍රශ්නයක් ඇති බව පෙනේ. මෙයට හේතුව නොදන්නා බවද එම වීඩියෝ වලම දක්වයි.

    තෛයිරොයිඩ් ප්‍රශ්ණය ලෝකයටම විශාල ප්‍රශ්නයක් වූ කාලෙක FDA එක තීරණය කලා ලුණු වලට අයඩීන් එක් කරන්න. ඒක FDA එක ගත්ත හොද තීරණයක් ලෙස මම දකිනවා. මේ නිසා ඉස්සර වගේ මිනිසුන් ගේ දැන් බෙල්ල ඉදිමෙන්නේ නෑ. යම්තාක් දුරට පාලනය කලා කියලා කියන්න පුළුවන්.

    1950 ගණන් වලදී එක් විද්‍යාඥයෙක් කිව්වා දියවැඩියාව හැදෙන්නේ ක්‍රෝමියම් නැමති ඛණිජ ලවනය අඩු වීම නිසා මේ නිසා අපි ක්‍රෝමියම්ද ලුණු වලට මිශ්‍ර කරමු කියලා. මෙය FDA එක ගානකටවත් ගත්තේ නෑ. මොකද ගළගණ්ඩය වගේ නොවෙයි දියවැඩියාව. මේක පේන්නේ නෑ. රෝගය තවත් රෝග ගණනාවකට අත වනනවා. ඉතින් මේ අදහස නිකම්ම කුණු කූඩයට ගියා. අද කියනවා දෙවැනි වර්ගයේ දියවැඩියාවට හේතුව දන්නේ නෑ තියලා.

    මම මේකට හේතුව පහදන්නම්. ඉන්පසු තීරණයක් ගන්න.

    අර වීඩියෝවේ තියෙන ඉන්සියුලින් සෛල මත ඇති ඉන්සියුලින් සංවේදක මත තෙරපුන විට හරිනම් ග්ලූකෝස් ඇතුලත් කර ගැනීමට අදාල ද්වාර විවෘත්ත විය යුතුය. නමුත් එය සිදුවන්නේ නැත. මුළු බටහිර වෛද්‍ය විද්‍යාව ඔබගෙන් සගවන රහස මෙයයි. මේ අදාල සංඥාව දේහ සෛල ව ල න්‍යෂ්ඨියට ගෙන යන්නට සහ න්‍යෂ්ඨීයෙන් අදාල සංඥාව සෛල පටලය වෙත යොමු කරන්නට අංශුමාත්‍ර වශයෙන් අපට අවශ්‍ය වන ඛණිජ ලවන දෙකක් බලපායි. ඒ වැනේඩියම් සහ ක්‍රෝමියම් වේ. මෙම ඛණිජ ලවන දෙක යම් කෙනෙකුගේ සිරුරේ අවශ්‍ය ප්‍රමාණයට නැතිනම් සිදු වන්නේ අර කියපු ද්වාර විවර වීමට අවශ්‍ය සංඥාව නොලැබී යාමයි. දැන් සිදු වන දේ ගැන ඔබට යම් වැටහීමක් ඇති. ඉතින් දොර අරින්න බැරිනම් රුධිරයේ ග්ලූකොස් පවතිනවා හැර වෙනත් කරන්නට දෙයක් නෑ.ඉතින් දියවැඩියාව. මම මෙහිදී දියවැඩියාව නිසා හටගන්නා වෙනත් රෝගාබාධ ගැන හෝ දියවැඩියාව ගැන කතා කරන්නේ නෑ.හේතුව ගැන පමණක් කතා කරන්නේ මෙහ දීර්ඝ වශයෙන් කතා කල යුතු දෙයක් නිසාවෙනි. සම්පූර්ණ දැනුමක් ලබා ගැනීඹට අවශ්‍ය නම් පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසෙන්න.

    දැන් අපි හේතු දෙකක් කතා කලා. තවත් එක් ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි මේ දෙකම තිබුනත් සමහර විට ග්ලූකෝස් සෛල තුලට ගන්නේ නෑ. මෙයට හේතුව කුමක්ද?

    ග්ලූකෝස් දේහ සෛල අභ්‍යන්තරයේ ග්ලූකෝස ලෙස තැන්පත් තර තබන්නට බෑ. ඒ ග්ලූකෝස් යනු ඉතාමත් සක්‍රීය සහ අධිශක්ති ප්‍රභවයක් නිසාය. මේ නිසා මෙම ග්ලූකෝස් අනු දේහ සෛල වලට ඇතුල් වූ පසු පොටෑසියම් වලින් බැද දමයි. මෙසේ බැද දමන ලද ග්ලූකෝස් වලට අපි ග්ලයිකෝජන් යැයි නම් කරමු. මෙම ග්ලියිකෝජන් සෛල වලට අවශය වූ විට පොටෑසියම් බන්ධන බිද දමා ග්ලූකෝස් වහනය කර ශක්තිය නිපදවයි. එසේ නම් යම් පුද්ගලයෙකුගේ සිරුරේ පොටෑසියම් ඌණතාවයක් ඇත්නම් එවිටද ග්ලූකෝස් දේහ සෛල වලට ඇතුලත් කර ගැනීමේ අපහසු තාවයක් ඇතිවේ. දැන්ද තත්වය පෙර සේමය. ඉන්සියුලින් ඇත ග්ලූකෝස් මාංශපේශී සෛල වලට ඇතුලත් කල නොහැකිය. ග්ලූකෝස් රුධිරයේ සංසරණය වේ. මෙය දියවැඩියාව ලෙසට හදුන්වයි. පොටෑසියම් මිලි ග්‍රෑම් 4500 ක් අපිට දිනකට අවශ්‍ය වේ. එක කෙසෙල් ගෙඩියක සාමාන්‍යෙයන් මිලිග්‍රෑම් 300 ක් පමණ පොටෑසියම් ඇත. නානා විධ කාරණා නිසා දැන් කෙසෙල් කෑම තහනම්ය. මින් වාසිය කාටදැයි ඔබම නිගමනය කරන්න.

    මෙය දන්නවානම් කරන්න ඇත්තේ කුමක්ද? මෙම ඛණිජ ලවන ඇති ආහාර සොහාගෙන දිනපතා ආහාරයට ගන්න. ඉන් පසු ඔබගේ දියවැඩියා තත්වය ගැන සොයා බලන්න. මුලින්ම මෙය සුව කල හැකි රෝගයක් බව විශ්වාස කරන්න. නැතිනම් කිසිදු රෝගයක් සුව කල නොහැකිය. වෛද්‍ය වරයෙක් තමන්ගේ රෝගියා නිරෝගී පුද්ගලයෙක් කරන්නට නම් මුලින්ම මනස නිරවුල් කල යුතුය. මානසික ශත්කිය සියළුම ඖෂධ අභිබවා යන බව සිතට ගන්න. තමන්ගේ රොගයට හොදම ඔසුව ධනාත්මක චින්තනය බව දැනගන්න.


    Nayana Thenuwara

    තරුණයා ඇසුරින් මේම පිලිතුර සොයාගතිමි.
    අහිතකර ආහාර වර්ග ඉතා පිරිසිදු (100%) මීපැණි හැර අනෙකුත් සියලුම පැණිරස වර්ග අහිතකරවේ..ටොපි වර්ග චොකලට් කේක් සියලුම බිස්කට් වර්ග(පිටි සහිත නිසා) ක්ෂණික ආහාර සුදු බත් ජෑම් පාන් ඇතුලු පාන්පිටි යෙදූ සියලුම බේකරි නිෂ්පාදන කෘතිම රසකාරක යෙදූ ආහාර වර්ග යීස්ට් හා බේකින් පවුඩර් යෙදූ ආහාර, අධික රතු මිරිස් යෙදූ ආහාර, රතු මස් වර්ග බීට් අර්තාපල්, බතල ආදී අල වර්ග අහිතකරවේ .

    සුදුසු විහරණ

    1. උදෑසන ආහාරය ලෙස සිංහල පාරම්පරික රතු හාල්වලින් සෑදූ ආහාර (පිට්ටු ආප්ප රොටී ඉදිආප්ප) මුංඇට කඩල, කවුපි, මෙනෙරි, කුරක්කන් ආදී ධාන්‍ය වලින් සෑදූ ආහාර හෝ කොල කැද බොහොම අගෙයි.

    2. දහවල ආහාරය තම්බාපු රතු හාල් බත් හා එමෙන් දෙගුණයක් එලවලු/කොල මැල්ලුම/කොල සම්බොල (නිර්මාංශ වීම බොහොම ගුණදායක වේ) රාත්‍රී ආහාරය බර අඩු සැහැල්ලු ගුණ ඇති ආහාර, පිට්ටු ආප්ප ඉදිආප්ප ආදී රතු සහලින් කල ආහාර හෝ බත් කැද, කුරක්කන් කැද, ධාන්‍ය කැද, කුරක්කන් රොටී වැනි සරල දෙයක් සුදුසුවේ.

    3. සීත ආහාර වැටකොලු කැකිරි පතොල ආදී පිෂ්ටය රහිත එලවලු වර්ග වඩාත් ගුණදායකවේ සියලුම කොල වර්ග සුදුසුවේ.

    4. කොවක්කා කොල මැල්ලුම, රණවරා මැල්ලුම්, ගොටුකොල මැල්ලුම, මදටිය කොල මැල්ලුම, තෙබු කොල සම්බෝලය සතියකට දෙවරක්

    දියවැඩියා රෝගීන් සදහා සුදුසු අත් බෙහෙත් ක්‍රම කිහිපයක් පහත දැක්වේ….

    1. රනවරා කොල කැද, නීරමුල්ලිය කොල කැද, කෝවක්කා කොල කැද, බෙලිකොල කැද, සතියකට එකවර්ගයක්වත් බීම බීම සුදුසුවේ

    2. රනවරා කොල මල් මුල් ඇට පොතු සම සමව වේලා කුඩුකර කලවම් කර තේහැදි 1ක් බැගින් උණු වතුර කෝප්ප 1කට දමා නිමුන පසු බීම උදේ සවස..

    3. ඉදුනු වරකා, කොස්කොල 10පමණ තම්බා බීම

    4. මාදම් පොතු කුබුක්පොතු තම්බා බීම

    5. අට්ටික්කා පොතු තම්බා බීම

    6. බෙලිමුල් තම්බා බීම

    7. මුකුනුවැන්න කොටා වන්ඩුවේ තම්බා මිරිකා බීම

    8. මාදම් පොතු, කුබුක් පොතු, මාදම් ඇට කොටා කුඩු කර වත්කර බීම

    9. කොටදිබුලා ගෙඩි මාලුව උයා කෑම

    10. අට්ටික්කා ගෙඩි මාලුව උයා කෑම

    11. කුරුඳු පොතු, කුඩු ආහාර වලට එක්කර ගැනීම

    12. මුරුංගා කොල හෝ කුඩු දිනපතා බීමට ගැනීම හෝ ආහාර වලට එක්කර ගැනීම

    මෙම අත් බෙහෙත් භාවිතා කිරිමෙන් දියවැඩියාව පාලනය වන අතර දිනපතා හොදින් ව්‍යායාම කිරීම සුදුසු වේ


    පිලිතුරෙන් සැහීමකට පත් වන්නේ නැත්තම්, PM එකක් දාන්න. මම උදවි කරන්න පුළුවන් කෙනෙක්ව සම්බන්ධ කර දෙන්නම්.
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    36488681_2129364160681196_8377740014754201600_n.jpg


    අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ පොඩි ඔලුව කැක්කුමක් ආවත් පැනඩෝල් බොන්න එහෙමත් නැත්නම් බෙහෙත් ගන්න.එත් එක එචචර හොද දෙයක් නෙමෙයි.ඒ වෙලාවට සහනයක් උනාට කාලයක් day ගත උනාම අතුරු අබාධ හැදෙන්න ඉඩ තියනනවා.පුළුවන් තරම් ස්බාවික දෙවලට පුරුදු වෙමු.

    ඉට කලින් තවත් වටිනා දෙයක් තියනවා කියන්න.ආතරයිට්ස් නැත්නම් නිතර ඇතිවන දණහිස් කැක්කුම් වලට මේකත් කරලා බලන්න මේක හන ඇට එක වගේ හදලා තියා ගන්න නම් බැහැ ඒ වෙලාවට හදා ගන්න ඕනේ ...

    36486818_2129364144014531_6422131277628964864_n.jpg


    චියා ඇට (chia seeds) ලෝකේ ගොඩක් රටවල මේක. නිතර කැමට එකතු කර ගන්නවා කස කසා ඇට වලට ගොඩක් සමානයි
    චියා ඇට (chia seeds) ඔමෙගා-3 මේද අම්ල, ෆයිබර්, ඔක්සිඩෝසයිඩ්න්, යකඩ හා කැල්සියම් වල හොඳ එකතුවක්

    අස්ථි ශක්තිමත් වෙනවා කෙට්ටු වෙන්නත් හොද විකල්පයක්..ගර්බනි අවස්ථා වල ඇති වන කකුල් ඉදිමුම් වැනි අමාරු වලටත් සහනයක් ලබා ගන්න පුලුවන් දියවැඩියාවටත් ගොඩක් හොදයි

    අමුද්‍රව්‍ය:

    කිරි කෝප්ප 1/2ක් (සෙම පිනස තියන අය එළු කිරි ගන්න)

    චියා ඇට තේ හැන්දක් ( මේ ඇට වාර්ගය ගොඩක් කස කසා වලට සමානයි ඒ රසමයි එන්නේ ඒ තරමට නැතත්. සියට අනුවක තරමේ ගුණයක් මේ කස කසා ඇට වලත් තියනවා බරත් අඩු වෙනවා ලංකාවේ අය කස කසා ඇට. ගන්න )

    රස මුසු නොකළ ජෙලටින් තේ හැදී 1/2ක්

    අවශ්‍ය නම් සිනි මී පැනී

    උපදෙස්:

    කිරි ටික රත් කරගන්න එයට ජෙලටින් මිශ්‍ර කර පොඩ්ඩක් නිමා ගන්න.එයට චියා ඇට හෝ කස කසා ඇට එකතු කරපු සැනින්ම බොන්න.බොන්න අමාරුනම් විතරක් සිනි හෝ මි පැනි එකතු කරන්න.(මං මුකුත් නොදා බොන්නේ)විනාඩියක් වත් තියන්න එපා හයි වෙනවා..

    කකුල් වල මස් පිඩු පෙරළෙනවා යටි පතුල් වල වේදනාවට පුදුම විදියේ සහනයක් ගෙනේවි....

    හන ඇට (flax seeds)

    කාලයක් ලියන්න කියලා හිතන් හිටපු දෙයක් තමයි මෙ හන අැට (flax seeds )කියන්නෙ.මාත් කාලයක් තිස්සෙම මෙක ගන්න නිසා මෙකෙ වටිනා කම දන්නවා.

    මෙම ස්වාභාවික පිළියම මගින් දණ හා සන්ධිවල කාර්යය නිසි ආකාරයෙන් සිදු කරවනවා.මෙමගින් ඇටකටු වල ව්යුහය උසස් කර ඒවායේ අනුරූපත්වය දියුණු කරනු ලබනවා.

    තනිකරම හන ඇට විතරක් කුඩු කරලා යෝගට් සැලඩ් හො කිරි වලට දාලා බොන්නත් පුළුවන්..

    දැන් බලමු මේ හන ඇට ප්‍රතිකාරය සාදා ගන්නේ කොහොමද කියලා.

    අමුද්‍රව්‍ය:

    වියළි මිදි ග්‍රැමි 100 ක්‌

    රස මුසු නොකල ජෙලටින් ග්‍රෑම් 250 ක්

    නිර්මාංශ අය collins ජෙලටින් ( අගර් අගර් )ගන්න

    හණ ඇට ග්‍රෑම් 150 ක්

    තලඇට ග්‍රෑම් 100ක්

    වට්ටක්කා ඇට ග්‍රෑම් 100ක්

    සුර්යකාන්ත ඇට ග්‍රෑම් 100ක්

    මී පැණි මිලි 500ක්


    උපදෙස්:

    ඇට වර්ග සියල්ලම හොදින් කුඩු කර ගන්න එයටම මී පැනී සහ ජෙලටින් වියලි මිදී එකතුකර නැවත අබරා ගන්න.
    විශාල බඳුනක් ගෙන අබරා ගත් මිශ්‍රණය හොදින් මිශ්‍ර වන සේ හොදින් කලවම් කර ගන්න. පසුව මෙම මිශ්‍රණය වීදුරු බොතලයකට දමා ගන්න.

    මෙ පිළියම දිනපතා කළ යුතුයි. දවසට දෙවරක් උදෑසන ආහාරයට හා දවල් ආහාරයට පෙර මෙයින් තේ හැන්දක් ගත යුතුයි.

    මෙම ප්‍රතිකාරය මගින් නම්යතාවය වැඩි දියුණු වනු ඇත. ඇටකටු සහ සන්ධි ශක්තිමත් කරන අතර ඊට අමතරව එම පරිවෘත්තීය උත්තේජනය කරනු ඇත.

    අවුරුදු 5න් ඉහල පොඩි අයටත් මේකෙන් තේ හැදී බාගයක් උදේ කෑමට පෙර දීමේන් පොඩි අවදියේ ළමුන්ට ඇතිවන විටමින් උනතාවය මග හරවා ගත හැක.

    මේ තත්වය ඇති වෙන්නේ දණහිස්වල ඇති කාටිලේජ් ගෙවීමයි. එවිට දණහිස් සන්ධි එකිනෙකට ගැටීමෙන් මේ වේදනාව ඇති වෙනවා. වයසට යාමේදී කාන්තාවන්ට මේ තත්ත්වය උදා වන්නට පුළුවන්. විශේෂයෙන් ම ස්ථුල කාන්තාවන්ට රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩියි. එහෙම වන්නෙ සිරුරේ බර දණ හිසට දරන්නට අපහසු නිසයි.

    ප්‍රථමයෙන් සිරුරේ බර අඩු කර ගැනීම වැදගත්. ගිජු ලෙස ආහාර වැළඳීමෙන් වළකින්නට ඕනෑ. එවැනි රෝගින්ගේ බර අඩු කර ගැනීමට මං උපදෙස් දෙනවා. කණට යම් කිසි උපකරණයක් සවිකර සෑම කෑම වේලකට පෙර එය ක්‍රියාත්මක කිරීමෙන් වැඩිපුර ආහාර ගැනීමට රෝගියාට තිබෙන ඇල්ම ආශාව අඩුවෙනවා. කුසගින්න දැනෙන්නේ අවම වශයෙන්. ආහාර අඩු කිරීමෙන් සිරුරේ බර අඩු වෙනවා.

    මේ රෝගීන් බොහෝ වේලාවක් හිටගෙන නොසිටිය යුතුයි. ඒ සිරුරේ බර දණහිස්වලට දරන්නට සිදුවන නිසායි. විශේෂයෙන්ම සිරුරේ කටු (Bones) ශක්තිමත් කරන කැල්සියම් සහිත ආහාර අනුභව කිරීමට පුරුදු විය යුතුයි. දිනකට කිරි වීදුරු 1ක් පානය කිරීම අත්‍යවශ්‍යයි. කහට නොයෙදු සුදු කිරි බීම හෝ නැවුම් කිරි (Fresh milk) පානය කරන්නේ නම් වඩාත් හොඳයි. කොලෙස්ටරෝල්වලින් පීඩා විඳින අය නම් මේදය රහිත කිරි පානය කල යුතුය.

    දිනකට වතුර ලීටර් 3 ක් පානය කළ යුතුයි. තම්බපු කැකුළු හාලේ බත්වල පිටි (Starch) ප්‍රමාණය අඩු නිසා තම්බපු හාල් ආහාරයට ගැනීම වැදගත්. පිටි වර්ග ග්ලුටින් අඩංගු අහාර වලින් ඇත් උනොත් සදහටම මේ ලෙඩෙන් මිදෙන්න පුළුවන්.


    Neranjana Kasthuriarachi
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    තදින්ම ගෑස්ට්‍රයිටිස් තියන අය මේ දේවල් කරලා බලන්න අනිවාර්යෙන්ම සුවවෙනවා

    36566651_2130284130589199_7396736000782761984_n.jpg


    බඩේ පිපුම, බඩේ දැවිල්ල, බඩේ ඇසිඩ් ගතිය, බඩ පපුව දැවිල්ල යනාදී විවිධ ආකාරයට හඳුන්වනු ලබන ආමාශයේ ප්‍රධාහයන්. ආමාශයේ ග්‍රහනියේ සහ ගලනාලයේ කල්පවතින ප්‍රධාහයන් හෝ අධික ආම්ලිකතාව නිසා හටගන්නා තුවාල, කලාතුරකින් හටගන්නා අර්බුද සහ පිළිකා වැනි වෙනත් රෝග තත්ත්වයන් ආමාශගත රෝගාබාධ ලෙස හඳුන්වයි. මුලින්ම අපි ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වය හඳුනා ගනිමු.

    ආමාශයේ, ග්‍රහනියේ, ගලනාලයේ පහළ කොටසේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් නිසා මෙම අම්ල පිත්තය හෙවත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇතිවීමට පුළුවනි. නිතර නිතර ඇතිවන බඩ පිපුම, ආහාර අරුචිය, බඩ පපුව දැවිල්ල, බඩේ ඉහළ කොටසේ සහ පපුවේ ඇතිවන දැවිල්ල, වරින් වර ඇඹුල් රසට උගුරට ඒම, ආහාර ගත් විට ඇතිවන ඔක්‌කාරය සහ වමන ගතිය, ආහාර ගත් විගසම වැසිකිළි යැමට අවශ්‍යතාව ඇතිවීම රෝග ලක්‍ෂණ සමහරකි.

    අද පවතින කාර්යය බහුල සමාජයේ ජීවන රටාවත් සමඟ මිනිසුන්ගේ ආහාර ගැනීමේ රටාව විකෘති තත්ත්වයට පත්ව ඇත. නිසි පෝෂණයෙන් සපිරි සමබර ආහාර වේලක්‌ වෙනුවට ශරීරයට කිසිම ආකාරයකට ශක්‌තියක්‌ බලයක්‌ ලබා නොදෙන කෘත්‍රිම රසකාරක හා වර්ණක අඩංගු කෙටි ආහාර ගැනීමට මිනිසුන් හුරුපුරුදු වී සිටිති. අධික කාර්ය බහුලත්වය නිසා හටගන්නා මානසික පීඩනය (ආතතිය) සහ මෙවන් කෙටි ආහාර ගැනීම වැනි කරුණු නිසා බොහෝ දෙනා ගැස්‌ට්‍රයිටිස්‌a හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිනු දක්‌නට ලැබේ.

    මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණු වන්නේ මෙම රෝග ලක්‍ෂණවලින් සමහරක්‌ හෝ කිහිපයක්‌ ඔබට ඇතිනම් එය නොසලකා හැරීම නුවණට හුරු නොවන බවයි. රෝගය නොසලකා හැරීමෙන් එය උත්සන්න තත්ත්වයට පත්වුවහොත් උදරයේ අදාළ කොටස්‌වල ඇතිවිය හැකි තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වන්නට පුළුවන. රුධිරය ගලායැම වැඩි වුවහොත් සමහර අවස්‌ථාවල ශල්‍යකර්මවලට භාජන කිරීමටත් සිදුවනු ඇත. එම නිසා ඉහත රෝග ලක්‍ෂණ කිහිපයක්‌ ඔබට ඇත්නම් වහාම ඒ සඳහා ප්‍රතිකාර ගැනීම සහ රෝගයෙන් වැළකී සිටීමට අනුගමනය කළ යුතු දින චර්යාවට හැඩගැසීම ඉතාමත් වැදගත් වේ.

    1)අර්තාපල් අල ගෙඩියක්
    සුදුහදුන් කුඩු මේස හැදි දෙකක්
    නැවුම් මුට්ටියක්

    උදේ පාන්දර හිස් බඩ අර්තාපල් අලය පෙති කපා අමුවෙන් කන්න...
    පෙර දින රාත්‍රියේ මුට්ටියට ලොකු වතුර විදුරැ දෙකක් දාලා සදුහදුන් කුඩු ටික දාලා රෙදි කැල්ලකින් බැදලා මිදුලේ පින්නේ තියන්න...උදේට විදුරැවකට දාලා අලගෙඩිය කෑමෙන් සපු හිස් බඩ වතුර විදුරැවක් බොන්න....අනිත් විදුරැව රැ නින්දට පෙර බොන්න..මේවගේ සතියට දවස් තුනක් කරන්න නිට්ටාටම ගෑස්ටිස් සුවයි....

    2)දිය බත්

    36596098_2130284113922534_2663696042184146944_n.jpg


    උයා ඉතිරි උන බත් ටිකක් (රතු කැකුළු සහල් නම් වඩාත් හොදයි),ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6 ක්,අමුමිරිස් කරල් 3 – 4 ක් පමණ,පොල් බෑයක කිරි,දෙහි බෑවක ඇඹුල්,ලූණු ස්වල්පයක්,උම්බලකඩ 20 ට පමණපෙරදින රාත‍්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප‍්‍රමාණයකට බත් ටික වැසෙන ප‍්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න)පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත මෙන්න මෙහෙම හදන්න කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න.එකේ තියන වතුර ඉවත් කරන්න එපා දැන් මේකට අවශ්‍ය තරම් ලූණු දමන්න. බත් එකටත් ලූණු දාලනම් උයලා තියෙන්නේ ලූණු ටිකක් විතර දාන්න. පොල්කිරි උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න.

    3)වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර බොන්න.

    36527040_2130284127255866_4658724508843114496_n.jpg


    4)කෝමාරිකා මැද ජෙල් කොටස වතුර සමග එකතු කර ජුස් එකක් හදා මී පැණි එකතු කර බොන්න.

    36587433_2130284133922532_5352085719663771648_n.jpg


    5)කිරි කෝප්පයකට බාර්ලි පිටි මේස හැදී දෙකක් එකතු කර උයා ගන්න.එයට මී පැණි කුරැදු කුඩු එකතු කර බොන්න.දිය බත් වගේම මේකත් දවස් 7ක් වගේ දීගටම කන්න රස ගුණ පිරුණු උදය ආහාරයක්.(බාර්ලි කබලේ බැද කුඩු කර ගන්න )

    මත්පැන් පානය ද වහාම නතර කළ යුතුය. මෙම කරුණු දෙකම බඩේ තුවාල උත්සන්න කිරීමට හේතුවන බැවිනි.නිතර නිතර උදරයට හානි කරන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුය.අධික මිරිස්‌, තුනපහ, ගම්මිරිස්‌, කුළුබඩු වර්ග, තෙල් වර්ග අඩංගු ආහාරවලින් වැළකිය යුතුය.ආහාර පිසින විට කෘත්‍රිම රසකාරක, වර්ණක, සෝස්‌ වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුයඔබ නිතර නිතර දුම් පානය කරන්නේ නම් වහාම එය නතර කළ යුතුය.එකවර වැඩි ආහාර ප්‍රමාණයක්‌ අනුභව නොකළ යුතුය. එම විශාල ආහාර ප්‍රමාණය කොටස්‌ කිහිපයකට බෙදාගෙන වරින් වර සුළු ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගත යුතුය. ටික ටික ආහාර කොටස්‌ ආමාශයට ඇතුළු වන විට එහි ඇති ආම්ලික ස්‍රාවයන් ඒවාට උරා ගන්නා නිසා ආමාශයේ බිත්ති තුවාල වීම වළක්‌වා ගත හැකිය. එම නිසා වෙනදා ආහාර ප්‍රමාණයම අඩු නොකළ යුතුය. එය කොටස්‌ කිහිපයකට බෙදා ආහාර ගන්නා වාර ගණන වැඩි කළ යුතුය.

    කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්‍යදායී එකක්‌ විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්‍රධාන කරුණකි.

    ආහාර පිසින විට විවිධ රසකාරක වර්ණක කිසිසේත්ම එකතු නොකළ යුතුය. ආහාර ගැනීමේදී වෙනත් දේවල් ගැන නොසිතා තමන් ගන්නා ආහාරය ගැන සිතා එය තුළින් ශරීරයට සුවතාවක්‌ සැලසිය යුතු යෑයි සිතා ආහාර ගත යුතුය. නැතහොත් ගන්නා ආහාරයෙන් ශරීරයට යහපතක්‌ සිදුවන්නේ නැත.

    කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්‍යදායී එකක්‌ විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්‍රධාන කරුණකි.

    ආහාර පිසින විට කෘත්‍රිම රසකාරක, වර්ණක, සෝස්‌ වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුය

    Neranjana Kasthuriarachi
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    පිළිකා සටනට එක්වන
    ලූනු යාළුවෝ


    සුදුලූනු හා රතුලූනු බික් කීපය බැගින් දිනපතා අමුවෙන් ආහාරයට ගැනීමෙන් බොහෝ පිළිකාවලින් වැළකිය හැකි බව ඉතාලියේ හා ස්විස්ටර්ලන්තයේ කෙරුණු සමීක්ෂණ, මාලාවකදී අනාවරණය වී තිබෙනවා .
    මේ සඳහා වැඩිහිටි පිරිසක් යොදා ගැනුණු අතර අමු සුදුලූනු හා රතුලූනු පරිභෝජනය කළ පිරිස, ඔවුන්ට වැළඳිය හැකිව තිබූ පිළිකාවලින් වැළකුණු බව සොයා ගැනුණා.
    සුදුලූනුවල හා රතුලූනුවල ඇති සල්පර් හා සුවිශේෂි ප්‍රති ඔක්සිකාරක ගුණවල පිළිකා සෛල මරා දැමීමේ ශක්තිය ඇති බව ඊට එක්වු වෛද්‍ය කාලෝට ගැලියෝනි පවසනවා.
    * සතියකට රතුලූනු ගෙඩි අටකට වඩා අමුවෙන් ගත් පිරිසගේ මහබඩවැල් පිළිකා වැළකී තිබුණා.
    *ලූ නු දෙවර්ගය ම එකට ගැනීමෙන් මුඛ උගුර වකුගඩු හා ඩිම්බකෝෂ සම්බන්ධ පිළිකාවළින් වැළකීමේ අවස්‍ථාව ඇති බව වෛද්‍යවරයා පළකරනවා.

    එහිදී .සමීක්ෂණ අටක් පැවැති අතර එකකින් හෙළිවූයේ
    *තක්කාලි අමුවෙන් ආහාරයට ගැන්මෙන් පිළිකා සෛල විනාශවන බව යි. පිසගත් තක්කාලිවල ගුණයක් නැති අතර එසේ පිසීමෙන් ඇසිඩ් වර්ගයක් එහි ඇතිවන බවද පළ කෙරුණා.
    රතුලූනු යහමින් හා සුදුලූනු අල්ප වශයෙන් අමුවෙන් ආහාරයට ගැනීමට පෙරදිග වාසීන් අතීතයේ සිට හුරුවී සිටියත් යුරෝපීයයන් ඊට නැඹුරුවූයේ මෙවන් සමීක්ෂණවලින් පසුවයි .
    පෙර අපේ ගම්වල කෑම පිඟානට නොවරදවා පලා මැල්ලුමක් අඩංගු වූ අතර, අමු සලාදයක් නැතිවිට පොතුහැර සෝදාගත් රතුලූනු බික් කීපයකුත් පිඟාන අයිනේ තබා ගැනුණා. ඇතැම්විට සුදුලූනු බිකකුත් ඊට එක්වුණා. මේ පරණ පුරුදු අදටත් වටිනවා නේද?

    ලූනුවලින් අත් බෙහෙත්

    * පිළිස්සුමට
    සම පිළිස්සුණු විට ලූණු, ගෙඩියක් දෙකට කපා
    ආලේප කිරීමෙන් දැවීල්ල වේදනාව සංසිඳෙනවා.

    .*මීමැසි බමර විසට
    සමට ඇමිණී ඇති දළය ඉවත් කර වඩා තද නොවන සේ ලූනු,කෑල්ලක් ඇතිල්ලීමෙන් විෂ පහවීයනවා

    පත්තෑවිෂට
    කැපූ ලූනු කෑල්ලක් ඇතිල්ලීමෙන් ඉදිමුම් වළකිනවා

    *දත් කැක්කුමට
    රතුලූනු ගෙඩියක් සපා දත මුල තබා ගැන්මෙන් වේද නාව අඩුවෙනවා.

    * උණ ගැනුණු විට
    ලූණු පෙති දෙකක් පා මේස් තුල දමාගෙන රාත්‍රි නින්දට යාමෙන් ,සහන අත්වෙනවා.

    *නිවසේ විෂබීජ විනාශයට
    ගෙයි තැනින් තැන කැපූ ලූනු තබා තැබීමෙන් විෂබීජ විනාශව සෙම් ප්‍රතිශ්‍යාව වැනි බෝවන රෝගවලින් වැළකෙනවා.


    ( අන්තර්ජාලය ඇසුරිනි.)
     
    • Like
    Reactions: PHBhagya