[මෙය Infinty War සිදුවීමත් Avengers 4 සිදුවීමත් අතර සිදුවූ සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න]
Avengers Head Quarters දි Cap, Thor, Natasha, Bruce, Rhodes සහ Rocket
Cap : මුළු ලෝකයටම ජීවිත කීයක් අහිමි වෙලා ද?
Rhodes : තවම අරන්චියක් නෑ cap
Cap : Tony?
Rhodes : ......( සුසුමක් අරී)
Thor : Tony බොහෝවිට thanos පසුපස titan වලට යන්න පුළුවන්. මම ගිහින් tony ව එක්කන් එනනම්.
Bruce : ඒත් අපි කොහොමද දන්නෙ Tony ජීවතුන් අතරද කියලා
Thor : ගිහිල්ලාම බලන්න වෙනවා
Natasha : ලෝකේ හැම රටකම වගේ ජීවිත ගොඩක් නැතිවෙලා. ඒත් එක පුදුම දෙයකුත් වෙලා තියනවා.
Cap : මොකක්ද ඒ
Natasha : එක රටක විතරක් ජීවිත කිසිවක් අහිමි වෙලා නෑ
Bruce : මොකක්
Cap : කොහෙද
Natasha : ශ්රී ලංකාව
Thor : කොහෙ?
Rocket : කොහොමද ඒ නම උච්ඡාරණය කරන්නේ
Cap : Thor ගිහින් ටෝනි එක්කගෙන එන්න. Rhodes මෙහෙ ඉන්න Clint එනකම්. Natasha, Bruce, Rocket මගෙත් එක්ක යමු. සමහරවිට ඒ රට තනොස් එක්ක සම්බන්ධයක් තියෙන්න පුළුවන්.
Thor Titan වලට පිටත්ව යයි. Cap team එක quinjet එකෙන් පිටත් වීමට සූදානම් වෙයි.
Natasha : අපි කොතනටද යන්නේ
Cap : මං දන්න ඔවුන්ගේ නායකයින් එකතු වෙන තැන ගැන.
පැය කීපයකට පසු quinjet එක පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙයි. Cap, Natasha, Bruce සහ Rocket ඉන් පිටතට පැමිණේ.
Bruce : කවුද අතන ඉන්නෙ සුදු පාට ඇඳගෙන
Cap : අපි ගිහින් බලමු
Rocket : එ්යි කොලුවො...
My3 : කොලුවො...කවුරුහරි මේ දඬු ලේනාට කියලා දෙනවද මම මේ රටේ ජනාධිපති කියලා
Rocket : දඬු ලේනා?
Cap : සමාවෙන්න ජනාධිපතිතුමනි අපි අාවේ පොඩි දෙයක් දැනගන්න විතරයි.
My3 : කියමු බලන්න
Bruce : ජනධිපතිතුමනි Thanos කල දෙයින් විශ්වයේ භාගයම දෙනා මේ වෙනකොටත් මියගිහින්. මේ රටේ විතරක් කිසිම දෙනෙක් මිය ගිය නැහැ කියලා අපිට ආරංචියක් ආවා. ඒ කොහොමද වුණේ. Thanos ව දන්නවද?
My3 : මම දන්නේ නෑ (නොසලකා හරිමින්)
උරන වු Natasha ජනාධිපති ගේ බෙල්ලෙන් අල්ලා ඉහලට ඔසවයි.
Natasha : අපිට හොඳින් හෝ නරකින් ඒ දේ දැන ගන්නම වෙනවා
My3 : ඇත්තටම මම දන්නේ නෑ මම ඕක ගැන දැනගත්තෙත් අද පත්ත..
ජනාධිපතිට කතාව ඉවර කරන්නත් කලින් එතනට Thor, Tony සහ Nebula සමග පැමිණේ.
Tony : Cap..
Cap : Tony..
Tony : මොකද මෙතන වෙන්නේ?
Cap : snap එකෙන් මේ රටට විතරක් වෙනසක් නෑ ටෝනි අපි ආවේ ගැන හොයල බලන්න
Tony : ....(කල්පනා කරයි...තනිවම සිනා සෙ)
Bruce : අැයි Tony?
Tony : මට තනොස් titan වලට කියපු දෙයක් මතක් උනා
Bruce : මොකක්ද
Tony : අපි අාපහු යමු කොල්ලනෙ. අපි බොරු දෙයක් පිටි පස්සෙන් මේ යන්නේ
Cap : Tony අැයි?
Tony : thanos කිව්වා ' when I'm done, half of humanity will still alive.
Cap : humanity (සිනාසෙමෙන්)
Natasha : අපිට එන්න කලින් රටෙ ඉන්න අය ගැන හොයල බලලා එනනයි තිබුණේ.
සැවොම එකිනෙකාට සිනාසෙමන් හැරී quinjet එකට යාමට සුදානම් වෙ. ජනාධිපතිගෙ සාක්කුවේ තිබූ පෑන දැක Rocket නැවතී,
Rocket : පෑනට කීයක් ඕෙනෙද?
My3 : රුපියල් 10 යි හිටං. ඕනිද
MY3 will return....
FB






