Nipah (නිපා) වයිරසයෙන් ඔබ ආරක්‍ෂිත ද?

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Nipah (නිපා) වයිරසයෙන් ඔබ ආරක්‍ෂිත ද?

    Nipah (නිපා) වයිරසයෙන් ඔබ ආරක්‍ෂිත ද? Are you protected against Nipah Virus?

    fYo7sEf.jpg




    මේ දවස් වල කේරලයේ වේගයෙන් පැතිරෙන, මාරාන්තික නිපා (Nipah) ගැන - A health advisory for Sri Lankans.
    Please read if you visit India - Kerala as there is a deadly virus spreading called Nipah.


    ඔබ දැනටමත් දන්නවා ඇති මේ දිනවල ඉන්දියාවේ කේරළයේ පැතිරී යන උන වසංගතයක් ගැන මේ දිනවල. මාරාන්තික මට්ටමකින් පැතිරෙන මේ වෛරසය මර්දනය කරන්න අපහසු නිසා දැනට මරණ 16ක් පමණ සිදු වෙලා. විශේෂයෙන් ම ඔබ කේරළයට යන්න සිටිනවා නම් හෝ එයින් එන අය සමග ගැවසෙනවානම්, කරුණාකර මේ සටහන කියවන්න.

    රෝගය පිළිබඳව:
    Nipah නැත්නම් NiV කියන්නෙ තරමක් අළුත් zoonosis වයිරසයක්. Zoonosis කියන්නෙ සතුන් ගෙන් මිනිසාට පැතිරෙන රෝග වලට. ඔව්, දැන් මේ රෝගයත් සතුන් ගණනාවකට වගේම මිනිසුන්ටත් වැළදීමට පුළුවන්. මේ වෛරසයේ ප්‍රධාන වාහකයා වන්නේ පළතුරු වවුලා (fruit bat). මේ රෝගය Paramyxoviridae කියන රෝග පවුලට අයත්. (ගණය - Henipavirus).

    රෝගයේ ඉතිහාසය:
    - මේ වෛරසය පළමුවෙන් හඳුනා ගැනෙන්නෙ 1998දි. ඒ මැලේසියාවෙ Kampung Sungai Nipah කියන නගරයේදී. දැන් මේ රෝගයට නම ලැබුන හැටි පැහැදිළියි නේද? මෙතැනදී අතුරුමාධ්‍ය වාහකයා (සංග්‍රාහකයා - host) බවට පත් වුනේ ඌරන්. ඌරු ගොවිපළවල අය මින් රෝගී වුනා. ඔවුන්ට එන්සේෆලයිටීස් වැළඳුනා. මෙහිදී 100කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තිබුණා. නමුත්, පසුව ඇතිවුන පැතිරීම් වලදී මෙහෙම අතුරු වාහකයෙක් අවශ්‍ය වුනේ නෑ.
    - 2004 දී බංගලාදේශයේ දී මිනිසුන් මෙයින් රෝගී වීම ආරම්භ වුනා. පසුව ඉන්දියාව. ඊට හේතුව වුනේ රටඉඳි යුෂ නැත්නම් 'රා' පානය කිරීම. මේ යුෂ කලින් කී පළතුරු වවුලන් විසින් කිලිටි කර තිබුන නිසා. ඉන් පසුව මිනිසාගෙන් මිනිසාට (nosocomial transmission) මේ රෝගය සම්ප්‍රේෂණය වීම් වාර්තාගත කෙරුනා. බංගලාදේශය තුල - වාර්ෂිකව මෙය බංගලාදේශය තුළ වාර්තා වෙන අතර මේ වනවිට ඉන්දියාවේ කේරළයේ මෙය භයානක ලෙස පැතිරී යනවා.

    රෝගයේ අතුරුඵල:
    - මේ රෝගය asymptomatic infection (රෝග ලක්ෂණ නොමැති නමුත් ආසාදිත) තත්ත්වයේ ඉඳල Acute Respiratory Syndrome (ARS - උග්‍ර ශ්වසන ආබාධ) වගේම මාරාන්තික එන්සෙෆලයිටීස් (මොළය ඉදිමීමේ) ආකාර වලට වර්ධනය වෙලා රෝගියා මියයන්න පුළුවන්.
    - මේ රෝගය ඌරන් වගේ අනෙකුත් ගෘහාශ්‍රීත සතුන්ට වුනත් බෝවන්න පුළුවන්.

    රෝග ලක්ෂණ:
    - මෙය ශරීරයට ඇතුළු වුනාම incubation period (පෝෂණ කාලය) එක දින 5 සිට 14 දක්වා වනවා. මීට වඩා වැඩි දින ගණනක අයත් වාර්තා වෙලා තියනව.
    - රෝග ලක්ෂණ ඇතිවන්නේ ඉන් පසුව. දින 3 සිට 14 දක්වා උන සහ හිසේරුදාව ඇති වෙනවා.
    - ඒ එක්කම නිද්‍රාගතිය, දිශානතිහරණය (disorientation) සහ මානසික අවුල්සහගත තත්ත්වයන් ඇතිවෙනවා.
    - සමහර අයට උග්‍ර ශ්වසනාබාධ තත්ත්වයන් ඇති වී තිබෙනවා
    - මේ රෝගී තත්ත්වය පැය 24 සිට 48 වෙද්දී COMA තත්ත්වයකට හැරෙන්න පුළුවන්.
    - දැනට වාර්තා වූ රෝගීන් ගෙන් ප්හාගයක් පමණම දරුණු ස්නායු රෝගීතත්ත්වයන් පෙන්නුම් කොට තිබෙනවා.එයින් 40%ක් මියගොස් තිබෙනවා.
    - මෙය සුව වූවත් දීර්ඝකාලීන ස්නායු ආබාධ, වලිප්පුව ආදී තත්ත්ව, පෞරුෂ ලක්ෂණ වල වෙනස්වීම් දැකගන්නට ලැබෙනවා.
    - මෙහි ඊළඟ භයානක තත්ත්වය වන්නේ මින් ආසාදනය වූ අයගේ මරණ මාස හෝ අවුරුදු ගණනකට පසුව මේ රෝගය නිසා සිදුවීම.

    රෝග නිගමනය:
    - Real-time polymerase chain reaction (RT-PCR) - උගුරේ, නාසයේ, cerebrospinal ද්‍රාවන, මුත්‍රා සහ ලේ පරීක්ෂා.
    - ප්‍රතිදේහ නිරීක්ෂණ ක්‍රම - ELISA (IgG and IgM).
    - මාරාන්තික තත්ත්ව වලදී මරණ පරීක්ෂණ වලදී සෛල මත කරන immunohistochemistry පරීක්ෂණ.

    ඖෂධ
    - මෙන්න මේක තමයි වැදගත් ම දේ. මේ සඳහා තවම කිසිම ආකාරයක 100% සාර්ථක එන්නතක් හෝ ඖෂධයක් තවම නිපදවා නෑ. උපරිම මට්ටමේ හෙද සත්කාර පමණයි - කළහැක්කේ. එමනිසා මේක සතුටුදායක තත්ත්වයක් නෙමෙයි. නමුත් මර්දන හැකියාවක් ඇති එන්නතක් සහ ඖෂධයක් ගැන වාර්තා වෙනවා නමුත් තවම පර්යේෂණ මට්ටමෙන් තිබෙන.
    - රෝහලක් තුල දී මේ සම්බන්ධ ආසාදන පාලන තත්ත්වයන් ඉතාම විධිමත්ව කෙරෙන්න ඕන.
    - Ribavirin ඖෂධය මේ සම්බන්ධයෙන් යම් සාර්ථක මට්ටමක් අත් කරගෙන තිබෙන බව සඳහන්. නමුත් ඒ වීදුරු පරීක්ෂණ/නිරීක්ෂණ වලදී පමණයි. ඒ සම්බන්ධ පර්යේෂණ සිදු වෙනවා.
    Ref: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4418552/, https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC515007/
    - Nipah G කියන ප්‍රෝටීනය එල්ලකරගෙන මනුෂ්‍ය ශරීරය තුල ඇතිවෙන ප්‍රතිශක්ති සෛල ඔස්සේ (වැළඳුනු පසු) ප්‍රතිදේශයක් (antibody) ferret model (https://www.ncbi.nlm.nih.gov/pubmed/19412910) එක ඔස්සේ නිපදවන්න හැකි වෙලා තිබෙනවා. මෙයින් යම් මට්ටමක සහනයක් ලැබී තිබෙන බව දැනගන්නට පුළුවන්. මෙය Nipah සහ Hendra යන දෙකම එල්ල කෙරුණු පර්යේෂණ ඔස්සේ සොයා ගැනුණක්.මෙහිදී Hendra G ප්‍රෝටීනයෙන් තනනලද එන්නතක් ඕස්ට්‍රේලියාවේ අශ්වයන් Hendra වෛරසයෙන් ආරක්ෂා කරන්න භාවිත කොට සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා.

    වර්තමාන පර්යේෂණ සහ සංවර්ධන
    - මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මේ සඳහා සංවර්ධන ක්‍රියාවලියක් සඳහා කෙටුම්පත් සකස් කරගෙන යනවා Center for Infectious Disease Research and Policy (CIDRAP) සහ මිනසෝටා විශ්වවිද්‍යාලය එක් වී. ඒවගේම The Welcome Trust එකත් මීට එකතු කරගෙන තිබෙනවා.
    - මෙහි මූලික අරමුණ තමයි මීට ඖෂධයක් සොයා ගැනීමේ කාර්යය. මේ සඳහා වෙනම කාර්ය සේනාවක් පත්කොට තිබෙනවා. මේ තුල ඇමරිකානු වගේම ජාත්‍යන්තර විශේෂඥයන් ඇතුළත්.
    - ජූනි 8 වෙනිදා ඔවුන් අදහස් කැඳවා තිබෙනවා (call for comments). එහිදී ලැබෙන අදහස් ඔවුන්ගේ development roadmap එකට ඇතුලත් කරගන්නවා ඊට සුදුසු නම්. ඔබත් මේ සම්බන්ධ විශේෂඥයෙක් නම්, ඔබේ අදහසත් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට “Comments on draft Nipah R&D roadmap” කියන subject එක යටතේ විද්‍යුත් තැපෑලෙන් යැවිය හැකියි.
    වැඩි විස්තර: http://www.who.int/blueprint/priority-diseases/key-action/…/

    ඔබ ආරක්‍ෂිත ද?
    එමනිසා ඔබ කේරළය ආශ්‍රිත ප්‍රදේශ වල සංචාරය කරන්නේක් නම්, මේ ආසාදන තත්ත්වය සමනය වනතුරු එහි නොගොස් සිටින්න. අත්‍යවශ්‍ය නම් ගැලපෙන ආරක්ෂණ ක්‍රම සහ ආහාර පාන ඉතාමත් සැළකිල්ලෙන් ගන්න.

    ඉහතින් දක්වා තිබෙන්නේ Nipah සහ Hendra ආසාදනයෙන් තර්ජනයට ලක්වූ සහ ලක්විය හැකි රටවල්. ලංකාව ඇතුළුව (at risk).

    මෙය ඔබේ හිතවතුන් සමග බෙදාගෙන ඔවුන්ගේ ආරක්ෂාව සලසන්න දායක වෙන්න.

    ස්තුතියි!

    Credits:
    http://www.who.int (ලෝක සෞඛ්‍ය සංවිධාන web අඩවිය)
    https://www.cdc.gov/ (Centers for Disease Control and Prevention, USA)
    https://www.ncbi.nlm.nih.gov (NCBI - National Center for Biotechnology Information, USA)
    +Epoxy Ethene
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    US එවුන් හත් අට දෙනෙක්ට හැදුනා නම් මේ වෙනකොට බෙහෙතුත් හොයාගෙන වැක්සීනුත් හොයාගෙන ලෝකෙනුත් තුරන් කරලා ඉවරයි

    මතකනේ ඉබෝලා
    US එවුන් එකෙක් වත් මැරුනෙ නැහැනේ
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama





    Thanks and rep added.

    වැදගත්


    US එවුන් හත් අට දෙනෙක්ට හැදුනා නම් මේ වෙනකොට බෙහෙතුත් හොයාගෙන වැක්සීනුත් හොයාගෙන ලෝකෙනුත් තුරන් කරලා ඉවරයි

    මතකනේ ඉබෝලා
    US එවුන් එකෙක් වත් මැරුනෙ නැහැනේ



    :):):)
     
    • Like
    Reactions: Ithika mithika

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    US එවුන් හත් අට දෙනෙක්ට හැදුනා නම් මේ වෙනකොට බෙහෙතුත් හොයාගෙන වැක්සීනුත් හොයාගෙන ලෝකෙනුත් තුරන් කරලා ඉවරයි

    මතකනේ ඉබෝලා
    US එවුන් එකෙක් වත් මැරුනෙ නැහැනේ


    Ebola?us mokakda connection eka?
    meheth deaths nane:eek:
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    US එවුන් හත් අට දෙනෙක්ට හැදුනා නම් මේ වෙනකොට බෙහෙතුත් හොයාගෙන වැක්සීනුත් හොයාගෙන ලෝකෙනුත් තුරන් කරලා ඉවරයි

    මතකනේ ඉබෝලා
    US එවුන් එකෙක් වත් මැරුනෙ නැහැනේ

    eththama kathawa
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    US එවුන් හත් අට දෙනෙක්ට හැදුනා නම් මේ වෙනකොට බෙහෙතුත් හොයාගෙන වැක්සීනුත් හොයාගෙන ලෝකෙනුත් තුරන් කරලා ඉවරයි

    මතකනේ ඉබෝලා
    US එවුන් එකෙක් වත් මැරුනෙ නැහැනේ




    එහෙනම් ඉතින් ඒඩ්ස් HIV හැදුන ඇමරිකන්ස් ල කොච්චර ඉන්නවද . එහෙනම් ඒකත් තුරන් වෙන්න ඕනෙනේ. එහෙම දෙයක් නැහැ මචන්. ඉබෝලා වලට වැක්සීන් එකක් පර්යේෂණ මට්ටමේ තිබුනා. නමුත් එම එන්නත ලබාදීමට අනුමැතිය හිමි උනාදැයි කියලා මම හරියටම දන්නේ නැහැ. ඇමරිකන්ස් ල සර්වයිව් උනේ එයාලව ඇමරිකාවට ගෙන්නවා ගෙන ප්‍රතිකාර කල නිසා. ප්‍රතිකාර කියන්නේ සුවවෙන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දුන්නා. එහෙම නැතුව බෙහෙතකින් සුව උනේ නැහැ මම දන්නා තරමට. පොඩ්ඩක් නෙට් එකේ සර්ච් එකක් දාල බලල කියන්නම් මම.


    අනෙක ඉබෝලා වලින් සර්වයිවි වෙච්ච අය ගොඩක් ඉන්නවා අප්‍රිකානු මහද්වීපයේ.
     
    Last edited:
    • Like
    Reactions: ArunaTelshan