ඔයාට දෂ්ඨ කරපු කෘමියා හොයාගන්නේ මෙහෙමයි - Bug
බඹරා
බඹරෙක් දෂ්ඨ කලහම එම ප්‍රදේශය රතු වෙලා කුඩා බිබිලි ඇති වෙලා ගොඩක් ඉදිමෙනවා. ඒ වගේම දෂ්ඨ කිරීමට ලක්වුණු ප්‍රදේශයේ දැඩි වේදනාවක් හටගන්නවා.
බඹර විෂ තුල අඩංගු වෙන්නේ histamine සහ acetylcholine යන විෂ වර්ග දෙක. කෘමියාගේ විශාලත්වය අනුව විෂ තත්වය වෙනස් වෙන්න පුළුවන්.
බඹර ප්‍රහාරයට ලක්වුණු පුද්ගලයාගේ පාද වලට සීතලක් දැනෙන්නේ නම්, තොල් හා කන් නිල් පැහැයට හැරී තිබෙනවා නම් ඒ වගේම ස්වසනය කිරීමේ අපහසුතාවයක් ඇත්නම්
වහාම වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුයි.
මී මැස්සා
මී මැස්සා දෂ්ඨ කරපු ස්ථානය රතු හෝ ඉදිමෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා. මුලින්ම කරන්න ඕනේ මී මැස්සා දෂ්ඨ කල ස්ථානයේ තිබෙන දළය ඉවත්කරන එක.
මෙහිදී රෝගියාට දැඩි වේදනාවක්, පුපුරු ගසන ස්වභාවයක් හා කසන ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන්. මී මැසි විස ආසාත්මික නොවේ නම් බිය වෙන්න දෙයක් නැහැ.
නමුත් අසාත්මිකතාවයක් ඇතිවෙන පුද්ගලයන්ට ස්වසනය කිරීමේදී ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයකු හමුවිය යුතුයි.
දෙබරා
දෙබර ප්‍රහාරයට ලක්වුනහම එම ස්ථානය රතු වී ඉදිමෙන අතර දැඩි වේදනාවක් හටගන්නවා. පසුව දරුණු වේදනාවක් වගේම සමෙන් ලේ වැගිරීමක් පවා ඇතිවිය හැක.
දෙබර විෂෙන් ද අසාත්මිකතාවයක් ඇතිවේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
මදුරුවා
මදුරු දෂ්ඨ කිරීමකදී රතු පැහැ බිබිලි ඇතිවෙනවා. මදුරු දල ඉතාම සිහින් බැවින් පහසුවෙන්ම රුධිර වාහිනී වලට ඇතුළුවෙන්න පුළුවන් නිසා මදුරුවන්ගේ කෙල
රුධිරය තුලට එන්නත් වෙනවා. එහි අඩංගු anticoagulants නිසා එමගින් රුධිරය තුනී වී සම රතු පැහැ වී බිබිලි ඇතිවී කැසීමට පටන්ගන්නවා.
කිනිතුල්ලා
කිනිතුල්ලා බොහෝ කාලයක් දෂ්ඨ කල ස්ථානයේ එල්ලී සිටිමින් රුධිරය පානය කරන අතර ක්‍රම ක්‍රමයෙන් ඌ විශාල වීමට පටන්ගන්නවා. කිනිතුල්ලා දෂ්ඨ කල ස්ථානය
රතු පැහැයෙන් දිස්වන අතර එම ස්ථානයෙන් කිනිතුල්ලා ගලවා ඉඅවත් කරත් රතු පැහැය ඉවත් නොවී එය දිගටම වර්ධනය වනවා නම් වෛද්‍යවරයකු හමුවිය යුතුයි.
කිනිතුල්ලන් encephalitis, borreliosis හා වෙනත් බෝවන රෝග ආසාදනය කරනවා.
මැක්කා
මැක්කන් දෂ්ඨ කල විට පහසුවෙන්ම ආසාත්මික වීම හෝ රතු වීම හා ඉදිමෙන්න පුළුවන්. එම ප්‍රදේශයේ දැඩි වේදනාවක් හටගන්නවා වගේම දරුණු කැසීමක් ඇතිවෙනවා.
මැක්කන් බොහෝවිට පාද වලට දෂ්ඨ කරන අතර කිහිප වරක්ම එලෙස දෂ්ඨ කරනවා. මේ නිසා රතු ලප අතර දුර අඟල් 0.5 සිට 1 දක්වා වෙන්න පුළුවන්. මැක්කන්ට ද
දරුණු ආසාදන ඇති කිරීමේ හැකියාව තිබෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
කුඹියා
බොහෝවිට කුඹියන්ගෙන් අනතුරක් නැති නමුත් අපි නයි කුඹි ලෙස හඳුන්වන දුඹුරු පැහැති කුඹියා සපා කෑමේදී දැඩි වේදනාවක් හටගන්නවා වගේම එම ස්ථානයේ
බිබිලි ඇතිවෙලා පසුව කැළැල් බවට පත්වෙනවා. මේ කුඹියන් තුල විවිධ වර්ගයේ විෂ අඩංගු වන නිසා විවිධ අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්.
ඇටමැස්සා
ඇටමැස්සන් දෂ්ඨ කර රුධිරය උරාබොන අතර එම ප්‍රදේශයේ දැඩි වේදනාවක් ඇතිවෙනවා. පළමුව දෂ්ඨ කල ස්ථානයේ කුඩා පැල්ලමක් ඇතිවන අතර
පසුව එය ඉදිමි කැසීම ඇතිවීමට පටන්ගන්නවා. ඇටමැස්සන් විසින් tularemia, anthrax වැනි රෝග බෝකරන අතර ඔවුන් මිනිසුන්ට වඩා ගවයන්ට දෂ්ඨ කරයි.
උකුණා
ඔබගේ බෙල්ලේ, කන් පිටුපස සහ සමේ මදුරුවන් කෑමෙන් ඇතිවනවා මෙන් කුඩා රතු පැහැ ලප දකින්නට ලැබෙනවා නම් ඒ උකුණන්ගේ සපා කෑමෙනි.
මොවුන්ගේ දෂ්ඨ කිරීම් එකිනෙකට අඟල් කිහිපයක් ඈතින් දක්නට ලැබෙනවා. උකුණන්ගේ සපාකෑම් වලින් උන සහ වෙනත් අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්.
ඇඳ මකුණා
ඇඳ මකුණන්ගේ සපාකෑම මුලින්ම පෙන්නුම් කරන්නේ මැක්කන් හෝ මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ඇතිවන ලක්ෂණ ලෙසයි. මකුණන්ගේ සපාකෑම් හඳුනාගන්නේ
රූපයේ දැක්වෙන ආකාරයට සම මත එකිනෙකට සමීපව පාරක් ලෙස තිබෙන සලකුණු වලිනි. දෂ්ඨ කිරීමට ලක්වන ස්ථානය රතු පැහැ වී ඉදිමි කැසීමට පටන්ගන්නවා වගේම
දැඩි වේදනාවක් ඇතිවෙනවා.

#බඹරා