Facebook ආදරවන්තයා චමල්කාට කල ද්‍රෝහිකම

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
Facebook ආදරවන්තයා චමල්කාට කල ද්‍රෝහිකම

අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව

attachment.php

බොහෝ තරුණියන් ජීවිතය අත් හරින තැනකදී චමල්කා තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒ විඳපු දුක තම නැවත ජීවිතය ගොඩ නගන්න චමල්කාට හයියක් වුණේ. කාන්තාවන්ගේ අයිතිය සාධාරණත්වය ගැන කතා කරන මේ කාලයේ අපි චමල්කාව මුණගැහුනේ ඇයට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න. facebook එකෙන් හම්බවුන ආදරයක් නිසා ඔබේ ජිවිතයම අහිමි කරගන්න එපා. අද ගොඩක් වෙලාවට පවුල් ජිවිත, ගැහැණු ළමයින්ගේ ජිවිත නාස්ති වෙන්නේ මේ facebook එකෙන් පවත්වාගෙන යන සමබන්ධකම් නිසා. මේ කතාවත් එවැනිම කතාවක්.



හින්දි නිළියන් පරදන රුවක් නොතිබුනත් දැක්කම තව පාරක් හැරිලා බලන්න තරම් ලස්සනක් චමල්කාට තිබුණා. යන්තම් 21වෙනි වියට පා තැබූ ඇය මේ වෙනකොට ජිවිතයේ විඳින්න පුළුවන් හැම දුකක්ම විඳලා ඉවරයි. ඇස් අගින් වැටෙනා කඳුලක් පිහිදන ගමන් චමල්කා හඬ අවදි කළා.



මං පොඩි කාලේ ගොඩක් සැපට හැදුනේ. අපේ තාත්තා මාතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මං ඉස්කෝලේ ගියේ මාතර ජනප්‍රිය බාලිකා පාසලක. අපිට සල්ලි වලින් වත් වෙන සැප සම්පත් වලින් වත් අඩුවක් තිබුණේ නැහැ. මට හිටියේ මල්ලි කෙනෙක් විතරයි. එයා මට වඩා අවුරුදු 05ක් බාලයි. මට අවුරුදු 14ක් විතර වෙනකොට තාත්තා එයාගේ හිතවත් කෙනෙක් එක්ක අළුත් ව්‍යාපාරයකට අත ගැහුවා.



එයා හරිම කපටි වංචාකාරයෙක්. අවුරුදු 02ක් විතර යනකොට එයා තාත්තාගේ ව්‍යාපාර ඔක්කොම එයාගේ නමට හරවගෙන අපිව පාරට දැම්මා. එතකොට මම O/L කරනවා. මම A/L කරලා එවර වෙනකොට අපි පාරට වැටිලා ඉවරයි. Campus යන්න තරම් මං විභාගේ පාස් වෙලා හිටියත් ගෙදර තිබ්බ ප්‍රශ්ණ, එක්තැන් වෙලා හිටපු තාත්තාගේ බෙහෙත් වලට යන වියදම, මල්ලිගේ ඉස්කෝලේ ගමන ගැන හිතලා මම තීරණය කළා Job එකකට යන්න.



කොහොමද චමල්කා ට Facebook මිතුරෙක් මුණගැසුනේ?
මගේ දුක කියන්න,මේවා ගැන කතා කරන්න කවුරුත් හිටියේ නැහැ. අඩුම තරමින් යාළුවෙක් වත් හිටියේ නැහැ. මම දුක කිවුවේ Facebook එකෙන් හම්බුන අර්ජුනට. ටික දවසක් අපි කතා කළා. එයා දවසක් කිවුවා මට ඔයාව දන්නේ Facebook එකෙන් විතරයි, මට ආසයි ඔයාව බලන්න කියලා. ඉතින් Short Leave එකක් ගන්න පුළුවන් දවසක් බලලා අර්ජුනට එන්න කිවුවා අපේ ගාමන්ට් එක ලඟට. මම දැකලා තිබ්බට වඩා අර්ජුන් හරිම කඩවසම්. දෙපාරක් හිතන්නේ නැතුව මම එයාගේ Bike එකට ගොඩ වුනේ හරියට මාව බේරගන්න ආපු දෙවියෙක් වගේ සැලකීමෙන්.



අර්ජුනගේ ආදරේටත්, මිහිරි වචන වලටත් මං හිතුවේ මගේ ජිවිතේ අර්ජුන් කියලා. මේ විදිහට දවස් කිහිපයක්ම මම අර්ජුනව හම්බ වුණා. දවසක් අර්ජුන් මාව එයාගේ යාලුවෙක්ගෙ ගෙදර අරන් ගියා.එහිදී දුන්න Cool Drink එකක් බිවුවා කියල විතරයි මට මතක. ආයේ නැගිටලා බලනකොට මගේ හැමදෙයක්ම අර්ජුන් අරගෙන ඉවරයි. මං අඬා වැටුණා ඇයි මට මෙහෙම දෙයක් කලේ කියලා.



” මම බලෙන් මුකුත් කලේ නැහැ, මේ බලන්න බොරුනම් ” කියලා අර්ජුන් මට මාව Video කරපුවා පෙන්නුවාම මට තරු පෙනුණා. ඒ එකක්වත් මම සිහියෙන් කරපු දේවල් නෙමෙයි. මට අර්ජුන එක්ක ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ටික දවසක් යනකොට අර්ජුන් එක පාරටම අතුරුදහන් වුණා. එයාගේ Phone එකවත් වැඩ කලේ නැහැ. මට තේරුණා මාව රවට්ටලා එයා පැනලා ගිහින් කියලා.



Facebook ආදරවන්තයා චමල්කාට කල ද්‍රෝහිකම
වෙච්ච දේ වුණා කියලා හිත හදන ඉන්නකොට තමයි මට සේපාල හම්බවුණේ. ඇත්තටම හම්බුණා නෙමෙයි එයා මව හොයන් අවා. එකට නෙමෙයි අර්ජුන් එවපු මගේ Video එකත් අරගෙන. එයාට ඕනි වුණේ මාත් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්න. ” අර්ජුන් ගැන හිතන්න එපා. අපි හොඳට Enjoy කරමු ” සේපාල එන්නේ මොකටද කියලා තේරුම් ගියා. මම එයාව මඟ හැරියා. එත් සේපාල මාව ලේසියෙන් අත අරින්න ලෑස්ති වුණේ නැහැ. මගේ Video පෙන්නලා මට තර්ජනය කළා. ඒ Internet දානවා කියලා. දවසක් වැඩ ඇරලා එනකොට සේපාල බලෙන් උස්සලා මාව Van එකකට දාගත්තා. මට සිහිය එනකොට මම හිටියේ තට්ටු දෙකක ගෙදරක උඩ තට්ටුවක. මං ලෑස්ති වුණා එන දෙකට මුහුණ දෙන්න.



සේපාල කාමරේට එනවත් එක්කම මම හංගලා තිබුන ඇඳ පොල්ලකින් ඔළුවට පාරක් දුන්නා. ඇරිච්ච දොරෙන් එළියට පැන්න මං නතර වුණේ ටවුමේ පොලිසියෙන්. පොලිස් පැමිණිල්ල දැම්මට පස්සේ මං සේපාලගෙයි, අර්ජුන්ගෙයි දැනගෙන හිටපු හැම නොම්බරයක්ම, sms එකක්ම, හැම Facebook Chat එකක්ම පොලිසියට දුන්නා.



පස්සේ මට පොලිසියෙන් දැනුම් දුන්නා සේපාල, අර්ජුන කියල නම් වලින් පෙනී ඉඳලා තියෙන්නේ වෙනත් දෙදෙනෙක් කියලා. එයාලා කාලයක් තිස්සේ පොලිසියෙන් හොයා හොයා හිටපු ස්ත්‍රී දුෂණ, මුදල් වංචා පොලිසියට ඕනි වෙලා හිටපු දෙන්නෙක් කියලා. ජීවිතය පරදින්න අකමැති වූ චමල්කාගේ අධිෂ්ඨානය නිසා අපරාධකාරයෝ දෙදෙනාටම දඬුවම් ලැබුණා.



මෙතැනදී චමල්කා දැනගෙන හිටියේ නැහැ,



01) නීති විරෝධිව රඳවාගෙන සිටියදී ලබා දෙන කැමැත්ත ඇතුව, විරෝධයක් නොදක්වා එහෙමත් නැත්තම් මත්ද්‍රව්‍ය දීලා හරි ලිංගික ප්‍රවේශයක් සිදු කලොත් එක නීතියට අනුව ස්ත්‍රී දුෂණයක් ලෙස හැඳින් වේ.

02) ස්ත්‍රියක් ලංකාව තුල හෝ පිටත ගණිකා වෘත්තයේ යෙදවීම අපරාධ වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ තිබේ.

03) දුෂණයට පත් කිරීම පමණක් නොව ස්ත්‍රියක් ගණිකා වෘත්තියේ යෙදවීමට තැත් කිරීම, කුමන්ත්‍රණය කිරීම, පොදු චේතන්චේතාවෙන් කටයුතු කිරීම, වීඩියෝ පටි ආදිය තර්ජනාත්මකව භාවිතා කිරීමද දඬුවම් ලැබිය හැකි වරදකි.

source http://thewoman.lk/facebook-love-story-tempory-relationship/

 

Attachments

  • facebook thewoman.lk.jpg
    facebook thewoman.lk.jpg
    27.3 KB · Views: 487
  • Like
Reactions: vito

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
liyela tiyene widiheta views ganna gothapu kathawak wage...
me wage dewal enuata dan samaje wenna puluwan

cheap widihata hithana aya thamai gothapu kathawak kiyanne. meka kauruth piliganne naththe meka aththa kathawak nisa. mokada ada kaale kolle social media app use karanne wadakata athi deyakata nemei kello maruwe danna
 
  • Like
Reactions: craabeysinghe

topkollek

Well-known member
  • May 22, 2014
    43,332
    1
    57,371
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    patta boru goththanna nam danne naha. habai mewa case studies. danna deyak katha karanna. mage thread ekata kunuharapa daanawanam oyage name ekath ekka danna. konda pana i wada karanna epa

    ඔන්න කොන්ද පන ඇතුව කොමෙන්ට් එකක් දැම්ම. මම කාටවත් කුනුහරුප කියන්නෙ නෑ :(

    කේස් ස්ටඩි එක කාගෙද?:lol:
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    ඔන්න කොන්ද පන ඇතුව කොමෙන්ට් එකක් දැම්ම. මම කාටවත් කුනුහරුප කියන්නෙ නෑ :(

    කේස් ස්ටඩි එක කාගෙද?:lol:

    kunuharapa kiyanne na comment eke eth ewa danne thread ekatane. ekai aula malli