දරුවන්ට හතිය හැදෙන්නේ ඇයි
පාසල් ( School ) යන වයසේ බොහෝ දරුවන් අතර පපුවේ රාං රූං ශබ්දය හෙවත් හතිය රෝග තත්වය ඉතාම සුලබව දක්නට ලැබේ. ශ්වසන පද්ධතිය ආශි්‍රත අවහිරතාවය එහෙම නැත්නම් අවරෝධනයක් නිසා ඇති වෙන රෝග තත්වයකි. ශ්වසන මාර්ගය ආශ්‍රිත නාල ඉදිමීම නිසා ඇති වෙන අපහසුතාවය රෝගියාට විවිධ ආකාරයෙන් දැනේ. ශ්වසන ක්‍රියාවලියේදී ආශ්වාස වායුව නාසයෙන් ඇතුලූව ශ්වාසනාලය ඔස්සේ ගමන් කරනු ලැබේ. උර කුහරය හෙවත් පපුව ප්‍රදේශයේදී ශ්වාස නාලය අතු දෙකකට බෙදෙන අතර ශ්වාස නාලිකා පෙනහලූ හා සම්බන්ධ වේ. මේවා වම් සහ දකුණු ලෙසින් හැඳින්වෙන අතර වාතය පෙනහළු තුලට ගෙනයනු ලබනන්නේ මෙම වම් සහ දකුණු ශ්වාස නාලිකා මගින්ය.
පාසල් ( School ) යන වයසේ බොහෝ දරුවන් අතර මෙම රෝගය බහුලව දැකිය හැක
ප්‍රශ්වාස කිරීමේදී පෙනහළු සංකෝචනය වෙන අතර අපිරිසිදු වාතය ශ්වාස නාලිකාතුලින් ශ්වාස නාලයට විත් නාසයෙන් පිටව යන ු ඇත. මෙම ක්‍රියාවලියේදී ශ්වාස නාලිකා තාවකාලික ලෙසින් අවහිර වීමක් සිදු වුවහොත් එය විවිධ ආකාරයෙන් අපට දැනෙනු ඇත. එම අපහසුතාවය නිසා ඇති වෙන ශ්වසන අපහසුතාවයන් මේ අන්දමින් දැක්විය හැක.
හුස්ම ගැනීමේදී ඇති වෙන පපුවේ රාං රූං ශබ්දය
සෙම ගතිය
යම් කාර්යක යෙදෙන විට ඇති වෙන විට දැනෙන වෙහෙසකර තත්වය
කැස්ස
පපුවේ හතියට බලපාන හේතු පපුවේ හතියට බලපාන හේතු
ශ්වසන ආබාධ හෙවත් පපුවේ හතියට බලපාන විවිධාකාර හේතුන් දැන් හඳුනා ගෙන තිබේ.
දූවිලි
දුම්පානය
මල්පරාග
කර්මාන ්ත ශාලාවලින ් නිකුත් වෙන දුම
වායුගෝලයේ ආර්ද්‍රතාවය
සුරතල් සතුන්
අහිතකර ආහාර පාන
ඉහත ලැයිස්තුව දෙස බලන විට ඔබට එක් කරුණක් පෙනෙනු ඇත. මෙම ලැයිස්තුවේ තිඛෙන බොහෝ දේ අපට පාලනය කර ගැනීම එතරම් අපහසුතාවයක් නැත. ඊට හේතුව වන්නේ එම සාධක බොහොමයක්ම අපට පාලනය කළ හැකි තත්වයේ පැවැතීමයි. ශ්වසන රෝග පරිසරය සමග දක්වන අන්තර් සම්බන්ධතාවය කොතරම් ප්‍රබලද යත් යුරෝපා රටවල මෙම රෝගය පිදුරු උණ හෙවත් Hay Fever යනුවෙන් හැඳින්වේ. අප්‍රේල් , මැයි ජූනි යන මාසවලදී එළැඹෙන වසන්තයේදී මල් පිපෙන අතර ධාන්‍ය අස්වැන්නත් නෙලා ගනු ලබන්නේ මෙම කාලයේදීය. එබැවින් මෙම කාලයේදී පරිසරයට මුදා හැරෙන මල් රේණු සහ දූවිලි අංශු මගින් ආසාත්මික රෝග වැළඳීමට තිඛෙන අවදානම සෑම වසරකදීම 3 %බැගින් ඉහල නගිමින් පවතී.
මෝටර් රථ වාහන මගින් නිකුත් වෙන සහ පරිසර හිතකාමී නොවන සේ කර්මාන්ත ශාලාවන් ආරම්භ කිරීම නිසා නිරන්තරව නිරාවරනය වෙන්නේ අපිරිසිදු වාතයට බැවින් ශ්වාස නාලිකා අවහිර වීමට ඇති අවදානම ඉතා ඉහලින්ම ඇත. වාතයේ පවතින ආර්ද්‍රතාවය නිසා පපුවේ හතිය හෙවත් ශ්වසන මාර්ගයේ අවරෝධන තත්වයක් ඇති වෙනවා නම් ඒ වෙනුවෙන් කළ හැකි එකම විකල්පය වන්නේ මෙම ආර්ද්‍රතාවයන්ට න ිරාවරනය නොවී සිටීමයි. එම පරිසර තත්වයන්හිදී මුඛය, කණ, නාසය හොඳින් වසා ගෙන සිටීම ඉතා වැදගත්ය.
ඔබේ ජීවන පුරුදු හා ආහාර වෙනුවෙන් වූ ස්වයං පාලනය මගින් මේ තත්වයෙන් නිදහස් වීම එතරම් අපහසු නැත ඔබ ජීවත් වෙන පරිසරයට අනුව හොඳින් ඉර පායන වේලාව නෑම වෙනුවෙන් ඇති හොඳම වේලාවයි. වෙලාවක් නැති වුනත් කෙසේ හෝ මෙම හිතකර පරිසර තත්වයන්හිදී ස්නානය වෙනුවෙන් කාලය වෙන් කර ගතහොත් ඔබට හතිය හෙවත් පපුවේ රාං රුං ශබ්දයෙන් දුරස්ථ විය හැක. ආහාර පිලිබඳව සඳහන් කළොත් සෑම දෙනාටම එකම ආහාර රටාව ඔරොත්තු දෙන්නේ නැත. ඇතැම් අයට සීත ගුණ දෙන ආහාර ඛෙහෙවින්ම අහිතකරය. කිරිබත්, මුංඇට, පිපිඤ්ඤා වැනි සීත ආහාර මෙන්ම ඇතැම් අයට කෙලවල්ලා , ඉස්සෝ , දැල්ලෝ වැනි මත්ස්‍ය වර්ගද අහිතකර බව ඔවුන්ටම දැනෙනු ඇත. මේ නිසා නිතරම එම අහතිකර ආහාර වලින් ඔබ දුරස්ථ වීම මෙන්ම දරුවාටත් එම ආහාර අහිතකර වන්නේ නම් ඒවා ඔවුන්ගෙන් දුරස් කරන්න.
පාසල් ( School ) යන කුඩා දරුවන් ගනු ලබන ආහාර පාන මඟින් ද හතිය වැළඳිය හැක
පාසල් ( School ) යනකුඩා දරුවන් අතර හතිය ඉතා සුලබ වුනත් සිසිල් කරන ලද පාන සහ අයිස්ක්‍රීම් වැනි දේ ඔවුන්ට ඉතාම අහිතකර සේ බලපානු ඇත. එහෙත් මේ තත්වය දරුවන්ගෙන් දුරස්කි රීමද අපහසු කාර්යකි.එහිදී වැඩිහිටියන් ඉතා සූක්ෂම අන්දමින් මෙම පුරුදු වෙතින් ඔවුන් ගලවා ගත යුතුය. ශ්වසන රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන් උපදෙස් ලබාන්නේ අඩුම වශයෙන් මෙම දරුවන්ට ශීතකරනයක් හෝ විවෘත කිරීමට අවසර නොදෙන ලෙසයි. ඒ නිසා ඔබ නිරන්තරව මැසවිලි නගන්නේ අනේ …කොච්චර කිව්වත් අහන්නෙ නෑ…කූල් බීම, අයිස්කි්‍රම් කන්නේ… බොන්නේ… එහෙත් ඔබ මදකට හෝ මෙසේ සිතුවාද දරුවා මේවා ඉතා පහසුවෙන් ගන්නේ ශීතකරනයේ ඒ වෙනුවෙන් ඉඩ ලබා දී ඇති නිසා නොවේද…මෙම අහිතකර ආහාර පාන දරුවාටත් නොදැනෙන සේ ඔබේ ලැයිස්තුවෙන් ඉවත් කරන්න. එවිට දරුවාට මේවා ආහාරයට ගැනීමෙන් රෝගී වීමට ඇති අවස්ථාව නොදැනීම මග හැරෙනු ඇත.
සුරතල් සතුන්ද අද ශ්වසන රෝග වාහකයන් බවට පත්ව ඇත. අද සුරතල් සතුන්ට ඇත්තේ දරුවන්ට සමාන තැනකි. එහෙත් මෙම සත්ව ලෝම නිසා දරුවා ශ්වසන රෝග තත්වයන්හි ගොදුරක් වූ තැනදී ඔවුන්ට ඇති පීඩනය සුලූ පටු නැත. මේ නිසා දරුවන්ට ආදරය දක්වන දෙමව්පියන් වශයෙන් ඔබ මෙම සුරතල් සතුන ්ගේ ලොම්වලට ඔවුන් නිරාවරණය නොවන සේ තබා ගැනිමා ඉතා වැදගත් වේ.
ඇතැම් මෘදු සෙල්ලම් භාණ්ඩවලින් නිකුත් වෙන ලොම්ද දරුවන්ට ශ්වසන ආබාධ වෙනුවෙන් හේතුකාරක විය හැකියි. සෙල්ලම්බඩු තෝරන විටත් ලොම් හැලෙන අන්දමේ ක්‍රිඩා භාණ්ඩ තෝරා ගැනීමෙන් වලකින ලෙස දෙමව්පියන් දැණුවත් විය යුත්තේ ඒ නිසාය.
නිවසේ පවතින අපිරිසිදු පරිසරයත් ශ්වාස රෝග සඳහා බලපාන තවත් හේතුවකි. දූවිලිවල සිටින කුඩා මැක්කන්ද ශ්වාස නාලිකා අවහිර කරන සාධකයක් බැවින් නිතරම නිවස පිරිසිදුව දූවිල්ලෙන් තොරව තබා ගත හැකි නම් ශ්වසන මාර්ගය ආශ්‍රීත රෝග තත්වයෙන් නිදහස් වීම එතරම් අපහසු නැත.
source http://thewoman.lk/school-children-suffering-wheeze/
පාසල් යන දරුවන්ට හතිය හැදෙන්නේ ඇයි