ආදරය රාගය සහ ගැහැණිය

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ආදරය රාගය සහ ගැහැණිය

ආදරය රාගය සහ ගැහැණිය




" කාමය " ( sex ) කියන්නේ කුණුහරප වදනක් නෙමෙයි. මෙය කුණුහරප වදනක් ලෙස සළකනු ලැබීම කණගාටුවට කරුණකි. එය කැත වචනයකි. තේරුම් ගැනීමට නොහැකි ආකුල වදනකි. කාමය යන්නෙන් ඇත්තෙන්ම අපි අදහස් කරන්නේ කුමක්ද ? ඒ ගැන අප වඩ වඩාත් සිතත් සිතත්ම එහි අදහස තේරුම් ගැනීම අපට වඩ වඩාත් අසීරු වේ.



කාමය ( sex ) යනු අපට උප්පත්තියෙන් ලැබුණු සහජ දැනීමක් ද?
කාමය ( sex ) අපට උප්පත්තියෙන් උරුමය වූ සහජ දැනීමක් ලෙස විද්‍යාව විසින් විග්‍රහ කරනු ලැබේ. එය සහජත්වයක්ලු. එහෙත් සහජත්වය කියන්නේ මොකක් ද? සහජත්වය කියන්නේ අප තුලට කා වැදී ඇති ජන්ම ගතික පුරුද්දක්. පුරුද්ද කොතරම් පැරණි වුවද එයට ආරම්භයක් තිබිය යුතුයි. එහෙත් කාමයට ආරම්භයක් නැහැ. ජීවිතය කොතනද එතන කාමය ( sex ) තියෙනවා. එසේනම් කාමය සහජතා පුරුද්දක් ලෙස සැලකීම වැරදිය.



නැවතත් කාමය බඩගින්න වැනි ඉන්ද්‍රියයන් පිනවීමේ අභිලාශයක් ලෙස ලෙසද හඳුන්වති. පිනවීමේ අරමුණ කුමක් සඳහා ද ? තම වර්ගයාගේ පැවැත්ම නොසිඳී තබා ගැනීමේ අරමුණලු. මෙය මොනතරම් ගොන් කතාවක් ද? කොතරම් හාස්‍යජනක කතාවක්ද? මොණරා සිය පිල් විදහා රඟන්නේ මොණරිය කුල්මත් කොට තම වර්ගයාගේ පැවැත්ම නොසිඳ තබා ගැනීමට ද? ඇයි ? මොණරිය තමන්ගේ පිල් විදහා රඟා මොණරාගේ සිත ඇද බැඳගෙන සිය වර්ගයාගේ සිය වර්ගයාගේ පැවැත්ම ඉදිරියට ගෙන යෑමට උත්සහ නොකරන්නේ? ගොන් කතා. ඈ ඇගේ බිජුවට හා මොණර පැටවූ රැක බලා ගනී. මොණරාට පිල් විදහා රඟා පෙන්වන්නට තරම් ඇගේ කාමාශාව දුබල යැයි නොසිතමි.



කාමය ( sex ) පිළිබඳව ඉදිරිපත් කරන බොළඳ න්‍යායන්
කාමය පිළිබඳව ඉදිරිපත් කරන ලද මෙවන් බොළඳ න්‍යායන් අප විමතියට පත් කරවයි. මොණරා උගේ ප්‍රභවය ඔහු දෙස අස ඇර නොබලන මොණරිය වෙත දක්වන්නේ ඇයි සිතන්න. මොණරියගේ රස වින්දනය ගැන විශ්වාසය තබන විද්‍යාඥයා මොනතරම් බොළඳ ද? එතරම් එතරම් සෞන්දර්ය රස විඳින්න පුළුවන් මොනරියක්.


තවත් බොළඳ කතාවක් නම් කොවුලා ඔහුගේ මිහිරි ගී ගයන්නේ කෙවිලිය මෛථුනයට කැඳවීමටලු. කොවුලා සිය ගී ගයන්නේ කෙවිලිය හා මධු සාමය ගත කිරීමෙන් පසු බව විද්‍යාඥයාට අමතක වුවා සේය. ඒ වන විට කෙවිලිය ඔහු හැර බොහෝ දුර පියඹා ගොස් ඇත. එසේ නම් ඔහු ගයන්නේ ඇයව බැඳ ගැනීමට නොව ඇයව පලවා හැරීමට වත්ද?



මේ විද්‍යාත්මක සිද්ධාන්තය කොතරම් ප්‍රමොධජනක ද? කොතරම් බොළඳ ද? නමුත් මේ සියල්ල පිටුපස සැඟවුන එක සංසිඳ විය නොහැකි අපේක්ෂාවන් ඇත. එනම් Beauty ලස්සන යන්නෙහි ඇති ගුප්ත ස්වභාවය රුචි නොකිරීම හෝ එයට විද්‍යාත්මක අර්ථකතනයක් දිය නොහැකි නිසා. අතුගා දැමීමට විද්‍යාවට ඇති අභිලාෂයයි.



" ලස්සන " යන්න ගුප්තතාවයකි. එය කෑමට හෝ කවුන හැදීමට ගත හැක්කක් නොවේ. ඉතින් විද්‍යාව කියන්නේ එය ගැහැණිය සිය වර්ගයාගේ පැවැත්ම තහවුරු කරනු සඳහා - බෝ කරනු සඳහා - යොදා ගන්නා උපක්‍රමයක් ලෙසය. ඈ බෝ කරනුයේ බොහෝ විට අඳුරේය. එහෙනම් එය උපක්‍රමයක් වන්නේ කෙසේද?



කාමය හා දැල්ල හා ගින්දර මෙනි. ඔබ කාමය පිළිකුල් කරත් ද, ඔබ ලස්සන ද පිළිකුල් කරයි. ඔබ ( ජිවන ) ලස්සනට ඇළුම් කරන්නේද ඔබ කාමයටත් ප්‍රණාමයක් දක්වයි. සත්තකින්ම ඔබ මහළු වී ගියද ලස්සනට ඇළුම් කිරීමට බැරි කමක් නැත. එහෙයින් ලස්සනට ඔබ ඇළුම් කරන්නේ නම් මහළු වී සිටින ඔබට කාමයට ද එබඳු ප්‍රණාමයක් කළ හැක්කේය.



කාමය සහ ලස්සන වෙන් කොට ගත නොහැක. ජීවිතය සහ විඥාණය, කාමය හා ලස්සන ලස්සන තුලින් මතුවෙන ප්‍රතිභානය ( වැටහීම ) වේ. අප සමාජය වෙලා ගත් මහත් වූ ව්‍යසනය කාමය දෙස දක්වන දුෂිත පිලිකුලයි.

\


source http://thewoman.lk/love-woman-sex/
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නොදකිං :angry: තූඃ :angry:
    feminist ලට post modernism හම්බවුනාම මේ වගේ බහුබූත හෑලි ලියවෙනව :angry:
    ඇයි තව කියපං හඳුන්කූරකිං නැගෙන දුම විස්තර කරන්න බැරි විද්‍යාව පුරුශාධිපත්‍යයට යට වෙලා පුරුශයන්ගෙ අහවල් එක මෘදු වෙන්නෑ දෘඩ වෙන නිසා කියල :angry:
     

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    නොදකිං :angry: තූඃ :angry:
    feminist ලට post modernism හම්බවුනාම මේ වගේ බහුබූත හෑලි ලියවෙනව :angry:
    ඇයි තව කියපං හඳුන්කූරකිං නැගෙන දුම විස්තර කරන්න බැරි විද්‍යාව පුරුශාධිපත්‍යයට යට වෙලා පුරුශයන්ගෙ අහවල් එක මෘදු වෙන්නෑ දෘඩ වෙන නිසා කියල :angry:


    hahahahhahaha mekata hinawena oya nam modayek. mokada me nanda vijesekara kiyana lecturer liyapu book ekak. oyala wage minissu gana dukai malli
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hahahahhahaha mekata hinawena oya nam modayek. mokada me nanda vijesekara kiyana lecturer. oyala wage minissu gana dukai malli

    okay. lecturers ල කියන හැම දෙයක්ම ඇත්ත කියල හිතාගන්නං එහෙනං. lecturers ල දෙන්නෙක් පරස්පර කරුණු දෙකක් කිව්වාම දෙකම පිලිගන්නං.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ Richard Dawkins ගෙ ඒවා උදහරනයට ගත්තට නලින් ගෙ ඒවනෙ අදහන්නෙ...plot twisted bro..

    පුද්ගලය නෙමේ වැදගත් මතවාදය. ඕකෙ fluid turbulance ගැන කියන ටික අහල ඉන්න මේ මොකාටද එන්න හදන්නෙ කියල තේරෙයි :rolleyes: