කුඩු_නෑ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කැබිනට්ටුවේ ඒකමතික අනුමැතිය; ‘රාජපක්ෂලාගේ කාලේ මත් උවදුර නැති කළා’යි ගෝඨා කියයි; කුඩු නාලිකාව නිහඬයි

Gota_Kudu_Leader_Mujehideen1.jpg


Gota__Kudu_Leader_Mujehideen1.jpg



මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම අනුමැතිය ලැබී ඇත්තේ ඒකච්ඡන්දයෙන් වීමත් කිසිවෙකු ඊට විරුද්ධ නොවී සිටීමත් කැපී පෙනෙන්නකි.

පසුගිය 07 වෙනිදා කලුබෝවිලෙන් සහ බත්තරමුල්ලෙන් හෙරොයින් කිලෝ ග්‍රෑම් 103 ක් අත් අඩංගුවට ගන්නා ලදී. කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ ජීප් රථයක තිබී හෙරොයින් පාර්සල් 30 ක් ප්‍රථමයෙන් අල්ලා ගන්නා ලද අතර එහිදී අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී බත්තරමුල්ල සුභූතිපුර පාරේ නිවසක තිබී තවත් හොරොයින් පාර්සල් 66 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත් අඩංගුවට ගත්තේ ය. මෙම හොරොයින් කිලෝ 103 වටිනාකම රුපියල් කෝටි 125 ක් පමණ විය. පරීක්ෂණ වලදී හෙළි වූයේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළ කරුවන් දැනට මරණීය දණ්ඩනය ලබා සිරගතව සිටින අය බවයි. ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවන අතර බොහෝ දෙනා වසර 20 ක් හෝ ඊට අඩු කාලයකින් නිදහස ලබා යලි පිටතට පැමිණේ.



ජනාධිපතිගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට ආසන්න හේතුව වූයේ මේ ලෙස මරණ දණ්ඩනය නියම වූවන් බන්ධනාගාරයට වී මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කරගෙන යෑමයි. මත්ද්‍රව්‍ය සඳහා නොවුනද දැනට භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙකු ඝාතනයට මරණීය දණ්ඩනය ලබා සිරගතව සිටින දුමින්ද ආර් සිල්වා හෙවත් කුඩු දුමියා සහ ඔහුගේ අංක එකේ ගෝලයා වන චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද දෙදෙනාද බන්ධනාගාරයේ හිඳිමින් තම මත්ද්‍රව්‍ය ජාවාරම එළියේ සිටියාටත් වඩා හොඳින් කරගෙන යන බව තතු දත්තෝ පවසති.


ගෝඨා සහ මුජෙහිදීන්

මේ අතර අද(10) බිබිල මැදගම විහාරස්ථානයක දී ගෝඨාභය රාජපක්ෂ පවසා තිබුනේ මහින්ද රාජපක්ෂගේ කාලයේ දී කුඩු උවදුර නැති කළ බවත් අද රට පුරා පැතිර යන කුඩු උවදුර දෙස බැලීමේ දී රජයේ නොහැකියාව නිරූපණය වන බවයි.


ඔහු එසේ කියන නමුත් ඔහු ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කාලයේ ඍජුවම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බව නොදන්නේ ඊයේ ඉපදුනු දරුවෙකු පමණි. මෙහි ඇති සේයාරුවේ දැක්වෙන්නේ ලංකාවට හොරොයින් එවන ප්‍රධාන ජාවාරම් කරුවෙකු වන, දැන් මැලේසියාවේ සැඟව සිටින මුජෙහිදීන් නමැත්තා සමග ගෝඨාභය පෙනී සිටින සේයාරුවකි. මුජෙහිදීන් යනු ලංකාවේ මත්ද්‍රව්‍ය තොගයක් සමග කොළඹ වෝඩ් පෙදෙසේ සුපිරි නිවසකදී 2003 දී අත් අඩංගුවට ගෙන දැනට මරණ දණ්ඩනය හිමිව සිටින මොහොමඩ් සමූන් මොහොමඩ් ෂියාම් ගේ ඥාතියෙකි. කුඩු දුමින්ද, මුජෙහෙදීන්ගේ හෙරොයින් මෙරටට ගෙන්වන ප්‍රධාන චරිතයකි.


මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් මණ්ඩලයේ දී ඒකමතික අනුමැතිය ලැබුණු බව කුඩු දුමින්දගේ කුඩු සල්ලි සුදු කිරීම සඳහා පවත්වාගෙන යන ඔහුගේ සොයුරාට අයත් කුඩු නාලිකාව විසින් පුවතක් ලෙස මෙතෙක් ප්‍රචාරය කර නැත.
 
Last edited:

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,976
    3,780
    113
    වැඩක් නෑ බං මොන බයිලා ගැහුවත්. ගෝටා තමයි කොළඹ පාරවල් වල නිදහසේ යන්න හදල දුන්නේ. පිටකොටුවේ පාරවල් සුද්ද කරලා අහිංසක මිනිස්සුන්ට උගුල් අටවන්න ඉන්න උන් පැන්නුව. දැන් ආයෙම පිටකොටුවේ නිදහසේ යන්න බෑ. කුඩු කතාවත් එහෙමයි. හිටං මොන බයිලා ගැහුවත් ගෝටා ගැන මිනිස්සු පැහැදිලා ඉන්නේ. ගෝටා ව කොපි කරන්න හැදුවට වැඩක් නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,797
    2
    54,453
    113
    මරුසිරා;23402801 said:
    කුඩු නැත්නම් පලයන් සතොසට අන්න කිලෝගානට :lol::lol:

    Thread closed :lol::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවා හරියන්නේ නෑ අලුත් බොරුවක් හොයන් වරෙන්. ඊලග චන්දෙන් වික්කමසින්හට රෙදි නැතුව යන්න වෙන්නේ.. :rofl:
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    මරණ දඬුවම ගැන කියන්න දැන්ම කල්වැඩියි බං. පලවෙනි එකාව එල්ලුවට පස්සෙ ගුණ ගායනාව පටන් ගනින්. රෑ ගන්න තීන්දු තීරණ උදේ වෙනකොට වෙනස් කරන රටක් මේක.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මරුසිරා;23402801 said:
    කුඩු නැත්නම් පලයන් සතොසට අන්න කිලෝගානට :lol::lol:

    අපොයි පව් යකෝ ඔහොම කරන්න එපා උට
    :lol::lol: