දරුවන්ගේ දිවි රැකුණේ භාවනාව නිසා...
මේක මට ඊමේල් මගින් ලැබුනු ලිපියක්. මෙකේ source එක මොකද්ද කියල මම දන්නෙ නෑ. කොහොම වුනත් මෙම ලිපියේ සාරය ගොඩක් වැදගත් හින්දා මෙතනට පෝස්ට් කරා.
_________________________________________________
බ්‍රිතාන්‍ය කිමිදුම් කරුවන් විසින් තායිලන්තයේ ගුහා සංකීර්ණය තුළ සිරවී සිටි, Wild Boars පාපන්දු කණ්ඩායමේ දරුවන් දොළොස් දෙනා සොයා ගන්නා විට, ඔවුන් කිසිවෙක් අඩමින් හෝ විලාප තියමින්, කලබලයට පත්වී සිටියේ නැහැ. සියලු දෙනාම පුදුමයට පත් කරමින් ඔවුන් සිටියේ ඉතා සන්සුන්ව හිදගෙන භාවනා කරමිනුයි. මෙය දෙස් විදෙස් ජනමාධ්‍ය වෙබ් අඩවි තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දුන් පුවතක් වී තිබෙනවා..
"නවතින්න, හුස්ම ගන්න, සියල්ල අත්හරින්න."
අන්ධකාර ගුහා සංකීර්ණයේ අදුරු කොනක, ආහාර පාන රහිතව, අල්ප වාතාශ්රයෙන් යුතුව ගත කල දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුගේ ජීවිතය බේරාදුන් විශ්මිත මන්ත්‍රය බවට පත් වූයේ ඔවුන් සිදු කළ මෙම භාවනාව බව බොහෝ විශේෂඥයන් පවසනවා.
ලෝකප්‍රසිද්ධ ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භාවනාව සම්බන්ධ විශේෂඥයෙකු වන "ලියා වෙයිස්" පවසන්නේ, දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරුගේ ජීවිත ආරක්ෂා වීමට භාවනාව මූලිකම කරුණක් වූ බවයි. එයට හේතුව නම්, දරුවන් සිටි ස්ථානයෙහි ශ්වසනයට අවශ්‍ය වාතාශ්‍රය තිබුනේ ඉතා අල්ප ප්‍රමාණය යි. එසේ ම ඔවුන් සතුව ඉතිරිව තිබුනේ ඉතාම සුලු ආහාර ප්‍රමාණයක්.
නමුත් පරියේෂණ වලින් යොසා ගෙන ඇති පරිදි භාවනාව තුළින් හෘදස්ඵන්ද වේගය, හුස්ම ගැනීම සහ ආහාර ජීර්ණය මන්දගාමී සහ සංන්සුන් බවට පත් කරනු ලබනවා. සිරුරේ කෝටිසෝල් ප්‍රමාණය සහ ඔක්සිජන් භාවිතය එමගින් අඩු කරන අතරම, ශරීරයෙන් කාබන්ඩයොක්සයිට් පිටකිරීමේ ප්‍රමාණය ද භාවනාව මගින් අල්ප කරන බව පරීක්ෂණ මගින් තහවුරු කොටගෙන තිබෙනවා. අල්ප ඔක්සිජන් සහ ආහාර ප්‍රමාණයක් සහිතව දීර්ඝ කාලයක් ගුහාව තුළ ගත කිරීමට දරුවන්ට එය උපකාර වි තිබෙන බව විශේෂඥයන් පවසනවා. එසේ ම ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනු එම කාලය තුළ මානසික ආතතියට පත් නොවී, එකිනෙකා අතර ගැටුම් ඇති කර නොගෙන, ඉතා ම ධනාත්මක ලෙස එකිනෙකා කෙරෙහි කරුණාවෙන් සහ සතුටින් එම කාලය ගතකරන්නට ද භාවනාව ඔවුනට උපකාර වී ඇති බව පැවසෙනවා.
දරුවන්ට එම කාලය ඇතුළත දිගට ම භාවනා කරන්නට යොමු කර තිබෙන්නේ ඔවුන්ගේ අවුරුදු 25 වයසැති පුහුණුකරු විසිනුයි. ඔහු අවුරුදු 12 පටන් වසර 10 පමණ කාලයක් බෞද්ධ විහාරස්ථානයක පැවිදි භාවය ලබා ස්වාමීන් වහන්සේ නමක් ලෙස භාවනාව පුරුදු කොට තිබූ අයෙක්. පසුව තමන්ගේ ආච්චි අම්මාව රැක බලාගැනීම පිණිස උපැවිදි භාවයට පත් වන්නට ඔහුට සිදු වුව ද, ඔහු කිසි දිනෙක භාවනාව අත්හැරියේ නැහැ.
එසේ ලබා ගත් පුහුණුව උපයෝගී කරගෙන ගුහාවේ සිරවුනු දරුවන්ව භාවනාවට යොමු කරවන්නට ඔහු සමත් වුනා. එසේ ම ගුහාව තුළ දී ඔහු ඉතිරිව තිබූ ආහාර ගැනීම ද ප්‍රතික්ෂේප කොට තමන්ගේ ආහාර කොටසත් දරුවන්ට ම පරිත්‍යාග කරමින් ඔවුන්ව ආරක්ෂා කරන්නට සමත් වුනා. ගලවාගැනීමේ කණ්ඩායම් ඔවුන්ව සොයා ගන්නා විට, එම පිරිසේ සෞඛ්‍ය අතින් දුර්වලම තැනැත්තා පවට පත්ව සිටියේ එම පුහුණුකරුයි. එයට හේතුව ඔහු දරුවන්ට අහාර පරිත්‍යාග කරමින් තමන් නිරාහාරව සිටි නිසා. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් පුද්ගලයෙක්ව කෙතරම් සුවිශේෂී අයෙක් බවට පත් කරනවා ද කියා.
අතිශයින් දුෂ්කර ගලවාගැනීමේ මෙහෙයුම සාර්ථක කරගත් පසු, එම මෙහෙයුමේ ප්‍රධානියා පවසා තිබුනේ, එය ප්රාතිහාර්යයක් ද, විද්‍යාව ද නො එසේ නම් කුමක් ද කියා ඔහු නොදන්නා බවයි.
90%ටත් වඩා වැඩි බෞද්ධ පිරිසක් සිටින තායිලන්තයේ බොහෝ දෙමාපියන් තම දරුවන්ව කුඩාකල සිටම භාවනාවටත් දන් දීම ආදී උතුම් ගුණ ධර්ම වලටත් හුරු කරනු ලබනවා. විශේෂයෙන් ම තායිලන්ත බෞද්ධයන් තුළ ස්වාමීන් වහන්සේලා කෙරෙහි තිබෙන ගෞරවය වචනයට පමණක් සීමා නොවූ අතිශය විශ්මිත එකක්.
ස්ටැන්ෆර්ඩ් සරසවියේ පර්යේෂයකින් පවසන්නේ වර්තමානය තුළ සාර්ථකත්වය ලබා තිබෙන බොහෝ ව්‍යාපාර හිමිකරුවන් සහ නායකයින් බොහෝ පිරිසක් තමන්ගේ සාර්ථකත්වය පිණිස සිහිය පිහිටුවීමේ භාවනා ක්‍රම පුරුදු කරන බවයි.
නමුත් අවසානාවන්තම කරුණ නම්, බෞද්ධ උරුමයේ කේනද්‍රස්ථානයක් වන ලංකාවේ බොහෝ පිරිසක් භාවනාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම යි. එක්තරා අවස්තාවක ප්‍රසිද්ධ ඇමරිකානු ජාතික ස්වාමීන් වහන්සේ නමක් විසින් පවසා තිබුණේ, ශ්‍රී ලංකාවේ මිනිසුන් රත්තරන් කන්දක් උඩ ඉදගෙන සිටින නමුත්, එසේ ඉදගෙන සිටින බව නොදන්නා බව යි. කෙතරම් අවාසනාවක් ද?
මේ නිසා අප සියලු දෙනාම සුලුවෙන් හෝ කිසියම් භාවනා ක්‍රමයක් එදිනෙදා ජීවිතයට පුරුදු කරගන්නට උත්සාහ කිරීම අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. මරණ බිය දැනි දැනීත් එම දරුවන් භාවනා කළා නම්, ඔබට දිනපතා විනාඩි කිහිපයක් හෝ භාවනා කරන්නට අපහසු යැයි පවසනවා නම් ඔබ ඔබ ගැනම අතිශය ලැජ්ජාවට පත් විය යුතුයි.