වරාය_කොන්ත්‍රාත්තුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වරාය_කොන්ත්‍රාත්තුව

වරාය කොන්ත්‍රාත්තුව ගන්න කලින් බැසිල්ගේ බිරියගේ පදනමට චීන සමාගම ලක්ෂ 194 ක් මුදල් දැමූ බව පිළිගනී

collage.png

CICT නමැති චීන සමාගම මගින් අල්ලසක් ලෙස සැකකරන ආකාරයට රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක් (1,94,10,000)ක් පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානයට 2012 මැයි 21 වැනි දින ගෙවා තිබෙන බවට පසුගිය දිනවල ඇතිවූ කථාබහෙන් පසුව CICT නමැති එම සමාගම අදාළ මුදල් බැරකළ බව පිළිගෙන තිබේ. විගණකාධිපති ඩබ්ලිව්. ඇම්. ගාමිණී විජේසිංහ මහතා විසින් පවත්වනු ලැබූ විශේෂ විගණන පරීක්ෂණයකින් එම තොරතුරු මුල්වරට අනාවරණය වූ අතර 2012 එම මුදල් ලබාදීමෙන් පසුව එවක ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ ආශිර්වාදයෙන් 2013දී යථෝක්ත චීන සමාගමට කොළඹ දකුණු වරායේ පර්යන්තය ඉදිකර බහලුම් මෙහෙයවීමේ කටයුතු සඳහා වසර 35 ක් සඳහා වන කොන්ත්‍රාත්තුව ලැබී ඇති බවද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ඒ අනුව එය අල්ලසක් ආකාරයේ ගනුදෙනුවක් බවට අදාළ පරීක්ෂණයේදී කරුණු හෙළි කර තිබේ.

C.I.C.T හෙවත් COLOMBO INTERNATIONAL CONTAINER TERMINALS LIMITED නමින් හඳුන්වනු ලැබ ඇති එම සමාගමේ චීන කොටස් ප්‍රමාණය සියයට අසූපහක් (85%) වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් ප්‍රමාණය සියයට පහළොවකි (15%). ගිවිසුම අනුව යථෝක්ත සමාගම පර්යන්තය ඉදිකර ග්‍රැන්ටි දොඹකර ආදිය සවිකර ‍දෙදහස් දහතුනේ ජූලි පළමු වැනි දින (2013.07.01) මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත. එම සමාගම, හොංකොං ඇන්ඩ් ෂෙන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පතින් පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාල‍යයේ අංක 204-1-001-5-003290 යන ගිණුමට බැර කිරීම සඳහා චෙක්පත නිකුත් කර තිබේ.

පුෂ්පා රාජපක්ෂ පදනමට එසේ ලබාදුන් මුදල දකුණු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා දැරූ වියදමක් වශයෙන් චීන සමාගම ගිණුම්ගත කර (ප්‍රාග්ධනිත කර) තිබූ බවද විගණන වාර්තාවෙන් හෙළිවිය. එසේ ගිණුම්ගත කිරීමෙන් සිදුවන්නේ ඒ වියදම මේ රටේ හජනතාවට ගෙවීමට සිදුවීටට ඇති දෙයක් ලෙස නම් කිරීම යයිද පරීක්ෂකයින් සටහනක් යොදා ඇත.

කෙසේ වෙතත් C.I.C.T දැන් පවසන්නේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීම සඳහා පරිත්‍යාගයක් කරන බව දක්වමින් එය ලබාදුන් බවකි. එය අල්ලසක් නොවන බවත් තම සමාගම ඒ ආකාරයේ සමාජ සත්කාර ඕනෑතරම් කරන බවත් කොස්ලන්ද නායයාම වැනි අවස්ථාවල උදව් කළ බවත් අලුත්ම මාධ්‍ය නිවේදනයෙන් පවසා තිබේ.

කෙසේ වෙතත් මුදල් ආධාර දිය යුතු ශ්‍රී ලංකාවේ අනන්ත අප්‍රමාණවත් ස්වේච්ඡා සංවිධාන තිබිය දී, චීන සමාගම පුෂ්පා රාජපක්ෂ පදනමම තෝරාගෙන ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න ගැටලුවට හේතුවී ඇත.
එසේම ඔවුන් පවසන ආකාරයට ඒ මගින් පුෂ්පා රාජපක්ෂ පදනම නිවාස ඉදිකර තිබේද යන්නද සොයා බැලීම වැදගත් වනු ඇත.

z_p01-Another.jpg
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව දවස් දෙක තුනකින් චීන තානාපතිකාර්ලය ඕක බොරු කියුව ගමන් උබ ආයෙ නානව බන්..:P
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    තව දවස් දෙක තුනකින් චීන තානාපතිකාර්ලය ඕක බොරු කියුව ගමන් උබ ආයෙ නානව බන්..:P
    baya nowee idapan deshapaluwo kawadath waradikarayo wela na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    පුෂ්පම්මට පින් සිද්ද වෙන්න මටත් ලස්සන ගෙයක් ලැබුනා.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වරාය කොන්ත්‍රාත්තුව ගන්න කලින් බැසිල්ගේ බිරියගේ පදනමට චීන සමාගම ලක්ෂ 194 ක් මුදල් දැමූ බව පිළිගනී

    collage.png

    CICT නමැති චීන සමාගම මගින් අල්ලසක් ලෙස සැකකරන ආකාරයට රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක් (1,94,10,000)ක් පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානයට 2012 මැයි 21 වැනි දින ගෙවා තිබෙන බවට පසුගිය දිනවල ඇතිවූ කථාබහෙන් පසුව CICT නමැති එම සමාගම අදාළ මුදල් බැරකළ බව පිළිගෙන තිබේ. විගණකාධිපති ඩබ්ලිව්. ඇම්. ගාමිණී විජේසිංහ මහතා විසින් පවත්වනු ලැබූ විශේෂ විගණන පරීක්ෂණයකින් එම තොරතුරු මුල්වරට අනාවරණය වූ අතර 2012 එම මුදල් ලබාදීමෙන් පසුව එවක ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ ආශිර්වාදයෙන් 2013දී යථෝක්ත චීන සමාගමට කොළඹ දකුණු වරායේ පර්යන්තය ඉදිකර බහලුම් මෙහෙයවීමේ කටයුතු සඳහා වසර 35 ක් සඳහා වන කොන්ත්‍රාත්තුව ලැබී ඇති බවද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ඒ අනුව එය අල්ලසක් ආකාරයේ ගනුදෙනුවක් බවට අදාළ පරීක්ෂණයේදී කරුණු හෙළි කර තිබේ.

    C.I.C.T හෙවත් COLOMBO INTERNATIONAL CONTAINER TERMINALS LIMITED නමින් හඳුන්වනු ලැබ ඇති එම සමාගමේ චීන කොටස් ප්‍රමාණය සියයට අසූපහක් (85%) වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් ප්‍රමාණය සියයට පහළොවකි (15%). ගිවිසුම අනුව යථෝක්ත සමාගම පර්යන්තය ඉදිකර ග්‍රැන්ටි දොඹකර ආදිය සවිකර ‍දෙදහස් දහතුනේ ජූලි පළමු වැනි දින (2013.07.01) මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත. එම සමාගම, හොංකොං ඇන්ඩ් ෂෙන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පතින් පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාල‍යයේ අංක 204-1-001-5-003290 යන ගිණුමට බැර කිරීම සඳහා චෙක්පත නිකුත් කර තිබේ.

    පුෂ්පා රාජපක්ෂ පදනමට එසේ ලබාදුන් මුදල දකුණු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා දැරූ වියදමක් වශයෙන් චීන සමාගම ගිණුම්ගත කර (ප්‍රාග්ධනිත කර) තිබූ බවද විගණන වාර්තාවෙන් හෙළිවිය. එසේ ගිණුම්ගත කිරීමෙන් සිදුවන්නේ ඒ වියදම මේ රටේ හජනතාවට ගෙවීමට සිදුවීටට ඇති දෙයක් ලෙස නම් කිරීම යයිද පරීක්ෂකයින් සටහනක් යොදා ඇත.

    කෙසේ වෙතත් C.I.C.T දැන් පවසන්නේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීම සඳහා පරිත්‍යාගයක් කරන බව දක්වමින් එය ලබාදුන් බවකි. එය අල්ලසක් නොවන බවත් තම සමාගම ඒ ආකාරයේ සමාජ සත්කාර ඕනෑතරම් කරන බවත් කොස්ලන්ද නායයාම වැනි අවස්ථාවල උදව් කළ බවත් අලුත්ම මාධ්‍ය නිවේදනයෙන් පවසා තිබේ.

    කෙසේ වෙතත් මුදල් ආධාර දිය යුතු ශ්‍රී ලංකාවේ අනන්ත අප්‍රමාණවත් ස්වේච්ඡා සංවිධාන තිබිය දී, චීන සමාගම පුෂ්පා රාජපක්ෂ පදනමම තෝරාගෙන ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න ගැටලුවට හේතුවී ඇත.
    එසේම ඔවුන් පවසන ආකාරයට ඒ මගින් පුෂ්පා රාජපක්ෂ පදනම නිවාස ඉදිකර තිබේද යන්නද සොයා බැලීම වැදගත් වනු ඇත.

    z_p01-Another.jpg

    පුෂ්පා BUMP
     
    Similar threads