වෝකින් ඩේඩ් එකේ මතුපිටින් තියන සොම්බි කතාවට වඩා ඇතුලේ තියෙන අර්ථය වෙන එකක්. මිනිස්සු මේ පාවිච්චි කරන සියලුම භෞතික දේවල් එකපාරටම නැතිවෙලා ගිහින් මහපාරට වැටුනොත් මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන දේ යථාර්ථයක් විදිහට මේ සීරීස් එක ඇතුලේ පෙන්වනවා. භෞතික දේවල් නැතිවුනාම මිනිස්සු පළවෙනියටම උත්සහ කරන්නේ ජීවිතේ බේරාගෙන සුරක්ෂිත වෙන්න.. ඊළඟට ආහාර සොයාගන්න.. ඊළඟට නිවාස සහ ඇඳුම් පැළඳුම් .. මිනිසාගේ මූලික අවශ්‍යතා වෙච්ච ආහාර, ඇඳුම්, නිවාස කියන සරල තැනට මිනිස්සු නැවත පත්වෙනවා මේ භෞතික දේවල් නැතිවෙච්ච දවසට. ඒ කියන මූලික අවශ්‍යතා සියල්ල ප්‍රශ්නයක් නැතුව ලැබෙන්න ගත්තු ගමන් ඊළඟට මිනිසා උනන්දුවක් දක්වන්නේ බලය අත්පත් කරගන්න. මේ වෙද්දී Walking Dead එකේ නිර්මාණය වෙන්නේ බලය අත්පත්කරගනීමේ සටනේදී නැතවත් මිනිස්සු එකිනෙකා මරාගන්න පෙළඹෙන හැටි. ඒ එක්කම පහුගිය සීසන් දෙකෙන් පෙන්නුවේ මූලික අවශ්‍යතාවයන් ලැබිලා සතුටින් ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්න වෙර දරන මිනිස්සු බලය ගැන උනන්දු වෙනකොට කට්ට කපටි දේශපාලකයින්ගේ ආගමනය සිද්දවෙන හැටි. නීගන් ඒ චරිතය බොහොම සාර්ථකව නිරූපණය කරා.