චාරිකා

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
චාරිකා​


attachment.php


මේ කතාව අතීත කතාවක් . මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්.

ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා.

එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.

චාරිකා – 20 අවසාන කොටස

මම මෙහෙම කියන්නම්,

“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”

මම ධරණි චාරිකා..



චාරිකා – 20 අවසාන කොටස
පන්තියේ මොන නාඩගම නැටුවත් මමයි තේජයි ඉස්කෝලෙට පණ වගේ ආදරේ කළා. කවදාවත් ඉස්කෝලේ නම කැත වෙන වැඩක් කළේ නෑ. මට දුක හිතුනේ මම නිසා තේජගෙත් පන්ති තහනම් කරපු නිසා.

අම්මටයි තාත්තටයි යකා නැග්ගා ඉස්කෝලෙන් කරපු වැඩේට.

“මං අරූට දෙකක් කතා කරන්නම්කෝ….” තාත්තා කිව්වා.

“එපා තාත්තේ… ඒ මිනිස්සු හරි නපුරු අය. තේජා පව්. මට ඒකයි දුක….”

තේජගේ අම්මයි තාත්තයි අපේ ගෙදර ආවා.

“මොකක්ද ධරණි මේ වුණේ. බලන්න දැන් තේජට ඉස්කෝලේ යන්නත් නෑනේ….” තේජගේ අම්මත් මට බනින්න ගත්තා.

මට විදුරංග එක්ක තරහා උපරිමේට වැඩි වුණා. මම එවෙලෙම ගත්තා ඒ මිහිපිට අපායට කෝල් එකක්. කෝල් එකට answer කළේ පිරිමි කෙනෙක් නිසා මම හිතුවේ විදුරංග කියලා.

“මොකක්ද පාහරයෝ තෝ කරපු ඒ වැඩේ. බලපන් උඹේ බොරුව හින්දා මටයි මගේ යාළුවටයි ඉස්කෝලේ යන්න නෑ. හෙණ ගහන වැඩ කරන්න එපා. තමුසේ නම් මහ ජරා මිනිහෙක් ඕයි. තමුසෙට හොඳක් වෙන්නේ නෑ මේ කරපු වැඩේට. බලාගෙන ඉන්නවා තමුසේ සචිනි එක්ක නටන නාඩගම් ඔක්කොම කොයි වෙලාවක හරි මම තමුසෙගේ මහ ලොකු අම්මට කියලා දෙන්න. මගේ අම්මා නෑ තමා. හැබැයි තමුසෙට ඉපදෙන ආත්මෙක යහතින් නම් ඉන්න ලැබෙන්නේ නෑ මේ කරපු අපරාධෙට. හෙණම ගහනවා උඹට නම්….” කියලා මම phone එක තියලා අඬන්න පටන් ගත්තා.

“අඬන්න එපා ධරණි. ඔයාවත් මමවත් වැරැද්දක් කරලා නෑනේ. මොනවා වුණත් exam ලියන්න පුළුවන්නෙ අපිට. හොඳ කෙල්ල වගේ අඬන්නේ නැතුව ඉන්න….” තේජා කියන්නේ හොඳම හොඳ යාළුවෙක්.

“මම education ministry එකට යනවා. අපේ ළමයි වැරැද්දක් කරලා නෑ. අනික කොල්ලෙක් එක්ක කතා කළා මිසක් වෙන මොකක්වත් කළේ නෑනේ. ඔයිට වැඩිය නාඩගම් නටන එවුන් ඉස්කෝලේ යන්නේ…” තේජගේ තාත්තා කිව්වා.

“අපි කතා කළෙත් නෑ තාත්තේ… ඒ මළ පෙරේතයා ඇවිත් අපි ළඟ වාඩිවුණා විතරයි…” තේජා දත් මිටි කන්න පටන් ගත්තා.

“ඔව්… මමත් එන්නම් යන්න. දෙන්නට ඉස්කෝලේ යන්න බැරි නම් ක්ලාස් ගිහින් හරි exam කරන්න බැරියැ…” අපේ තාත්තත් කිව්වා.

මමයි තේජයි චරිත් අයියා එක්ක සීන් එක කිව්වා. අපි ක්ලාස් ගියෙත් නැති නිසා එයා අපිට Bio වලට එයාගේ යාළුවෙක් එව්වා. මොනවා වුණත් ඉගෙන ගන්න දේවල් අපි දෙන්න නතර කළේ නෑ. ඒ වුණාට වුණ වැඩේට නම් මට යකාම නැඟලා හිටියේ. අනික අන්තිම Science Day එක. මමයි තේජයි කොයි තරම් ආසාවෙන්ද ඒ වැඩ කළේ. අනික් එවුන්ගේ සත පහක උදව්වක් නැතුව.

පන්ති තහනම් කරපු සතියේ බදාදා හවස මමයි තේජයි අපේ ගෙදර පාඩම් කර කර ඉද්දි ඉස්කෝලේ වෑන් එක එනවා දැක්කා.

“ධරණි…” කියාගෙන ප්‍රින්සිපල් මැඩම් වෑන් එකෙන් බැස්සා.

“මැඩම්….එන්න ගෙට….” මොනවා වුණත් ප්‍රින්සිපල් නේ කියලා මම හිතුවා.

“දෙන්නා පාඩම් කරනවා වගේ…”

“ඔව් මැඩම්…ඉස්කෝලේ නැති වුණාට exam එක නැති වෙන්නේ නෑනේ….” තේජා එදා වගේම දරදඬු විදියට කිව්වා.

“ඉස්කෝලේ නැති වෙන්නේ නෑ තේජාන්වි. මගෙන් ලොකු වැරැද්දක් වුණා. කෝ ධරණිගේ අම්මා…?”

එදා මම විදුරංගට දීපු කෝල් එකට answer කරලා තියෙන්නේ විදුරංගගේ තාත්තා. ඒ කෝල් එකම මැඩමුත් අහන් ඉඳලා. විදුරංගගෙන් ඇහුවම කියලා මම කැමති වුණේ නැති නිසා එහෙම කළා කිව්වලු.

මමයි තේජයි පහුවදා ඉස්කෝලේ ගියා. Bio මැඩම් දැක්කම තේජා මඟ ඇරලා යන්න හැදුවා.

“ධරණි, Im Sorry පුතා. මම අපේ ළමයගෙන් විස්තරේ අහගත්තා. මම දන්නේ නෑ මේ තරම් දේවල්. තේජාන්වි, ඔයා හොඳ ළමයෙක්. ඊටත් වඩා බය නැති හොඳ යාළුවෙක්….” මැඩම් අපි දෙන්නගේ ඔළුව අතගාලා කියද්දි මමයි තේජායි දණගහලා මැඩම්ට වැන්දා.

අපි දෙන්නා නැඟිටිද්දි මැඩම් අපි දෙන්නව බදාගෙන ඇඬුවා.

“ඒත් මැඩම් ඇයි මට කිව්වේ අම්මා තාත්තා නෑ කියලා…” මම ඇහුවා.

“හ්ම්ම්ම්… ඒකට මට සමාවෙන්න ධරණි. ඒත් ඔයා ඇත්ත කතාව දැනගන්න ඕනේ මම හිතන්නේ….” මැඩම් කියද්දි මට හිතුනා මම නොදන්න ලොකු කතාවක් තියෙනවා කියලා.

“ධරණි, ඔයාගේ අම්මා තාත්තා දෙන්නම නෑ පුතා. දැන් ඔයාගේ අම්මා තමා ඔයාගේ නැතිවුණ අම්මගේ හොඳම යාළුවා. ඔයාගේ ඇත්ත තාත්තයි අම්මයි බඳින්න කලින් ඔයා හම්බුවෙන්න හිටියේ. ඒ දෙන්නා හැමදේම ලෑස්ති කරන් ඉද්දි ඔයාගේ තාත්තා accident එකක් වෙලා නැති වුණා. ඔයාව හම්බුවෙන්න ගිහින් තමා ඔයාගේ අම්මා නැති වුණේ. එතකොට අම්මගේ හොඳම යාළුවා ඔයාව ඉල්ලගත්තා. ඊට පස්සෙයි තාත්තව බැන්ඳේ. ඔයාට වෙනස්කමක් නොවෙන්න ඒ දෙන්න ගොඩක් කල් බබෙක් හැදුවේ නෑ. ඒ හැදුව බබා තමා ඔයාගේ නංඟි…. මට මේ හැමදේම කිව්වේ මගේ හස්බන්ඩ්. මට සමාවෙන්න මගේ පුතේ…” මැඩම් කියාගෙන යද්දි මට හොඳටම ඇඬුනා.

එදා මම ගෙදර ගියේම අම්මව හොයාගෙන. කියාගන්න බැරි ආදරේකින් ( Love ) මගේ හිත අම්මා ගැන පිරුනා.

“අම්මා….” කියාගෙන මම අම්මව දැකපු ගමන් බදාගෙන අඬන්න පටන් ගත්තා.

“ඇයි මගේ රත්තරනේ….?” අම්මා මාව තුරුල් කරන් ඇහුවා.

මම මහ හයියෙන් අඬ අඬ මැඩම් කිව්ව කතාව කිව්වා.

“ඉතිං මගේ පැටියට මමවත් තාත්තාවත් වෙනස් කම් කරලා නෑනේ මැණික. ඔයා අපේ ලොකු පුතා හැමදාටම. ඒක වෙනස් වෙන්නේ නෑ. ඔයා අපි නැති වුණත් නංඟිව බලාගන්නවා. තාත්තයි මමයි හැමවෙලේම කියනවා ඔයා අපේම පැටියෙක් කියලා. මං ඔයාට ගොඩාක් ආදරෙයි ( Love ) මගේ වස්තුව….” අම්මා තවත් මාව තුරුල් කරගත්තා.

“ඇයි අම්මා අක්කා අඬන්නේ….?” නංඟි මමයි අම්මයි අස්සට ආවා. එයත් අඬනවා.

“මුකුත් නෑ පැටියෝ…” කියලා මම නංඟිව තුරුල් කරගත්තා.

“තාත්තයි ඔයාලා දෙන්නයි මගේ මුළු ලෝකෙම පුතේ. මට ඔයාලව වටිනවා හැමදේටම වඩා…” මමයි නංඟියි අම්මගේ පපුවට තුරුල් වුණා.

අම්මගේ පපුව පුරාම ගලන ආදරෙන් ( Love ) මමයි නංඟියි තෙමුනා. ඒ තරම් ආදරයක් මේ සංසාරේ හැමදාකම මට හම්බුවෙනවා නම් ඒ මගේ අම්මගෙන් විතරමයි. මේ සංසාර චාරිකාව ඉවරවෙන දවසක් වෙනකල්ම අම්මා මගේම අම්මා වෙන්න කියලා මම සිය දහස් වාරයක් ප්‍රාර්ථනා කළා. අම්මා තමයි මුළු ලෝකෙම.

********************************

අම්මගේ, තාත්තගේ නිමක් නැති ආදරේ නංඟිගේ ඉවරයක් නැති රණ්ඩු තේජගේ ඉවරයක් නැති බැනුම් එක්ක මම හොඳට විභහගේ කළා. මමයි තේජයි දෙන්නම විභහගේ පාස් වුණා. පොඩි කාලේ ඉඳන්ම එකටම හිටියා වගේම දෙන්නම කැම්පස් යන්නත් තේරුනා. ඉස්කෝලෙන් අපි දෙන්නටයි කැම්පස් තේරුන හැමෝටම ලොකු උත්සවයක් තිබ්බා විතරක් නෙමෙයි මගෙයි තේජගෙයි යාළුකම ගැනත් කිව්වා. නංඟි ශිෂ්‍යත්වේ පාස් වෙලා අපේ ඉස්කෝලෙට ගියා. විදුරංග exam පාස් වෙලා ලංකාවෙන් ගියා. අපූර්ව සචිනි එක්ක affair එක කරන් ගියා. මොනවා වුණාද කියන්න දන්නේ නම් නෑ. ආදරේ අඩු නැතුව ලැබෙන නිසා තාම සිකුරට නම් එන්න ඉඩක් නෑ


source http://thewoman.lk/love-stories-girls/
 

Attachments

  • Love thewoman.lk 1.jpg
    Love thewoman.lk 1.jpg
    20.7 KB · Views: 218