ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්

    මචංලා..

    උඹලගේ අදහස් ටිකක් දැන්ගන්න මේක ලියන්නේ..ඊයේ මාව දන්න එකෙක් මට මරු බිස්නස් එකක් තියෙනවා,සෙට් වෙයන් කියල මට එන්න කීවා ප්රසන්ටේශන් එකක් තියෙනවා ඒක බලන්න..මන් දිගටම ඇහුවට මොකක්ද කියලා මූ කීවෙම නෑ..කොහොම හරි ඊයේ මමත් *ක කහනවට ගියා මීටිමට.බම්බලපිටියේ වින්සිස් එකේ හෝල් එකක තමා තිබ්බේ..ගිහින් ටිකට් එකක් එහෙම අරන් ඇතුලට ගිහින් බැලූවම එතන ගැනු පිරිමි ඔක්කොම 40ක් 50ක් වගේ හිටියා...(මං නම් බැලුවේ හොද ඇන්ටෙක් හරි අක්කෙක් හරි සෙට් කරගන්නා
    හරි ඉතින් උන වැඩේ කියන්න එපායැ..මන් යද්දි කෝට් එකක් එහෙම ඇදගත්ත එකෙක් කතාවක් කරනවා උගේ කතාව කියලා..ඌ පාදුක්ක පැත්තේ කොල්ලෙක්,පොඩි කාලේ බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තා,බේකරි වල වැඩ කලා,උගේ දුක තමා කියන්නේ මුල ඉදන්..ඊට පස්සේ මූ රුහුණු කැම්පස් එකෙන් ඩිග්රී එකක් ගත්තලු ඉන්ජිනියරින්..දැන් කොහෙද රජයේ රැකියාවක් කරනවාලු,ඒ ගමන් මූ චාර්ට් එකක් ඇන්දා ජීවිතේ අරමුණු වලට යන වියදම(ගෙයක් හදන්න,ඉඩමක් ගන්න,කසද බදින්න,ලමයින්ට,අම්මලට තාත්තලට සලකන්න,ඉතුරු කරන්න )
    මූ මෙහෙම ගහන් හදලා ඒවයේ එකතුව ලස්ස 300ක් කියල ගත්තා..ඊට පස්සේ පඩියෙන් කොච්චර ඉතිරි කරනවද කියල ආව එඋන්ගෙන් ඇහුවම උන් කීවා 500ක් විතර කියලා..මූ 5000න් කෝටි තුන බෙදල අපි මේ ඉන්න විදියට ඉදියොත් අවුරුදු 250ක් යනවා කියලා පෙන්නුවා..
    උගේ කතාව එච්චරයි..ඊලගට ඌ වේදිකාවට අදුන්වලා දුන්න උන් මේ කියන බිස්නස් එකෙන් දියුනු උන පොරක්ව..

    ඌත් එහෙමයි

    ජීවිතේ අම්බානෙක කට්ට කෑවා,අම්මල තාත්තලට සලකන්න විදියක් නෑ..එක එක දේවල් ට්රයි කලා දියුනු වෙන්න..හරි ගියේ නෑ..ඒ නිසා මූ ඩුබායි ගියා..එහෙදි තමා මේ බිස්නස් එකට සෙට් උනේ..ජීවිතේ වෙනස් කරන තීරනයක් අරගත්තයි අරකයි මේකයි හෙන පොය්යක් ගහල අන්තිමට මූ කිව්ව බිස්නස් එක මොකක්ද කියල
    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්.

    මාව එක්ක ආව එකාගේ කනට ගහන්න හිතුනේ ඒ වෙලාවේ...කලින් කීවනම් එන්නේ නෑනේ..එකයි මුන්ගේ ප්ලෑන් එක..කොයි වෙලෙකවත් බිස්නස් එක මොකක්ද කියල එතනට යනකම් කියන්නේ නෑ...ඒ ඇයිද කියලා පස්සේ උන්ම පැහැදිලි කරල දෙනවා..
    කොහොමහරි දැන් එක එක එවුන් ඇව්ල්ල දේශන කරනවා..කොහොමද සෙට් උනේ,ඇයි සෙට් උනේ,දැන් කොච්චර දියුනුද අරකද මේකද..
    ඊලග එකා ඇවිත් කොහොමද බිස්නස් එක කරන්නේ,කොහොමද හම්බ කරන්නේ කියලා කියල දුන්නා..
    මං උබලටත් කියල දෙන්නම්...සරලවම පිරමීඩ තමා..හැබැයි උන් කියන්නේ නෙට්වර්ක් මාර්කටින්,එහෙමත් නැත්නම් බිස්නස් එක කියල.
    උන්ගේ ගාව තියෙනව රු 65000/= ඉතින් භණ්ඩ..අපි මුලින්ම කරන්න ඕන එයින් එකක් ගන්න ඒක.උන් මේ දවස් වල මාර්කට් කරන්නේ එයා ෆිල්ටර් එකකුයි,වෝටර් ෆිල්ටර් එකකුයි.දෙකම 135000/ක් වගේ වෙලද පොලේ නැති මුදලකට උන්ගේන් ගන්න පුලුවන් කියලා තම කියන්නේ..මන් මේ සරලව කියන්නේ..උන් මේක මීට වඩ රසවත් විදියට අපිට ගන්නම හිතෙන විදියට කියනවා..ඔන්න එහෙම ගත්තම අපි බිස්නස් එකට සම්බන්දයි.උන්ගේ එක එක භන්ඩ වලට පොයින්ට්ස් ස්කීම් එකක් තියෙනවා...ඔය කියපු අයිටම් දෙකට 1.5 පොයින්ට්.දැන් අපි තව දෙන්නෙක්ව බිස්නස් එකට සෙට් කරනවා..එහෙම කරාම තමා අපිට කොමිශන් එක එන්න ගන්නේ...එතකොට උන් දෙන්නත් කලින් කියපු අයිටම් දෙකම ගත්තාම් පොයින්ට් 3ක් එකතු වෙනවා අපිට.ඒ පොයින්ට් 3ට අපිට රු 13500/=ක් ගෙවනවා
    එතකොට අවුරුද්දක් මේ බිස්නස් එක කලොත් අර කලින් කියපු කෝටි 3 අවුරුදු තුනෙන් හොයන්න පුලුවන් කියලා මූ ගනන් හදලා පෙන්නුවා..මන් දැක්කා වටේ පිටේ ඉන්න එඋනුත් උන්ගේ ගාන දාල ගාන අවුරුදු කීයකින් ගාන හොයගන්න පුලුවන්ද කියලා බලනවා..

    ඊට පස්සේ ආවා බිස්නස් එක හින්දා දියුනු උන අයගේ කතා වාරය..උන් කොහොමද බිස්නස් එකට සෙට් වෙන්න කලින් හිටියේ,ඊට පස්සෙ කොහොමද සෙට් උනේ,දැන් ඉන්න තත්වේ මොකද කියලා එහෙම බොහොම රසවත් විදියට කියලා දෙනවා...
    ඊලගට තමා ආවේ බිස්නස් එකේ අවුර්දු 17 ක් ඉන්න පොරක්...මිනිහ මුලින් සම්පත් බැන්කුවේ වැඩ කරල එතනින් එපා වෙලා ඉද්ඩි යාලුවෙක්ගෙ කීමට සෙට් උනා කීවා...මුලින් පොරත් අකමැති වෙලා,අකමැති වෙලා අන්තිමට තීරනය කරලු සෙට් වෙන්න...මුලුන් 130000/= වටින ඔරලෝසුවක් අරන් පටන් ගත්ත බිස්නස් එකෙන් අද රු ලස්ස 17ක් වටින රොලෙක් ඔරලෝසුවක්ලු බදින්නේ...වාහන,ගෙවල් මිහින්හට ආස විදියට ගත්තලු,තම කැමති හැම රටකම ඇවිදිනවලු,උදෙට මැලේසියාවෙන් කාල දවල්ට සිංගප්පුරුවෙන් කාල රෑට ගෙදරින් කාපු දවසුත් තිබ්බලු..ඊට පස්සේ මිනිහා චාන්ස් එකක් දුන්න අපිට ප්රශ්න අහන්න..හැබැයි මචංලා මං නෝට් කරපු දෙයක් තමා ප්රශන ඇහුවේ එකම සෙට් එකක්,එ සෙට එක කලිනුත් කතා කරන එවුන් කතාව මැද්දෙදි අහන පොඩි පොඩි ප්රශ්න වලට ගැලපෙන පොසිටිව් උත්තර දුන්න සෙට් එකක්..මන් හිතන්නේ උන්ගෙම සෙට් එකක් වෙන්න ඕන..
    ඕකෙදි එකෙක් ඇහුවා මේක පිරමීඩ ක්රමයක්ද කියලා,
    එතකොට පොර දුන්න උත්තරේ තමා ප්රශ්න 5ක්
    1.පිරමීඩ යනු කුමක්ද?
    2,එය නීතියෙන් තහනම්ද?
    3.කොහෙද ඒ නීතිය තියෙන්නේ?
    4./5. මතක නෑ..

    ඕකට උත්තර දෙන්න එකෙක්ටවත් බැහැ...මිනිහා කියන්නේ ඉස්සරහට ලෝකේ හැමදේම විකිනෙන්නේ නෙට්වර්ක් මාරක්ටින් හරහලු,ඒ නිසා දැන්ම මේකට සම්බන්ද වෙලා ඉන්න එක හොදයි කියලා..
    මං මේ සාරංශය කීවේ..මන් නම් හිතන්නේ ආව උන්ගෙන් 30ක් වත් වැඩේට සෙට් වෙයි වගේ..
    උඹලා මොකද හිතන්නේ මේ ගැන..පැහිදිල කරලා දීපල්ලකෝ...

    කවුරුහරි ඉන්නවනම් ජොයින් වෙන්න කැමති PM මට කරපල්ලා...:P :D

    • Like
    Reactions: vito and hchri

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    නෑ නෑ මචං..සෙට් වෙන්න නෙවි..මං කීවේ එතන වෙන දේ..උන් එකහෙලාම කියනවා කවදාවත් කඩාගෙන වැටෙන්නේ නැති බිස්නස් එකක්ලු...මං දන්න එකෙක්ටවත් රෙකමන්ඩ් කරන්නේ නම් නෑ
    meke thread kiyak giyada bn
    oya magul walata set wenna epa anthimata naraka name enne ubalata
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    නෑ නෑ..අහු උනේ නෑ..එකම දේ මාව එතනට එක්ක ගිය එක..එතනින් එහාට මන් ආයේ යන්නේ නෑ..මාව එකක ගිය එකාටත් එලියට ආව ගමන් කීවේ කලින් කීවනම් මුන්ගේ එකක් කියලා මන් එන්නෙත් නෑ කියලා...
    muth mekata mattu wela wage.
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    ඕක කරන්න එපා. අපේ බාප්පත් ඕක කරා බන්. ඔය ඔරලෝසුව ගත්තා කිව්ව එකා තමයි අපෙ බාප්පටත් සෙට් කරල තියෙන්නෙ. ඕක පටන් ගත්ත දවස් වලම බාප්ප අලුත්ම TOYOTA PRIUS එකක් ගත්ත. පොලිසියෙ SI හිටියෙ. ඒ ජොබ් එකෙනුත් අයින් වුනා. දැන් බාප්පට නඩුවක් තියෙනව මුදල් වන්චා කිරීමට. උබත් ටිකක් හොයල බලපන් ඔය company එකට නඩු කීයක් තියෙනවද කියලත්. ඔය නඩු company එක දිනාවි සමහර විට. බාප්පගෙ car එක නම් තාම පොලිසියෙ තියෙන්නෙ නඩු භාණ්ඩ විදියට.
     
    • Like
    Reactions: applekukka

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    උබ බලපන් ඔය වතුර ෆිල්ටර් එක රුපියල් 65000ක් වටිනවද? වැඩිම උනොත් රුපියල් 15000ක් වෙයි. අපිට commission එක ගන්න ෆිල්ටර් 2ක් විකුනන්න ඕන. එතකොට අපිට රුපියල් 13500යි, ෆිල්ටර් දෙකේ cost එක රුපියල් 20000යි. සේරම රුපියල් 33500යි.
    Company එකේ ලාබෙ රුපියල් 96500යි. උබ කිව්වනෙ 30 දෙනෙක් වත් සෙට් වෙයි කියල. එතකොට කොහොමද බලපන්කො ලාබෙ. ඕක ගේමක් බන්. අන්තිමට උබ සෙට් කරන මිනිස්සුන්ට සල්ලි හම්බෙන්නෙ නැති වුනාම ඒ මිනිස්සු උබෙන් සල්ලි ඉල්ලන්නෙ. ඒ වෙලාවට ඔය කවුරුත් නෑ උබට උදව් කරන්න. අන්තිමට නරක නම එන්නෙ උබට.
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ඉතින් හිතහන්කෝ එන එවුන් අහු වෙන්න නැද්ද කියලා
    හෙනයා;23476166 said:
    හම්මට ලස්ස 17 ද.. පස්ට නෙහ්.. :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ නෑ මචං..සෙට් වෙන්න නෙවි..මං කීවේ එතන වෙන දේ..උන් එකහෙලාම කියනවා කවදාවත් කඩාගෙන වැටෙන්නේ නැති බිස්නස් එකක්ලු...මං දන්න එකෙක්ටවත් රෙකමන්ඩ් කරන්නේ නම් නෑ

    ohoma hithapu pathaka yodayoth me weddi kadana watila penawane

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    Owata ahuwenna epa ban,
    Api ahu une nethiunata nodhanna ewun ahuwenawa ban

    ඕක කරන්න එපා. අපේ බාප්පත් ඕක කරා බන්. ඔය ඔරලෝසුව ගත්තා කිව්ව එකා තමයි අපෙ බාප්පටත් සෙට් කරල තියෙන්නෙ. ඕක පටන් ගත්ත දවස් වලම බාප්ප අලුත්ම TOYOTA PRIUS එකක් ගත්ත. පොලිසියෙ SI හිටියෙ. ඒ ජොබ් එකෙනුත් අයින් වුනා. දැන් බාප්පට නඩුවක් තියෙනව මුදල් වන්චා කිරීමට. උබත් ටිකක් හොයල බලපන් ඔය company එකට නඩු කීයක් තියෙනවද කියලත්. ඔය නඩු company එක දිනාවි සමහර විට. බාප්පගෙ car එක නම් තාම පොලිසියෙ තියෙන්නෙ නඩු භාණ්ඩ විදියට.
    අම්මට සිරි..සිරාවට..උන් කියන්නේ කිසිම වංචාවක් නෑ..ලංකාවේ කරන්න පටන් අරන් අවුරුදු 10ක් වෙනවා,පිට රටවල අවුරුදු 20ට වැඩි කියලා

    oya magul walata ahu wenne anthiwa idapan kiyala thama kiyanna thiyenne

    aparade salli

    උබ බලපන් ඔය වතුර ෆිල්ටර් එක රුපියල් 65000ක් වටිනවද? වැඩිම උනොත් රුපියල් 15000ක් වෙයි. අපිට commission එක ගන්න ෆිල්ටර් 2ක් විකුනන්න ඕන. එතකොට අපිට රුපියල් 13500යි, ෆිල්ටර් දෙකේ cost එක රුපියල් 20000යි. සේරම රුපියල් 33500යි.
    Company එකේ ලාබෙ රුපියල් 96500යි. උබ කිව්වනෙ 30 දෙනෙක් වත් සෙට් වෙයි කියල. එතකොට කොහොමද බලපන්කො ලාබෙ. ඕක ගේමක් බන්. අන්තිමට උබ සෙට් කරන මිනිස්සුන්ට සල්ලි හම්බෙන්නෙ නැති වුනාම ඒ මිනිස්සු උබෙන් සල්ලි ඉල්ලන්නෙ. ඒ වෙලාවට ඔය කවුරුත් නෑ උබට උදව් කරන්න. අන්තිමට නරක නම එන්නෙ උබට.

    ඇත්තටම 65000යි කියලා හිතමු මචන්,එතකොට ඔය අත්තේ 7 දෙනෙක් සෙට් වෙලා ඉන්නවානම් එකෙක්ට 13500 ගානේ ගෙව්වම මුන්ට කිසි ලාබයක් නෑනේ....මොකක් හරි ගේමක් ගහනවා මුන්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ network මාකටින් හෝ පිරමිඩ් සිස්ටම් එක නෙමෙයි. උඹල ඔය ලක්ෂ ගණන් දීල ගන්නෙ ඒ ගානට නොවටිනා බඩුවක් වීම. ලක්ෂ 1 ක බඩුව 110000 දුන්නට කමක් නැහැ කියමු. මුන් රුපියල් 25000 විතර බඩුවක් තමයි ලක්ෂ ගානකට දෙන්නේ. ඉතින් එතනම ගන්න එකා අමාරුවේ. .

    මම නම් දන්න විදියට best life තමයි ඔය වගේ ක්‍රම වලින් සාධාරණ වැඩක් කරන්නේ. උන්ගේත් පිරමිඩ් සිස්ටම් එකක් තමයි හැබැයි කවදාවත් උන්ගෙන් ගන්න බඩුවක් වෙළඳපොලේ ඊට වඩා අඩුවෙන් ගන්න අමාරුයි. උන්ගේ රීටෙල් ෂොප් වලින් ගන්න සබන් කෑල්ල පවා මාර්කට් රේට් එකට වඩා අඩුයි. උන් කියන්නේ 30-40% වෙන අවසාන වෙළෙන්දාගේ කොමිස් එකෙන් කොටසක් සාමාජිකයන්ට දෙනවා කියල. ශ්‍රී ලංකා insurance පවා best life එක්ක ඉන්නවා. අලුතින් insurance ගන්න උන්ට අඩුවට ගන්න පුළුවන් උන්ගෙන්.
    මම නම් උන්ගේ සාමාජිකයෙක් නෙමෙයි හැබැයි මේ ටික කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියල පහදලා දෙන්න.

    හැමවෙලේම බලපන් සල්ලි දීල ගන්නේ වෙළඳ පොලේ කීයට වගේ තියෙන බඩුවක්ද කියල. ඔය පට්ට හොරු හැමවෙලේම දෙන්නේ වෙළඳපොලේ ආදේශක නැති ඒවා. එතකොට උඹලට ගාන සන්සන්ධනය කරන්න බැරි වෙනවා. ඒ නිසා ඊට සමාන වෙනත් ඒවා බලපන්.

    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    සිරාවට මචන්..මුන් පැහැදිලිව කියනවා දැනට මේවා ඕන වෙන්නේ නෑ..හැබැයි දවසක ඕන වෙනවා,දැන්ම අරන් තියාගෙන,අනිත් අයටත් හදුන්වා දෙන්න කියලා
    මචන්ලා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ network මාකටින් හෝ පිරමිඩ් සිස්ටම් එක නෙමෙයි. උඹල ඔය ලක්ෂ ගණන් දීල ගන්නෙ ඒ ගානට නොවටිනා බඩුවක් වීම. ලක්ෂ 1 ක බඩුව 110000 දුන්නට කමක් නැහැ කියමු. මුන් රුපියල් 25000 විතර බඩුවක් තමයි ලක්ෂ ගානකට දෙන්නේ. ඉතින් එතනම ගන්න එකා අමාරුවේ. .

    මම නම් දන්න විදියට best life තමයි ඔය වගේ ක්‍රම වලින් සාධාරණ වැඩක් කරන්නේ. උන්ගේත් පිරමිඩ් සිස්ටම් එකක් තමයි හැබැයි කවදාවත් උන්ගෙන් ගන්න බඩුවක් වෙළඳපොලේ ඊට වඩා අඩුවෙන් ගන්න අමාරුයි. උන්ගේ රීටෙල් ෂොප් වලින් ගන්න සබන් කෑල්ල පවා මාර්කට් රේට් එකට වඩා අඩුයි. උන් කියන්නේ 30-40% වෙන අවසාන වෙළෙන්දාගේ කොමිස් එකෙන් කොටසක් සාමාජිකයන්ට දෙනවා කියල. ශ්‍රී ලංකා insurance පවා best life එක්ක ඉන්නවා. අලුතින් insurance ගන්න උන්ට අඩුවට ගන්න පුළුවන් උන්ගෙන්.
    මම නම් උන්ගේ සාමාජිකයෙක් නෙමෙයි හැබැයි මේ ටික කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියල පහදලා දෙන්න.

    හැමවෙලේම බලපන් සල්ලි දීල ගන්නේ වෙළඳ පොලේ කීයට වගේ තියෙන බඩුවක්ද කියල. ඔය පට්ට හොරු හැමවෙලේම දෙන්නේ වෙළඳපොලේ ආදේශක නැති ඒවා. එතකොට උඹලට ගාන සන්සන්ධනය කරන්න බැරි වෙනවා. ඒ නිසා ඊට සමාන වෙනත් ඒවා බලපන්.

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ

    Ape Office eke innawa ekek Best life.
    u iye hawasa unge best life meeting ekata yanan kalin mata awilla water filter eka gena supiri thelak damma.
    price eka 65000i.
    u global life nemei best life

    mata therena widihata best life eken karanne eke memberslata kiyala badu wikunagena e baduwe profit eken tikak memberslata dena eka.

    job ekata amatharawa wena deyak karagannama beri nam e time eke keeyak hari hoyaganna nam hondai oka. ekama de boru kiyanna wenawa owa wikunanna
     
    Last edited: