ලංකාවේ තැනූ චිත්‍රපට II

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලංකාවේ තැනූ චිත්‍රපට II

    1970 දශකයේ අග භාගයේ සිට 1980 දශකය මැද භාගය දක්වා කාලය තුළ, මිනීමස් කන ගෝත්‍රිකයන් පිළිබඳ චිත්‍රපට වලට ලොකු ඉල්ලුමක් තිබුණා. මෙම චිත්‍රපට මූලිකව නිර්මාණය වුණේ ඉතාලියේ. බොහෝ දුරට මෙම වර්ගයේ චිත්‍රපටවල තිබුණේ එකම වට්ටෝරුවක්. එය සුදු ජාතික කාන්තාවක් හා සුදු ජාතිකයන් පිරිසක් කිසියම් ගවේශණයක්/ රහසක් සෙවීම සඳහා ප්‍රාථමික ගෝත්‍රිකයන් සිටින වනාන්තරබද ප්‍රදේශයකට ගමන් කිරීම, පසුව ඔවුන් මිනී මස් කන ගෝත්‍රිකයන්ට හසුවීම, ලේ වැකුණු නිරුවත් දර්ශන රැසකට පසු මේ පිරිසෙන් කිහිප දෙනෙක් හෝ එක් අයෙක් බේරී පලා යාම ආදී වශයෙන් වනවා.
    1977 එවක පැවති රජය විසින් ආර්ථිකය “විවෘත” කළ පසු ලංකාව තුළ බටහිර චිත්‍රපට සඳහා දර්ශන තල සපයන ආයතනත් බිහිවුනා. එම නිසා බටහිර චිත්‍රපට විශාල ගණනක් ලංකාව තුළ රූගත කෙරුනා. කලින් කියූ මිනී මස් කන ගෝත්‍රිකයන් සම්බන්ධ චිත්‍රපටත් ලංකාවේ රූගත කෙරුනේ මේ පසුබිම තුළ යි. ලංකාවේ රූගත කෙරුනු එවැනි චිත්‍රපට කිහිපයක් ගැන දැන් සලකා බලමු.
    Mountain of the Cannibal God (1978)

    ඉතාලි ජාතික සර්ජියෝ මාර්ටිනෝ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ ප්‍රකට ස්විස් ජාතික නිළි උර්සුලා ඇන්ඩ්‍රස්, ස්ටේසි කීච් යන නළු නිළියනුයි. පැපුවා නිව්ගිනියාවේ අතුරුදහන් වන තම සැමියා සොයා යන සූසන් නම් කාන්තාවක් සහ ඇගේ සොහොයුරා පිළිබඳව තමයි මේ කතාවෙන් කියැවෙන්නේ. ඇයට එහි දී මානවවිද්‍යාඥයෙක් ද හමුවනවා. ඔහු වනාන්තරයේ කන්දක් ආශ්‍රිතව ජීවත් වන මිනී මස් කන ගෝත්‍රිකයන් පිරිසක් ගැන පර්යේෂණ පවත්වන්නෙක්. කෙසේ වුවත් චිත්‍රපටයේ පසුව හෙළිදරව් වන පරිදි සූසන් හා ඇගේ සොහොයුරාගේ මූලික අරමුණ අතුරුදන් වූ සැමියා ගැන සෙවීමට වඩා, මිනී මස් කන ගෝත්‍රිකයන් වෙසෙන කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ යුරේනියම් නිධි පිළිබඳව සොයා බැලීම යි.
    gasVJqubTgnFxvTm_1.jpg

    ආරම්භක රූපරාමුව - www.dailymotion.comසූසන්, ඇගේ සොහොයුරා, සහ ඇගේ සහායකයනුත් මිනීමස් කන ගෝත්‍රිකයන්ගේ අත්අඩංගුවට පත්වනවා. අවසානයේ සූසන් සමඟ පැමිණි පිරිසෙන් වැඩි දෙනෙකු ගෝත්‍රිකයන්ට බිලිවන අතර මොවුන් විසින් සූසන් හට දේවතාවියකට මෙන් වැඳුම් පිදුම් කරනවා. සූසන් හා ඇයගේ එක් සහායකයෙක් පමණක් අපහසුවෙන් මේ ගෝත්‍රිකයන්ගෙන් ගැලවීමට සමත්වෙනවා.
    wdews6tbcDATTGTm_2.jpg

    ඩඩ්ලි වානගුරු රජයේ නිලධාරියෙක් ලෙස - www.dailymotion.comමේ චිත්‍රපටයේ රඟන ලාංකික නළුනිළියන් අතර ඩඩ්ලි වානගුරු, අකුශ්ලා සෙල්ලජා ආදීන් සඳහන් කරන්න පුළුවන්. මේ හැරුනු විට අතිරේක නළුනිළියන් ලෙස ගම්වැසියන් විශාල පිරිසක් ද රඟපානවා. මහවැලි නදිය ආශ්‍රිතව රූගත කරපු බවක් රූපරාමු ඇසුරින් වටහාගන්න පුලුවන්.
    Eaten Alive! (1980)‍

    උම්බර්ටෝ ලෙන්සි අධ්‍යක්ෂණය කළ මෙය ඉහත චිත්‍රපටවලට වඩා දරුණු චිත්‍රපටයක්. 1979 සිදුවූ පීපල්ස් ටෙම්පල් ඛේදවාචකය නුදුරේම වගේ රූගත කළ මෙහි තරමක් අමුතු කතාවක් ඇත්තේ. ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් ආසියානු රටකට පැමිණෙන්නේ එම රටට පැමිණි තම වැඩිමහල් සොහොයුරිය සොයා යි. මෙම සොහොයුරිය ජෝනාස් නම් අන්තවාදී පාස්ටර්වරයෙකු මෙහෙයවන ආගමික සංවිධානයකට, නොහොත් කල්ට් එකකට, බැඳී එම රටේ වාසය කරනවා. අදාළ සංවිධානයේ භයානක පුද පූජා චිත්‍රපටය මුල දී විස්තර කෙරෙනවා. එහි කතරගම දේවාලයේ කෙරෙන, ශරීරයේ තියුණු දෑ එල්ලීම වැනි අංගවලට අදාළ වීඩියෝ දර්ශන අදාළ කල්ට් සංචිධානයේ පුද පූජා ලෙස ඉදිරිපත් කෙරෙනවා. මේ හැරුනු විට ලංකාවේ බලි තොවිල් සඳහා භාවිතා කෙරෙන යක්ෂ වෙස්මුහුණු පැළැඳ පුද පූජා පවත්වන අවස්ථා ද චිත්‍රපටයේ දක්නට පුළුවන්. ජෝනාස් නම් ප්‍රධාන පාස්ටර්වරයා ඉතා දරුණු පුද්ගලයෙක්. ඔහු දැඩි පාලනයක් සිය අනුගාමිකයන් මත පවත්වනවා. ඔවුන් හිංසනයට ලක්කරනවා.
    VJTi2NwKSJ5IkOuH_3.jpg

    චිත්‍රපටයේ ඩීවීඩී පටයේ කවරය: imdblino.blogspot.comමේ අතර අදාළ වනාන්තරයේ ගැඹුරේ ඇති මෙම සංවිධානයේ සංකීර්ණයට තරමක් නුදුරින් ඔවුන් නොදැනුවත්ව කැලයෙන් වැසී ඇති ගුහාවක් තුළ වාසය කරන්නේ ඉතා කුරිරු මිනී මස් කන ගෝත්‍රිකයන් පිරිසක්. ජෝනාස් ගේ ක්‍රියාකලාපය නිසා සංවිධානයෙන් බේරී පලා යන පිරිස හසුවන්නේ මේ ගෝත්‍රිකයන් හට යි. ගෝත්‍රිකයන් අතින් කාන්තාවන් හිංසනයට ලක්වන අතර ඔවුන් පණ තිබියදීම මාංශ අනුභවයට ලක්වනවා. අවසානයේ දී රටේ පොලිසිය මඟින් ඉතිරි පිරිස බේරාගන්නා නමුත් සංවිධානයේ අනුගාමිකයන් සිය දිවි හානි කරගෙන බව දැක්වෙනවා.
    NDv4Zf5ONBDpvLEg_4.jpg

    රිචඩ් වීරක්කොඩි චිත්‍රපටයේ ජවනිකාවක https://www.youtube.comමෙම චිත්‍රපටයේ රඟන හඳුනා ගත හැකි එකම ලාංකික නළුවා රිචඩ් වීරක්කොඩි. ජෙනට් ඇග්‍රන්, රොබට් කර්මන් වැනි මේ මාදිලියේ චිත්‍රපටවල ප්‍රසිද්ධ නළු නිළියන් මෙහි චරිත නිරූපණය කරනවා. කිතුල්ගල ගඟ ආශ්‍රිතව රූගත කළ බවක් රූප රාමු අනුව නිශ්චය කරන්න පුළුවන්. කෙසේ වුවත් මෙය අද දිනයේත්, ජවනිකා අනුව විවාදාත්මක චිත්‍රපටයක්. මන්ද ස්ත්‍රී හිංසනය, නිකරුනේ සතුන් ඝාතනය කිරීම වැනි අවස්ථා දක්නට ලැබීම නිසයි.
    UefwptyptTTM99oq_5.jpg

    ලංකාවේ බලිතොවිල් සඳහා යොදාගන්නා වෙස්මුහුණු නැටුම් කල්ට් සංවිධානයේ යාගහෝම ලෙස දක්වා ඇති අවස්ථාවක්: www.youtube.comFurther Adventures of a Tennessee Buck (1987)

    මේ ලැයිස්තුවේ ඇති චිත්‍රපටවලින් වඩාත්ම ආන්දෝලනයට ලක්වූයේ මේ චිත්‍රපටය යි. එයට හේතුව වන්නේ මේ පිළිබඳව ඉරිදා දිවයින චිත්‍රපටයෙන් සිදුවූ මුල් පිටුවේ හෙළිදරව්වක් නිසා. වීඩියෝ පටයක දර්ශන ද සහිතව සිදුකළ මේ හෙළිදරව්ව නිසා රටේ මෙවැනි චිත්‍රපට රූගත කිරීමට එරෙහි රැල්ලක් ඇතිවුණා කියන්න පුළුවන්. ලංකාව තුළ මේ චිත්‍රපටය හඳුන්වනු ලැබුවේ “මිනීකන්නන්ගේ දේශය” නමින්.
    uRDEO3qPueboDyRv_6.jpg

    චිත්‍රපටයේ ජවනිකා IMDBකෙසේ වුවත් මේ චිත්‍රපටය හැඳින්විය හැක්කේ 1980 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ, ස්ටීවන් ස්පීල්බර්ග් හා ජෝජ් ලූකස් සුසංයෝගයෙන් නිර්මාණය වූ, Indiana Jones චිත්‍රපට මාලාව ඇසුරින් නිර්මාණය වූ අනුකරණයක් ලෙසයි. Indiana Jones චිත්‍රපට මාලාවේ පරිදි නොව ලිංගිකත්වය හා අඩනිරුවත් දර්ශන ආදිය උලුප්පා දැක්වීමක් මේ චිත්‍රපටයේ දක්නට හැකියි. දඩයම් ගමනක් සඳහා බෝර්නියෝ දූපතට යන අඹුසැමි යුවළක් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් තමයි මේ චිත්‍රපටය පිළිඹීමු කරන්නේ.
    fsonXhyHsVRp3BNl_7.jpg

    චිත්‍රපටයේ ජවනිකා IMDBමෑතකදී විවාහ වූ ධනවත් කෙන් මැන්චෙස්ටර් තම බිරිඳ වන රූමත් බාබරා සමඟ බෝර්නියෝ දූපතට පැමිණෙන්නේ දඩයම් ගමනක් සඳහා යි. එහි දී ඔවුනට සහාය වන්නේ නිතරම බීමත් මගපෙන්වන්නෙක් වන බක් විසින්. කෙසේ හෝ මොවුන් මිනී කන්නන් ගෝත්‍රයකට හසුවනවා. කෙන් මැන්චෙස්ටර් හිස ගසා ඝාතනයට ලක් වන අතර බාබරා හිංසනයට ලක්වනවා. අවසානයේ දී බක් අසීරු සටනකින් පසු බාබරා ගලවා ගැනීමට සමත් වනවා.
    ප්‍රකට නළු සොමී රත්නායක, සුමිත් මුදන්නායක වැනි කිහිප දෙනෙක් මෙහි චරිත නිරූපණය කරනවා. ඩේවිඩ් කීත්, කේති ෂවර් වැනි ඇමරිකානු නළුනිළියන් මෙහි රඟපානවා.
     
    You must spread some Reputation around before giving it to Idias again.

    නිලියගේ නම කියන්න කලින්
    The Further Adventures of Tennessee Buck
    ෆිල්ම් 1 ගැන විස්තර ටිකක් කියන්න එපැයි.

    MV5BZmYzNTk4MjAtZWI0My00OTVlLWI5OGEtZTZiOTQ5NzRhMGFlXkEyXkFqcGdeQXVyNjExODE1MDc@._V1_.jpg


    මේක ලංකාවේ රුගත කල විදේශීය නිෂ්පාදන චිත්‍ර පටියක්.
    රූගත කරේ නුවර සහ නුවර අවට. ලංකාවෙන් මේක රූගත කරන්න සහය දුන්නේ ෆිල්ම් ලොකේෂන් සර්විස් ආයතනය. මේකේ පලවෙනි යටම Film 1 ට නම දාල තිබුනේ sacrifice (සැක්රිෆයිස්) කියල. (ඉතින් නුවර කටියගෙන් විස්තර එහෙම අහනවනම් sacrifice (සැක්රිෆයිස්) කියල අහන්න 86 විතර කරපු චිත්‍ර පටියක් ගැන උඩ පැනල විස්තර කියයි, (The Further Adventures of Tennessee Buck
    දන්නේ නැහැ/ මොකද එක රිස්ලිස් කරපු නම නිසා )මොකද ගොඩක් කටිටිය මේකේ අතිරේක නළු නිලියෝ විදිහට සම්බන්ද වෙලා තියනවා )



    මේ චිත්‍ර පටියේ කතාව විදිහට එක පටන් ගන්නේ බෝනියෝ කියන කනිබල් නැත්නම් මිනි මස් කන ගෝත්‍රිකයෝ ඉන්න දුපතක.

    එක ඔයාලට චිත්‍ර පටිය පටන් ගන්නකොටම දකින්න පුළුවන්


    9fsm80.png


    අවුල උනේ අපේ අතිරේක නළු නිලියෝ මේකේ තියන ගෝෂ කරන ශබ්ද වලට මරපන් , ගහපන් කියල එයාල දන්නා සිංහලෙන් කතාකරනවා, වෙන්න ඕනි මේක බෝනිය දුපතක් නම් මොනවා හරි තේරෙන්නේ නැති බාසාවක් නේ කතා කරන්න ඕනි වෙන්නේ. සොවුන්ඩ් රෙකෝඩ් කරපු සුද්දට (ජෝශප් ) ට ඕක තේරෙන්නේ නැහැනේ සිහලද මොකද්ද කියලා , මිනිහ ඕක ෆ්ලෝ ග්‍රවුන්ඩ්, නැත්නම් බැක් ග්‍රවුන්ඩ් 1 ට දැම්ම. ඔන්න ෆිල්ම් 1 රිලීස් උනගමන් ලංකාවේ මීඩියා ටික පටන් ගත්ත වැඩේ . මොකද්ද සිංහල කතාකරන එකම රට ලංකාව , බලන්න ලංකාව අනික් රටවලට අදුන්නලා දීල තියන විදිහ කියල.කොහොමද අදුන්නලා දීල තියන්නේ මිනිකන්නන්ගේ දේශය විදිහට කියල. (ඔය ටිකනම් ගොඩක් අයට මතක ඇති)


    ලංකාවේ නළු නිලියෝ තෝරන වැඩේ නැත්නම් Casting Director කරන්නේ සොමි රත්නායක මහත්මය. මෙයා මේකේ ප්‍රදාන චරිතයකුත් කරනවා.
    එතකොට සොමි රත්නායකට කටිටිය සප්ලයි කරපු ඒජන්ට් තමයි "වොලොක් "
    වොලොක් තමයි නුවර සහ කොලබින් මේ නුයුඩ් සීන් වලට ඕනි ගනු ළමයි ගෙනත් දුන්න කෙනා.



    මේ සෙනග ගොඩක් නැත්තනම් උත්සවයක නටන 1 රූගත කරන්නේ පේරාදෙණිය මල්වත්තේ

    208ehbr.png


    ලනක්වේ නළු නිලියෝ, උඩුකය නිරුවති නිලියෝ ගොඩක් සම්බන්ද උනත්, පසුබිම් ශබ්දය සිංහල කතාකරනවා ඇහුනත් මේ නටන නිළිය නම්ලංකාවේ නිලියක් නෙමයි. මෙයාගේ නම tracy hutchinson. මෙයා ඇදුම් නිර්මාණය කරන්න ආපු අන්ඩ්‍ර ගේ සහයිකාවක්(asst. costume designer)


    එහෙනම් තව විස්තර ඕනිනම් අහන්න - ජය