සිංහලුන්ගේ ගව මස් විරෝදය

Rontmiir

Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    තාන්‍ය රාජ්‍ය යුගය දක්වා ලංකාවේ මිනිසුන් ගව මස් කෑවේ නෑ. ඒ කාලේ ගව මස් කෑවේ රොඩී ජනතාව. අද කාලේ බලු මස් කන එකා දිහා බලනවා වගේ තමයි ගව මස් කන එක නුවර යුගය දක්වා මිනිසුන් සැලකුවේ. ගවයා ගොවිතැනේ මිත්‍රයා , ඒ වගේම ඒ කාලේත් ඉන්දියානු හිංදු සහ ජයින මත (පොලොන්නරු යුගයේ සිට) මිනිසුන් අතර තිබ්බා. ඒ බලපෑම නිසාත් මිනිසුන් ගව මස් කෑවේ නෑ. මේ නිසා ගව මස් පිලිබඳ ශ්‍රී ලාංකික අවිඥාණයේ තියෙන්නේ විරෝධයක් පිලිකුලක්. මේ නිසා තමයි වරින් වර ගව ඝාතනය තහනම් කරන්න ඕනේ වගේ කතා කරලියට එන්නේ. 1815 පස්සේ බ්‍රිතාන්‍ය යුද නිලධාරීන් , බ්‍රිතාන්‍ය ආණ්ුවේ නිලධාරීන් ගේ බලපෑම නිසා ලංකාවේ ප්‍රභූවරු ගව මස් කන්න ගත්තා. මේ බ්‍රිතාන්‍ය සමාජයේ උසස් නිලධාරීන් නිතරම සාද , ඩිනර් පාටි පැවැත්තුවා. ඒවා වලට නිලමෙලාටත් ආරාධනා කලා. ඒ සාද වල ගව මස් අනිවාර්‍ය අංගයක්. මේ නිසා නිලමෙලා පවා ගව මස් කෑම ඇරඹුවා. මේ නිසා තමයි එක් අවස්ථාවක ඇහැලෙපොලගේ වෙදා ඇහැලෙපොලට පරිභව කරන්නේ " සුද්දා එක්ක කොලඹට වෙලා ගව මස් කකා හිටියා කියලා. ඉංග්‍රීසි යුගයේදී කොලඹ සහ වතු ආශ්‍රිත උසස් සමාජය ගව මස් භාවිතා කලා. එංගලන්තයෙන් කෝන් බීෆ් ගෙන්නලත් කෑවා.

    ධර්මපාල ගේ ගව මස් විරෝධය එන්නේ හාල් වලින් රට ස්වයංපෝෂිත කිරීම සඳහා ගවයා ගේ මෙහෙය අවශ්‍යයි කියන අදහස් හරහා. ඒ නිසා නේ ඔහු කිව්වේ හාල් නැත්නම් රබර් කන්න වෙයි කියලා. ඒ හැර ගව මස් විරෝධය ඔහු යොදා ගත්තා ඉංග්‍රීසීන්ව පහත් කරන්න සහ ඔවුන්ට පහර ගසන්න. ධර්මපාල බලපෑම නිසා නගර වල සිංහල බොදු ජනයා යම් ප්‍රමානයක ගව මස් කෑමෙන් වැලකුනා.හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් සාමනේර කාලයේ ධර්මපාලතුමා එක්ක ඉන් දියාවට යනවා . එහිදී එක් හෝටලයකදී ඔවුන් දිවා ආහාරය ගන්නවා. ඒ බත් එකේ හරක් මස් තිබෙන බව හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් ධර්මපාලතුමාට කියනවා. එතකොට ධර්මපාලතුමා කියන්නේ ඒ ගැන හිතන්නේ නැතිව කන්න කියලා. ධර්මපාලතුමා ප්‍රායෝගිකවාදියෙක්.

    අපේ මිනිස්සු සර් ජෝන් කොතලාවලව පරාජය කලේ ඔහු වහු පැටියෙක් බාබිකිව් කලා කියලා . ඒ කාලේ වාමාංශික දේශපාලකයෝ ග්‍රාමීය ශ්‍රී ලාංකිකයාගේ මෝඩ මනස තේරුම් ගෙන ඔවුන් ගේ අවිඥාණයේ තිබූ ගව මස් විරෝධය දේශපාලන ප්‍රොජෙක්ට් එකක්ට යොදා ගත් අයුරු පිලිබඳ හොඳ උදාහරණයක්. සර් ජෝන් කෑවේ ඕස්ට්‍රේලියාවෙන් ගෙන් වන ලද බැටළු කුණක්. නමුත් මේ ප්‍රොපගැන්ඩා එකේ ඒ කුණ ගවයෙක් කලා.

    රතු මස් භීතිකාව චීන ජාතිකයන් විසින් ඇමරිකානුවන් දුර්වල කිරීම සඳහා ගොතන ලද ප්‍රබන්ධයක් බව වරක් සැන්ඩියෝගෝ හි සුදු ඇමරිකානුවෙක් මට කිව්වා. ඔහු පැවසූ පරිදි 1800 ගනන් වල සුදු ඇමරිකානුන් ශක්තිමත්. . ඔවුන් කෑවේ රතු මස්. 2000 ගනන් වන විට රතු මස් භීතිකාව නිසා සුදු ඇමරිකානුන් ශාරීරිකව obese වෙනවා. මේ වගේ දෙයක් වරක් බ්‍රිස්බර්න් හිදී සුදු ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුත් කිව්වා. රතු මස් කෑ සුදු ඕස්ට්‍රේලියානුවන් පහසුවෙන්ම වැඩුනු බැටළුවෙක්ව ඔසවනවා. වර්තමාන පරපුරට ඩැල්මේෂන් බල්ලෙක් ඔසවගන්නවත් පණ නෑ වගේ කතාවක් ඔහු කිව්වේ. මේ අනුව රතු මස් පිලිබඳ කොන්ස්පිරසි තියරියක් තිබෙනවාද කියා සැකයි.



    ගව මස් හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. පසුකාලීන හරක් මස් විරෝධය ආවේ හිංදු - ජයින බුද්ධාගම එක්ක, මේ හිංදු - ජයින බුද්ධාගම පස්සේ ගිය භික්‍ෂූන් නිතරම හරක් මස් කන්න එපා කියලා කිව්වා. යුද හමුදාවේ හරක් මස් රැෂන් එක කපන්න බලි තොවිල් හනුමා කෝවිල් විශ්වාස කරපු ටී.ටී.ආර් කියලා මැන්ටල් හමුදා නිලධාරියෙක් හිටියා. මිනිහා ජෙනරල් දලුවත්තගේ ඔලුවට මිත්‍යා මත රිංගවලා හමුදාවේ කොල්ලන්ට හරක් මස් නැති කලා. ඉස්කෝලවල හිංදු - ජයින බුද්ධාගම පස්සේ ගිය ටීචර්ලා කුඩා ලමයින් ගෙන් දිවුරුම් පවා ගත්තා මම අද ඉඳන් ජීවිතේට හරක් මස් කන්නේ නෑ කියලා. ඒ වගේම මුස්ලිම් විරෝධය නිසාත් සමහර ජාතිවාදී මිනිසුන් හරක් මස් කෑම අත හැරියා. මේකෙන් උනේ ජනතාවට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් අහිමි වීම .

    එක සැරයක් මම ලංකාවට එන කොට අපේ අයියලා මුස්ලිම් විරෝධයක් කරනවා. කොල්ලුපිටිය පැත්තේ පෙලපාලියකුත් ගියා තම්බි රටින් එලවව් කිය කිය. ඒකේ වීඩියෝ එකකුත් යූ ටියුබ් තිබ්බා ලීඩ් එකේ ගෑණියෙකුත් හිටියා.මේ මුස්ලිම් විරෝධය එක්ක ආවා ගව ඝාතක තහනම. උසාවි වල වරෙන්තු පවා තිබ්බ සිවුරුකාරයෙක් ගිනි තියා ගත්තා ගව ඝාතනය තහනම් කරන්න කියලා. හරක් මස් කන්න එපා කියන එවුන් බොහෝම ශ්‍රද්දාවෙන් කුකුල් මස් , මාලු එලු මස් කනවා. අපේ එවුන්ට හරක් මස් කිව්වම මිනී මස් වගේ . හෝටල් වලට ගිහින් හරක් මස් තියනවද කියල ඇහුවම වේටර්ලා පිලිකුලෙන් අපෝ නෑ කිව්වා. සමහරු මගේ දිහා බැලුවේ මිනී මස් ඉල්ලන එකෙක් දිහා බලන බැල්මෙන්.

    ගොඩාක් මස් කඩ වල හරක් මස් විකුනන්නේ නෑ. හැව්ලොක් ටවුමේ පොලිස් පාක් එක අසල මස් කඩයක් තිබ්බා රිස්වි කියලා මෑන් කෙනෙක් කලේ. ඒකේ හොඳ මස් තිබ්බා. ඒක බලනකොට වහලා දාලා. කොලඹ පීරලා හරක් මස් හොයා ගත්තේ යුනිටි ප්ලාසා එක ඉස්සරහ තියන අපිරිසිදු මාකට් එකෙන්. මර්වින් සිල්වලා වගේ පාදඩ දේශපාලකයෝ තමන් ගේ වැයික්ක වල හරක් මස් විකුනන්න තහනම් කලා. අපේ නෝන්ජල් ජනතාව මේවා ඉවසා වදාරගෙන හිටියා. හරක් කඩයේ නානට මම කිව්වා ඔබලා දශක ගනනාවක් ජනතාවට ප්‍රෝටීන් දුන්නා. නමුත් අපේ මිනිස්සු කවදාවත් ඔබලා කරපු සේවයට ස්තූතියක් කලේ නෑ. ඒ වෙනුවට මම ස්තූතු කරනවා කියලා.

    ලංකාවේ ඔලිම්පික් කෙල්ල දුවනවා දැක්කම පොදුවේ ලංකිකයන් මුහුණ දෙන ගැටළුවක් දැක්කා. පොදුවේ ලංකාවේ මිනිස්සු ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙලෙනවා. ඒ නිසා ෆිසිකලි ෆිට් නෑ. ඒ වගේම ප්‍රෝටීන් ඌණතාවය නිසා බුද්ධි මට්ටමත් අඩුයි. ලංකාවේ නියුට්‍රිෂන් ගැන උපදෙස් දෙන්නේ පූජකයෝ. දායකයාගෙන් තෝර මාළු පෙත්ත ඩැහැ ගන්න ගමන් පෝෂණය ගැන එයාලා උපදෙස් දෙනවා අර මස් කන්න එපා මේ මස් කන්න එපා කියලා. අන්ති මේදී පරඞැල් වගේ මිනිස්සු පාරවල් වල. අපි අපේ ආගමේ සමහර භික්‍ෂූන් විසින් කරන මේ මෝඩ ක්‍රියා නැවැත්විය යුතුයි. නැතිනම් බුද්ධාගම්කාරයන් නැති කරන්න පිටින් මුස්ලිම් අන්තවාදී සේනා අවශ්‍ය වෙන්නේ නෑ. ඒක අපේ සිවුරුකාරයෝ ටික කරයි. මස් කන්න එපා කියලා බුද්ධාගම් දරුවාව පතෝලයෙක් කරවනවා. ඌට මීටර් 100ක් දුවන්න පණ නෑ . ඌ පෙන්දෙක්. ප්‍රෝටීන් ඌණතාවය නිසා උගේ මොලය වැඩිලා නෑ. ඌට බුද්ධි හීනතාව. ඉතින් හයියෙන් පිම්ඹත් ඌ බිම.

    රතු මස් භීතිකාව චීන ජාතිකයන් විසින් ඇමරිකානුවන් දුර්වල කිරීම සඳහා ගොතන ලද ප්‍රබන්ධයක් බව වරක් සැන්ඩියෝගෝ හි සුදු ඇමරිකානුවෙක් මට කිව්වා. ඔහු පැවසූ පරිදි 1800 ගනන් වල සුදු ඇමරිකානුන් ශක්තිමත්. . ඔවුන් කෑවේ රතු මස්. 2000 ගනන් වන විට රතු මස් භීතිකාව නිසා සුදු ඇමරිකානුන් ශාරීරිකව obese වෙනවා. මේ වගේ දෙයක් වරක් බ්‍රිස්බර්න් හිදී සුදු ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුත් කිව්වා. රතු මස් කෑ සුදු ඕස්ට්‍රේලියානුවන් පහසුවෙන්ම වැඩුනු බැටළුවෙක්ව ඔසවනවා. වර්තමාන පරපුරට ඩැල්මේෂන් බල්ලෙක් ඔසවගන්නවත් පණ නෑ වගේ කතාවක් ඔහු කිව්වේ. මේ අනුව රතු මස් පිලිබඳ කොන්ස්පිරසි තියරියක් තිබෙනවාද කියා සැකයි.

    ගව ඝාතනය සහ කර්ම එල පිලිබඳ කතා කිරීමේදී මේ කතාව මට මතක් වෙයි. සෝමේ නම් ගව ඝාතකයා තම ජීවිත කාලය තුල ගවයන් 200 පමණ ඝාතනය කල අතර ජීවිතයේ අවසාන කාලයේ ඉතා දුක් විඳ මිය ගියේය. තම ජීවිත කාලය තුල ගවයන් ලක්‍ෂ ගනනක් ඝාතනය කල ආජෙන්ටිනා ජාතික මස් කර්මාන්ත හිමියෙක් මිය යන්නේ සුව පහසු ලෙස ලොස් ඇන්ජලිස් නගරයේ රෝහලකය. කර්මය පසුකාලීන ආත්මයක පල දෙන බවට මෙහිදී ඇතැමෙකු විසින් කිව හැකිය. මා මෙහිදී පෙන්වා දෙන්නේ සෝමේ වැනි චරිත හරහා කර්මය ඒත්තු ගන්වන්නට උත්සහ කරන්නන්ට දෙන පිලිතුරක් ලෙසටය. වරක් ස්ටැටන් අයිලන්ඬ් වලදී ඉතලියානු රෙස්්ටාරන්ට් එකක ඉතා ප්‍රනීත හරක් ම ඉස්ටුවක් දුන්නා. මස් මොලොක් සහ රසින් අනූනය .පසුව මේ ඩිෂ් එක ගැන ඇසීමේදී ශෙෆ් කීවේ මේ සඳහා අළුත උපන් වසු පැටවුන් ගේ මස් ගන්න බවයි. ඒකෙන් පසු මේ වෙන තුරු ඒ රෙස්්ටාරන්ට් එකට මම ගියේ නෑ.. මම හිතන්නේ මගේ විඥාණයෙත් අර ගව මස් විරෝධයේ පිලිකුලේ ශේෂයන් තියනවා.

    ගව ඝාතනය තහනම් කලොත් කෙල වෙන්නේ අපේ කිරි ගොවියාටය. ලංකාවේ ගව ඝාතනය තහනම් කලොත් වැඩියෙන්ම සතුටු වන්නේ නෙස්ලේ සහ ඉන්දියාවේ අමුල් කිරි සමාගම් ය. ගව ඝාතනය තහනම් කලොත් නවසීලන්තයෙන් ගව මස් වැඩි මිලට ආනයනය කිරීමට සිදුවේ. එවිට තියන $ සොච්චමටත් කෙලවේ. ගවයා වන්දනා කරන ඉන්දියාවේවත් ගව ඝාතනය තහනම් නැත.

    Link
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,334
    113
    තාන්‍ය රාජ්‍ය යුගය දක්වා ලංකාවේ මිනිසුන් ගව මස් කෑවේ නෑ. ඒ කාලේ ගව මස් කෑවේ රොඩී ජනතාව.
    දඩ මස්, සුරා පානෙ, නගර සොභිනි, සොර මුල් කියන එවා බුද්දාගෙ කාලෙ ඉඳන් තිබ්බ දෙවල්, නිකම් සුදනො වෙන්න එපා
     
    • Haha
    Reactions: Jihadi john

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,963
    4,388
    113
    දඩ මස්, සුරා පානෙ, නගර සොභිනි, සොර මුල් කියන එවා බුද්දාගෙ කාලෙ ඉඳන් තිබ්බ දෙවල්, නිකම් සුදනො වෙන්න එපා
    මේකෙ කියල තියෙන්නෙ ලංකාව ගැන පොන්ස්. බුද්ධාගෙ කාලෙ ගැන නෙවෙයි. :ROFLMAO:
    තොපිටත් කොහෙන් ගියත් මැක්ක වගේ බුද්ධ ගාවගත්තෙ නැත්තං නින්ද යන්නෙත් නෑ නේද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සොන්නලු මස් කන්නේ නැත්තේ හින්දු / ජෛන ආගමේ ඉන්ෆුවෙන්ස් එක නිසා. :baffled:
     
    • Like
    Reactions: Amith0424

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,660
    13,343
    113
    🤍
    ගව මස් කෑල්ලක් කමුතේ


    hJ6PZaq.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේකෙ කියල තියෙන්නෙ ලංකාව ගැන පොන්ස්. බුද්ධාගෙ කාලෙ ගැන නෙවෙයි. :ROFLMAO:
    තොපිටත් කොහෙන් ගියත් මැක්ක වගේ බුද්ධ ගාවගත්තෙ නැත්තං නින්ද යන්නෙත් නෑ නේද?
    බිස්මිල්ලා ගෝනිබිල්ලා ජිහාඩ් ඌරෙක් කුලප්පු වෙලා ද :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,334
    113
    මේකෙ කියල තියෙන්නෙ ලංකාව ගැන පොන්ස්. බුද්ධාගෙ කාලෙ ගැන නෙවෙයි. :ROFLMAO:
    තොපිටත් කොහෙන් ගියත් මැක්ක වගේ බුද්ධ ගාවගත්තෙ නැත්තං නින්ද යන්නෙත් නෑ නේද?
    ලන්කාව ගැන තමයි, බුද්දාගෙ කාල පරිච්චෙදෙ ඉඳන්, සින්හල බෑ වගෙ නෙහ්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දඩ මස්, සුරා පානෙ, නගර සොභිනි, සොර මුල් කියන එවා බුද්දාගෙ කාලෙ ඉඳන් තිබ්බ දෙවල්, නිකම් සුදනො වෙන්න එපා
    බුදුන්ගෙ කාලෙ ඉඳන් විතරක් නෙමේ නාන ඊට කළින් ඉඳන් ඔව්ව තිබ්බ. කේවට්ටයොත් හිටිය. :lol:

    ගව ඝාතනය තහනම් කලොත් කෙල වෙන්නේ අපේ කිරි ගොවියාටය. ලංකාවේ ගව ඝාතනය තහනම් කලොත් වැඩියෙන්ම සතුටු වන්නේ නෙස්ලේ සහ ඉන්දියාවේ අමුල් කිරි සමාගම් ය. ගව ඝාතනය තහනම් කලොත් නවසීලන්තයෙන් ගව මස් වැඩි මිලට ආනයනය කිරීමට සිදුවේ. එවිට තියන $ සොච්චමටත් කෙලවේ. ගවයා වන්දනා කරන ඉන්දියාවේවත් ගව ඝාතනය තහනම් නැත.
    නවසීලන්තයෙන් හරක් මස් ලංකාවට ගේන්න පිස්සුද බන්. ඉන්දියාව තියෙද්දි.
    ඔහොම හෑලි වැටෙනව නත්තල කිට්ටුවෙද්දි සත්තු මරන එක අවුලක් නෑ කියන්න. නානා රතු තීන්ත ගාපු ලෑල්ලක් උඩ ඉඳන් හරක මරන්නෙ. :lol: යසයි ඒ වුනාට මරපු හරක කන සිංහලය තමා වැරදි.
    සිංහලුන්ටනම් හරක කන්න එපා කියල නෑ. කන්න එපා කියන මාංශ 7ක් තියේ. හරකව වතු පිටියෙ ගෙදර වැඩ වලට ප්‍රයෝජනට අරන් කිරි ආහාර පෝෂණය කරන් වයසට ගියාම මස් කඩේට දක්කල කෘතගුණ සලකණ එක බුද්ධිමත් සත්වයෙක්ගෙ වැඩක්ද කියල හිතල බලහන්.
    ------ Post added on Nov 13, 2025 at 9:16 AM
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,102
    34,649
    113
    බීෆ් සමඟ පොල් රොටී රැල්ලක් හදන්න ඕනේ. කොහොම හරි සිංහලුන්ට බීෆ් රසවැට්ටුවොත් ඉල්ලුම නිකංම වැඩි වෙලා සැපයුම වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා
     

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    Eating a lot of carbohydrates and sugar is the reason for this. Now is the best time to realise that the religious and pseudo-religious agendas that are being pushed by religious and pseudo-religious groups are the root cause of this issue. Simply put, we Sri Lankans do not consume any protein in our diet. Because of these agendas, the only sources of protein that we consume are plant-based foods, which also contain a significant amount of carbohydrates and sugar. Therefore, there is no other option but to consume those sources of protein that are derived from meat consumption, which the individuals who have the agenda have blocked.
     
    • Like
    Reactions: Rontmiir

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,334
    113
    බීෆ් සමඟ පොල් රොටී රැල්ලක් හදන්න ඕනේ. කොහොම හරි සිංහලුන්ට බීෆ් රසවැට්ටුවොත් ඉල්ලුම නිකංම වැඩි වෙලා සැපයුම වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා
    prashne thiyenne beef laaba masak neme.
     
    • Like
    Reactions: Rontmiir