One Man Hide And Seek -හොල්මන් සමග සෙල්ලමක් (2)

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    One Man Hide And Seek -හොල්මන් සමග සෙල්ලමක් (2)

    මේක හොල්මන් කතාවක් නම් නෙමෙයි. Try කරල බලන්න කැමති කෙනෙක්ට පොඩි චාරිත්‍රයක්.

    ec207ceb4d70453e6f972fcfc6056778a2ee6160_00.jpg

    හැංගි මුත්තො හැංගියෝ කිය කිය පොඩි කාලෙ කොච්චර හැංගි මුත්තන් සෙල්ලම කරන්න ඇතිද.මන් කියන්න හදන්නෙත් හැංගි මුත්තො සෙල්ලමක් ගැන.හැබැයි මේක අපි පොඩි කාලෙ වගේ අපේ යාලුවොත් එක්ක කරන එකක් නෙමෙයි.මේක කරන්නෙ වෙනම ඇහැට නොපෙනෙන යාලුවෙක් එක්ක තනියම.
    එක නිසා මේක හදුන්වන්නෙ "one man hide and seek" කියලා.කියවලම බලන්න පොඩි කාලෙ කරපු සෙල්ලමට වඩා මේක කොච්චර භයානක ද කියලා.

    One man hide and seek කියන්නෙ මලවුන් සමග කරන සෙල්ලමක්.මලවුන් සම්බන්ද කරන චාරිත්‍රයක් වදිියටත් මේක හදුන්වනවා.
    පොළොව මත අවිවෙකිව ඉබාගාතේ යන එහෙමත් නැත්නම් නොසන්සුන් ආත්ම හැම මොහොතකම ශරීරක් අයිති කරගන්න උත්සාහ කරනවා.මේ චාරිත්‍රයේදි කරන්නෙ ඒ වගේ ආත්මයක් මිනිස් සිරුරක් වෙනුවට බොනික්කෙක් තුලට කැදවීමයි.

    (අවවාදයයි:- ඔබ අද්‍යාත්මික හැකියාවන් සහිත අයෙකු නම් ඔබට මෙම චාරිත්‍රය සිදු කරන විට අනතුරු ඇති වීමේ හැකියාව වැඩියි.)

    ඔබට අවශ්‍ය වන දේ:-
    1)පුලුන් හෝ රෙදි පිරවූ බෝනික්කෙක්.(බෝනික්කාට අත් පා තිබිය යුතුයි)
    2)බෝනික්කා සම්පූර්ණයෙන්ම පිරවීමට ඇති තරම් සහල්.
    3)ඉදිකටුවක් සහ රතු නූලක්.
    4)නියපොතු කපනයක්(nail clippers).
    5)තියුනු මුහුනතක් ඇති උපකරණයක්.
    (පිහියක්,වීදුරු කෑල්ලක්,කතුරක්)
    6)ලුනු වතුර කෝප්පයක්.
    7)බේසමක්,නාන කාමරයක්,Timer 1ක්.8)සැගවීමට ස්ථානයක්.(සුවඳ දුම් ඇල්ලූ කාමරයක් වඩා යෝග්‍ය වේ.)එම ස්ථානයේ රූපවාහිනියක් තිබිය යුතුය.

    සූදානම් කිරීම:-
    1)බෝනික්කා පිරවීමට යොදා ගත් සියලු දේ ඉවත් කර සහල් පමනක් යොදා එය නැවත පුරව ගන්න.
    2)බෝනික්කා තුලට ඔබේ නියපොතු කැබලි කිහිපයකුත් කපා දමන්න.පසුව රතු නූල යොද ගෙන සහල් පිරවීමට යොදා ගත් විවරය මසන්න.මසා අවසානයේ ඉතිරි නූල නොකඩා බෝනික්කා වටේ ඔතන්න.
    3)නාන කාමරයට ගොස් එහි ඇති බේසම වතුරින් පුරවන්න.
    4)ඔබේ සැගවෙන ස්ථානයේ බිමින් ලුනු වතුර කෝප්පය තියන්න.

    සිදුකරන ආකාරය :-
    1)බෝනික්කාට නමක් දෙන්න.(ඔබේ නම හැර වෙන ඕනෑම නමක්)
    2)වෙලාව පාන්දර 3.00 වූ විට බෝනික්කාට "(ඔබේ නම) තමයි පළමුවැනියා" ලෙස 3 වරක් පවසන්න.3)පසුව නාන කාමරයට ගොස් බෝනික්කා වතුර පිරවූ බේසමට දමන්න.
    4)ගෙදර ඇති සියලු විදුලි පහන් නිවා දමා සැගවෙන ස්ථනයට ගොස් රූපවාහිනිය ක්‍රියාත්මක කල යුතුය.
    5)පසුව ඇස් වසා 10ට ගනන් කර තියුනු ආයුදය ගෙන නැවත නාන කාමරයට යා යුතුය.
    6)බේසම ළගට ගොස් "මම ඔයාව හොයාගත්තා,(බෝනික්කාගේ නම)"ලෙස බෝනික්කාට පවසා එයට ආයුදයෙන් පහර දෙන්න.(අනින්න)
    7)පසුව "ඊළග වාරය ඔබේ, (බෝනික්කාගේ නම)" යනුවෙන් බෝනික්කාට කියා එය බේසමෙන්
    එළියට ගන්න.ආයුදය එතනින් තබා Timer එක ක්‍රියාත්මක කර බෝනික්කා එතනින් තබන්න.
    8)බෝනික්කා එතනින් තැබූ විගස Timer එක 0 වීමට පෙර සැගවෙන ස්ථනයට දුව ගොස් හැන්ගෙන්න.

    අවසාන කරන ආකාරය:-
    1)ලුනු වතුර කෝප්පයෙන් බාගයක් පමණ කටට වත් කර ගන්න.එය නොබී එලෙසින්ම තබා ගන්න.
    2)සැගවී සිටින ස්ථානයෙන් එළියට පැමිණ බෝනික්කා සෙවීම අරම්භ කරන්න.බෝනික්කා අනිවාර්යයෙන්ම නාන කාමරයේ නැත.කුමක් වුවත් කටෙහි ඇති ලුනු වතුර හලා නොගත
    යුතුය.(බෝනික්කා විසින් ඔබව සොයා ගැනීමට පෙර ඔබ බෝනික්කා සොයා ගත යුතුය.නැතහොත් බෝනික්කාට ඔබ කර දෙය බෝනික්කා ඔබට කරනු ඇත.🔪🔪🔪)
    3)ඔබ බෝනික්කා දුටු විගස කෝප්පයේ ඉතුරු වී ඇති ලුණු වතුර ටික එය මතට වත්කරන්න.පසුව කටෙහි ඇති ලුණු වතුර ටිකත් එය මතට වත්කරන්න .
    4)"මම දිනුවා"කියා 3 වරක් පවසන්න. *ඉන් පසු ක්‍රිඩාව (චාරිත්‍රය) අවසන් වේ.
    **අවසානයේ මේ සදහා යොදා ගත් බෝනික්කා වියළා, පුලුස්සා, විනාශකරන්න.

    වඩා වැදගත්:මෙම චාරිත්රය අතරමගදී නොනවත්වා අවසානය දක්වා සිදු කළ යුතුය .

    මතක තබා ගත යුතු දේ:-
    1)චාරිත්‍රය අවසන් කරන තුරු නිවස හැර නොයන්න.
    2)විදුලි බුබුළු නිවා දැමිය යුතු අවස්තාවේ නිවසේ ඇති සියලු විදුලි බුබුළු නිවා දැමිය යුතුය .
    3)සැඟවී සිටියදී ඔබ නිහඬව සිටිය යුතුය.
    4)චාරිත්‍රය ආරම්භයේ සිටම ලුණු වතුර කටෙහි තබා ගැනීම අවශ්‍ය නොවේ.
    5)මෙම ක්‍රීඩාව පැය 2ක් හෝ අඩු කාලයක් තුළ අවසන් කළ යුතුය .(නැතහොත් ආත්මය බෝනික්කා තුළ සිටීමට හුරු වුවහොත් එය ඉවත් කිරීමට අපහසු වේ.)
    6)මෙය සිදුකරන විට නිවසේ සියලු ජනෙල් හා දොරවල් විවෘත කර තැබීම වඩා යෝග්‍ය වේ.

    වැදගත් කරුණු :-
    1)සහල් මගින් බෝනික්කාගේ අංගෝපාංග සංකේතවත් කරනු ලබයි. එසේම සහල් වලට ආත්ම ආකර්ෂණ‍ය කිරීමට හැකි බව පිළිගනී .
    2)රතු නූල මගින් රුදිර නාල සංකේතවත් කරන අතර එමගින් ආත්මය බෝනික්කා තුළ සිර කර තබයි.
    3)නූල කැපුවහොත් මුද්‍රාව කැඩී සිරකරගත් ආත්මය නිදහස් වේ.
    4)ඔබ ලුණු වතුර නොමැතිව සැඟවී සිටින ස්ථානයෙන් පිටතට ගියොත්, ඔබ වටා නිවස තුළ ඔබට හානි කළ හැකි යම් වෙනසක් (දෙයක් )ඇතිවේ.රූපවාහිනියේ සිදුවන වෙනස්කම් මගින් එය හදුනාගත හැක.

    මෙම පහළ වීඩියෝ දර්ශනය රූපවාහිනියේ දැකිය හැකි වෙනස්කම් පෙන්නුම් කරයි.
    එම වීඩියෝ දර්ශනය තුල ඔබට
    ශබ්දයේ වෙනස්කම් ඇසෙනු ඇත.ශබ්දය අස්ථිර වීම, කැඩුණු වාර්තාවක් ලෙස නැවත නැවත play වීම, අවසානයේ විකෘති වීම මෙහිදී සිදුවේ




    පළවෙනි සෙල්ලම බලන්න -Midnight Game
    https://www.elakiri.com/forum/showthread.php?t=1863835
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    මම මේ කියන්නෙ මේ පෝසට් එක ගැන නෙමේ.

    අපේ සංස්කෘතියත් එක්ක බැඳුණ දෙයක් කියද්දි කස්ටිය දුවගෙන එනවා ඕවා මිත්‍යා මත, සිංහලයන්ගෙ මෝඩ කතා, බොරු කතා කියලා. එහෙම ***** අමාරුව තියෙන ගොඩක් එවුන් පිටරට දේවල් ගැන කියද්දි එහෙම විරුද්ධවාදි මත ප්‍රකාශ කරන්නෑ. ඇයි බං ඒ?

    ලංකාවෙ කතා පිළිගන්නැති සමහර එවුන් ඒබ්‍රහම් ලින්කන්ගෙ අවතාරෙ ධවල මන්දිරේ ඇවිදිනවා කියපුවාම පිළිගන්නෙ ඇයි?
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    හම්බෝ.... මෙව කරන්ඩ ගිහිල්ලා ඉල්ලන් කන්ඩ ඔනෙ නැ..බන්..:P:P:P:P
    :oo:


    මම මේ කියන්නෙ මේ පෝසට් එක ගැන නෙමේ.

    අපේ සංස්කෘතියත් එක්ක බැඳුණ දෙයක් කියද්දි කස්ටිය දුවගෙන එනවා ඕවා මිත්‍යා මත, සිංහලයන්ගෙ මෝඩ කතා, බොරු කතා කියලා. එහෙම ***** අමාරුව තියෙන ගොඩක් එවුන් පිටරට දේවල් ගැන කියද්දි එහෙම විරුද්ධවාදි මත ප්‍රකාශ කරන්නෑ. ඇයි බං ඒ?

    ලංකාවෙ කතා පිළිගන්නැති සමහර එවුන් ඒබ්‍රහම් ලින්කන්ගෙ අවතාරෙ ධවල මන්දිරේ ඇවිදිනවා කියපුවාම පිළිගන්නෙ ඇයි?

    ඔයා කියන අය ටික දෙනයි ඉන්නේ. උන් ටිකක් විද්‍යාව පත්තර බර අය.:lol:
    ලෝකේ සංස්කෘතිය එක්ක වැඩිපුර ඉන්න රටක් තමා අපේ රට. මිනිස්සු හරි වෙනස්. ඒ වුණාට අපේ අයගේ හිත හොදයි.එකනේ හැම පාරම කෙල වෙන්නේ.:yes:
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මචන් මම බෝනික්කාගේ අතේ ගැස්සුවොත් බෝනික්කත් මගේ අතේ ගහයිද
    එහෙමවත් මේ තනිකඩ ජිවිතේ නැති වෙනවනම් :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ කියන්නෙ මේ පෝසට් එක ගැන නෙමේ.

    අපේ සංස්කෘතියත් එක්ක බැඳුණ දෙයක් කියද්දි කස්ටිය දුවගෙන එනවා ඕවා මිත්‍යා මත, සිංහලයන්ගෙ මෝඩ කතා, බොරු කතා කියලා. එහෙම ***** අමාරුව තියෙන ගොඩක් එවුන් පිටරට දේවල් ගැන කියද්දි එහෙම විරුද්ධවාදි මත ප්‍රකාශ කරන්නෑ. ඇයි බං ඒ?

    ලංකාවෙ කතා පිළිගන්නැති සමහර එවුන් ඒබ්‍රහම් ලින්කන්ගෙ අවතාරෙ ධවල මන්දිරේ ඇවිදිනවා කියපුවාම පිළිගන්නෙ ඇයි?

    :yes::yes: මේක නම් සහතික ඇත්ත...මූ රීරි යකා ගැන එහෙම මෙතන දැම්මනම් සම-හරක්ට බඩ යනව එහෙනම්..
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    මචන් මම බෝනික්කාගේ අතේ ගැස්සුවොත් බෝනික්කත් මගේ අතේ ගහයිද
    එහෙමවත් මේ තනිකඩ ජිවිතේ නැති වෙනවනම් :(

    හරියටම දන්නේ නැහැ. කරලා බලලා අපිටත් කියපන්. :yes:

    :yes::yes: මේක නම් සහතික ඇත්ත...මූ රීරි යකා ගැන එහෙම මෙතන දැම්මනම් සම-හරක්ට බඩ යනව එහෙනම්..

    :baffled: