SINHALA MOVIES

Micky82

Member
Sep 28, 2016
148
185
0
Madhura Charika - මධුර චාරිකා (2018) සම්පූර්ණ චිත්‍රපටය

madhura-charika-et00000313-16-03-2018-01-01-31.jpg


Download Links: https://ddlsinhalamovies.blogspot.com/2018/08/madhura-charika-2018.html
 
Suhada Koka - සුහද කොකා (2015) සම්පුර්ණ චිත්‍රපටය

Suhada Koka - සුහද කොකා (2015) සම්පුර්ණ චිත්‍රපටය

-

සුහද කොකා යනු 2015 වර්ශයේදි තිරගත වූ සිංහල දේශපාලනික ප්‍රහසන චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය විජය නන්දසිරි විසින් නිරූපණය කරන ලද අතර ගිරිරාජ් කෞශල්‍ය ගේ අධ්‍යක්ශණයක් වන මෙම චිත්‍රපටය ද වීඩියෝ ටීම් සමාගම විසින් නිශ්පාදනය කර ඇත.

-

2015 ‧ Comedy
6.8/10 · IMDb
87% liked this film Google users
අධ්‍යක්ෂණය ගිරිරාජ් කෞශල්‍ය
නිෂ්පාදනය රවින්ද්‍ර ගුරුගේ
තිර රචනය ගිරිරාජ් කෞශල්‍ය
සංගීතය රෝහණ වීරසිංහ
සිනෙමාරූපණය තුසිත අනුරාධ
සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ
නිකුත්වූ දිනය(න්) ඔක්තෝම්බර් 23, 2015


720p DVDRip x264 | 900MB

 
රන්මුතු දූව (1987) මුල්ම සිංහල වර්ණ චිත්‍රපටය

රන්මුතු දූව (1987) මුල්ම සිංහල වර්ණ චිත්‍රපටය

  • 1979 වනතුරුවැඩිම ආදායම් ලද චිත්‍රපටය

  • දිය යට දර්ශන රැගත් ප්‍රථම සිංහල චිත්‍රපටය

  • මුල්ම සිංහල වර්ණ චිත්‍රපටය

-

බ්‍රිතාන්‍ය ජාතික මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන හා තාක්ෂණික ශිල්පීන් අතරින් තවමත් අප සමඟ සිටින්නේ කිහිප දෙනෙකු පමණකි.

-

1962 ඔක්තෝබර් 8 වන දින ලාංකේය සිනමාවේ විශිෂ්ට ලෙස සනිහටහන් වූ දිනයක් විය. ඒ සිංහල සිනමා වංශකථාව තුලට මුල්ම සම්පූර්න වර්ණ චිත්‍රපටය එකතු වූ හෙයිනි.

මුහුදට ගිලා බැසුණු නැවක සුන්බුන් අතරේ ඇතැයි කියන කෝටි ගනනක් වටිනා වස්තු සම්භාරයක් සොයා යන මිනිසුන් සමූහයක් වටා ගෙතුනු අපූරුවූ කථාවක් තේමා කර ගත් මෙය, "රන් මුතු දූව" ලෙස නම් කෙරුණි.

ශේෂා පලිහක්කාර, ආතර් සී ක්ලාක්, හා මයික් විල්සන් විසින් පිහිටුවා ගත් "සෙරන්ඩීබ්" යන නිශ්පාදන සමාගම විසින් මෙයට ආයෝජනය කළ අතර, කථාව හා තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කලේ මයික් විල්සන් විසිනි.

බැලූ බැල්මට මෙහී කථාශාරය,තුල බටහිර සිනමාවක ලක්ෂණ පෙන්නුම් කළ හෙයින් එය දේශීය කරණය කිරීමට තිබූ එකම ක්‍රමය, ගීතය හා සංගීතය බව ඔවුන්ට වැටහුණි. ඒ නිසා ඩබ්ලියු.ඩී. අමරදේවයන්ට ඔවුන් සංගීතය භාර කළේය.

චිත්‍රපටය පටන් ගන්නේ වෙසක් උත්සවයෙනි. මයික් විල්සන් බටහිරට ගැති කථා තේමාවක්, ලාංකේය බෞද්ධ ජනතාව අතරට, ගෙන යෑමේ ප්‍රථම ජිමික් එක පටන් ගත්තේ එලෙස වෙසක් උත්සවය ඈදෑ ගනිමිනි. අමරදේවයන්ද, ජාඩියට මූඩිය මෙන්, නාමවලියට බෞද්ධ ගීතයක් එකතු කළේය. ඒ "පාරමිතා බල පුජිත පූජිත, බුද්ධ දිවා කර යානෝ, වෙසක් පොසෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවා කර යානෝ" ගීතයෙන්ය.

චිත්‍රපටයේ අභ්‍යන්තරය බටහිර ශෛලයට නෑ කම් කීවද, මයික් විල්සන් හැකි හැම උත්සහයක්ම ගත්තේ දේශීය මුහුණුවරක් ගෙන ප්‍රේක්ෂකයන් ගේ ඇස් බදින්නටය.

බන්දු ,සේන, හා රාජුගේ වෙසක් බැලීම නිම කර මධ්‍යම රාත්‍රියේ වෙසක් වලට දමන වෙස් මුහුණු පැලදගෙන නිවසට එන දර්ශනය තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ප්‍රේක්ෂකයන් ට දැනෙන්න ඉඩ හැරිය මයික් තමන්ට ඕන ඉසව්වට පැමිණෙන්නෙ ඉන් පසුවය.මෙවන් තේමාවක් ගොඩදාගත හැක්කේ මුලින්ම ලංකාවේ බහුතරයක් අදහන බෞද්ධාගමට "ප්‍රමෝෂන්" එකක් දෙමින් යන "මාර්කටින්" සිතුවිල්ල ,මයික් ට පැමිණියේ ඔහු චිත්‍රපට නිර්මාණයට පමණක් නොව, මාර්කටින් වලටත් දක්ෂ නිසාය.

සිනමා පටයේ නියම හරය පටන් ගැනුනේ, බන්ධු දකින සිහිනයක් හරහාය. ඔහුගේ මියගිය පියා සිහිනෙන් පැමිණ, බන්දුගෙ කරේ එල්ලී තිබෙන රත්තරන් කාසියක් ගැන කියයි. කාසිය හරහාය මෙම වෘත්තාන්තයේ සුල මුල එළියට එන්නේ. කාසියේ මාලෙට එල්ලෙන කොක්ක කැඩී, එය සාදා ගැන්මට යාමෙදී මෙය ධනපාල නම් කූට ව්‍යාපාරයෙකුගෙ ඇස ගැටුණි. ඔහු කෙසේ හෝ උප්පරවැට්ටියකින් එය අයිති කර ගැන්මට උත්සහා කලද එය ව්‍යාවර්ථ වූ පසු, ඔහු ඔහුගේ සේවකයෙක්ව, බන්ධු හා ඔහුගේ සගයන්ගේ පසු පසින් අරින්නේ මේ කාසියේ සුලමුල හරියටම දැනගැන්මටය.

කාසියේ අභ්‍යන්තරය සොයා ගිය බන්ධු ඇතුලු සගයන්ට, මෙය පෘතුගීසි කාලයේ ලංකාද්වීපයෙන් කොල්ලකා යන්නට සැරසුණු රත්තරන්, මුතුමැණික්, පිරුනු වස්තුවක් රැගෙන ගිය නැවක් මුහුදුබත් වීමේ කථාවක් අසන්නට ලැබුනු අතර, එයද සිදුවී ඇත්තේ බන්ධුගේ නිවසට යාබද වූ මුහුදු වෙරලේ පිහිටි රන්මුතු දූවේ බවද දැනගන්නට හැකි විය.

බන්දුගෙ පියා මිය ගොස් තිබුණේද මෙම වස්තුව සොයා මුහුදේ කිමිදී යන අතරේ වුවද, එම මරණය අභිරහසක් බව ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නෙ, බන්ධු වස්තුවටත් වඩා තම පියා මැරුනු අභිරහස සොයා ගැන්මට උත්සහා කරන බව ඇගවීමටය . ලාංකේය හා ඉන්දියානු චිත්‍රපටවල පිතෘ සෙනෙහසට, මව් සෙනෙහසට තිබෙන්නේ පුදුමාකාර "ඩිමාන්ඩ්" එකකි. මයික් එතනින් ප්‍රේක්ෂකයාව ග්‍රහණයට අසුකරගත්තේ, බන්ධුගේ අභිලාෂය පියා මැරුණු අයුරු සොයා ගැන්ම ලෙස ඒත්තු ගන්වමිනි.

බන්ධු, සේන, රාජූ සහ බන්ධුගෙ මාමා දැන් වැල්ලේ "ෆුල් ටයිම් ඩියුටිය". ඒ මේ මුහුද යට තිබෙන වස්තුව ගැනීමටය. මයික් ඔතැනට දුෂ්ඨයෙක්ද සම්බන්ධ කර ගතී. ඒ ධනපාලය. අර සාප්පු හිමියාය. ඔහුද, හිටි අඩියේම නැවකින් මෙතැනට කඩා වැටේ. ඔහුට රෙංගා සහ ඔහුගේ පියා කාලිදාසත්, මුත්තුසාමිත් එකතු වේ. දැන් දුෂ්ඨයෝ ටිකත් "ටීම් වර්ක්ය". මෙතනට ලව් එකක් සෙට් විය යුතුය. මුත්තුසාමිගේ දුව කුමාරි ගෙන් මයික් ඒ අඩුව පිරීය.

මුත්තුසාමිත් ධනපාලත් බන්ධුලට විරුද්ධව කරන්නට යන හැම සැලැස්මක්ම කුමාරි විසින් බන්ධුට දන්වයි. සේන, රාජු, හා බන්ධුගේ මාමා, කුමාරී පොඩි කරන සුදුළුණු අදුනා ගනී. බන්ධු හා කුමරි "ලව්" බව සහ සුද්දයෙන්ම දැන ගත් පසු වැල්ලෙ සිංදු කියමින් ආතල් ගන්නේ ඔවුන්ය.

"පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා, වරෙන් වරෙන් හුලං පොදක් අපේ ඇගේ ගෑවිලා"

ඒ අතරෙ කුමාරි බන්ධු හමුවීමට නිතර නිතර එයි. ඔවුන් ගමක සිටියායයි කියා පෙන්වුවද කුමාරි සිටින්නේ නිතරම පාට පාට සාරි ඇදගෙන, මුණ රතු ගාගෙන, දෙතොල් හී ලිප්ස්ටික් උලාගෙන කොන්ඩෙ මල් ගසාගෙන හරියට ගෝල්ෆේස් හෝටලයේ මගුල් ගෙදරකට යන්නට වගේය. ප්‍රථම වර්ණ චිත්‍රපටය නිසාත්, චිත්‍රපටයේ කැපී පෙනුණු එකම කාන්තා චරිතය නිසාත් කුමාරිගෙන් චිත්‍රපටය "ග්ලැමර්" කිරීමට මයික් උත්සහ ගන්නට ඇත. කුමාරිට රගපෑවේ එවකට නැගී එන නිළියක් වූ ජීවරාණි කුරුකුලසූරියය. ඇය එහී සුඛෝපබෝගි සාප්පුවක විශාල වීදුරුකූඩුවක දමා සිටි ලස්සන බෝනික්කියක් මෙනි. ඇය ගේ රගපෑම්ද, ඇවිදින කථා කරන බෝනික්කියක් මෙනි.

පොතේ වචනවලින් ඇය "මං බන්දුට ආආආදරෙයි" කියන විට බලන් සිටින ප්‍රේක්ෂකයාත් ඇඹරෙන්නට පටන් ගනී.

"ගලන ගගකි ජීවිතේ

දයා ලූ ලෝකයේ

මිහිර පතා ආදරේ

ලපලු නටයි ගං තෙරේ"

බන්ධුයි,කුමාරියි ආදරය කරන බව අපට "ෂුවර්"ම වන්නෙ ඔය ගීතයේ දර්ශනයෙන් පසුවය.

චිත්‍රපටයට මුල සිටම තාපසයෙක් එකතු වේ. ඒ එකල චිත්‍රපටවල හැටිය. හාමුදුරු නමක් නැත්නම් අවම වශයෙන් තාපසයෙක් සිටිය යුතුමය. මේ සුන්බුන් වූ නැවේ කථාව ටක්කෙටම දන්නේ මේ තාපසයාය. පෘතුගීසින් ලංකා භූමියේ වස්තු කොල්ල කා යනවිට, විශාල සුළිසුළගක් හමා එතන තිබූ දේවාලය

බිමට සමතලා වී එම නැවද සුළගට අසුවී මුහුදුබත් වූයේ, දේවශාපයක් නිසා බවත්, කිසිවෙක් වස්තුව තමා සතු කර ගැන්මේ චේතනාවෙන් එය සොයා ගියහොත් ඒකාන්තයෙන්ම මරණයට පත් වෙන බවක් කීය. බන්දුගේ පියාටද සිදු වූයේ එය බව තාපසයා කීය.

මේ අතර රෙංගාද කුමාරිට ආදරය කිරීමට සැරසෙන අතර, රෙංගා කුමාරිගේ ඇවැස්ස මස්සිනා කෙනෙක් බවද අගවයි. මුත්තුසාමි ගේ දුව කුමාරි, කාලිදාසගේ පුතා රෙංගාටය. එය නියම වී තිබුනේ එසේය. එහෙයින් රෙංගා සහ බන්ධු අතර ⁣"කොක්කක්" නිර්මාණය වේ. ඒ කොක්ක පසුව "වලියක්" දක්වා ව්‍යාප්ත වේ. දිනක් බන්ධු ලව දෙව නැතිව රෙංගට කුමාරි ඉදිරියේම නෙලයි. ඒ රෙංගා බන්දුගෙන් ඉල්ලන් කන්නට ගොසිනි. එයින් රෙංගා බන්ධු කෙරේ ඇති වෛරය දැඩි වේ.

මේ අතර බන්ධු මුහුදේ කිමිදෙමින් පතුලේ සුන්බුන් වූ නැවේ හිරවුණු වස්තුව සොයන්නට උත්සුක වෙයි. නැවතත් චිත්‍රපටය වෛවර්ණ වෙයි. එලෙසම ත්‍රාසජනක වෙයි. වෛර්ණ වන්නේ දිය යට ඇති ⁣⁣ ⁣⁣සුන්දර දර්ශනයන්ය. ලස්සන පාට පාට නොයෙකුත් වර්ගයේ මාලුන් පෙන්වමින්, මයික් ප්‍රේක්ෂකයාව අන්ද මන්ද කරයි. එමෙන්ම දිය යට සටන් දර්ශන තුළින් මයික් ප්‍රෙක්ෂකයන්ව ත්‍රාසජනක කරයි.

රන්මුතු දූව ගලා ගෙන ගියේ එවන් වූ කථා මාලාවකි. රෙංගා තනියෙන් වස්තුව ගන්නට යෑමේදී මුහුදටම බිලිවී යයි. ධනපාලටද සිදුවන්නේ එයට සමානම ඉරණමකි. කාලිදාස තම පුතුට පන ගැන්මට, යකදුරු වැඩ කරන්නට විය. කුමාරිව මුහුදේ ගලක බැද තැබුව හොත්, තම පුතු රෙංගා මුහුද දෙබෑකරගෙන පැමිනෙණු ඇතැයි, කාලිදාස විශ්වාස කලේය. එහෙත් ඔහේ ආ රෙංගෙක් නැත. ඉමහත් පරිශ්‍රමයකින් බන්ධු ඇතුලු පිරිස ගලේ බැද සිටි කුමාරිව බේරා ගති. බන්දුට වස්තුව ලැබුනි. එහෙත් ඔහු එවා යලි රජයටම භාරදුන් අතර දේවාලය සැදීමටද කොටසක් වෙන්විය. බන්දුයි, කුමාරියි එක් වන්නට ඇත. එහෙම නොවුණානම් සිංහල චිත්‍රපටයක් යැයි කිව නොහැක.

ගාමිණී ෆොන්සේකා බන්දු ලෙසත්, ජෝ අබේවික්‍රම සේන ලෙසත්, ශේන් ගුණරත්න රාජු ලෙසත් ඇන්තනි සී පෙරේරා බන්දුගේ මාමා ලෙසත් වින්සන්ට් වාස් කුමාරිගේ පියාවූ මුත්තුසාමි ලෙස ප්‍රාණවත් රගපෑමක නිරත විය.

ජිවරාණි කුරුකුලසූරිය කුමාරි ලෙසත්, ඔස්ටින් අබේසේකර ධනපාල ලෙසත්, තිලකසිරි ප්‍රනාන්දු තාපසයා ලෙසත් සෙසු චරිත රගපෑහ.

රන්මුතු දුව, සිනමාත්මකව කෙසේ වෙතත් ලාංකේය සිනමාවට නැවුම් අත්දැකීම් රාශියක් ගෙන දුන්, එලෙසම ලාංකේය ජනතාව ඉමහත් ආදරයෙන් වැලද ගත් චිත්‍රපටයකි. එය කිසිසේත්, කිසිකලකත් අමතක නොවෙන, එලෙසම අමතක කිරීමට බැරි විචිත්‍රවත් නිර්මාණයකි.


-

අදටත් ජනප්‍රිය මෙහි එන ගීත.

සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ඩබ්. ඩී. අමරදේව ශූරින් විසිනි, ගීත ප්‍රබන්ධය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි,ගීත සංඛ්‍යාව 03කි

  • පාරමිතා බල පූජිත පූරිත – ඩබ්. ඩී. අමරදේව / නන්දා මාලිනී සහ පිරිස
  • පිපී පිපී රේණු නටන - නාරද දිසාසේකර සහ පිරිස
  • ගලන ගඟකි ජීවිතේ – නාරද දිසාසේකර / නන්දා මාලිනී

-

විශේෂත්වයන්

  • මි. මී. 35 සම්පූර්ණ වර්ණයෙන් නිපද වූ ප්‍රථම චිත්‍රපටය වීම.
  • දිය යට දර්ශන සහිත ප්‍රථම චිත්‍රපටය වීම.
  • පණ්ඩිත් අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වීම.
  • නන්දා මාලිනී / නාරද දිසාසේකර ගී ගැයූ ප්‍රථම චිත්‍රපටය වීම.
  • යුරෝපීය ජාතිකයකු විසින් අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණ, තිර රචනය කළ මුල්ම සිංහල චිත්‍රපටය වීම.
  • විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සී. ක්ලාක් මහතා නිෂ්පාදනයෙන් දායක වූ පළමු සිංහල චිත්‍රපටය
  • පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේ දී හොඳම ගීත රචනය (පාරමිතා බල), හොඳම පසුබිම් ගායකයා (නාරද දිසාසේකර), හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලනී සම්මානයට පාත්‍ර වීම.

-

නිෂ්පාදනය
සහය අධ්‍යක්ෂණය - සිංහල පරිවර්තනය – කතා පිටපත – තිස්ස ලියනසූරිය
සහය කැමරා - සුමිත්ත අමරසිංහ,වී. වාමදේවන්, එම්. එස්. ආනන්දන්
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්

උපුටා ගැනීමකි

-

1h 54min | Adventure | 10 August 1962 (Sri Lanka)
1962 ‧ Romance
8/10 · IMDb
Release date: 1962 (Sri Lanka)
Director: Mike Wilson
Screenplay: Mike Wilson
Music composed by: W. D. Amaradeva
Cast: Gamini Fonseka, Joe Abeywickrama,
Producers: Shesha Palihakkara, Arthur Clark, Mike Wilson

HzINSQb.jpg


මේ asksajee ගෙ රිප් එක වන අතර නැවැත රි-අප් කිරීමකි.

DVDRip.720p.H265.AAC | 1.3GB

-