Hama ledetama beheth biwwama wena wipaka

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
සිරිතට නොබොමු බෙහෙත

අපේ පුංචි දියණිය පෙර පාසැල් යාම අරඹා සති කීපයක් යාමට මත්තෙන්, එක් සවසක ඇගේ මුහුණේ මලානික බවක් පෙනෙන්ට තිබුණි. අහාර අරුචියක් ඇති බව තේරුණු නිසා කෑමට ලොකු බල කිරීමක් කලේ නැත. එදිනම සවස හයට පමණ ඇය වමනය කලේ මුළු දවසෙම අනුභව කල දෑ ය. වයස තවමත් මාස 18 ක් පමණ වූ නිසා.. ඇයට කෑම ටිකක් ඉතා අපහසුවෙන් කවා විනාඩි කීපයක් යන්නට පෙර ඒවා ද පිට කළේය. රාත්‍රී දහය වන තුරු වතුර පොදක් වත් නොබීපු ඇය අම්මා ගේ ඔඩොක්කුවේ වැතිරී සිටියේ තද බල වේදනාවකිනි. වහාම රෝහල වෙත පිටත් වූ අපි, හදිසි ප්‍රතිකර්ම අංශය වෙත දිව ගියෙමු.

රෝහලේ හෙදි නිලධාරිනිය, ඔබල දුබලව, දවසටම කිසිම අහරක් ඇඟට නොඇල්ලුනු දියණිය පරීක්ෂා කරමින් කියා සිටියේ.. “හැකි පමණ දියර පොවන්න.. පැය 48 ක් යන තුරු කිසිම බෙහෙතක් දිය නොහැක” යන්නයි.

හෙද නිලධාරිනියගේ මෑණියන් සිහිපත් කරමින් අප ගෙදර පැමිණියේ ලෙඩ වූ දරුවා ට කිසිම බේතක් හේතක් නැතුව ය. එදින රාත්‍රිය පහන් වන තුරු පුංචි දුව බොන වතුර පොදක් පාසා වමනය දැම්මාය. මෙය බලන් සිටීමට නොහැකිව දියණිය ට අනුයුක්ත පුද්ගලික දොස්තර මුණ ගැසුණි. ඔහු ගේ ද ප්‍රතිචාරය ද ප්‍රතිකාර රහිත විය. පැය 30 ක් පමණ ගෙවෙද්දී.. දරුවා.. මහත් සේ අප්‍රාණික විය. මෙවර රෝහලට ගියේ බෙහෙත් ඉල්ලීමට නොව.. යටත් පිරිසෙයින්, දරුවාට සේලයින් හෝ ලබා දී ජීවිතය ට විය හැකි තර්ජනයක් ඇත් නම් එය අවම කරගැනීමටය. සිත් පිත් නැති හෙද නිලධාරිනිය නැවතත් අප ට ඉතා තදින් අවධාරණය කලේ..පැය-48 ක් ගෙවෙද්දී ඇ සුව වේවි යන්නයි. බොන වතුර නැවත පිටාර දම්මන්නේ නම්, දරුවා කැමති ice cream, චොක්ලට්, පැණිරස දෙන්නයි !! ද කීවාය. එම හතරබීරි කතාව අසා ගෙදර යන ගමන් නිසලව සිටි දියණියට අපි සීතල අයිස් පලමක් අරන් දුන්නෙ මු. පැය 48 ගෙවනවාත් සමඟම දියණිය නැවතත් දුව පැන සෙල්ලම් කරමින් සාමාන්‍ය ලෙස අහාර ගැනීම ඇරඹුණි..

රෝගාතුර වීම ඉතාම ස්වභාවික තත්වයකි. එය අස්ථිර මනුෂ්‍ය සිරුරේ ඉතා ස්ථිර ලක්ෂණයකි. මා නොවටහාගත් පැතිකඩ නම්, විශ්මිත ස්වභාවධර්මය විසින් බොහෝ බෝ වන රෝග වලට ප්‍රතිකාර, මනුෂ්‍ය සිරුර තුලින් ම නිපදවීමයි. වෛරස් රෝග කාරක නිසා බෝ වන රෝග වලට (බොහෝ විට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය, අතීසාරය වැනි දෑ) එරෙහිව බෙහෙත් නොමැත. දියණිය, පෙර-පාසල් යාම ආරම්භ වීමත් සමඟ අලුත් විෂ බීජ වලට නිරාවරණය වීම නිසා පළමු වසර තුල නිරන්තරයෙන් රෝගාතුර විය. කිසිඳු අවස්තාවකදී පින්වත් නෝවේජියානු වෛද්‍යවරු ඇයට බෙහෙත් නොදුන්හ. ඇය අසනීප වන සංඛ්‍යාතය වසරක් ඇතුලත ක්‍රමයෙන් අඩු වී යනු දක්නට ලැබුණි. ඇගේ වයසත් සමඟ, සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය ප්‍රවර්ධනය වීමට ඉඩ දුන් නෝවේජියානු වෛද්‍ය සේවය අපි දැන් ඉහලින් විශ්වාස කරමු.

මා නොර්වේ ට පැමිණ වසර අටක් ගත වන මේ මොහෙතේ පසුගිය වසර අටට කිසිඳු බෙහෙතක් ලබා දී නැත. මෙම කාරණාව පුරාජේරුවක් සේ මා දිනක් පවසන විට අසල සිටි වයෝවුර්ධ කාන්තාවක් පැවසූයේ..ඈ පසු ගිය වසර හතලියක ට ආසන්න කාලයක් බෙහෙත් ලබා නොමැති බවය.

සත්‍ය කාරණය නම්, නොර්වෙජියානුවෝ ලෙඩ නොවීම නොව, ඔවුන් ගේ ලෙඩ සුවපත් කිරීමට සිරුර ට අවසර දී තිබීමයි. සෙම අමාරුවෙන් නිතර පීඩාවට පත් වුනු මා ශ්‍රී ලංකාවේ වෙසෙන කාලයේ දී බෙහෙත් බීවේ නැත.. කෑවේය. වරක් ලංකාවේ සෙමට සිටින ‘දක්ෂතම’ වෛද්‍යවරයා ගෙන් ප්‍රතිකාර ගැනීමට ගිය විට ඔහු මාව සුපරීක්ෂා කිරීමෙන් අනතුරුව වේලකට බෙහෙත් පෙති වර්ග 6 ක් නිර්දේශ කළේය. සෙම සුව වූයේ නැත, කර විය. එසේ බෙහෙත් වලට පුරුදුව අබල දුබල ව සිටි මගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය, නොර්වේ හි පැමිණි මුල් සමයේ, නව විෂබීජ අභියස දණින් සිටගත් වාර ගාන අපමණයි. නමුත් බෙහෙත් නොදී ම සහ ලෙඩ වන ආකාර තේරුම් ගැනීම, වර්තමාන නිරෝගී බවේ වට්ටෝරුව බවට පත්ව තිබේ.

සුළු ලෙඩකට පවා බෙහෙත් ගැනීමේ විපාක

බොහෝ සුළු ලෙඩ වැළදෙන්නේ මාරාන්තික වේදනාවක් ද කැටුව යි. සැබවින්ම එම වේදනාව ක්‍රමයෙන් පහව යයි. රෝග කාරකය පාපතර වෛරසයක් නම්, බෙහෙත් අසන්නේ නැත. නමුත් ගුණකුත් නැති අගුණයකුත් ලොකුවට නැති බෙහෙත් ඕනා තරම් ඇත. ඒවායින්..රෝග ලක්ෂණ යටපත් කරනවා හැරෙන්නට ලෙඩේ සුව කිරීමට හැකියාවක් නොමැත. නිකරුනේ බෙහෙත් ගැනීමේ පල විපාක කීපයක් නම්;

1. සිය සිරුරේ ප්‍රතිශක්තිකරණය ළදරු වියේ පසු වීම. එම නිසා එකම වෛරස් රෝග කාරකයක් නිසා ජීවිත කාලය පුරා ම විටින් විට අසනීප විය හැක.

2. මනුෂ්‍ය බඩවැල් වල කිලෝග්‍රෑම් 5 ක් පමණ බර, සිරුර ට හිතකර බැක්ටීරියා ජීවත් වෙති. මොවුන් විෂබීජ සමඟ නිතර සටන් කරන පිරිසකි. ප්‍රතිජීවක (antibiotics) නිසා, රෝග කාරක බීජ වලට අමතරව, මෙම බැක්ටීරියා විරුවන් බොහොමයක් ද මිය යයි. මොවුන් නැවත ජනනය වීමට වසරකට ආසන්න කාලයක් යයි. එම අතර කාලයේ නිතර ලෙඩ වැළඳීම බලපොරොත්තුවෙන් සිටින්න. එම නිසා, පුරුද්දක් ලෙස සෑම වසරකම පණු බෙහෙත් බීම නරක පුරුද්දකි.

3. ප්‍රබල රෝග කාරක බැක්ටීරියා නැසීමට තවත් තද බල ප්‍රතිජීවක අවශ්‍ය වේ. තද බල බෙහෙත් වල අතුරු බලපෑම් ද තදබල වේ..

4. නිතර ප්‍රතිජීවක ගැනීම නිසා රෝග කාරක විෂබීජ (බැක්ටීරියා), කාලයාගේ අවෑමෙන් බෙහෙත් අභිබවමින් පරිණාමනය වේ. බෙහෙත් සහ විෂ බීජ වල මෙම තරඟයේ ප්‍රතිඵලයක් ලෙස කාලය ත් සමඟ කිසිම බෙහෙතක් නොඅසන super-bug බිහි වීමේ අවධානමක් ඇති වේ.. ඉන්දියාව දැනටමත් මෙම අනතුර අත්දකියි. (බෙහෙත් දීමේ ක්‍රමවේදය ජාතික ප්‍රතිපත්තියක් විය යුත්තේ එම නිසා ය )

5. අධික මුදල් වියදම.

6. බෙහෙත් සහ වෛද්‍යවරු මත පදනම් ව ගෙවන ජීවිත. වැසි වැස්සත් වැඩ වරණ වෛද්‍ය වරු සිටින රටක මෙය රෝගීන්ට ඉතා අහිතකර වේ.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවීම පිලිබඳ ව නොර්වෙන් ඉගෙනගත් වටිනා පාඩම් කීපයක්

ලෙඩ වීම මනුෂ්‍ය සිරුරේ ස්වභාවයකි. රෝගී භාවයන් විඳ දරාගැනීමට කුඩා කල සිට පුරුදු විය යුතු ය.සිය සෞඛ්‍යසම්පන්න බවේ වගකීම 100% ක් ම ඇත්තේ තමා සතුව ය. ලෙඩ රෝග, විෂ බීජ, බෙහෙත්, මනුෂ්‍ය සිරුර යනාදිය ගැන යම් දැනුමක් තබාගත යුතුය.රෝගී වීම යනු ජීවන රටාවේ සමබරතාවය බිඳීයාමේ සංඥාවක් සේ සැලකීම. අසනීප වූ වහාම දිවි පෙවෙතේ සමබරතාවය ගැන සැලකිලිමත් විය යුතු ය. ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියකට පහත දා ප්‍රබලව බලාපනු ඇත.සෑම රාත්‍රියකම පාහේ හොඳින් නිදා ගැනීම

ආහාර සිය බෙහෙත් සේ සලකා අනුභව කල යුතුයි. නැතහොත් බෙහෙත් ආහාර සේ කෑමට සිදුවන දවස නොපමාව උදා වෙනු ඇත. සෑම වේලක් ම සමඵල කර ගැනීමට වඩා.. දිනක් හෝ දින දෙකක් ඇතුලත ගන්නා සියලු ආහාර සම්ප්‍රයුක්තය සමඵල කරගැනීම වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයකි.ව්‍යායාමය, දෛනිකව දත් මදිනවා මෙන් අතවශ්‍ය සාධකයකි.කාර්ය බහුල ජීවිතය ගිලන් ගත ජීවිතයක ට මඟ පාදනු ඇත

සුළු ලෙඩක් සැදුනු විට අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය

වහාම රැකියාවෙන් නිවාඩු ගෙන විවේක ගැනීම. (උසස් වීම කොහොමත් ලැබෙන්නේ නෑ)පෙර දැනුමක් සමඟ වෛද්‍ය උපදෙස් පැතීම. නමුත් බෙහෙත් නොපැතීම.රෝග කාරකය වෛරසයක් ද බැක්ටීරියාවක් ද යන්න ඉතා සරළ (විනාඩි 5 ක) පරීක්ෂණයකින් හඳුනා ගත හැක. එවැනි පහසුකමක් ඇති සායනකට පුරුදු වන්න. (ඒක පට්ට!) වෛරසයක් නම් බෙහෙත් නොගෙන ගෙදර ඇවිත් දුක් විඳ සුව කරගන්න. ඇතැම් බැක්ටීරියා ආසාදන සඳහා ද මෙය පසු කලෙක කළ හැකි වනු ඇත.

දොස්තර ල මේවා දන්නේ නැද්ද?

ලංකාවේ දොස්තර වරු ලොව කිසිම රටක වෛද්‍යවරුන්ට නොදෙවෙනි දක්ෂ පිරිසකි. ගැටළුව නම් දොස්තරලා ද මනුෂ්‍යයෝ ය. ඔවුනට (අන් සැමට මෙන්) ආර්ථික ගැටළු ඇත. විශේෂයෙන් ම, වෛද්‍යවරයකු වීමට දරන මහන්සියේ තරම දෙස බැලූ කල, එම ක්ෂේත්‍රය තරම් අසාධාරණයකට ලක් වූ තවත් ක්ෂේත්‍රයක් නොමැති තරම් ය.

තමාට වන ආර්ථික හානිය යම් තරමකින් හෝ හිලව් කරගැනීම (කීයක් හෝ වැඩිපුර සොයා ගැනීමට) සඳහා ඔවුහු පුද්ගලික වෛද්‍ය සේවයට පැමිණෙති. එතනදී වන ගැටළුව නම්, හරි හමන් රාජ්‍ය නියාමණයක් නොතීබීම. එම නිසා, හොඳ සේවයක් වෙනුවට ජනප්‍රිය (ජනයා කැමති) සේවයකට වෛද්‍යවරයා පෙළඹේ. නූපන් දරුවට ත් මවටත් අතිශය අහිතකර සිසේරියන් සැත්කම්, අද කොළඹ අවට විලාසිතාවක් වීම, මේ සඳහා කදිම නිදසුනකි.

අනෙක් පසෙන්, රෝගීන් වෛද්‍යවරු මුණ ගැසෙන්නේ උපදෙස් ගැනීමට නොව, බෙහෙත් ගැනීමට ය. දෙකේ කණුවේ දොස්තර හොඳ-හිත පැය හතළිස් අටේ බෙහෙත් රහිත කාලය පිලිබඳ උපදෙස් දෙද්දී, හතරේ කණුවේ දොස්තර හොඳ-වත විනාඩි හතරෙන් බෙහෙත් දුසිමක් දෙන විට..හොඳ-හිත වැඩි කල් යාමට පෙර බංකොලොත් වේ.

මේ තත්වය යටතේ, ලංකාවේ පුද්ගලික සේවාවේ වෛද්‍යවරුන් කෙරෙහි විශ්වාසය තැබීම අපහසු ය. තමාගේ ප්‍රථම වෙදදුරා තමා ද, ප්‍රථම රෝග නිවාරණය, දෛනික අහාර වෙල ද කරගත යුතු වේ.

සැකෙවින්, අපි හැකි පමණ ස්වභාවධර්මය සමඟ සුහදව සහ එකඟව ජීවත් වන්න උත්සුක වෙමු. එවිට ස්වභාවධර්මය විසින් අපව ආදරයෙන් රකිනු ලැබේ.

- නෝර්වේ අරවින්ද පෙරේරා විසින් එරටේ බෙහෙත් පරිභෝජනය පිලිබද ඔහුගේ අත්දැකීම් ඇසුරින් සක්ස් කල ශ්‍රී ලාංකිකයින්ට ඉතාමත් වැදගත් වන කරුනු ඇතුලත් ලිපියකි -


මේ දේ නම් ඇත්ත කියලා හිතෙනවා...:yes: මොකද මාත් ඉස්සර හෙම්බිරිස්සාවක් හදුන ගමන් බෙහෙත් ගන්න පුරුදු වුනා, ඔෆිස් ගිහින් නහය ඇද ඇද ඉන්න බැරි නිසා...පස්සේ පස්සේ බෙහෙත් අල්ලන්නේ නැතුව ගියා...:( දැන් හෙම්බිරිස්සාව හැදුනම දෙපාරක් වත් බෙහෙත් ගත්තේ නැත්නම් අඩු වෙන්නේ නැහැ..
 

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මටත් එපාම කරපු වැඩක් ඔය බෙහෙත් බොන එක.ලෙඩකට බෙහෙත් ගත්තට කවදාවත් ඒ බෙහෙත් මම නම් ඉවරවෙනකන් බීලා නැහැ.වැඩිම දවස් දෙකයි බෙහෙත් බොන්නේ..:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්ත.අපි පොඩි ඔලුවෙ කැක්කුමක් ආවත් පෙනඩොල් බිලා ඉක්මනටම සනිප කරගන්න නෙ බලන්නෙ..
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මටත් එපාම කරපු වැඩක් ඔය බෙහෙත් බොන එක.ලෙඩකට බෙහෙත් ගත්තට කවදාවත් ඒ බෙහෙත් මම නම් ඉවරවෙනකන් බීලා නැහැ.වැඩිම දවස් දෙකයි බෙහෙත් බොන්නේ..:D

    Antibiotic course ekak nan digatama ganna ona ban.

    Hembirissawata nan man C vitamin, B vitamin & Piriton witarai ganne phamarcy 1
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ප්‍රථම රෝග නිවාරණය, දෛනික අහාර වෙල ද කරගත යුතු වේ.


    යුතු නම් වෙනවා ඇති. ඒ උනාට කෑම වලට දාන වස විස එක්ක අපේ කෑම එක කවදාවත් ප්‍රථම රෝග නිවාරණය වෙන්නේ නැත.


    කීල්ස් එකේ තියෙන ඕගනික් කෑම විතරක් ගන්න ඕන එහෙමනම්. එතකොට වියදම ඉතා සැරයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,929
    49,245
    113
    සේදවත්ත
    ආසියාවෙම දැන් දෙන්නේ කැටගරි 4 ඇන්ටිබයෝටික් ඕක තමා දැන ලෝකේ ප්‍රතිශක්තියට තියන අන්තිම සහ සැරම එක අපේ ඩොකාල නිකන් උනටත් දෙන්නේ ලෙවල් 4 . අවුල ලෙවල් 4 එකට උඩින් ලෙඩක් ආවම රෙසිස්ට් කරන්නේ නෑ ඉතින් ඩොකා ඩෝස් එක ඩබල් කරනවා ඇගේ කෑලි ගැලවිල යන්න හරි හරියට නිකන් එංජිමට නයිට්‍රොක් ඔක්සයිඩ් දානව වගේ. තාම යුරෝපයේ දෙන්නේ කැටගරි 3 ගොඩක් වෙලාවට උන් කෝමත් 4 දෙන්න රෙකමන්ඩ් කරන්නේ නෑ ලොකුම සීන් එකක් නැත්තම්. මේයා කිව්ව වගේ බෙහෙත් නොබී ඉන්න තරමට ගොඩ නත්තම් දේශිය වෙදකම හොදයි ඔය පොඩි කේස් වලට ඔය ඇට මුල් පොතු බිව්ව කියලා ඇගට හානියක් නෑ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පලවෙනියටඩ් දාලා තියෙන කතාවනම් පිලිගන්න අමාරු එකක්.
    මාස 18ක බබෙක් ඔහොම බොන බොන එක වමනේ දානකොට ඩිහයිඩ්‍රේට් වෙනවා .එහෙම එක්කෙනෙක් ඔය වගේ උපදෙසක් එක්ක විතරක් ගෙදර එවයි කියලා හිහන්න අමාරුයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,288
    7,568
    113
    Kotahena
    පලවෙනියටඩ් දාලා තියෙන කතාවනම් පිලිගන්න අමාරු එකක්.
    මාස 18ක බබෙක් ඔහොම බොන බොන එක වමනේ දානකොට ඩිහයිඩ්‍රේට් වෙනවා .එහෙම එක්කෙනෙක් ඔය වගේ උපදෙසක් එක්ක විතරක් ගෙදර එවයි කියලා හිහන්න අමාරුයි.

    ඒකට නේන්නම් දියර ජාති පුළුවන් තරම් දෙන්න කියලා සිංහලෙන් දාලා තියෙන්නේ හත් වලාමෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් හැබැයි උන් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න යන්නෙ නෑ හොටු පෙර පෙර ඉන්නවා සනීප වෙනකන් :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    අපිට නං නිකං උණකට බෙහෙත් ගත්තත් ඇමොක්සිලින් කාඩ් එකක් අනිවා දෙනව. පැරසිටමෝල් කාඩ් 3ක්වත් දෙනව :(
    පැරසිටමෝල් නං ලේසියෙන් බොන්නෑ ඉන්න බැරිම නං ඇරෙන්න ඒත් ඇන්ටිබයොටික්ස් නං ගිලල දානව විඳවන්න බැරි හින්ද :(
    බෙහෙත් නොබී ඇඟෙන්ම හොඳ වෙන්න දුන්නෑකි ඒක් දවස් ගානක් විඳවන්න වෙනවනෙ නාන්නත් නෑ :growl:
    නාන්න පුලුවන් ලෙඩක් නං ලේසියෙන් බෙහෙත් ගන්නෑ :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS mcn..
    11.gif
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    This is true. Beheth wala side effects thiyenawa. Samaha leda walata beheth natththan bari ganata enawa.