nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
Smart Phone හා Internet භාවිතා කරන්නේ මෙහෙමයි

attachment.php


ජංගම දුරකථන හා අන්තර්ජාල ( Internet ) භාවිතා කිරීමේදී දරුවන් හා දෙමව්පියන් විසින් පිළිපැදිය යුතු කරුණු.

1. භාවිතය
ජංගම දුරකථනය හා අන්තර්ජාලය යහපත් ලෙස භාවිතා කල හැකි ක්‍රම බොහෝ ඇත. එය විශ්ව දැනුම ඔබේ දෙපා ලඟට ගෙන එයි. දැනුම යාවත්කාලින කරයි. ඉඳිකටුවක් නිෂ්පාදනයේ සිට විශ්වයේ රහස් සොයා යන අභ්‍යවකාශ යානය දක්වා එය විහිද යයි. එය සැමගේ ජිවිත පහසු කරයි. එහෙත් එය ප්‍රවේශමෙන් භාවිතා කල යුතුය.

2. අවභාවිතය
ජංගම දුරකථනය හා අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කල හැකි ක්‍රම බොහෝ ඇත. මේ මගින් බොරු කියා රැවටීමේ සිට සියදිවී නසා ගැනීම දක්වා වූ සමාජ විරොධී ක්‍රියාද අපරාධ සැලසුම් කිරීම සඳහා ද හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ද යොදාගත හැකිය. ඒ පිලිබන්දව ඔබ හොඳින් දැනුවත් වන්න.

3. දැනුවත් වන්න
ඔබගේ විද්‍යුත් තැපෑල දුරකථනය ලියාපදිංචි කර ඇත්නම් නොදැනුවත්වම ඔබේ ස්මාර්ට් දුරකතනයේ ඇති තොරතුරු අන්තර්ජාලයට මුසු වේ. එසේ වීම අවාසිදායක වන්නේ එම දුරකතනයේ ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරු සහ ඔබට අවාසි වන ජයාරූප , වීඩියෝ . මුරපද, ගබඩා කළහොත් පමණි. එවැනි දේ ජංගම දුරකතනයේ තබා නොගන්න.

4. රැවටීම
අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකු ඔබ රැවටීමට උත්සහ දැරිය හැකිය. මෙය සිදුවන්නේ ඉතා සෙමෙන් පියවරින් පියවරය. එසේ සිදුවීමෙන් ඔබට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වේ. ඔබ සතු අතිශය පෞද්ගලික තොරතුරු, ජයාරූප, වීඩියෝ, මුරපද මෙන්ම තමාට අවාසි වන දේ කිසිවෙකුට නොපවසන්න, අන්තර්ජාලයට මුදා නොහරින්න.

5.සමාජ ජාල වෙබ් අඩවි ( social Media / Web Sites / Internet )
සමාජ ජාල වෙබ් අඩවි ගිනිමකින් ඔබගේ තොරතුරු දන්නා හෝ නොදන්නා ඕනෑම අයෙකු සමඟ සම්බන්ධ කල හැකිය. එම අයහපත් දේ නිසා ඔබට දැඩි අපහසුතාවලට මුහුණ පෑමට සිදු වේ.

6. නාදුනන පුද්ගලයින්
සමාජ ජාල වෙබ් අඩවි වලින් හමුවන පුද්ගලයින් ගෙන ප්‍රවේශම් වන්න. එසේ හමුවන්නන් දිගු ඔවුන්ගේ තිබිය හැකිය. මෙවැනි අය හඳුනා ගැනීම ඉතාම අපහසු බැවින් ආගන්තුකයින්ට ඔබේ පෞද්ගලික් තොරතුරු ලබා නොදෙන්න. එවැනි තොරතුරු ලබාදීමෙන් ඔබ වෙනත් අයකුගේ පහත් අරමුණු විකිණෙනු ඇත.

7. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය

ඔබ සතු පෞද්ගලික ජායාරුප, වීඩියෝ, හඬපට කිරිවක් අන්තර්ජාලයට හෝ අන්සතු විය හැකි තැනක ගබද්ද නොකරන්න. එවැනි දේ නවීන තාක්ෂනය යොදාගෙන සුක්ෂම ලෙස වෙනස් කර ඔබට හානි වන අයුරින් සකසා අන්තර්ජාලය වෙත මුදා හරිය හැක. එලෙස වෙනස් කරන ලද දේ පෙන්වා ඔබගෙන් කප්පම් ලබාගත හැකිය. ඔබව දැඩි අපහසුතාවයකට පත් කල හැකිය.

8. අසභ්‍ය තොරතුරු
ජායාරුප, වීඩියෝ, හඬපට වැනි ඕනෑම මාධ්‍යක ඇති අසභ්‍ය තොරතුරු හෝ කෙනෙකු අපහසුතාවයට පත්වන කිසිවක් අන්තර්ජාලය හෝ වෙනත් කිසිඳු මාධ්‍යකින් ප්‍රකාශයට පත් කල නොහැකිය.එවැනි තොරතුරු තමා සන්තකයේ තබා ගැනීම , විකිණීම, වෙනත් අයෙකුට පැවරීම, වෙනත් අයෙකුට පරිහරණය කල හැකි පරිදි ගබඩා කර තැබීම වරදකි.

9. මාධ්‍ය භාවිතා කිරීම ( Social Media/ Internet )

ජංගම දුරකථනය හෝ අන්තර්ජාලය භාවිතා කිරීමේදී නාදුනන දුරකථන ඇමතුම්,කෙටි පනිවිඩ , විද්‍යුත් තැපැල් ලිපි යොදා ගනිමින් ඔබට උදව් දීම , නොමිලේ යම් යම් දේ දීම, ඔබගේ ගිණුමට මුදල් තැන්පත් කිරීම, ඔබ ත්‍යාග හිමියෙකු සේ පවසා මුදල් ලබා දීම, නිවසේ ඇති පරිගණකයෙන් මුදල් ඉපයීම, වැනි දේ සඳහා ඔබව යොමු කරවා ගත හැක. කිසි විටෙකත් කිසිඳු උවමනාවක් සඳහා ඔබගේ ගිණුම් වල මුර පද කිසිවෙකුට ලබා නොදෙන්න. අන්තර්ජාලය පිලිබඳ හොඳින් අවබෝධයක් ඇති කරගෙන ඔබේ අවශ්‍යතාවයට පමණක් එය යොදා ගැනීමට හැකි දක්ෂයෙකු වන්න.


source http://thewoman.lk/internet-smart-phone/
 

Attachments

  • Internet social media.jpg
    Internet social media.jpg
    36.6 KB · Views: 138

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,868
    31,645
    113
    Kawuda samaja wirodee kriya kiyala nam kare? Kohomada ehema category karanne?

    Source epa...